À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය

A+ A-

නහයට දැනුන සැර බේත් සුවඳ එක්ක ඇස් අරිද්දි මං දැක්කේ තේව් à·€…… තවත් ටිකක් එළියට ඇස් හුරු වෙද්දි මං දැක්කේ මං ඉන්නේ Hospital එකක කියලා ………

” දෙයියනේ සෙනූ………. ඔයා ඇහැරියද?? ඇයි මැණික උඹ මෙහෙම කර ගත්තේ…… ආ?? තාම උඹේ තේව් ජීවත් වෙනවා කියලා අමතක උනාද?? “

තේව්ට හිතුනේ කාලෙකට කලින් තමුනුත් මෙහෙම කර ගන්නකොට සෙනූටත් මේ වගේම හැඟීමක් දැනෙන්න ඇති කියලා ………

” මොකක්ද උනේ ළමයෝ??”

” මං DNA test එක කරා……..”

තේව් මං එහෙම කියද්දී ඇස් දෙක වහගත්තේ result එක තේරුම් අරන් වගේ……

” අපි ඒ ඔක්කොම අමතක කරලා අලුතින් පටන් ගමු………”

” හම්ම්………”

මං ඇදුම් කන නිසා අත දිහා බලද්දී දැක්කේ ඒකට බේත් දාලා බැන්ඩේජ් කරලා ……

” කොහොමද මාව hospital ගෙනාවේ??”

” ඊයේ තමුසේ ඔය හපන්කම කර ගන්නකොට…. බබා නැන්දට වීදුරු බිඳෙන සද්දයක් ඇහිලා උඩට ඇවිත් තියෙන්නේ …… කතා කරාට උඹෙන් උත්තරයක් නැති තැන වත්තේ වැඩ කරන සීයගේ උදව් ඇතිව දොර කඩලා බලද්දී…… උඹ ලේ ගොඩක් මැද්දේ bathroom එකේ වැටිලා හිටියලු උපන් ඇදුමෙන්…. එහෙම්මම ඔයාව hospital ගෙනියද්දී මට කෝල් කරපු නිසා මං ඊයේ රෑම ආවා කොළඹ ඉඳල …….”

” තාත්තා ??”

” හම්……. තාත්තත් ඊයේ රෑ ආවා …… කුඩම්මත් හිටියේ ශොක් වෙලා හැබැයි ……..”

” ම්ම්ම්…………”

උපදෙස් ගොඩකුත් එක්ක මාව discharge කරපු ඩොක්ටර් තාත්තටත් උපදෙස් දුන්න හින්දා වෙන්නැති එයා මට බැන්නෙවත් මුකුත් කිව්වෙවත් නෑ….

මං කාමරේට වෙලා ඉද්දී මට ඇහුනේ කාමරේ දොරට තට්ටු කරන සද්දයක්… සාමාන්‍යයෙන් බබා නැන්දා නම් තට්ටු කරන්නෑ….. සුදු බේබි කියලා නම කෑ ගහනවා ඉතිම් කවුද ආවේ කියලා දැන ගන්නත් එක්ක මං ඒ කෙනාට ඇතුලට එන්න කිව්වා….

” එන්න දොර ඇරලා තියෙන්නේ ……”

මාවත් පුදුම කරන් කාමරේ ඇතුලට ආවේ ශ්වේතා ……..

” සෙනුල්ය මට ටිකක් කතා කරන්න පුලුවන් ද??”

මං ඇස් දෙකෙන් ඉඟි කරේ ශ්වේතට ඇතුලට එන්න කියලා …… මං හිටියේ ඇඳේ නිසා ශ්වේතත් මගේ ඇඳේ කෙලවරෙන් වාඩි උනා…… මං ශ්වේත දිහා බලන් හිටියේ ඒ පාර මේකි මොකීටද එන්න හදන්නේ කියලා ……

” මං දන්නවා සෙනුල්ය මාත් එක්ක අවුලෙන් ඉන්නේ කියලා …… මුලින් මට සමාවෙන්න මට මේ කතාව කාලෙකට කලින් කියන්න තිබ්බේ….. එහෙම උනා නම් සෑහෙන්න දේවල් වෙනස් වෙන්න තිබ්බා…….”

ශ්වේතා කදුලු පුරවගෙන කියද්දී නම් මට එයා ගැන දුකක් නොහිතුනාම නෙමේ …….. මොනා නැත්තත් මේ මගේ සහෝදරියක්නේ…..

” මං ඉස්සර ඔයා එක්ක හිටියේ තරහින් සෙනූ… අපි හිටියේ පුංචි ගෙදරක… බීලා එන තාත්තාගෙන් ගුටි කකා හිටිය මං …. ඔයා විදින සැප දැකලා ඔයාට ඉරිසියා කරා……”

මගේ කට කොනට හිනාවක් ආවේ සල්ලි තිබුනත් මං හිටියේ අපායක නිසා ……

” මට ඕනි උනේ ඔයාගේ හැමදේම උදුර ගන්න ………. විෂේශයෙන්ම තාත්තව…  ඒකයි මං ඔයාගෙයි යසස් අයියගෙයි සම්බන්දේ ගැන තාත්තට කිව්වේ…. මං ජීවිතේ කරපු ලොකුම වැරැද්ද ඒක සෙනුල්ය මං මටවත් ඒකට සමාවක් දෙන එකක් නෑ…… මට ඕනි උනේ ඔයාගේ ආදරේ වෙන් කරන්න ….. ඒත් මං කරේ කොච්චර පහත් වැඩක්ද කියලා මට තේරුනේ මං දිනුකට ආදරේ කරද්දී… ආදරේ කියන්නේ මොකක්ද කියලා මං තේරුම් ගත්තේ එයාගෙන්… මට සමාවෙන්න සෙනුල්ය ……”

” ඒ කියන්නේ තාත්තා දන්නවා?? ඒත් එයා මට මුකුත් කිව්වේ නෑනේ ?”

” ඔව් ඒත් එයා ඔයා නොදන්න දේවල් ගොඩක් කරා…….”

” මොනාද ??”

” එයා යසස් අයියා ගැන විස්තර හොයාගෙන …… එහෙට ගියා……”

” එහේ??”

” ඔව් ……..අනේ මට සමාවෙන්න සෙනුල්ය …….. “

” හරි අඬන එක නවත්තලා මොකද උනේ කියන්නකෝ……”

” තාත්තා එහෙ ගිහින් යසස් අයියට හොඳටම බැන්නා…… ඒ වෙලේ සහස් ගෙදර හිටියේ නැති උනාට එයාලගේ ආච්චි අම්මා හිටියා…… යසස් අයියට සල්ලි දෙන්න හැදුවා ඔයාව අත අරින්න කියලා ……… යසස් අයියා ඒ සල්ලි ගත්තේ නෑ….. එතකොට තාත්තා ඇහුවා….. උඹට පුලුවන්ද ඔහොම සෙනුල්යව බලාගන්න කියලා …… එතකොට යසස් අයියා කිව්වා…. ඔව් මං කවදාහරි එයාව ඔය අපායෙන් එලියට ගන්නවා….. මට සල්ලි එපා… ඒ වෙනුවට එයාට එක එකාව බඳින්න කියන්නයි ….. ගහන්නයි එපා…… සැනසීමේ ඒලෙවල් කර ගන්න දෙන්න කිව්වා………. ඒ ආච්චි අම්මා හොඳටම ඇඬුවා….. මං හිතන්නේ ඊට පස්සෙයි ආච්චි අම්මා ලෙඩ උනේ……….”

මගේ ඔලුව උඩ අකුණු හත අටක් වදිද්දි…. මට මතක් උනේ යසස් අයියා කියපු වචන……

” සෙනු මට හිතෙනවා කිරි අම්මට මෙහෙම උනේ මං හින්දා කියලා ……”

දෙවියනේ එයා ඒ වැරැද්දත් එයාගේ පිටට අරන් නේද ?? එතකොට …… ඒකට ඇත්තටම වැරදිකාරයා මම නේද??

මං ශ්වේතට මුකුත් නොකිව්වේ…. දැන් ඉතිම් බැන්නා කියලා මට නැති උන දේවල් මුකුත් ලැබෙන්නෑනේ……. එයා මං ගාවින් ගියේ ඉස්සර නපුරුකම් කරාට දැන් මට හරියනවා නම් එයා සතුටුවෙනවා කියලා……..

මට යසස් අයියා එක්ක කතා කරන්න ඕනි…. දෙවියනේ මේ මනුස්සයා කොච්චර කාලයක් මේවා හිතේ තියන් විඳවලද??….. මාව එපා වෙන එක පුදුමයක් නෙමේ ……….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මං හිතනවා ඔයාලට දැන් ටිකක් සීන් එක clear කියලා  😌 ඉතුරු ප්‍රශ්න වලට උත්තර ඊළඟ චැප්ටර් දෙකෙන් දැන ගන්න පුලුවන් …….. මං කොහොම හරි ට්‍රයි කරනවා මේක  75න් ඉවර කරන්න ඈ 😂

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටතුන්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 65