À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය

A+ A-

” මං … මං…… මොකක්ද මෙහෙ …..කරන්නේ……”

මං ගොත ගගහා කිව්වේ මොකද මේ වෙන කිසි දෙයක් මං හීනෙකින්වත් හිතපු දේවල් නෙමේ නිසා …….

” මගෙන්ද අහන්නේ?? මං අහන්න ඕනි ඇයි කෑවේ නැත්තේ කියලා ……….”

” මට ඕනි නිසා ……..”

” එහෙම ඕනි ඕනි විදිහට නොකා ඉඳලා තැන තැන වැටිලා මොනාහරි උනාම තේරෙයි………”

යසස් අයියා කිව්වේ ගෙනාපු සුප් එක මේසේ උඩින් තියලා මං දිහා හැරිලා…..

” මට මොනා උනත් ඔයා මං ගැන හොයන්න ඕනි නෑ …….”

” මොකද සෙනූ ඔයා මුරණ්ඩු වෙලා ….”

” මං ගැන මෙච්චර දවසකටත් කවුරුත් හෙව්වෙ නෑනේ …… මට ඉස්සරහටත් එහෙම ඉන්න පුලුවන් ……..”

මං එහෙම කියන් කාමරෙන් යන්න හැදුවත් යසස් අයියා මගේ අතින් අල්ල ගත්තා ……… මං ඒ අත ගසලා දැම්මා…. ඔව් පපුව සියදහස් කෑලි වලට කැඩිලා යද්දී මං එයාට තවත් නපුරු උනා …….

” සෙනූ මට වෛර කරනවද??”

යසස් අයියගේ ඇස් වල යන්තම් දිලිසෙන කඳුලු එයා ඇස් පිල්ලම් ගහලම වැටෙන එක නැවැත්තුවා ……….

මට ඒකට මුකුත් නොකියා හිටියා… මං කොහොමද අයියේ ඔයාට වෛර කරන්නෙ?? මෙච්චර ආදරේ කරපු හිතින් මට ඔයාට වෛර කරන්න බෑ…….

” හම්ම්……. අඩුම ගානේ මේ සුප් එක බොන්න …… ඔයාට මේ රෑ බස් වල යන්න බෑනේ …….. මෙහෙ නවතින්න…..”

යසස් අයියගේ මේසේ උඩ තියෙන අර පුංචි දරුවගේ පිංතූරේ දැක්කාම මට එහෙ මොහොතක්වත් ඉන්න හිතුනේ නෑ …… මං කොහොමද එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවා බල බල ඉන්නේ…….

” මට බෑ මෙහෙ ඉන්න මට ගෙදර යන්න ඕනි…….”

” සෙනූ අදට විතරක් …….”

” බෑ කිව්වනේ මම…..”

” හම්ම් හරි මං ඔයාව ගෙනිහින් දාන්නම්…… අඩුම ගානේ සුප් එකවත් බොන්නකෝ සෙනූ….. ඔය ඇඟට කැමක් නැතුව පණක් නෑ ……..”

මං මුකුත් නොකියා එයා හදලා තිබ්බ සුප් එක උණුවෙන්ම බිව්වේ ඉක්මනින් එහෙන් යන්න ඕනි නිසයි…..

මට තේරෙන්නේ නෑ ……. ඒත් තාමත් මාව දකිද්දී ඒ මායාකාර ඇස් ඉස්සර වගේම දිලිසෙනවා ……..

මාව වාහනෙන් ගෙදරටම ගෙනත් දාලා ඔලුවත් අත ගාලා එයා ගියේ….. මෙහෙම කරද්දී මං කොහොමද හිතන්නේ ඒ හිතේ මං වෙනුවෙන් ආදරයක් නෑ කියලා ……. ඒත් ආයෙම අර දරුවගේ රූපේ මතක් වෙද්දී මං මටම තරවටු කර ගන්නවා…… රැවටෙන්න එපා කියලා …..

මං ඊළඟ දවසේ හිටියේ හොස්පිටල් එකේ…… මේ මාසේ doctor à·€ හම්බෙලා බේත් අලුත් කර ගන්න මට ඕනි උනේ…. මං තේව්ට හොස්පිටල් ආවා කියලා කෝල් කරලා පිටිපස්ස හැරෙද්දි දැක්කේ බබෙක් වඩා ගත්ත ගෑණු ළමයෙක් මං ගාවට එනවා….. යසස් අයියගේ ගෙදර තිබ්බ ෆොටෝ වලින් මට එයා කවුද කියලා අඳුර ගන්න වැඩි වෙලාවක් ගියේ නෑ……

” අනේ සර් තරහා නැතුව මේ ළමයව පොඩ්ඩක් ගන්නවද…. මට වොෂ් රූම් එකට යන්න ………”

මට වෙන කර ගන්න දෙයක් තිබ්බේ නෑ මොකද මං හිටියේ වොෂ් රූම් එක ගාව වගේ.. ඒ නිසා මට මේ ළමයව ගන්න කියන්න ඇත්තේ කියලා මට හිතුනේ…. මං වෙව්ලන අත් දෙකෙන් ඒ දරුවව අතට ගත්තා ……..

මං කොහොමද පොඩි දරුවෙක්ට වෛර කරන්නේ…… මං ටිකක් වෙලා එයා දිහා බලාගෙන හිටියා…… හම් ඔව් ඒ ඇස්… මේ ළමටත් තියෙන්නේ ඒ මායාකාර ඇස්මයි…..

ඒත් එක්කම ආපු සිතුවිල්ලට මං මේ බබාගේ ඇහෙන් ගැලවිලා මූණ මත රැඳිලා තිබ්බ ඇහි පිහාටුව අරගෙන පරිස්සමෙන් පර්ස් එකට දා ගත්තේ මගේ හිත මං මේ කරන්නේ වැරැද්දක් කියලා කෑ ගහද්දී……..

Wash room ගිහින් ආපු ගෑණු ළමයා මට ගොඩක් ස්තූති කරලා ළමයව අරන් ගියා ……. ලස්සන ගෑණු ළමයෙක්…. ලාබාල පාටයි……

මං එහෙම්මම ගියේ DNA test එක කරන්න …… ඔව් කලින් දවසක යසස් අයියලගේ ගෙදර ගිහින් හිටපු වෙලේ එයාගේ පනාවෙන් ගත්ත කෙස් ගහකුයි මට අද හම්බ උන ඇහිපිල්ලමයි මගේ පර්ස් එකේ තිබ්බ නිසා මට ඕනි උනා අදම මේක තහවුරු කර ගන්න …….

පැය කීපයකින් මගේ අතට result file එක එද්දි ඇත්තටම මගේ අත වෙව්ලුවා…. මගේ හදවත මටත් ඇහෙන්නම ගැහෙද්දී…. මං file එක ඇරලා බැලුවා….

82% matching …..

මගේ පපුව හිරි වැටිලා යද්දී…. මං Hospital එක කියලවත් නොහිතා එතනම බිම ඉදගත්තා…..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ළමයි ඒ යසස්ගේ ළමයා….. ☹️ දැන් මොකද අපි කරන්නේ…….. අපිට බෑනේ නේද ලස්සන පවුලක් කඩලා දාන්න ……

ඒ කියන්නේ යසස් ඇත්තටම සෙනූට ද්‍රෝහි වෙලාද??

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටඑක්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 63