À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය

A+ A-

මං දැන් මේ ෆෝන් එකයි ඔරලෝසුවයි දිහා බලන කීවෙනි පාරද කියන්න මට මතක නෑ …… මං ක්ලාස් එකේ ඉද්දී මං දැක්කා මගේ ෆෝන් එකට යසස් අයියගෙන් කෝල් කීපයක්ම එනවා….. හදිස්සියක් නැත්නම් යසස් අයියා එහෙම කෝල් ගන්නෑ මොකද එයා දන්නවා මට ක්ලාස් කියලා ……

මං ක්ලාස් එක ඇරුන ගමන් එලියට ගිහින් මුලින්ම කරේ එයාට කෝල් එකක් ගත්ත එක……. කෝල් එක ආන්සර් කරන්න පරක්කු වෙන්න වෙන්න මගේ හිත හයියෙන් ගැහෙනවා……

” හලෝ සෙනූ……..”

යසස් අයියගේ වෙව්ලන කටහඬ ඇහිලා මගේ හිත තව හයියෙන් ගැහෙන්න ගත්තා …..

” අයියේ…. ඇයිමේ….. මොකද උනේ?”

” සෙනූ අනේ කිරි අම්මා…….”

” ඇයි කිරි අම්මට මොකද??”

” එයාට හුඟක් අමාරුයි අපි හොස්පිටල් ආවා…..”

” දෙයියනේ …… ඉන්න මං එන්නම්…. “

මං යන්න යනකොටම තේව්ත් ආවා…….

” යං සෙනූ මාත් එනවා…….”

අපි යසස් අයියා කිව්ව වෝඩ් එක හොයන් එද්දිත් කිරි අම්මව ඇතුලට අරන් තිබ්බා…. කොරිඩෝවේ… යසස් අයියයි සහසුයි ඉඳගෙන හිටියා….. සහස් නම් අඬනවා….. යසස් අයියා බලාගත්තු අත බලාගෙන ඉන්නවා….

මාව දැක්ක ගමන් යසස් අයියා මාව බදාගත්තා …….

” සෙනූ මට හිතාගන්න බෑ මොනා කරන්න ද කියලා …….. මට වැඩට නොගිහින් ඉන්න තිබ්බේ……”

” ඇයි අයියේ…..”

” මං වැඩට ගිහින් ඉද්දි එයා කුස්සියේ වැටිලා හිටියා සෙනූ…. ඒක මතක් වෙනකොටත් මාව වෙව්ලනවා…”

” නෑ අයියේ මටත් ගෙදර ඉන්න තිබ්බා…. practice නොගිහින් ඉන්න තිබ්බා……”

සහසුයි ‍යසස් අයියයි මාරුවෙන් මාරුවට වැරැද්ද පටව ගන්නවා…. පව් ඇත්තටම භය ඇති ඇස් ඉස්සරහ අම්මයි තාත්තයි මැරුනාම ආයේ මේ වගේ දෙයක් වෙද්දි භය නොවී ඉන්න පුලුවන් කාටද……

” හරි හරි එහෙම කාගෙවත් වැරැද්දක් නෑ…….. මිනිස්සු ලෙඩ වෙනවනේ… අපි දැන් බලමු කිරි අම්මව සනීප කර ගන්න විදිහක්…….”

” ඔව් ඩොක්ටර් මොකද කිව්වේ සහස්??”

” අනේ පෙනහලු වල අවුලක් ලු තේව්… මට භයයි …..”

” අඬන්න එපා සුදූ…… දැන් කෝ කිරි අම්මා……”

” ඇතුලේ ඩොක්ටර් චෙක් කරනවා…. “

අපි පැයක් විතර එතන හිටියා…….. ඊට පස්සෙයි ඩොක්ටර් ආවේ…

” ඩොක්ටර් …….”

” පුතේ….  එයාගේ පෙනහලු වල සෙම පුතේ…. නිව්මෝනියාවට ඇවිත් ….. කලින් බේත් ගත්තේ නැද්ද??”

” ගත්තා ඩොක්ටර් …….”

” ඒ උනාට සෙම පෙනහලු වලට ගිහින්….. අපි මැෂින් වලට ගැහුවා…. අපි පුලුවන් තරම් ට්‍රයි කරනවා හරිද….. “

” අනේ ඩොක්ටර් මටයි මල්ලිටයි ඉන්නේ ආච්චි විතරයි ඩොක්ටර් ……”

” භය වෙන්න එපා පුතා…. අපි පුලුවන් උපරිමයෙන් කරමු…… එයාගේ පපුවේ සෙම අයින් කරන්න වෙනවා අපිට ….”

ඩොක්ටර් කිව්වම යසස් අයියයි සහසුයි කිරි අම්මව බලන්න යද්දි මායි තේව්යි කොරිඩෝවේ ඉතුරු උනා ….

” මොකද කරන්නේ සෙනූ අපි…..”

” ඒකනේ ටිකක් බරපතලයි වගේ….”

” මෙයාලට දරාගන්න අමාරු ඇති ….”

” ඒකනේ …… නෑ …. මුකුත් වෙන එකක් නෑ ඩොක්ටර්ස්ලා කිව්වනේ…”

ටිකකින් යසස් අයියා එලියට ආවේ ඇස් වල කඳුලු පුරවගෙන…..

” අනේ මට බලන්න බෑ සෙනූ…. මට කිරි අම්මව එහෙම බලන්න බෑ…. මගේ පපුව රිදෙනවා …….”

මං එහෙම්මම දුවගෙන ගිහින් එයාගේ පපුව හිමීට අත ගෑවා….. මෙයාව මෙහෙම දාලා යන්න බෑනේ …. ටිකකින් එයාට මගේ ඇඟ උඩම නින්ද ගියා….

” සෙනූ අපි දැන් මොකද කරන්නේ….??”

” මං ඉන්න කියලා බැලුවේ……”

” මාත් ඉන්නම් ඒත් කවුරුත් කාලා නෑ නේද?? මං සහස් එක්ක ගිහින් මොනාහරි උයන් එන්නද??”

” හා එහෙම කරන්න ……. මං ඉන්නම අයියා එක්ක මෙතන…”

යසස් අයියට වඩා සහස් හිටියේ මානසිකව වැටිලා….. ඉතිම් මං කිව්වා තේව්ට එයාව එක්ක යන්න කියලා …… යසස් අයියව එතන පුටුවකට හේත්තු කරලා මං ගියේ කිරි අම්මා ගාවට….

අනේ බලන් ඉන්න අමාරුයි නේන්නම්….. හැම තැනින්ම බට ගහලා මැෂින් හයි කරලා ……. මං ගිහින් ඒ රැලි වැටුන අත අතගෑවා…… පව්…. මට එයාගෙම දරුවෙක්ට වගේ සැලකුවේ….. මේ වයසට වෙනකම් යසස් අයිටවයි සහස්වයි බලා ගත්තනේ කිසි අඩුපාඩුවක් නැතුව…. කිරි අම්මා එදා ඒ දෙන්නව බාර නොගත්තා නම් මට අද යසස් අයියෙක්කුත් නැති වෙනවා…. ඉතිම් කිරි අම්මා ඉක්මනින්ම සනීප වෙන්න ඕනි……

තේව් කෑම ගෙනාවට පස්සේ අමාරුවෙන් යසස් අයියටත් කවලා අපි දෙන්නා ගෙදර ගියේ උදේ…. ඒ ඇඟ හෝදන් වෙන ඇදුමක් දාගෙන යන්න තමා අපි දෙන්නා කල්පනා කරේ…….

දවල් යන්න හිටපු නිසා මං පැයකට විතර නිදාගත්තා …… ඊයේ දවසම නිදි නැති නිසා ……….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හැමදාම ඉතිම් හැමෝගෙම ජීවිත වල සතුට රැඳිලා තියෙන්නේ නෑනේ ….. ජීවිතේ ප්‍රශ්න එනවා…. අපිව පරික්ෂා කරන්න …….. ඉතිම් අපි හැමෝම පුරුදු වෙන්න ඕනි හැම දේකට මූණ දෙන්න …..

ආදරෙයි මං පූජා….. ❤

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්අටවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 50