À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය

A+ A-

දවසක් විතරම මායි තේව්යි මාරුවෙන් මාරුවට කිරි අම්මා එක්ක හිටියා…. යසස් අයියා ඉන්න වෙලාවට මායි …… සහස් ඉන්න වෙලාවට තේව්යි හොස්පිටල් එකට ගියා …… මං බබා නැන්දට කියලා මං යද්දි හැමවෙලේම කන්න අරන් යනවා තේව්ත් එහෙමයි….

කිරි අම්මගේ සෙම ටික ටික අයින් කරාට තාම මැෂින් හයි කරලා …. ඩොක්ටර්ස්ලා ගොඩක් උත්සහ කරනවා….. යසස් අයියයි සහසුයි නම් ඉන්නේ සෑහෙන්න අවුලෙන්…… බලන් ඉද්දි මටත් දුකයි……

හවස මං ඇඟ හෝදලා ලෑස්ති උනේ හොස්පිටල් යන්න ……. ඒත් එක්කම මට තේව්ගෙන් කෝල් එකක් ආවා….

” හලෝ තේව් මං දැන් එනවා ……… උඹ ගෙදර ගියාද??”

” සෙනූ………”

” කියන්න ……….”

” කිරි අම්මා නැති උනා සෙනූ……….”

” මොකක්……”

මාව එහෙම්මම ඇඳේ ඉන්ද උනා…….. දෙවියනේ මගේ යසස් අයියා …… අපිට පොඩි හරි බලාපොරොත්තුවක් තිබ්බා කිරි අම්මා ආයේ නැගිටියි කියලා …… ඒත්…….

” අයියා??”..

” අනේ සෙනූ ඉක්මනින් එන්නකෝ….. යසස් අයියා පිස්සු නටනවා…. අපිට එයාව සන්සුන් කරන්න අමාරුයි ……”

මං ඒක ඇහුවා විතරයි මට පුලුවන් ඉක්මනින් මං ……. වාහනේ කුරුණෑගල එන්න ආවා….. මං කෙලින්ම ගියේ යසස් අයියලගේ ගෙදරට ….. මොකද හොස්පිටල් එකෙන් කියලා තිබ්බා ගෙදර ගිහින් මිනිය ගේන්න ගේ අස් කරන්න කියලා …….. ඉතිම් තේව් කිව්වා එයාලා හැමෝම ගෙදර ආවා…. ආව වෙලේ ඉඳල යසස් අයියා කලබල කරනවා කියලා ……….

මං යසස් අයියගේ කාමරේට යනකොට ඒ බඩු තැන් තැන් වල විසික් කරලා ….

” යනවලා කවුරුත් එන්න එපා මං ගාවට………”

යසස් අයියා මනුස්සයෙක් දකින ගානේ කෑ ගහනවා….. ෂර්ට් එක බාගෙට ගැලවිලා… ඇඟ හොදටම දාඩියෙන් පෙඟිලා……. මගේ පපුව හිර වෙනවා මේවා දකිද්දී…….

” අයියේ…………. “

” සෙනූ………. සෙනූ මගේ කිරි අම්මා …..”

මාව දැක්ක ගමන් මං ළඟට දුවගෙන ආවේ….. හරියට පොඩි ළමයෙක් අම්මා ගාවට එනවා වගේ….. මං එහෙම්මම එයාව බදාගෙන ඇදෙන් ඉඳගෙන හිමීට එයාගේ පිට අත ගාන්න ගත්තා ……

” à·‚à·Š……..à·‚à·Š………………. අඬන්න එපා….. මං ඉන්නවනේ අයියා එක්ක…… ම්ම්ම්….. එහෙම තමා හැමෝටම හැමදාම ඉන්න බෑනේ ….. යන්න වෙලාවක් ආවොත් යන්න වෙනවා…… අපි ඇඟ හෝදන් ඇදුමක් දාගෙන ඉතුරු වැඩ ටික ගැන බලමු…… කිරි අම්මට හොඳ තැනකට යන්න ……..”

මං හිමීට කතා කරන ගමන් එයාව අත ගාද්දී එයා වේගෙන් හුස්ම ගන්න එක අඩු කරා….. මට තේරෙනවා එයා සන්සුන් වෙලා කියලා ………….

පස්සේ අපි මිනිය ගෙනත් මල ගෙදර ලෑස්ති කරා….. ගමේ අය නෑදෑයෝ ස්කෝලේ අය හැමෝම වගේ මලගෙදර ඇවිත් තිබුනා………..

යසස් අයියා හොඳින් වගේ හැමෝටම පෙන්නුවත් මං දන්නවා එයා හොඳින් නෙමේ කියලා ……. ඉතිම් මං පුලුවන් හැම වෙලේම එයා එක්ක හිටියා…….. ඒ වගේම තමා තේව්ත් එයත් සහස්ට හයියක් වෙලා පුලුවන් හැම වෙලේම එයා ළඟින් හිටියා…….

පාංසුකූලේ කරලා මිනිය වලලන්න යද්දි නම් යසස් අයියා වගේම සහසුත් හොඳටම ඇඬුවා….. යසස් අයියා අඩද්දී මට බලන් ඉන්න අමාරුයි මටත් ඇඬෙනවා ……

මිනිය වලලපු දා ගොඩක් අය ගෙවල් වලට ගියා …… යසස් අයියලගේ ගෙදර ඉතුරු උනේ මායි තේව්යි විතරයි …… එදා රෑ නම් ඇත්තටම ගෙදර පාලුවක් දැනුනා….. වෙනදා කිරි අම්මා පහන පත්තු කරන පහන් වැට අද කරුවලයි…. ඒ නිසා මං ගිනි පෙට්ටියක් හොයන් පහන පත්තු කරා….

රෑ යසස් අයියා හිටියේ මගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන …..

” අපේ අම්මයි තාත්තයි මැරුනේ මාවයි මල්ලිවයි බේරන්න ගිහින් සෙනූ…. එදායින් පස්සේ මේ වෙනකම් අපිට කිසි අඩුපාඩුවක් නොකර අපේ කිරි අම්මා අපිව බලාගත්තා….. මට වෙලාවට හිතෙනවා එයාට එහෙම උනේ මං නිසා කියලා……. මට දුක මට එයාට සලකගන්න බැරි උන එකට……”

” ඔයාගේ වැරැද්දක් කියලා හිතන්න එපා අයියේ… අපි හැමෝටම යන්න කාලේ ආවම යන්න වෙනවා…… ඔයා ශක්තිමත්ව ඉන්න …… ඔයාට තව ගොඩක් දුර යන්න තියෙනවා ……. කිරි අම්මා කැමති විදියට ලොකු මහත්තයෙක් වෙලා පෙන්නන්න ……”

එහෙම්මම යසස් අයියට නින්ද ගියා ……. ඊට පස්සේ සතිය ගෙවුනේ කිරි අම්මා වෙනුවෙන් කරපු බණටයි දානෙටයි….. ඒ වෙද්දි නම් සහස්ගෙයි යසස් අයියගෙයි හිත ටිකක් හැදිලා තිබ්බේ….

මිහිඳුන් අයියා, නදීක අයියා , චේතිය මේ දවස් ටිකේ ඇවිත් සෑහෙන්න උදව්වක් කරා……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඇත්තටම අපේ ළඟින් හිටපු කෙනෙක් එහෙම යන්න ගියාම හිතට ගොඩක් අමාරුයි ඒ උනාට හැමදාම හැමෝටම එකට ඉන්න බෑ ……..

ඉතිම් ළමයෝ පුරුදු වෙන්න දේවල් අත අරින්න ….. ❤️❤️

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්නමවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 51