À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය

A+ A-

තේව් මං දිහා බලලා නැගිටලා සහස් එක්කම පන්තියෙන් එලියට ගියා… දැන් නම් මට හොඳටම ෂුවර් සහසා ලයින් දාන්නේ තේව්ට… ටිකකින් සහස් පන්තියට ආවේ මූණ පුක කර ගෙන…
ඒත් එක්කම් තේව්ත් පන්තියට ආවා…

“ මොකද බන් උනේ අරූ අරෙහෙම මූණ පුක කරන් ඉන්න තරම්?”

“ ඌ මගෙන් යාලු වෙන්න ඇහුවනේ බන්…”

මට බිබී හිටපු වතුර එකත් ඉස්පොල්ලේ ගියා…

“ මොකක්??”

“ඔව්නේ..”

හරි හරි මං ඕක ගෙස් කරා තමා ඒත් මං හිතුවේ නෑ ඕකා මෙචර ඉක්මනින් ඕක අහයි කියලා… එක අතකට පොර හෙන නිර්භීතයි… මට නම් ඔහොම ශක්තියක් නෑ….

“ ඉතින් උඹ මොනවද කිව්වේ?”

“මොනා කියන්නද මං කිව්වා සොරි මට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කියලා…”

“ මූ යකෝ…”

මට හිතුනෙම අපරාදේ කියලා… මොකද මට සහසව පේන්න්න බැරි උනාට ඒකා හෙන හොඳ එකා… ඒත් ඉතින් පවට පින දෙන්න බැරි නම් මක් කොරන්නද…

එදායින් පස්සේ හැබැයි සහස්ගෙන් කරදරයක් තිබුනේ නෑ.. ඌ මහා ඩීසන් පොරක්නේ මූ එක පාරයි බෑ කිව්වේ එදායින් පස්සේ මූ තේව්ගේ විතරක් නෙමේ මගේ මූණ දිහත් ලොකුවට බැලුවේ නෑ….  පහුවදා ස්කෝලේ ගිහින් ඉන්ටවල් එකේ තේව් එක්ක බලපු BL ඩ්‍රාමා එකක් ගැන කියව කියව හිටියා. මේ දවස්වල ජනප්‍රියම තායිවානිස් ඒවා…

History ඩ්‍රාමා set එක තමා සුපිරිම… මේ ළඟදි ඒකේ 2ත් රිලීස් කරා… obsessed කියලා ඒකේ තියෙන්නේ කොල්ලා මැරිලා ආපහු අවුරුදු 9ක් ආපස්සට ගිහින් ඉපදෙනවා එයාගේ ෆේට් එක වෙනස් කරන්න…

“ ඒ බන් අපිටත් එහෙම පුලුවන් උනා නම් මරුනේ මැරිලා අයේ ආපස්සට ගිහින් ඉපදෙන්න…”

“ ඔව් මට පුලුවන් නම් ඉපදෙන්නැතුවම ඉන්නවා… එහෙම නම් අපේ අම්මා තාම ඉන්නවනේ…”

“ අඩේ ඒවා හිතන්න්න එපා බන් එක අතකට සතුටු වෙයන් දැන් වෙන දේවල් ඒ මනුස්සයා ඇස් දෙකෙන් නොදකිනවට….”

“ ඒකත් ඇත්ත තමා..” 

ඔහොම කියව කියව ඉන්නකොට එක පාරටම ඇහුනේ හෙන සද්දයක්…

“ මොකක්ද බන් ඒ මාලු කඩේ වගේ ඇහෙන්නේ… පොඩි උන්ගේ පොලවත්ද?”

ටිකකින් පන්තියේ එකා දෙන්නා සද්දේ එන පැත්තට යන්න ගියා…

“ ඒ අභී මොකෝ කේස් එක??”

“ අන්න යසස් අයියයි රජිත අයියයි රණ්ඩුවක…”

අම්මද බොල එහෙමනම් අනිවා තුන්වෙනි ලෝක යුද්දේ වගේ ඇති… මං තේව්වත් ඇදන් එතෙන්ට ගියේ movie එක රස විඳින්න… යසසුයි රජිතයි කියන්නේ ස්කෝලේ හිටපු චණ්ඩිම දෙන්නෙක්… මට පේන්නම බැරි ඩයල් දෙකක්… යසස් අයියව නම් පෙන්නන බැරි මිහිදුන් අයියගේ කරේ නගින නිසා… ඒ උනාට මට රජිත අයියව පෙන්නන්න බැරි උගේ තියෙන කුකුල් කමට… ඌ ලෝකට කියන්නේ නම් ඌ straight කියලා… ඒ උනාට මූට කලිසමකුත් ඇති නගින්න…. ඉදකින් වල්ත්තයා… මූ සෑහෙන්න පොඩි උන්ට එහෙම කරදර කරනවා… ගහපන් ඕකට… හිතුවා විතරයි ඉතිම් කියන්න ගියේ නෑ….

“ මොකක්ද යකෝ උඹට ඕනි ගේමද දැන්??”

“ ඔව් ගේම තමා යකෝ… තමුසෙට අසහනේ තිබ්බා කියලා එහෙම එක එකාට බලු කතා කියන්න දෙන්න පුලුවන්ද?”

“ උඹට මොකක්ද තියෙන අමාරුව?”

“ මට අමාරුයි තමා යකෝ…”

“ අමාරුයි නම් වරෙන් හවසට මං හොඳ කරලා දෙන්න….”

“ තොට මම…..”

මොහොතක් යන්න කලින් එතන පොර පිටියක් උනා…. පීටී සර් ඇවිල්ල ඒක නැවැත්තුවේ නැත්නම් එකෙක්ට මැරෙන්න තමා වෙන්නේ….

“ දෙන්නම් පලයව් ප්‍රින්සිපල් ඔෆිස් එකට….” 

හොඳ වැඩේ දෙන්නටම…. දැන් ඉතින් කන පුරවලා අහගනී……… ඒ උනාට හිතේ මොකක්ද දුකකුත් තියෙනවා ඇයි දන්නෑ…

පස්සේ තමා දැන ගත්තේ යසස් අයියා ටොයිලට් එකට යනකොට රජිත අයියලා කොල්ලෙක්ගේ ෆොටෝ එකක් තියන් ඌව ඇස් දෙකෙන් දූෂණය කර කර ලු හිටියේ…. ඒකට මල පැනලා තමා යසස් අයියා රජිත් අයියට ගහලා තියෙන්නේ… ඔයාලා බලනවා ඇති මං කොහෙන්ද මේවා දැන ගත්තේ කියලා මට ඉන්නවනේ BBC එකේ යාලුවෙක්… ඔව් ඔව් තේව් තමා ඌට පුදුම හැකියාවක් තිබ්බේ ඕපදූප හොයාගන්න…

කවුරු කොච්චර මොනා කිව්වත් මෙච්චරකල් යසස් අයියා වෙච්ච රණ්ඩු හැම එකකම ඔය වගේ සාධාරන හේතු තිබ්බා… පොර හේතුවක් නැතුව රණ්ඩු වෙන්න යන්නෑ.. එකම අවුල පොර දන්නෑ කතා කරලා ප්‍රශ්න විසඳ ගන්න… ඌ දන්නේ අතින් පයින් කරන් භාසාව විතරයි….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔන්න ඔයාලා History bl drama set එක බලලා නැත්නම් ඒක දැන්ම ඔයාලගේ ලිස්ට් එකට එකතු කර ගන්න ….

ඔයාලා දන්නවනේ ඉතිම් 2017 කියන්නේ bl සීන් ගොඩක් කරලියට ඇවිත් නැති කාලයක්නේ තිබ්බේ බොහොම පොඩි bl drama ටිකක් ……. ඉතිම් History drama set එකෙන් 3ක්ම රිලීස් උනේ 2017…. 17 කියලා නෑ ඒවගේ plot එක ලස්සනයි …… ඉතිම් මං recommend කරනවා ඒක බලන්න කියලා ……

ඔන්න යසස් කතාවට enter උනා 😌 ඔන්න මං කියන්න ඕනි අපේ මේ යසස් ලමයා වැඩියේ කතා බහ කරන කෙනෙක් නෙමේ ඒ නිසා එයාට කරදර නම් කරන්න හදන්න එපා පීස්…….

බායි බායි 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හතරවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 5