À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය

A+ A-

පීරියඩ් එක ඉවර වෙලා හැමෝම සර් එක්ක කතාවට වැටුනට මට ඔනි උනේ ඉක්මනින් පන්තියට යන්න.. තේව්ට කොහොමද බලන්න… මං පන්තියට යද්දි තේව් හිටියේ මේසෙට ඔලුව තියාගෙන..

“ ඒ තේව්… මේ ස්කෝලේ ඇරුනා…”

එහෙම කියලා මං තේව්ව නැගිට්ටවන්න යනකොට තේව් එහෙම්මම මගේ ඇඟට කඩාගෙන වැටුනා… මගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ මේසේ දිහා බල පුවම…..

මං භයෙන් හිටපු දේ සිද්ද වෙලා… තේව්ගේ මේසෙන් එකයි ලේ…  මේසේ ගාව බිම වැටිල තිබුනේ අපි බයෝ කරද්දි කපන්න ගන්න බ්ලේඩ් එක…..

මාව එහෙම්මම බිම ඉන්දුනා…. මගේ පපුව හිර වෙනවා වගේ…. මට උදව් ඉල්ලලා කෑ ගහන්න ඕනී ඒත් සද්දේ එන්නේ නෑ… ඇස් වලින් කඳුලු ගලනවා මටම තේරෙනවා…. වාසනාවට ඒ වෙලේ සහස් ආවේ පන්තියට…

සහස්ගේ උදව්වෙන් අපි ගුරුවරුනටත් කියලා තේව්ව හොස්පිටල් අරන් ගියා… ඒ වෙද්දි ලේ ගොඩක් ගිහින් තිබ්බ නිසා තේව් වීක් වෙලා කියලා තමා ඩොක්ටර් කිව්වේ… දවස් දෙකකින් තේව්ව ඩිස්චාර්ජ් කරේ ඩිප්‍රෙෂන් වලට ක්ලිනික් එන්න කියලා අවවාද කරලා….

මේ දවස් ටිකේ සහස් මාර හයියක් උනා… එයා තේව් ගාවින් හෙල උනේවත් නෑ….. සහස් සෑහෙන්න තේව් ගැන වද උනා වගේම අපි දෙන්නා හොඳටම ෆිට් උනා…. සහස්ගේ ආදරේ ලැබෙනවා නම් තේව් වාසනාවන්තයි කියලා මට හිතුනේ……

මේ සිද්දියෙන් පස්සෙ ගොඩක් අය අපිත් එක්ක කතා බහ කරා… කොටින්ම මිහිදුන් අයියත්… එයා කතා නොකර කොහොමද මේ වගේ දෙයක් ස්කෝලේ උනාම එයා හෙඩ් ප්‍රිෆෙක්ට් නේ…..  ඒත් සමහර ගුරුවරු නම් අපි දිහා බැලුවේ නිකම් අප්පිරියා දෙයක් දිහා බලනවා වගේ… හරියට ඉව්ව්ව්ව් ආදරේ කරලා අත කපා ගත්ත මෝඩයෝ වගේ ලුක් එකකින්…. මං වෙලාවට කට්ටියටම කිව්වේ තේව් කෑල්ල එක්ක අවුල් දාන් අත කපන් කියලා… එතකොට හැමෝම හිතුවේ කෙල්ල කියලා…..

“ සෙනුල්ය…. තේව්ට දන් කොහොමද??”

“ දන් නම් හොඳයි අයියේ… කවුන්සිලින් යනවනේ… ආයේ පරණ විදියට හිනා වෙලා කතා කරලා ඉන්නවා…”

මං නුග ගහ යට ඉඳගෙන ඉද්දි මිහිදුන් අයියා ඇවිත් මගේ එහා පැත්තෙන් වාඩි උනා…. මහ ලොකුවට ක්‍රෂ් ක්‍රෂ් ගෑවට පොර එහා පැත්තෙන් ඉඳ ගත්තාම මගේ හිත ගැහෙන්න ගන්නවා….

“ ඔච්චර ආචාරශීලීව කතා කරන්න ඕනි නෑ අනේ… ඇයි සෙනුල්ය මට භයද??”

මූ මොකාට ද මේ එන්න හදන්නේ… මේ දවස්වල යසස් නැති නිසා මට මාර සැනසීමක් තියෙන්නේ… කාගෙන්වත් බාධාවක් නතුව මිහිදුන් අයියා එක්ක කතා කරන්න පුලුවන්….

“ නෑ…. ඒක….එක…මේ….”

කෝ සෙනූ උඹේ වචන කතා කරපන් මොකද උඹ ගොතෙක් වගේ ගොත ගහන්නේ… මං මටම කියා ගත්තා……

“ මොනා නැතත් අපි සහෝදරයෝනේ……. සෙනුල්ය…”

සහෝදරයෝ… ඒ වචනේ තදින් මගේ පපුවේ ඇවිත් වැදුනා වගේ… ඇත්තටම අපිට සහෝදරයෝ කියන බැම්මෙන් එහාට යන්නම බැරිද මිහිදුන් අයියේ??.. මං මිහිදුන් අයියා දිහා බලාගෙන හිතන්න ගත්තා……..

“ සෙනුල්ය දවල්ට කාලද?”

මං මිහිදුන් අයියා දිහා බැලුවේ අමුතු විදිහකට… ඇයි යකෝ මූ කවදාවත් අහන ප්‍රශ්නයෑ ඕවා………

“ ඇයි මං වැරදි දෙයක් ඇහුවද?”

“ ආ… නෑ අයියේ මං දවල්ට කෑවා……”

අපි ඉතිම් දවල් වේල දෙවෙනි පීරියඩ් එකේදිම කනවනේ…

“ එහෙමනම් පරිස්සෙමෙන් ඉන්න මං යන්නම්…”

මිහිදුන් අයියා යන්න ගිය එක ආපහු හැරිලා ඇවිත්… 

“ සෙනුල්ය ගාව මගේ නම්බර් එක තියෙනවාද?”

“ නෑ… අයියේ…”

“ කෝ අත දෙන්න…”

මං සැකේටත් එක්ක අත දිග් කරාම මිහිදුන් අයියා එයාගේ සාක්කුවෙන් පෑනක් අරගෙන මගෙ අත අල්ලන් එයාගේ නම්බරේ ලිව්වා…

“ ගෙදර ගිහින් මට msg එකක් දාන්න..”

ඒ මොකක්ද ඒ උනේ…… මට නිකම් ඒක හීනයක් වගේ.. මං ආයෙම මාව කොනිතනුත් බැලුවා… ඔව් නේන්නම් මේක හීනයක් නෙමේ……

දේදුන්නෙන් මා වෙත හීයක් එවා……. හීසැරය මා සිත වෙනසක් කරා…..

මං සින්දුවක් කියාගෙනම පන්තියට යද්දි සහසුයි තේව්යි මොනාහරි කිවනවා… ආ කියන්න බැරි උනානේ දැන් ඒ දෙන්නා හරි යාලුවෝ… අපි නම් දන්නෑ….

“ මොකද උඹ උඩ පනින්නේ…??”

අද දෙවියන් අපගේ මූණ බැලුවා කාලෙකට පස්සේ……….

එහෙම කියාගෙන මං මගේ අත තේව්ට පෙන්නුවා…

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ළමයිනේ…… කවදාහරි ඔයාලට මහන්සි කියලා හිතුනොත් ජීවිතේ …… ආයේ ඉස්සරහට යන්න බෑ කියලා හිතුනොත් ….. ඔයාලා තීරණයක් ගන්න ….. ඒ මැරෙන්න නෙමේ ….. විවේකයක් ගන්න ……… බැදීම් වලින් ඈත් වෙලා තමන්ව සතුටු කරන්න බලන්න …….

මගේ ජීවිතේ මට motivation song එකක් තියෙනවා …… මට තවටත් ඉස්සරහට යන්න බෑ කියලා හිතුනම මං කරන්නේ ඒක අහන එක…..

BTS 00:00 Zero O’clock තමා ඒ සින්දුව…

පුලුවන් නම් meaning එකත් එක්ක අහලා බලන්න ………

එහෙමත් බැරි නම් තමන්ටවත් වෙනකාටවත් හානියක් නැති දේකට addict වෙන්න බලන්න …… bl ද… k pop ද….. k drama ද…… චිත්‍ර …..නැටුම්…… උයන්න…… මේ ඕනි දෙයක් …… කාටවත් කරදරයක් නැතුව දේකට addict වෙන එක පව් නෑ ……

ජීවිතේම එපා වෙලා ඉන්න මොහොතක තමා මටත් BL හම්බුනේ …… ඉතිම් දැන් මං ඒවට addict වෙලා …..

ඉතිම් අපි හැමෝම කොහොම හරි අල්ලන් ඉමු……

ආදරේයි මං පූජා……….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හයවැනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 7