À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය

A+ A-

කොන්සට් එක සාර්ථකව තුන්වෙනි දවසත් පහු කරද්දි නම් ළමයි හැමෝම හිටියේ මහන්සියෙන්…… සමහර ළමයි item තුන හතරකට හිටියා ඉතිම් එක දිගට දවස් තුනක් ෂෝ එක යනවා කියන්නේ සෑහෙන්න මහන්සියක්……

ස්කෝලේ නිවාඩු කාලේ හවස පොඩ්ඩක් නිදාගෙන හිටපු මම උඩ ගිහින් ඇහැරුනේ ෆෝන් එක වදින සද්දෙට…..

” තේව්………..”

” මොකද බූරුවෝ කරන්නේ ෆෝන් එක ආන්සර් නොකර??”

” නින්ද ගියා ඉතිම් ඇයි කෑ ගන්නේ….”

මං හිටියේ තේව් මාව ඇහැරවපු එකට තරහින්…….

” නැගිටපන් මනුස්සයෝ…… අන්න ඒලෙවල් රිසාල්ට් දාලා ………….”

” මොකක්……”

බාගෙට ඇස් පියවෙලා හිටපු මගේ ඇස් හොඳටම ඇරුනේ එතකොට ……

මං තේව්ගේ කෝල් එක කට් කරලා ෆොන් එක බැලුවා… දෙයියනේ යසස් අයියගෙන් මිස් කෝල් 5ක්…..

එහෙම්මම whatsapp එක open කරද්දි තිබ්බේ යසස් අයියගේ msg එක …

S.A Yasas Thishmaka Senevirathna

Combine Maths         A
Physics                        A
Chemistry                   B

District Rank            7
Island Rank             1470

දෙවියනේ ………… මට ඉහළට ගත්තු හුස්ම පහළට දාන්න අමතක උනා…..

රිසාල්ට් එක බලපු ගමන් මං යසස් අයියට කෝල් එකක් ගත්තා …. පොර බනින්න කලින්ම මං කතා කරා….

” Congratulations සුදූ…….”

සුදු කියපු නිසාද කොහෙද….. වරද නිශ්ප්‍රභා කරා…….

” ඇයි අනේ ෆෝන් එක ඉස්සුවේ නැත්තේ…..??”

” නිදාගෙන අනේ හිටියේ ……. මං දන්නවයෑ මේ හවස රිසාල්ට් දායි කියලා …… එයාලත් මේ යක්කු ගස් නගිනකම්ම හිටියනේ ඕක දාන්න …..”

” හරි හරි ඉතිම් ………”

” මට සතුටුයි ඈ…….. ගොඩක් සතුටුයි …….. “

” එහෙම බෑ ඔයත් වැඩ කරන්න හොඳට මං යන එකට එන්න……”

” මෝරා මෙඩිසින් නෑනේ …..”

” මං පේරා යන්නම් එතකොට අපි දෙන්නටම එකම කැම්පස් එකේ හිටියැකි……….”

” එපා පිස්සුද ……. ඔයා මෝරා යන්න …… මං නිසා කැම්පස් එක වෙනස් කරන්න යන්නේ……”

” හරි හරි ඒක බලමුකෝ ……. මට දැන් මොනාද දෙන්නේ….. පාස් උනාට ……”

” මොනාද ඕනි??”

” මොනාහරි ………”

” ම්ම්ම්ම් දෙන්නම්කෝ………….”

” අද හවසට මං එන්නද එක්ක යන්න ….. දවසක් ඉන්න පුලුවන් ද??”

” අදද? හා හෙට ඉරිදනේ අවුලක් නෑ …….”

” හා එහෙමනම් තව ටිකකින් එන්නම් ….. “

මං බයික් එකට නැග්ගේ යසස් අයියා එන්න කලින් මොනාහරි ගන්න යන්න ….. එයාට තෑග්ගකුත් අරන් ඇඟ හෝදන් ඇදුමකුත් බෑග් එකට දා ගත්තේ….. හැමදාම සහස්ගේ ඇඳුම් අඳින්න බැරි නිසා …………

මං ඇඟ හෝදගෙන ලෑස්ති වෙද්දී යසස් අයියා ආව නිසා මං එහෙමම නැග්ගේ එහෙ යන්න ……… යසස් අයිලගෙ ගෙදර කවුරුත් නෑ ….. සහසුයි කිරි අම්මයි ගමේ ගිහින්….. ඒක තමා මේ තනිකම් දෝසේ හැදිලා තියෙන්නේ …..

” ගෙදර කවුරුත් නැති නිසයි මාව මතක් වෙලා තියෙන්නේ ………”

” එහෙම නෑ …….. සෙනූ….. මට ඔයාගේ ටී ෂර්ට් එක දෙන්නකෝ තියාගන්න …… “

” මේක ?? එතකොට මං දැන් අඳින්නේ….??”

” මගේ එකක් ……….”

” මට ලොකුයිනේ…….”

” ටී ෂර්ට් එක විතරක් අඳින්න……. “

එහෙම කියලා යසස් අයියා මට දුන්නේ එයාගේ ටී ෂර්ට් එකක් ……..

මං ඇඟ හෝදන් ඒක ඇඳ ගත්තා…… ඇත්ත ඒක විතරක් මට ඇති ගවුමක් වගෙ…………. ඒත් මෙහෙම ඉන්න ලැජ්ජයිත් වගේ…… මං ලැජ්ජාවෙන් යසස් අයියගේ කාමරේට ගියා …….

” ලස්සනයි ……….”

යසස් අයියා ඒක කියපු විදිහටයි…… මං දිහා බලපු විදියටයි…. මාව සීතල වෙලා ගියා ……..

” මොකද ඔහොම බලන්නේ…..”

” ඔයා හරියට වාත්තු කරලා වගේනේ… කොල්ලෙක් වෙලත් කොහොමද ඔහොම ලස්සන උනේ??”

යසස් අයියා මගේ පිටිපස්සේන් බදාගන්න ගමන් ඇහුවා……….

” එහෙම ලස්සනක් නෑ අනේ…. සුද විතරයි ……….”

” නෑ ඔයා මාරම හැඩයි….. සෙනූ ඔයාව දකිද්දි මට ප්‍රසිද්ධ පිළිමයක් මතක් වෙනවා…..”

” මොකක්ද …… දැන් කියන්න එපා අර අත් දෙකකුත් නැති වීනස් පිලිමේ වගේ කියලා …….”

” නෑ නෑ අනේ ඊටත් වඩා ලස්සන එකක් …….”

” ඒ මොකක්ද ………… විසිවෙනි ශතවර්ෂේ හිටියා….. Emilio Fiaschi කියලා පිළිම හදන කෙනෙක් ……. එයා කිරිගරුඬ වලින් හදලා තිබ්බා female nude කියලා ලස්සන පිලිමයක්…… ගෑණු කෙනෙක්ගේ ඇගේ හැම curve  එකක්ම පේන්න හදපු…….. ඔයා මට නිකම් ඒ statue එක වගේ සෙනූ….. ඒ තරම් ලස්සනක් ඔයාට තියෙන්නේ ………”

එහෙම කියලා යසස් අයියා මාව එයාගේ පැත්තට හරව ගත්තා ……..

” සෙනූ………..”

” ම්ම්ම්ම්ම්”

” මට ඒ statue එක රස විඳින්න පුලුවන් ද අද??”

යසස් අයියා මගේ කනට කරලා කියද්දි මගේ ඇඟ දිගේ විදුලියක් ගියා වගේ ෆීලින් එකක් මට දැනුනා……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

EMILIO FIASCHI (Italy, 1858 – 1941).

” Female Nude”

එමිලියෝ ෆියස්චිගේ මූර්ති වලින් ඔහු විස්තර කිරීමට බලාපොරොත්තු වෙන හැඟීම් මූර්තියෙන් පැහැදිලිව අගය කළ හැකිය. අලංකාර දරණ හා සුන්දර ලක්ෂණ සහිත කාන්තාවක් විශාල නවීනත්වයේ ආරුක්කු,  ගල් මත ඉදිකෙරූ කොන්සෝලයක මත   සුවපහසු හා සංවේදී ඉරියව්වක සිටින අවස්ථාවක් මෙයින් නිරූපණය කරයි. ඇයගේ ශරීරය සුවිශේෂී ආකාරයකින් මුදා හරින විහිදෙන වාම රෙදිපිළි සමඟ ඇය සුමට සම ආවරණය කරයි. ෆ්ලෝරන්ස් සක්‍රීය මූර්ති ශිල්පියෙකු වන අතර 20 වන සියවසේ අගභාගයේ සහ 20 වන සියවසේ මුල් භාගයේදී ඔහුගේ නිර්මාණ එලි දැක්විනි.  ඔහු ප්‍රධාන වශයෙන් කිරිගරු හා ඇලබාස්ටර් සමඟ වැඩ කළ අතර, සම්භාව්‍ය මිථ්‍යා කථා , සාහිත්‍ය විෂයයන් සහ ප්‍රභේද දර්ශන ඔහුගේ නිර්මාණ වල තේමාව උනා. ඔහුගේ නිර්මාණ වල විස්තරාත්මක ලක්ෂණ පෙන්නුම් කරයි.ඔහුගේ නිර්මාණ දැන් යුරෝපයේ සහ ඇමරිකාවේ පෞද්ගලික එකතු කිරීම් වලදී නියෝජනය වේ.

alabasteR – පිළිම නෙලීමේදී භාවිතාවන ගල් විෂේශයක්

Console – කුඩා ඉඩක නිර්මාණය කරන ලද මේසයක් වැනි දෙයක්. එහි කකුල් හතරක් වෙනුවට ඇත්තේ කකුල් දෙකකට සවි කර ආරුක්කු වැනි ව්‍යුහයක් ය

මේවා ට්‍රාන්ස්ලේට් කරන්න හොඳ පණ යනවා ළමයි  🥲🥲🥲

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්තුන්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 45