À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය

A+ A-

දවල් 2ට වගේ House meet එක පටන් ගත්තා …… මගේ පළවෙනි රාජකාරිය ….. එක එක හවුස් එකේ දෙවියෝ තමයි ගිහින් House captain ට පහන බාර දෙන්න ඕනි…….
ඊට පස්සේ අපේ Sports leader සුදු ඇඳගෙන හවුස් එකෙන් හවුස් එකට ගිහින් House captain ගේ අතේ තියෙන පහන එයාගේ පහනෙන් පත්තු කරනවා….. ඊට පස්සේ පස් දෙනාම ග්‍රවුන්ඩ් එක වටේ එක පාරක් දුවලා ග්‍රවුන්ඩ් එක මැද්දේ තියෙන ලොකු පහන පත්තු කරනවා….. ඒක ඇත්තටම බලන් ඉන්න ආසයි ඉතිම් …….

ඊට පස්සේ පිනාගේ කතාව කරලා නිල වශයෙන් House meet එක පටන් ගන්නවා……

මං නම් පුටුවක ඉඳගෙන සැපට හවුස්මීට් එක බලන ගමන්….. ඇයි ඉතිම් මේ රෙදි උස්සන් දුවන්න ගිහින් තව පොඩ්ඩෙන් මාව වැටෙනවා….. යසස් අයියා හිටියේ නැත්නම් දෙවඟන බිම…… ඉතිම් එයා මට පුටුවකුත් හොයලා දීලා ඇදුම් මාරු කර ගන්නකම් නැගිටින්න එපා කියලා තියෙන්නේ ….. පව් ඉතිම් මනුස්සයා…. මට කන්නද… බොන්නද…… ඔක්කොම ළඟට ගෙනත් දෙනවා……

ආ කියන්න අමතක උනානේ…. යසස් අයියත් ඉතිම් හේලා හවුස් එකේ තමා…… වෙලාවට නැත්නම් ඒකටත් මරාගන්න එපැයි ……..

” සෙනූ මිස් එන්න කිව්වා හවුස් බලන්න එනවා කියලා ……..”

මං තඩි බොම්බයිමොටයි එකක් කකා ඉද්දි අපේ පන්තියේ ළමයෙක් ඇවිත් කිව්ව……. මං එහෙමම බොම්බයිමොටයි එක කූරෙන් ගලවගෙන කට ඇතුලට ඔබා ගත්තා …..

යසස් අයියා ඇස් ලොකු කරගෙන බැලුවේ දැන් ටිකකට කලින් ලොකුවට තිබ්බ බොම්බයිමොටයි එකට වෙච්චි දෙයක් ……

” යන්නම් ඈ…….. මෙතනම ඉන්න ……”

එහෙම කියලා ඉතිම් දෙවඟන දිව්වේ ගවුම උස්සන්…… මොකද අපිට ගවුම් ඇඳලා පුරුදුයෑ………

චීෆ් ගෙස්ට් අපේ හවුස් එක බලලා මගේ මූණත් මිරිකලා ගියේ හරිම හුරතල් කොල්ලෙක් කියලා …….. මං චීෆ් ගෙස්ට් ගියා විතරයි අර ගවුම් කෑල්ල ගලවලා යුනිෆෝර්ම් එක ඇඳගත්තා…. මූණේ තිබ්බ මේකප් තලියත් හෝදලා ආයේ යසස් අයියව හොයන් ගියේ … මේසේ චීෆ් ගෙස්ට්ට තියලා තිබ්බ කෑම වලින් කේක් කෑලි දෙකකුයි… චොක්ලට් බිස්කටුයි…. පොඩි බීම බෝතලේකුයි උස්සන්…….

” මේ කවුද මේ කෝ මගේ ලස්සන girlfriend ……..”

” මං ඒකිව ගිල්ලා…… අනේ මේ යසස් අයියේ………..”

මෙයාට ඉතිම් විහිලු ……. මං දන්නවනෙව් ෆෝන් එක පිරෙන්න ඇති දැන් මං මේ ගවුම ඇදන් හිටපු ෆොටෝස්……..

” ආ……”

මං එයාට දිග් කරේ මං ගෙනාපු කෑම බීම ටික…….

” කොහෙන්ද ?”

” චීෆ් ගෙස්ට්ගේ මේසෙන් ඉස්සුවා……..”

ඇයි ඉතිම් ඒ මනුස්සයා හැම හවුස් එකකින්ම ඔච්චර ගොඩක් කන්නයෑ…. ඕවා ඉතිම් කොහොමත් කන්නේ ළමයි තමා …………

දවල් කෑමට තිබ්බේ නූඩ්ලස් …….. හවුස් එකෙන් ටෝකන් එකක් අරන් හට් එකට දීලා කෑම එක ගන්න තමා තිබ්බේ….. ඒත් මේ මනුස්සයා ආපහු මට ටෝකන් එක දෙන්නේ ඇයි කියලා දිග ඇරලා බලද්දි තමා දැක්කේ ඒකේ ෆෝන් නම්බරයක් ලියලා…… යසස් අයියට ඉතිම් ඕවට මල පනිනවා 😂

හවස් වෙනකොට නම් අපේ හවුස් එක තමා දිනන සීන් එකේ හිටියේ… හවුස් මීට එකේ ආසම ඉතිම් අන්තිම හරියට කැඩෙට් ටීම් එකෙන් ෂෝ එකක් තිබ්බට පස්සේ ජිම්නාස්ටික් එකෙන් තියෙනවා …… ඊට පස්සෙ ඩ්‍රිල් එක……. කී පාරක් ඉතිම් ඩ්‍රිල් එක දැක්කත්…. ඒ ඇදුම් ඇදලා නටද්දි නම් ආයේ බලන්න ආසයි…….

අන්තිම event එක තමා මාච් එක ….. මුලින්ම කැඩෙට් සෙට් එක ඊකඟට prefect bord එක …….. ඊට පස්සේ හවුස් වල මාච් ටීම් එක ….. House captain කොඩිය අරන් යද්දී Vice captain හවුස් එකේ නම ගහපු බෝඩ් එක අරන් යනවා….. හවුස් එකේ පාටින් පටියක් හරහට දැම්ම මාච් ටීම් එක යන්නේ එතකොට …. ඔහොම ground එක වටේ කීප වතාවක් ගිහින් කැඩෙට් ටීම් එකයි…….. ප්‍රිෆෙක්ට් ටීම් එකයි ඉස්සරහින් ඉද්දි හවුස් හතරේ මාච් සෙට් එක හතරට බෙදිලා හිට ගන්නවා….. ඊට පස්සේ හවුස්වල හැමෝම පෝලිමට ගිහින් තමන්ගේ හවුස් එක පිටිපස්සේන් හිට ගන්නවා….

යසස් අයියව මිහිදුන් අයියලා එක්ක තියලා අපි ගියේ ග්‍රවුන්ඩ් එකට……. මේ තමා හවුස් වල places කියලා තෑගි බෙදන වෙලාව…….. මේ වෙලේට හැමෝගෙම හිත් ගැහෙනවා ඉතිම් ……. 

පිනා දිනපු හවුස් එක අපේ හවුස් එක කියලා announce කරද්දී….. ළඟ ඉන්නේ මොකාද බලන්නැතුව හැමෝම අහු වෙච්ච එකාව බදාගත්තා ………. තෑගි බෙදලා දුන්නට පස්සේ හැමොම කරේ සින්දු කිය කිය නටපු එක …..

මාත් කලුවරේම දුවගෙන ගිහින් යසස් අයියව බදා ගත්තා ……

” අපි කප් එක ගත්තා ………..”

කිසිම ක්‍රීඩාවක් නොකරත් ඒ ෆීලින් එක නම් මාරයි…………

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

🫣 bording වගේද …….. මට විස්වාසයි…….. ඊළඟ කෑල්ලෙන් පස්සේ නම් එහෙම වෙන එකක් නෑ ……

ඔන්න මං ආයෙත් කියනවා ටිෂූ පෙට්ටියක් ලෑස්ති කරන් ඉන්න  😌 ආයේ මං නොකිව්වා කියන්න එපා…….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හත්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 49