À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය

A+ A-

මට මං ගෙදර ගියේ කොහොමද කියලවත් මතක නෑ…….. ඒ තරම් සිහිය විකල් වෙලා තිබ්බේ මගේ…… මං ඇඳුම් ඔක්කොම ගලවලා දාලා ගිහින් ඉඳ ගත්තේ ෂවර් එක යටින්…….

” ඇයි අයියේ ??? ඇයි………… ඇයි ඔයා මට මෙහෙම කරේ……”

කලින් ඉඳලා ඒ දරුවා යසස් අයියගේ වෙන්නැති කියලා හිතුනත් නෑ එයා මට එහෙම කරන්නෑ කියන බලාපොරොත්තු එහෙම පිටින්ම විනාස වෙලා ගියා ………

” මං කොච්චර ඔයාට ආදරේ කරාද අයියේ…………. අනේ ඇයි මට මෙහෙම දුකක් දුන්නේ?? මං පාඩුවේනේ හිටියේ….. ඔයාම නෙමේද මාව හොයන් ඇවිත් ආදරෙයි කිව්වේ…. මට ලං උනේ…… ටික ටික ඔයාගේ ආදරේට ආදරේ කරලා …… ඔයාට ගැලවෙන්න බැරි තරම් ඇබ්බැහි උනාම ඇයි මාව මේ වගේ තැනක අත ඇරියේ….??? මොකක්ද මගේ වැරැද්ද…….. මට දරුවෝ හදන්න බැරි නිසාද අයියේ….. මට ඔයාට ඔයාගේ ලේ වලින් දරුවෙක් දෙන්න බැරි නිසාද මාව එපා උනේ?? ඒකද ඔයා මාව අත ඇරලා ගිහින් දරුවෙක් හදා ගත්තේ………”

මං ෂවර් එකෙන් ගලාගෙන යන වතුර එක්කම ඔහේ මගේ කඳුලු වලටත් යන්න දුන්නා…….

” දරාගන්න බෑ ……… මට මගෙ අයියේ
…. මං ඔයාට ගොඩක් ආදරේ කලා…… නෑ මං ඔයාට තාමත් ගොඩක්ම ගොඩක් ආදරෙයි ………. මෙතන රිදෙනවා අයියේ……. ගොඩක් ……..”

මං මගේ පපුවට හයියෙන්ම ගහ ගත්තේ එන්න එන්නම එතන රිදිල්ල වැඩි වෙද්දී……….

” මං ආදරේ කරේ මේ ලෝකේ දෙන්නෙක්ට විතරයි ……… එක්කෙනෙක් මගේ අම්මා අනිත් කෙනා ඔයා මගේ අයියේ….. ඔය දෙන්නම මාව මෙහෙම දාලා ගියාම මං කොහොමද දරාගන්නේ කියන්නකෝ……….

මට සතුට දුන්න ඔයාම මෙහෙම ඒක නැති කරන එක සාධාරණද අයියේ……..”

මගේ දුක හැමදාම වගේ මේ බිත්ති හතරට කොටු උනා……… මේ සෙනුල්ය කියන දේ අහන්නවත්….. එයාගේ හිත හදන්නවත් කවුරුත් හිටියේ නෑ ………. හැම වෙලේම මේ වතුර එක්ක මං මගේ දුක දිය කරලා අරින්න උත්සහ කරත් මට තාම බැරි උනා…….

මං එහෙම්මම නැගිටලා bathroom එකේ කණ්නඩියෙන් මගේ මූණ බැලුවා…… මට ඒකෙන් පේනවා… පරාජිතයෙක්….. කිසිම ආදරේ කරන දෙයක් ළඟ රැදෙන්නේ නැති ……. ඉපදෙනකොටම අම්මව මරාගෙන ඉපදුන මූසලයෙක්…….. මං මගේ අත මිට මොලවලා කණ්නඩියට ගැහුවේ මට මාත් එක්කම දැනුන තරහට…… එදා ඔයා වෙනුවට මායි යන්න තිබ්බේ අම්මේ….. එහෙමනම් අද හැමෝම සතුටින්……

කැඩුනු කණ්නඩි කෑලි අතරින් වැටෙන රතු පාට බින්දු දෙක තුන දිහා බලන් ඉඳපු මම අතට ගත්තේ කැඩිලා ගිය වීදුරු කෑල්ලක්………..

” මං ඔයා ගිය දවසේ ඉදලා ජීවත් උනේ….. ඔයා දකින්න ඕනි නිසා …… ඉතිම් දැන් මං ඔයාව දැක්කනේ……. මං මෙච්චර කල් හුස්ම ගත්ත හේතුව ඔයා වෙද්දී….. ඔයාටත් බැරි නම් මං ගාවින් ඉන්න ……… මං ඔයාව දාලා යන්නම් අයියේ….. යන්නම යන්නම්……. අම්මේ ඔයාගේ පුතාව ඔයා ගාවට ගන්න අම්මේ……..”

මං එහෙම්මම ඒ වීදුරු කටුව අරන් මගේ මැණික් කටුවට තියලා තද කරා….. බාත් රූම් එකේ බිම ටයිල් එකට  “ටක් ටක්…” ගාලා ලේ බින්දු එක දෙක වැටෙද්දී මං වීදුරු කෑල්ල අතින් අයින් කරලා බිම දිගා උනා……….

මට මොහොතකට හැමදේම අමතක උනා ……. මේක මාර නිදහසක්……. අදින් පස්සේ මගේ ප්‍රශ්න ඉවරයි…….. කාටවත් කරදරයක් වෙන්න සෙනූ ආයේ ඉන්න එකක් නෑ…….. ඒ දැනෙන සැනසිල්ලත් එක්ක මට ටික ටික මගේ ඇස් පියවිලා යනවා වගේ තේරෙද්දී…… මට ලාවට ඇහුනා කවුද දොරට හයියෙන් තට්ටු කරන සද්දයක්…… ඒත් එක්කම දොර කවුරු හරි කඩන සද්දයක්……….

” දෙයියනේ පුංචි මහත්තයා……….”

ඒ සද්දේ මගේ කන් ඇතුලේ දෝංකාර දෙද්දී මං ඇස් දෙක පියා ගත්තේ මේ දැනෙන සැනසීම නැති වෙන්න එපා කියලා ……….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හරි සෙනූ මැරුනා… යසස් ඇඬුවා කතාව ඉවරයි  😌

විහිලුවක් අනේ කරේ 😉…..

සෙනූ පොඩිකාලේ ඉඳලා තනියම හැදුන නිසාත් ගෙදර ප්‍රශ්න නිසාත්….. අම්ම නැති එකත් සෙනූගේ මේ තත්වෙට අඩිතාලම වෙන්න ඇති ……. සෙනූ suicide කර ගන්න ගිය පළවෙනි වතාවත් මේක නෙමෙයි…. ඔයා කල්පනා කරලා බලන්න …….

ඉතිම් dipression කියන්නේ බරපතල රෝගයක්….. මූලික අවධියේම ඒකට ප්‍රතිකාර නොකරොත් පහුවෙනකොට ඒක ජීවිත හානි පවා කර ගන්න පෙලබෙන්න පුලුවන් …… ඔයා හිතුවට මම නම් ඔය මැරෙන වගේ මෝඩ වැඩ කරන්නෑ කියලා …….. Dipression හැදුනම මැරෙන්න ඕනි කියලා හිතෙන එක අනිච්චානුකව  එන දෙයක් …… ඒක මේ අපි කවුරුත් හිතලා කරන දෙයක් නෙමේ …… මං මේවා කියන්නේ 100%ක්ම අත්දැකීමෙන් …… ඒකයි මං හැම වෙලේම ඔයාලට කියන්නේ ….. දුක හිර කරන් ඉන්න එපා කාට හරිම කියන්න……..

කවුරුත් නැත්නම් මට කියන්න ….. මං ඔයාව දන්නෙත් නෑ ඔයා මාව දන්නෙත් නෑ ….. ඉතිම් ඒක ඔයාට පහසුවක් වේවි……
මං ඉන්නවා හැමදාම ඔයාලා එක්ක…..

ආදරේයි මං පූජා…… 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටදෙවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 64