À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය

A+ A-

මට ඒ statue එක රස විඳින්න පුලුවන් ද අද??”

යසස් අයියා මගේ කනට කරලා කියද්දි මගේ ඇඟ දිගේ විදුලියක් ගියා වගේ ෆීලින් එකක් මට දැනුනා……

යසස් අයියා මාව හරහට වඩාගෙන ගිහින් තිබ්බේ ඇඳ උඩින්…..

” අයියේ….”

” à·‚à·Š…….. මුකුත් කරන්නෑ මං ……… මට බලන්න විතරයි ඕනි………”

එහෙම කියපු යසස් අයියා එදා රෑ එයාගේ පිලිමේ හැම රේඛාවක්ම හරි ලස්සනට රස වින්දා….. වෙලාවකට ඒ සීතල ඇඟිලි වලින්….. වෙලාවකට ඇස් වලින්……

” මං හැමදාම කියනවා වගේ ඔයා සමනලයෙක් වගේ සෙනූ…. මට කවදාවත් ඒ තටු පොඩි කරලා ….. රිද්දලා සතුටු වෙන්න ඕනි නෑ ………. මට ඕනි ඒවා හරිම පරිස්සමට… හීරීමක්වත් වෙන්න නොදී බලාගන්න …………. ඒකයි උඹ වගේ කෙනෙක් එහා පැත්තෙ තියන් මං මෙච්චර ඉවසන්නේ….. මං හැඟීම් දැනීම් නැති මනුස්සයෙක් නෙමේ සෙනූ…. ඒත් මගේ හිත කෑ ගහනවා උඹ තාම පුංචියි කියලා ……… ඒත් හරිම වයසට ආවාම එදාට මාව නවත්තන්න සෙනූ ඔයාටවත් බැරි වෙයි………….”

ඔයාලා කවදාහරි ආදරේකට ආදරේ කරලා තියෙනවා ද??? මං යසස් අයියට අමතරව එයා දෙන මේ ආදරේටත් නොසෑහෙන්න ආදරෙයි …… මට කෑ ගහන්න හිතෙනවා යසස් අයියේ මං ඔයාගෙනේ කියලා ……… ඒත් මෙච්චර මාව පරිස්සම් කරන මනුස්සයගේ ඉවසීම පරික්ශා කරන්න මට ඕනි නෑ………

” අයියේ මට එච්චර ආදරේ කරන්න එපා…….. දවසක මට ඔයා නැති උනොත්…… මට එදාට කකුල් දෙකෙන් හිටන් ඉන්න අමාරු වෙයි……..”

” නෑ සෙනූ ඔයාගෙ ආදරේ ගාව මගේ ආදරේ දූවිල්ලක්……. ඔයා නොදන්නවා උනාට ඔයාගේ ආදරේ තමා මේ යසස් කියන මනුස්සයට හුස්ම දෙන්නේ…. ඉතිම් මං කොහොමද මගේ හුස්ම අත අරින්නේ…… ??”

මට ආපහු ටී එක අන්දපු යසස් අයියා මාව හයියෙන් බදාගෙන නිදාගත්තා …..

ස්කෝලේ පටන් ගත්ත දවසේ අවුට් උන අයියලා ගොඩක් ස්කෝලෙට එනවා පාස් උන වගේම ෆේල් උන ගොඩක් අය එදාට ඇවිත් ගුරුවරුන්ට කතා කරලා උපදෙස් අරන් තමා යන්නේ……ඉතින් එදා යසස්ස අයියා, මිහිඳුන් අයියා වගේම නදීක අයියත් ආවා…..

මිහිඳුන් අයියා දිස්ත්‍රික්කයෙන්ම දෙවැනියා වෙලා තිබ්බා A තුනක් අරගෙන…..  එතකොට නදීක අයියට නම් තිබ්බේ B එකයි C දෙකයි…… එයා කිව්වා ආයේ පාරක් කරන්න ට්‍රයි කරනවා කියලා….

අපේ පන්තිභාර මිස් මිහිඳුන් අයියවයි… යසස් අයියවයි ගෙන්නලා අපේ පන්තියේ ළමයි ඉස්සරහ කතාවක් කරන්න දුන්නා……..  කොහොමද එයාලා ඒ ලෙවල් වලට පාඩම් කරේ……  කොහොමද එයාලා ඒ අභියෝගෙට මූණ දුන්නේ කියලා කියන්න …… ඉතින් මුලින්ම කතා කරේ මිහිඳුන් අයියා…..

එයා කිව්ව විදිහට නං අපි එදිනෙදා වැඩ එදිනෙදාම කරලා කිසිම වැඩක් ගොඩ ගහගන්නෙ නැතුව time table එකක් තියාගෙන ඒකට අනුව වැඩ කරලා තමන්ගේ target එක වෙත යන්න ඕනි කියලා……  වෙලාව නෑ කියලා කිසිම වෙලාවක අනුන්ට චෝදනා කර කර ඉන්න එපා ……  තමන් කොහොම හරි ලැබෙන හැම අවස්ථාවකම පාඩම් කරලා target එකට යන්න කියලා තමයි මිහිදුන් අයිය කිව්වේ……

එතකොට යසස් අයියා නම් කිව්වේ වෙනම කතාවක්…..

” හලෝ මල්ලිලා මට නම් ඇත්තටම මිහිඳුන් කිව්වා වගේ සතියට ටයිම් ටේබල් මාසෙ ටයිම් ටේබල් වලට වැඩ කරන්න අමාරුයි…… ඒක නිසා මම නම් කරන්නේ උදේම නැගිටලාමගේ දවසේ ෂෙඩූල් එක උදේම හදාගෙන ඒකට අනුව වැඩ කරනවා……… කොහොම හරි ඒ දවසට දුන්න වැඩ ඒ දවසෙම මම ඉවර කරන්න උත්සාහ කරනවා……  ඒ වගේම පාස්පේපස් තමා කරන්න හොඳම දේ………  ඊට අමතරව ආදර්ශ ප්‍රශ්න පත්තරත් කරන්න……… ඇත්තටම මම ලොකුවට පාඩම් කරේ නැති උනාට පාස්පේපර්ස් කරා……… මොකද විභාගෙදී ආයෙමත් අහන්නේ පරණ ප්‍රශ්නම අලුත් කර කර……… ඉතින් මං ඔයාලා හැමෝටම සුභ පතනවා මේ පාර ඒලෙවල් වලට හැමෝම හොඳ රිසාල්ට් එකක් දාන්න කියලා…….”

යසස් අයියා කතාව ඉවර කරේ මං දිහත් එකපාරක් බලල…….  එදා ඉතින් කට්ටියටම හරිම සතුටුයි………  රැස්වීමක් තියලා කට්ටියව අඳුන්වලා දීලා…… අංශභාර සර් ලොකු හැඳින්වීමක් කරා කැම්පස් එක ගැන…… ඒ කතා අහද්‍දිනම් ඇත්තටම වැඩ කරලා කැම්පස් යන්න ආස හිතෙනවා…..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඉතිම් මාත් wish කරනවා කැම්පස් යන්න ආසාවෙන් ඉන්න හැමෝගෙම ඒ සිහිනේ ඉටු වේවා…. 😘😘

ආදරෙයි මං පූජා………

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හතරවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 46