À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය

A+ A-

අවුරුද්දේ අන්තිම කියන්නේ ඉතිම් කොනස්ට් එක තමා….. ඒක ඉතිම් පිට අයටත් එන්න කියලා දවස් තුනක විතර අදින ලොකු කොන්සට් එකක් ……… මේකට අයින් උන දහතුනත් එනවා ඉතිම් item කරන්න …… මේ දවස් ටිකේම යසස් අයියයි, මිහිදුන් අයියයි, නදීක අයියයි ස්කෝලෙ තමා දවස් ගෙව්වේ…….

මිහිදුන් අයියයි, නදීක අයියයි drama එකකට හිටියා…. එයාලා මනමේ නාට්‍ය තමා මේ පෙන්නන්නේ….. මිහිදුන් අයියා හිටියේ වැදි රජතුමාට ….. නදීක අයියා හිටියේ දිසාපාමොක් ගුරුතුමාට….. අපි ඉතිම් boys school නේ ඒක නිසා කෙල්ලෝ නෑ ….. අපේ ස්කෝලවල් වල කෙල්ලොන්ගේ චරිත රඟපෑවෙත් කොල්ලෝ කෙල්ලො වගේ ඇඳගෙන…..

යසස් අයියා නම් හිටියේ ඒකල ගායනයකට…. එයා මට තාම මොකක්ද සින්දුව කියලා කියන්නේ නෑ …… එදාට බලාගන්නලු……. නැත්නම් අගයක් නෑලු…….

මං කිව්වා වගේ මේ කොන්සට් එක දවස් තුනක පෙන්නනවා…. එක දවසක් ස්කෝලේ ළමයින්ට …… අනිත් දවසේ පිට ස්කෝල වල ළමයින්ට ….. අන්තිම දවසේ විවෘත්තව… ඕනි කෙනෙක්ට ඒක බලන්න ආවෑකි එදාට …… දෙමව්පියෝ ගොඩක් එන්නේ එදාට ………….

අපි හත් දෙනා මේ Main hall එකේ බිම දිගා වෙලා ලොකු කයියක් දාන් හිටියේ ….

” දෙසැම්බර් රිසාල්ට් එනවලු නේද??”

” ඔව් මට නම් භයෙත් බෑ………..”

” භය වෙන්න එපා ඔයාලා ගොඩ ගිහින් තියෙයි…….”

” එහෙම උනොත් හොඳයි …….”

” මොන කැම්පස් එකටද දැන් යන්න හිතන් ඉන්නේ??”

” ඒක ඉතිම් රෑන්ක් එක අනුව එන ඕනි එකකට යනවා ……..”

” ඒක නෙමේ දැන් පොඩි අය වැඩ කරනවද??”

” කරන් යනවා ඉතිම් ……….”

අපේ ඉතිම් තේව් හිටියා නැටුමකට….. චේතිය හිටියා සමූහ ගායනයකට……. මේ දවස් වල පන්තියෙත් ලොකුවට උගන්නන්නෑ…….. පන්තියෙන් බාගයක්ම item වලට හිටපු නිසා පන්තියත් හිස්…..

සමහර දවස් වලට යසස් අයියා ඇවිත් මගේ එහාපැත්තේන් ඉඳගෙන ඉන්නවා ….. යසස් අයියට ලොකුවට practice තිබුනේ නෑ ඒකල ගායනයක් නිසා ………

” මොකෝ චූටි කරන්නේ??”

” මං මේ ලයිබ්‍රි එකෙන් උස්සපු පොතක් කියවනවා….”

” මොකක්ද පොත?? “

” හත්දා වැහි කියලා පොතක්….. මේක හරිම ශෝක්…. පොඩිකාලේ ඇතිවෙන ලව් එකක් ගැන තියෙන්නේ …… හැබැයි ලව් එකට වඩා මේකේ ගම ගැන සෑහෙන්න දෙයක් තියෙනවා ……. ඒක කියවද්දි නිකම් ගමකට ගියා වගේ…… ගමේ කරන දේවල්…. ගමේ කෑම…. කියවන්න ආසයි ……..”

” සෙනූ ආසද පොත් කියවන්න??”

” ඔව්…… මං ආසයි මේ පොත් වල තියෙන ෆැන්ටසි ඇතුලේ ජීවත් වෙන්න …..”

” ෆැන්ටසි කියන්නේ ඇත්ත නෙමේනේ දරුවෝ …….”

” ඔව්… ඒත් ඇත්ත ලෝකෙට වඩා ඒ ෆැන්ටසි ඇතුලේ ජීවත් වෙන එක සනීපයි ……..”

” ඒත් ඉතිම් කවදාහරි ඇත්තට මූණ දෙන්න වෙනවනේ……”

” හම්ම්ම් මං ඇත්තට හරි භයයි අයියේ…..”

” ඒ ඇයි සෙනූ??”

” නෑ ඉතිම් අපි දෙන්නම පිරිමි ළමයි ….. මේවා කොහෙන් කොහොම කෙලවර වෙයිද දන්නේ නෑනේ ……..”

” එහෙම අවුලක් වෙන්නෑ සෙනූ…… මං ඉන්නවනේ සෙනූ එක්ක…. මතක තියාගන්න සෙනූ…. මොන ප්‍රශ්නේ මොන විදිහට ආවත් මගේ හිතෙන් ඔයාට තියෙන ආදරේ මකලා දාන්න බෑ සෙනූ……… ඒ විශ්වාසේ විතරක් තියාගන්න …….. සෙනූ මගේ එහාපැත්තේන් ඉන්නකම් මට ඕනි දේකට මූණ දෙන්න පුලුවන් …………”

” මාත් මොන ප්‍රශ්නේ ආවත් අයියව අත අරින්නේ නෑ ………. මට නැති වෙන්න කියලා මහලොකු දෙයක් ඉතුරු වෙලා නෑ …… ඒ නිසා මං භය නෑ …… මං භය අයියව මට නැති වෙනවට………”

යසස් අයියා හිමීට ඩෙස්කේ යටින් අත දාලා මගේ අතක් අල්ලගෙන හිමීට එයාගේ මහපොට ඇඟිල්ලෙන් පිරිමදින්න ගත්තා ……. එහෙම කරද්දි මට මාර ආරක්ෂාවක් දැනෙනවා.. මුලු ලෝකයක් එක්ක හරි හැප්පෙන්න ශක්තියක් එනවා එකතකොට…..

කොන්සට් එකේ පළවෙනි දවසේ show එක තියන්නේ අපේ ස්කෝලෙ ළමයින්ට… යසස් අයියා අද මාරම ලස්සනයි ……. මට එයාව ගෙදර අරන් යන්න හිතුනා…… 🥺

කලුපාට පැච් ඩෙනිමකට සුදුපාට ටිකක් දුහුල් ෂර්ට් එකක් ඇදලා චේන් එකක් දාලා…… ශූස් දාලා….. මාරම Handsome ….. පොඩි මේකප් එකකුත් මූණට දාලා තිබ්බ නිසා දැන් නම්  කොරියන් idol කෙනෙක් වගේ…… දෙයියනේ මං කොහොමද මේකව හෙට කොන්සට් එකට තියන්නේ….. කෙල්ලෝ ටික මූව ඇස් දෙකෙන් මරන් කයි……..

තේව්ත් හිටියේ දිලිසෙන සර්ව පිත්තල කෑලි ඇගේ එල්ලන් තඩි කහ පාට මේකප් එකකුත් උලාගෙන….. අපේ තේව් වෙස් තියලා තිබුන නිසා එයා හිටියේ සාම්ප්‍රදායික නැටුමකට…..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඊළඟ කොටසේ කොන්සට් එකෙන් හම්බෙමු ළමයි ……… ටිකට් අරන් තියාගන්න මතක් කරලා …..

මං එක පාරට කාලේ යවනවා වගේද?? එක දිගට දවසින් දවස දැම්මොත් ඔයාලට කම්මැලි හිතෙයි කියලා තමා මං මේ විශේෂ තැන් වලට skip කරන්නේ…………..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්එක්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 43