À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය

A+ A-

” ඒ කියන්නේ කිරි අම්මා නැති උනේ මං නිසා නේද?”

” පිස්සුද සෙනූ එයා නැති උනේ ලෙඩ වෙලා ඒකට කාටවත් වැරැද්දක් කියන්න බෑ ……….”

” ඊට පස්සේ මොකද උනේ??……”

” කිරි අම්මා නැති උනාට පස්සේ මං ඇත්තටම ඔයාලගේ තාත්තා කියපු දේ ගැන හිතුවා සෙනූ……..”

මං හිටියේ යසස් අයියලගේ ගෙදර …… ඔව් එයාගේ ඇදේ….. එයාගේ ඔඩොක්කුවේ ඔලුව තියාගෙන……

” ඇත්තටම මට ඔයාව බලාගන්න පුලුවන් ද සෙනූ? මං කැම්පස් ගියත් ඒක ඉවර වෙලා මට තැනකට එන්න සෑහෙන්න කාලයක් යනවා …….. ඉතිම් මං හිතුවා රට යන්න ………”

” රට???”

” ඔව් මං වැඩට ගිහින් ඉතුරු කර ගත්ත සල්ලි තිබුනා මං ගාව….. මං හිටියේ ඔයා ඒලෙවල් ලියලා ඉවර වෙනකම්…..  මෙහෙන් යන්න ……. මං එහෙ University එකකට apply කරලා scholarship එකක් හදාගත්ත ……. අවුරුදු දෙකෙන් මගේ ඩිග්‍රි එක ඉවර උනාම මං එන්න හිටියේ….. ඒත් කොරෝනා ආපු නිසා මගේ වීසා cancel උනා …….. ඊට පස්සේ මං එහෙ ජොබ් එකක් කරා….. ඒකේ contract එක ඉවර උනේ….. මේ අවුරුද්දේ……. මං මිහිදුන්ගෙන් උදව් එක්ක ආයේ ඔයා ඉන්න company එකට ආවේ ඔයාව ඒ ගෙදරින් ගෙනියන්න…….. ඒත් ඔයා මාව මග අරිද්දී…… මං හිතුවේ ඔයා මට වෛර කරනවා කියලා ……… සෙනූට මං වෙනුවෙන් බලන් ඉන්න එපා කිව්වට….. හිත කිව්වෙම සෙනූ මං වෙනුවෙන් ඇති කියලා …………..”

” මිහිදුන් අයියා දන්නවද??”

” හම් ඔව්……….. මං එයාට ඔක්කොම කිව්වා………. එයා විතරයි මං කොහෙද ගියේ කියලා දැනගෙන හිටියේ………. සෙනූ තාම මාත් එක්ක තරහද??”

” මං කොහොමද අයියා එක්ක තරහා වෙන්නේ….. මං අයියට ආදරෙයි නේ……”

” ඒ උනාට මං නිසා සෙනූ ගොඩක් විදෙව්වා නේද …….. මට සමාවෙන්න සෙනූ…………”

යසස් අයියා මගේ බැන්ඩේජ් කරපු අත අතගාන ගමන් කියද්දී එයාගේ ඇස් වලින් වැටුනු කඳුලු මගේ මූණට වැටුනා…

” මේ අහන්නකො සුදු අයියේ…… ඒවා ඔක්කොම වෙලා ඉවරයි හරිද…… අදින් පස්සේ අපි හැමදේම අලුතින් පටන් ගමු….. හැබැයි එක පොරොන්දුවක් මත……”

” මොකක්ද ??”

” ආයේ ඔහොම තනියම විඳවන්න එපා අයියේ……. ප්‍රශ්නයක් ආවම මටත් කියන්න ……… අපි දෙන්නම එකතු වෙලා උත්තරයක් හොයමු………”

” හම්…… පොරොන්දු වෙනවා….. ආයේ කිසිම දෙයක් හංගන්නෑ………..”

යසස් අයියා මගේ ඉන වටේ අත් දාලා පපුවට හේත්තුවෙන ගමන් කිව්වා…….

” සෙනූ…….. හෙට අපි ඔයාලගේ තාත්තව හම්බෙන්න යං…………”

” තාත්තව??”

” ඔව් ඔයා දැන් එහෙ හිටියා ඇති සෙනූ….. අපි දෙන්නම දැන් වැඩිහිටියොනේ…………”

” හම්ම්……………….”

මං යසස් අයියව තුරුල්කරගෙනම නිදා ගත්තේ හෙට මොනා උනත් ආයේ නම් යසස් අයියව නැති වෙන්න දෙන්නෑ කියලා හිතාගෙන ………….

” තාත්තේ මට තාත්තා එක්ක කතා කරන්න ඕනි………”

” මොකක්ද මෙතන වෙන්නේ…??”

තාත්තා මං දිහයි යසස් අයියා දිහයි මාරුවෙන් මාරුවට බලන ගමන් කිව්වා…. යසස් අයියා කියපු විදිහට අපි අද උදේම ආවේ තාත්තව හම්බෙන්න…. ඇත්තටම උන දේවල් එක්ක මට තාත්තා ගැන තිබ්බේ තරහක්……….

” සර් මං ආවේ සෙනුල්යව ගෙනියන්න…..”

” මොනාද තමුසෙ කියන්නේ …. මං එදා කිව්ව මහීෂ්වරගෙන් ඈත් වෙලා ඉන්න කියලා ……….”

” තාත්තේ ..!!”

” මොකක්ද මහීෂ්වර මේකේ තේරුම ආ?? තමුසෙට ඕනි ලෝකෙට විහිලුවක් වෙන්නද?? පොන්නයෙක් වෙලා…… මිනිස්සු මොනා නොකියයිද?? ප්‍රසිද්ද K& K එකේ අයිතිකාරයගේ පුතා පොන්නයෙක් කියන්න ද??”

” කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක පොන්නකමක් නෙමේ සර්…”

” නෙමේ ?? නැත්නම් මොකක්ද ….. ඕක මානසික ලෙඩක් අයිසේ………….”

” තාත්තේ !!! ඔයාට මේකට විතරක් මං ඔයාගේ පුතා කියලා මතක් වෙන්නේ ඇයි ………. මං මැරිලා ගියත් මං ඉන්නවද කියලවත් හෙව්වෙ නෑ නේද ??”

” මහීෂ්වර ………. තමුසෙ හිතන්නේ ඕක ආදරයක් කියලද…. ?? ආදරේ කියලා දෙයක් මේ ලෝකෙ නැහ් අයිසේ…. තමුසෙට ලැජ්ජ නැද්ද… තමුසේ අත පය කපන් ඉස්පිරිතාල ගානේ ලැග්ගේ මූ හින්දා කියලා අමතක ද??”

” කවුද කියන්නේ ආදරේ කියලා දෙයක් නෑ කියලා ……….. ආදරේ කියලා දෙයක් තියෙනවා ……….. මං ඒක අත්විඳිනවා….. කොහොමත් තාත්තා වගේ අම්මා මැරිලා මාසෙන් වෙන ගෑණියෙක් ගෙනාපු මනුස්සයෙක් ගාව ආදරේ තියෙන්න බෑනේ ………..”

තාත්තා මට ගහන්න උසස්සපු අත නැවැතුවේ යසස් අයියා………

” මහීෂ්වර තමුසෙ පලයන් කාමරේට ……. සිරිදාස……. මෙන්න මූව එලියට දාන්න …………”

යසස් අයියා මාව එහෙ තියලා ගෙදරින් ගියේ තව දුරටත් හිටියොත් එතන ප්‍රශ්නේ දිග් ගැස්සෙන නිසා ………. මං කාමරේට වෙලා අඬ අඬ ඉද්දී එතෙන්ට ආවේ බබා නැන්දා………

” සුදු මහත්තයා අඬන්න එපා…… “

” ඇයි බබා නැන්දේ මටම මෙහෙම වෙන්නේ…. කොල්ලෙක්ට ආදරේ කරනවා කියන එක එච්චරම වැරදිද??”

මං අඬාගෙන බබා නැන්දගේ උකුලෙන් ඔලුව තියාගත්තා ……..

” සුදු මහත්තයා වැරදිනෑ…….. ලොකු මහත්තයගේ හැටිනේ ඒ…… මං දැකලා තියෙනවනේ සුදු මහත්තයා ඉපදුන දා ඉඳල වින්දේ දුක්….. අර මහත්තයා එක්ක විතරයි සතුටින් ඉන්නේ….. ඉතිම් සුදු මහත්තයා තවත් දුක් විඳින්න ඕනි නෑ …….. ඒ නිසා මෙහෙන් යන්න ……..”

” බබා නැන්දේ??”

මං ඇස් දෙකත් ලොකු කරන් බබා නැන්දා දිහා බැලුවා….

” ඔව් සුදු මහත්තයා යන්න මෙහෙන්…. මෙහෙ ඉන්න එපා… ලොකු මහත්තයා හොයා ගනී…. අපේ දකුණේ ගෙදර තියෙනවා එහෙ කවුරුත් නෑ මහත්තයලා දෙන්නා කැමති කාලයක් එහෙ ඉන්න ……….. ලොකු මහත්තයව මං පුලුවන් තරම් කාලයක් බලාගන්නම්….. සුදු මහත්තයා නෑ කියලා ලොකු මහත්තයා ලොකුවට හිතන එකක් නෑ ………..”

මං බබා නැන්දව තද කරලා බදාගත්තේ… මං ඉපදුන දා ඉඳල මේ ගෙදර මාව තේරුම් ගත්ත එකම මනුස්සයා බබා නැන්දා නිසා ……

ඔව් අන්තිමේට මං හොඳට හිතලා තීරණයක් ගත්තා ……… ඒ මෙහෙන් යන්න ……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

තව බාල්දි ඕනිද ?? ඕනිද??? ඔනිද??….  එයාලට ඉතිම් රට යන්න හම්බෙයිද 😌 එකතු වෙයිද ??? මං Happy ending දෙන්නම් කිව්වට ඒ දෙන්නා එකතු වෙයි කියලා promise උනේ නෑනේ නේද 😉

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටපස්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 67