À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය

A+ A-

එහෙම කියාගෙන මං මගේ අත තේව්ට පෙන්නුවා…

“ ඒ පාර කාගේ නම්බරේද මේ…”

මට මතක් උනේම අපි ඕලෙවල් කාලේ මිහිදුන් අයියලගේ පන්තියට පැනලා රෙකෝඩ් බුක් පීරන් එයාගේ නම්බරේ හෙව්ව හැටි… අන්තිමට වැඩක් උනේ නෑ… ලොකු අම්මගේ නම්බරේ තමා ඒකේ ලියලා තිබ්බේ… මං ගාව ඉතිම් කොහොමත් ඒක තියෙනවානේ….

“ ගෙස් කරපන් බලන්න……”

මං ඇහිබැමකුත් උස්සන ගමන් තේව්ට මනමාල හිනාවක් දැම්ම්මා…..

“ අයිසේ නෑ…. උඹ ඔය කියන්නේ ඔය?? අරයගේ???”

“ එයාගේ තමා යකෝ… නිකනුත් නෙමේ.. මගේ අත අල්ලලා ඌමයි මගෙ අතේ ලිව්වේ…”

“ නෑ…… අඩෝ මචන් ක්‍රන්ගැජුලේසස්….”

“ මොනාද තොපිලා මේ දොඩවන්නේ…”

අප්පට සිරි සහසා… මූ මෙතන ඉන්නවා කියලා අමතක උනානේ….. කියනවද??? නැද්ද?? එක්කො දැන් ඔහෙ ඇහුන එක කියලම දාමූ….

“ මේ මන් දැන් උඹට බඩ්ඩක් කියන්නයි යන්නේ… උඹ ඒ බඩ්ඩ දිවි හිමියෙන් රකින්න ඕනි…”

“ බඩු මොකටද බන් දිවිහිමියෙන් රකින්නේ… හැමෝම ඇරලා යන එකනේ… ඒ කියන්නේ උඹ බඩු ගහනවද?? මං හිතුවේ නෑ…”

“ ආපෝ බන් ඒ බඩු නෙමේ…”

“ එහෙනම් වෙන මොන බඩුද?? ආ උඹ ගංජා ගහනවා….”

“ මොනාද පිස්සෝ දොඩවන්නේ… ඒ බඩු නෙමේ බන් රහසක්…”

“ ආ රහසක්… කියන්නකෝ බලන්න….”

“ එහෙම බෑ උඹ මෙතන මට තේව් පල්ලයි කියල්ලා පොරොන්දු වෙයන් කාටවත් කියන්නේ නෑ කියලා…”

“ මාව ගාව ගන්නේ මොකටද??”

“ උඹ කටවහන් ඉඳපන්.. සහස් උඹ කියපන්…”

“ හරි හරි බන් කියන්න්නේ නෑ…”

“ මෙන්න මේකයි සීන් එක…..”

“ මූ මිහිදුන් අයියට දැන් අවුරුදු දෙකක විතර ඉඳලා ක්‍රෂ්..”

ඉදකින්…. කෑවනේ කෑවනේ…. මං ලස්සනට ස්ටෝරිය දිග අරින්න යනකොට මූ දමලා ගැහුවනේ… බල්ලා…

“ මොකක් ඔයා මේ කියන්නේ අපේ අයියගේ යාලුවා මිහිදුන් අයියා ගැනද??”

“ඔව් ඔව් ඒ යකා තමා…..”

“ අම්ම්ට සිරි කිව්වලු උඹේ නෑයොනේ බන්….”

මං එහෙම්මම සහස්ට මගේ ඒක පාර්ශ්වික ප්‍රේම පුරාණෙයි… ඒකට තියෙන බාධක කම්කටොලු ටිකයි පිලිවෙලට සහස්ට කිව්වා..

‘ ඒ අපේ අයියගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි…”

“ අනේ බුදු පුතේ …. බුදුන් වදින අත් දෙකෙන් වැඳලා ඉල්ලන්නේ ඒ නහරකාරයාව නම් මේවට ගාව ගන්න තියා හිතන්නවත් එපා……..”

“ උඹැලා හිතනවට වඩා අපේ අයියා හොඳයි බන්……….”

“ ඌ හොඳ වෙන්න පුලුවන් හැබැයි ඌ මිහිදුන් අයියගේ පස්සෙන් එල්ලිලා ඉන්නතාක් කල් මගේ හතුරෙක්…”

“හාකෝ…හාකෝ…… මට ආසයි මුන් දෙන්නව් මූණටමූණ මුණගස්සවලා බලන්න…”

සහස් බඩත් අල්ලන් හිනාවෙන ගමන් කිව්වා….

මං හවස ගෙදර ගිය ගමන් කරේ මිහිදුන් අයියගේ නම්බරේ ෆෝන් එකේ සේව් කර ගත්තු එක… මේ අත නම් හෝදන්නෑ සතියකටවත්… අත තෙමෙයි කියලා බයට ශවර් එකෙන් එලියට කරන් අල්ලන් ඇග හෝදන් ආපු මම කල්පනා කරේ මං දැන් මිහිදුන් අයියට මොකක්ක්ද යවන msg එක කියලා………

කීප පාරක්ම ටයිප් කර කර මක මක අන්තිමට වචන ගලපන් කොහොම හරි msg එකක් යැව්වා

Ayye mn Senulya

යවලා විනාඩි දෙකක් ගියේ නෑ මට මිහිදුන් අයියගේ ඩීපී එක පේන්න ගත්තා… ස්කූල් යුනිෆෝර්ම් එකෙන් පැත්තට හැරිලා ඉන්න ෆොටෝ එකක් තමා තිබ්බේ මං ඩීපී එක බල බල ඉන්නකොටම මට msg එකක් ආවා…

හරි මල්ලි මම නම්බරේ සේව් කරා….

මං ඉමෝජියක් යවලා නිකන් හිටියා… මුලින් එල්ලී එල්ලි යන්න හොඳ නැති නිසා… ඒ ටිකකින් මට පෙනුනේ ස්ටේටස් එකක්… ඒකේ තිබ්බේ මිහිදුන් අයියයි… යසස් අයියයි.. තව එයාලගේ යාලුවෝ උන භාතිය අයියයි නදීක අයියයි ගහපු ෆොටෝ එකක්…. මගේ ඇස් දෙක ඉස්සෙල්ලම ගියේ පුටුවකට වෙලා කරබාගෙන හිටපු යසස් අයියා දිහාවට …. හිනා වෙන්න ඕනිකමට හිනා උන මූණක් පොරට තිබ්බේ… පව් කියලත් හිතෙනවා…….. මොකක් ආයේ… පටන් ගත්තා අනුකම්පා කරන්න ඕක දැන්ම නවත්තගනින් සෙනූ ඔය අනුකම්පා පහු වෙනකොට භූමිකම්පා වෙන්න බැරි නෑ… මිහිදුන් අයියට ෆෝකස් කරපන්…..

ඊට පස්සේ මං බැලුවේ ෆොටෝ එකේ ඉන්න මිහිදුන් අයියා දිහා දැක්කත් හිත පිරෙනවා… මං එහෙම්මම ඒ ෆොටෝ එක ස්ක්‍රීන්ශොට් ගහ ගත්තා…….. ගහගෙන මගේ සීක්‍රට් ගැලරියේ සේව් කර ගත්තා….

ඔහොම සතිය දෙක කිසි අවුලක් නැතුව ගෙවිලා ගියා… ඒත් මට ෂුවර් නෑ කිසි මරාලයක් නැතුව ගෙවෙන සතිය ගැන ළඟදිම හැඳිගෑවිලා යන්නම හම්බෙයිද දන්නෑ………

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මිහිදුනුත් සෙනුල්යට කැමතිවත්ද???

එතකොට යසස්??? එයා කාටද කැමති ???

” සෙනුල්ය ගාව මගේ number එක තියෙනවා ද??”

” අපිට සහෝදර බැම්මෙන් එහාට යන්න බැරිද අයියේ…..”

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හත්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 8