À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය

A+ A-

මේ අවුරුද්දේ මුල් වාරේ ඉතිම් හවුස්මීට් තමා …… ගිය අවුරුද්දේ කොන්සට් තිබ්බ නිසා මේ පාර හවුස්මීට්….

හවුස්මීට් ගැන කිව්වොත් ඉතිම් සහස් ක්‍රීඩා කරනවා…… තේව් ඩ්‍රිල් එක කරනවා…… චේතිය මාර්ච් එකේ යනවා ……. එතකොට මං ?? මං ඉතිම් ඔහේ බලන් ඉන්නවා…… මම දැන් මේ ඩ්‍රිල් එක එකසිය විසිපස් වෙනි වතාවටද කොහෙද බලන්නේ….. තේව් ඩ්‍රිල් එක කරන නිසා කම්මැලී කමට මං එතනින් හිටියට දැන් ඒකත් බලලා එපා වෙලා …. මට හවුස්මීට් එකේ ඉතිම් වැඩක් කරොත් හවුස් හැදිල්ල තමා …. හැබැයි ඉතිම් හැම පාරම අපේ හවුස් එක තමා නිර්මාණාත්මක අතින් ෆස්ට් වෙන්නේ…….

හවුස්මීට් ගැන කිව්වොත් ඉතිම් අපේ ස්කෝලෙ හවුස් හතරක් තියෙනවා ….
Hera( කොළ ), Zeus (කහ),  Hades (රතු), Persephone ( නිල්)…

මේවා ප්‍රධාන elements 4 නිරූපනය කරන ග්‍රීක දෙවිවරුන්ගේ නම්……
earth (Hera), air (Zeus), fire (Hades), water (Persephone).

ගොඩක් වෙලාවට හාඩෙස් හවුස් එක තමා කප් එක ගන්නේ….. මං ඉන්නේ හේරා හවුස් එකේ…….

වෙලාවකට මට හිතෙනවා මං මහ වැඩක් නැති මනුස්සයෙක් කියලා …… කිසිම දක්ශතාවයක් නෑ ….. පොඩ්ඩක් හරි පුලුවන් චිත්‍ර ඒත් ඉතිම් ඒකෙන් ඉස්සරහට යන්න පුලුවන් යෑ……. ඒකටත් එක්ක අනිත් ටැලන්…. ක්‍රීඩා නම් ටූනමන්ට් තියෙනවා හවුස්මීට් තියෙනවා …… නැටුම් , සංගීත නම් කොන්සට් තියෙනවා …….. චිත්‍ර වලට මුකුත්ම නෑ ………

ඉතිම් මට එහෙම හිතෙන එක සාධාරණයි නේ….. මං කිසිම වැඩක් නැති මනුස්සයෙක් …… අඩුම ගානේ සුපිරියට ඉගෙන ගන්නවත් බෑ…… යසස් අයියා මගේ මොනාටද ඔච්චරට කැමති උනේ…… මට තාමත් හිතාගන්න බැරි ….. මාව ලස්සනට පේන්න…… මාව වටින කෙනෙක් විදියට දකින්න…. මං දක්ශ මනුස්සයෙක් කියලා කියන්න මොනාද එයා මගෙන් දැක්කේ කියලා …….

යසස් අයියයි මායි අහසයි පොළවයි වගේ…. මං චූටියි…… දුර්වලයි….. ලාමකයි……. කිසිම හැකියාවක් නෑ…… ලස්සන රූපයක් නෑ ……. මහ ලොකුවට ඉගෙන ගන්න බෑ…… පවුලේ කියලා කවුරුත් නෑ බලන්න …….

ඒ අතින් යසස් අයියා ලොකුයි ශක්තිමත්…. ඕනි දේකට මූණ දෙන්න පුලුවන් ….. සින්දු කියන්න පුලුවන් ….. හොඳට ඉගෙන ගන්න පුලුවන් ….. පට්ටම Handsome …… , සහෝදරයෙක් ඉන්නවා…. කිරි අම්මා ඉන්නවා…..

ඉතිම් අහසයි පොළවයි එකතු වෙන්නෑ වගේ අපි දෙන්නට එකතු වෙන්න ලැබෙයිද?? පොළවක් වෙලා අහසට ගොඩක් ආදරේ කරන එක වැරදිද? මේවා හිතද්දි මගේ ඔලුවේ කැක්කුමක් එන්නේ ඉබේමයි……

මං ground එකේ හෙවන තැනක් බලලා බිම දිගා උනා………. මේ දවස් වල යසස් අයියා කැම්පස් පටන් ගන්නකම් කියලා ජොබ් එකක් කරනවා බැංකුවක…. ඒ වැඩ නැත්නම් එයාටවත් ස්කෝලෙ පැත්තේ එන්න කියන්න තිබ්බා…..

මං ලා නිල්පාට අහස දිහා බලාගෙන ඇස් දෙක ටිකක් පියා ගත්තා ….. ටිකකින් මට දැනුනේ ඇස් කඩාගෙන යන්න එන ඒ ඉර අවුව්ව නැති උනා වගේ……

මං හිමීට ඇස් ඇරලා බලද්දි මං ගාව හිටගෙන හිටියේ ෂෙනාල්……

” ඔයා??”

” කොහොමද මාව අඳුර ගන්න පුලුවන් ද??”

” මොකද බැරි”

මං ග්‍රවුන්ඩ් එකේ ඉඳගත්තම ෂෙනාලුත් මගේ එහා පැත්තෙන් ඉඳ ගත්තා …..

” ඉර අව්ව වැටුනාම අයියගේ මූණ රෝස පාට වෙනවා …… මට ලෝභ හිතුනා ඒකයි ඉර වැහුවේ…..”

” ෂෙනාල් ඕලෙවල් කරාද?”

” ඔව් ඉවරයි මේ දවස් වල වැඩක් නැති නිසා හවුස්මීට් එකේ උදව්වට ආවා…. අනික මං western band එකේ ඉන්නවා…”

” හොඳයි …….”

” අයියේ………..”

” ම්ම්ම්………..”

” අයියා මං කියපු එක ගැන හිතුවද…..?? මං දන්නවා අපි දෙන්නම කොල්ලො කියලා ……. ඒත් අයියට පුලුවන් ද මේ ගැන තව ටිකක් හිතන්න………”

” හිතන්න දෙයක් නෑ මල්ලී….. මට දෙන්න පුලුවන් සරලම උත්තරේ මට ආදරේ කරන්න කෙනෙක් ඉන්නවා කියන එක ………..”

” හම්ම්ම් ඒකත් එහෙමද?? ඒ යසස් අයියද??”

” මොකක්?? ඇයි එහෙම කිව්වේ??”

” නෑ ඉතිම් ඔයාලා දෙන්නා කොයි වෙලේ බැලුවත් එකටමනේ ඉන්නේ……. එදා යසස් අයියගෙන් බේරිලා ඔයාට ලියුමක් දෙන්න මං පුදුම ගේමක් ගැහුවේ…….. “

” ම්ම්ම්ම්”

” හැබැයි යසස් අයියා ගැන කියද්දී අයිය්ගෙ මූණ රතු වෙනවා කියන්නේ එයා වෙන්න ඕනි………”

” අවුලක් නෑ අයියේ……. එහෙමනම් හැමදාම සතුටින් ඉන්න “

මං ඈත යන පොඩි එකා දිහා බලන් හිටියා….. පව් ඉතිම් මොනා කරන්න ද මේ හිතේ ඉඩ තියෙන්නේ යසස් අයියට විතරනේ……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හවුස් වල නම් ගැන confuse වෙන්න එපා ළමයි මට වෙන නම් වගයක් හම්බුන්නෑ……..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්පස්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 47