À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය

A+ A-

මාසයක් විතරම ස්කෝලෙ හවුස්මීට් ඇදෙනවා ඉතිම් …. මුල් කාලේ නම් උගන්නන ගමන් ඕවා කරාට පහු වෙනකොට ඉගැන්නිල්ල කැලේ……. කොහොමත් අපේ ඒලෙවල් ගුරුවරු නම් බලන් හිටියේ අයිස් පාරක් ගහන්න වෙලාවක් එනකම්……..හැම ගුරුවරයම නෙමේ ඒත් බහුතරයක් ගුරුවරු එහෙමයි….. එයාලා ටියුෂන් ක්ලාස් වල හොඳට ඉගැන්නුවට ස්කෝලෙ උගන්නනවා හොරයි…….. ඒ අතරින් ඉන්නවා ඉතිම් ගුරු දෙවිවරු කියලා වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අදුන්වන්න පුලුවන් ගුරුවරුත්……. ළමයි වෙනුවෙන් මහන්සි වෙන ගුරුවරුන්ට නම් කවදාවත් වරදින්න එපා…….

මං හිටියේ අපේ හවුස් එක හදන්න ගෙනාපු පිදුරු මිටියක් බැඳ බැඳ……. මගේ උදව්වට ඉතිම් සහසුයි තේව්යිත් ඇවිත් හිටියා ……….. පව් අපේ චීස් බෝලයක් වගේ හිටපු තේව් දැන් අඟුරු පාට වෙලා……….

” උඹ සෑහෙන්න කලු වෙලා තේව්………..”

” ඔව් අප්පා මඟුල…. මේ පීටී මිස්ලත් අපිව අව්වෙම තියන් නටවනවනේ……”

ස්කෝලේ හවුස්මීට් කාලෙට ඉතිම් ළමයින්ගේ dark mode එක on වෙන එක සරල දෙයක් නේ…

මේ වෙනකොට හවුස්මීට් එකේ සෑහෙන්න කොටසක් ඉවරයි ……. පිටියේ තරඟ විතරයි ඉතුරු වෙලා තිබ්බේ…….. ඒවා ඉතිම් තියන්නේ අන්තිම දවසේ……. තව දවස් දෙකකින් final House meet එක තියෙනවා ……. මේ වෙද්දි තියපු තරඟ වලින් අපේ හවුස් එකයි හාඩෙස් හවුස් එකයි කරට කර ඉන්නේ ලකුණු දෙකක වෙනසකින්……. මායි සහසුයි දෙන්නම හේරා හවුස් එකේ වෙනකොට තේව් හිටියේ සියුස් හවුස් එකේ……… ඒ උනාට පොර හවුස් හදන්න අපේ එකට එනවා…… මිනිහයි හොඳම යාලුවයි ඒකේ ඉද්දී නෑවිත් කොහොමද  😂

” අයියා මීට් එකට එනවා කිව්වද සෙනූ???”

” උඹේ අයියනේ මගෙන් අහන්නේ…..”

” එයා මගේ අයියා උනාට උඹේ මිනිහනේ……. ඌ කොහොමත් මට වඩා දේවල් කියන්නේ උඹට………”

” හම් හම් එදාට එනවා කිව්වා Half leave එකක් දාලා …….”

අපි හවුස් හදන්නේ හවුස් වල තේරුම පේන විදිහට …….. ඉතිම් අපේ හවුස් එක භූමි නිසා අපි හදන්නේ මේ ලෝක ගෝලයක්……….. කොහොම හරි මේ පාරත් නිර්මාණාත්මක හවුස් වලට දෙන කප් එක ගන්න එපැයි නැත්නම් මගේ නමට හරිත් නෑනේ ……..

හවුස්මීට් එක දවසේ උදේ ස්කෝලේ ආවේ වැඩ තියෙන ළමයි විතරයි ……. මාත් ඉතිම් ආවේ හවුස් එකේ වැඩ බලන්න ……. ඒත් කොහෙන්ද කැරකිලා ගිහින් මට හේරා දෙවියෝ වගේ අඳින්න සෙට් උනා හවුස් එකේ අයව පිලිගන්න …… මටත් මාර පුඩි තමා සෙට් වෙන්නේ… කවදා කාපු කටුද…….

හවුස් මීට් එක පටන් ගන්නේ හවස නිසා මං ටිකක් වේලාසින් ආවා මේ ග්‍රීක් ඇදුම ඇඳගෙන් මේකප් එකක් දා ගන්න ඕනි නිසා ….

” සෑ තේව් විග් එකකුත් දාලා මේකප් කරාම උඹ සිරා කෑල්ලක් වගේ ඈ……..”

” අනේ මේ………..”

” ඇත්ත……. නැද්ද සහස්…….”

” ඔව් ඈ අපේ අයියට අදම ගෙදර උස්සන් යන්න හිතෙයිද දන්නෙ නෑ…..”

” පලයන්කෝ දෙන්නම……”

ඇත්තටම ඉතිම් මටත් කණ්නඩියෙන් මාව බලද්දී අමුතු ලස්සනක් පේනවා….. කොල්ලෙක්ද කියලා හොය්න්නත් අමාරුයි විග් එක දැම්මාම…….

ටිකකින් යසස් අයියා ආවා මට එන්න පුලුවන් ද කියලා එයා මට msg එකක් දාලා තිබ්බා….. මටත් ඉතිම් යසස් අයියා ආවම මොකෝ රෙදි කැලේ…….. ඇත්තට සියුස් දෙයියෝ කෝප වෙයිද දන්නෑ මං වෙන මිනිහෙක් එක්ක් ලව් කරනවට….

ඇත්තටම මේ ග්‍රීක මිනිස්සු කොහොම මේවා ඇදන් හිටියද මන්දා….. මං මේ ඇදුම් හොයාගත්ත එකාගේ අම්මව අප්පව මතක් කර කර රෙදි උස්සන් අමාරුවෙන් යසස් අයියව හොයාගෙන ගියේ……

” සෙනූ………….. ඔයා මාරම හැඩයිනේ….”

ඒ ඉතිම් යසස් අයියා… මං මොක ඇන්දත් එයාට කොහොමත් ලස්සනයිනේ…….

” ලැජ්ජයි අනේ…….”

” ඒ ඇත්තටම සෙනූ…… උඹ නම් කෙල්ලෙක් වෙන්න ගිහින් අම්මලගේ කීමට කොල්ලෙක් උන කෙනෙක් වගේ…. ඒ තරම් ලස්සනක් ඔයාට තියෙන්නේ ……… දැන් නම් මට ෂුවර්…… ඔයා කිරිඟරුඩින් හදපු අර statue එකම තමා ………….”

” හා ඉතිම් …………”

ඕන්න ඉතිම් ආයේ මාව රතු වෙන්න ගන්නවා…..

” අද ඔයා වැඩ තියෙයි නේද?”

” නෑ නෑ ඕපන් එකේදියි …… හවුස් බලන්න එද්දියි හිටියා නම් විතරක් ඇති …… හවුස් එක බැලුව ගමන් මේක මාරු කර ගන්න ඕනි……..”

” ඇයි අනේ ඔහොම ලස්සනයි නේ….”

” අනේ මේ යසස් අයියේ….. මේ රෙදි එල්ලන් ඉදලා ඇවිදිද්දී ඕකක් පැටලිලා වැටුනොත් මගේ හොම්බ කට සමතලා වෙයි…..”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හේරා දෙවඟන…… භූමියට මෙන්ම ආදරය සහ විවාහයට අධිපති දෙවඟන වෙයි…… සියුස් දෙවියන්ගේ භාර්‍යාව වන අතර… මොනරුන් මඟින් ඇගේ ස්වභාවය සංකේතවත් කරයි….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතලිස්හයවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 48