À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය

A+ A-

අපේ යාලුවෝ හැමෝම වගේ අපිට ගොඩක් උදව් කරා…. මායි යසස් අයියයි හිතන් ඉන්නේ ප්‍රංශෙට යන්න ….. ගිහින් marry කරන්න ……. ඉතිම් මේ දවස් දෙක තුන ගෙවුනේ අපිව හුඟක් වැඩ වලට කාර්‍යය බහුල කරලා ……..

මගේ wedding එකට මේ යාලුවෝ ටික නැතුව නම් මට ගොඩක් දුක හිතෙයි… අපි ලොකුවට ගන්නේ නෑ registation එක අරගෙන ෆොටෝස් ටිකක් ගහනවා…

ඇත්තටම යාලුවෝ ගැන කිව්වොත් ….. මං ඒ අතින් මාරම වාසනාවන්තයි …… මේ ගොල්ලෝ යාලුවෝ කියනවට වඩා පවුලක් කිව්වොත් තමා හරියන්නේ……

තේව්… සහස්…. චේතිය…. නදීක අයියා…. මිහිඳුන් අයියා…. ඒ වගේම සවිඳි…. අයෙෂ්මා…… මේ හැමෝම මට පවුලක් වගේ…….. මේ හැමෝවම දාලා යන්න මට දුකයි…. මාරම දුකයි…..

මගේ තාත්තා මාව අද තේරුම් ගත්තා නම් ……. මට ආදරේ කරා නම් ….. මට මෙහෙම කාවවත් අත ඇරලා යන්න වෙන්නෙ නෑනේ …….. සමහරවිට අම්මා හිටියා නම් මාව තේරුම් ගන්න තිබ්බා……… මං මෙච්චර කාලෙකට මගේ අම්මා ගැන කියලා නෑනේ ….. මං අද කියන්නම්…. ගොඩක් අය කියනවා මං අපේ අම්මා වගේලු…. මේ සුද මට ආවේ එයාගෙන්ලූ……. එයා සෑහෙන්න ලස්සනයි ලු…… ඒ වගේම හරිම කරුණාවන්තයිලු…….. අපේ තාත්තා කුරුණෑගල උනාට අම්මා මාතලේ………. ඩොක්ටර් මාව හැදුවොත් අම්මගේ ජීවිතේ රිස්ක් කිව්වත් මාව අත අරින්නැතුව එයා අල්ලන් හිටියලු….. ඒකයි මං නොදැකත් එයාට මෙච්චර ආදරේ ……. එයාගේ ෆොටෝ එකක් මං ගාව තියෙනවා ….. ඒක මං තාත්තා ගාව තිබිලා හොරෙන් උස්සපු එකක්…..

මොකද අම්මා මැරුනට පස්සේ තාත්තා ගෙදර තිබ්බ අම්මගේ හැම ෆොටෝ එකක්ම අයින් කරාලු…… මං දන්නෙ නෑ තාත්තා ඇයි අම්මට එච්චරම අකමැති කියලා ……… එයාලා praposal මැරෙජ් නිසාද දන්නෙත් නෑ….

ඒ මොනා උනත් මං දැන් හැමදේම වෙන්නේ හේතුවක් ඇතුව කියලා හිත හදන් ඉන්නේ………

අපි දවස් තුන හතරක් බබා නැන්දලගේ ගෙදර ඉඳලා ලෑස්ති උනේ කටුනායක යන්න ……. ගාල්ලේ ඉඳල ගොඩක් දුර යන්න ඕනි නිසා අපි flight එකට කලින් දවසේ ගිහින් කොළඹ නැවතිලා ඊළඟ දවසේ පාන්දර යන්න තමා හිතන් ඉන්නේ……..

මායි යසස් අයියයි…. කොළඹ යන්න පිටත් උනා……. අපේ සෙට් එක දවසක් මෙහෙ ඉඳල ආපහු ගිය නිසා එයාලා පාන්දර එහෙම්මම කටුනායකට එන්නම් කිව්වා….. 

” සෙනූ ඉන්නේ දුකින්ද…..??”

” හම්ම් නැත්තෙමත් නෑ…… මේ හැමදේම දාලා යන්න දුකයි……”

” හම්ම්…. මටත් …….. මං කලින් පාර රට ඉද්දී හිතුනේ මොනා නැතත් අපි ඉපදුන රටේ කොච්චර ඉන්න අමාරු උනත්….. ඒක මාර comfortable …. පිටරකට ගිහින් තනි වෙනවට වඩා මං කැමති ඒ comfortable ගතියට….. ඒත් මොනා කරන්න ද සෙනු….. මෙහෙ හිටියොත් අපිට එකට ඉන්න බැරි වෙයි….”

” හම්ම් තාත්තා මාව තේරුම් ගත්තා නම් ……… මට ආදරේ කරා නම් ….”

මගේ ඇස් වලින් කඳුලු බින්දු දෙක තුනක් වැටුනේ මටත් නොදැනි…..

” අඬන්න එපා චූටී…….. ඔයාට මං ඉන්නවනේ…….. අපි අලුතින් පටන් ගමු ඔක්කොම මං ඔයාට ආදරේ කරන්නම්…. වෙන කාගෙන්වත් ආදරයක් ඕනි වෙන්නේ නැති තරමට….. ඒක මගේ පොරොන්දුවක් ……..”

යසස් අයියා මගේ අත තද කරලා අල්ල ගද්දී….. මං ලොකු හුස්මක් අත ඇරියේ අද ඉඳලවත් අපේ ජීවිත වලට සතුටක් දෙන්න කියලා හිතන ගමන්……..

පාන්දර කටුනායකට හැමෝම ඇවිත් හිටියා…… තේව් මාව බදාගෙන අඬනවා….. අනේ මටත් දුකයි එතකොට …….

” පරිස්සමෙන් ඉන්න වස්තුවේ… තේව්ට කෝල් කරන්න හරිද…. උඹ නැතුව පාලුයි මට ……..”

” පරිස්සමෙන් සෙනූ….. අයියේ සෙනූව හොඳට බලාගන්න ….. මං ගැන වද වෙන්න එපා… තේව් ඉන්නවනේ….”

” මචං …….. සතුටින් ඉඳපන් මේ පොඩි එකාට ආයේ දුකක් දෙන්න එපා… ඌ වින්ද දුක ඇති ……..”

” සෙනුල්ය දැන් ලොකු ළමයෙක් නේ…. මං අම්මට හිමීට විස්තරේ කිව්වා…. එයත් කිව්වා ඔයා යන එක හොඳ අදහසක් කියලා …. පරිස්සමෙන් යන්න කිව්වා…… යසස් එක්ක හැමදාම සතුටින් ඉන්න ………”

” කවිත්මට සෙල්ලම් කරන්න කවුරු හරි අරන් එන්න එද්දී……….’

හැමෝගෙම කතා සුභ පැතුම් එක්ක අපි flight එකට නැග්ගේ……බලාපොරොත්තු ගොඩක් හිතේ තියාගෙන ……….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අයියෝ මටත් ඇඬෙනවා අප්පා….. 😪😪😪
සතුටින් ඉන්න දෙන්නම……….

Thankyou මේකටත් ඔයාලට 😘😘😘😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටඅටවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 70