À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය

A+ A-

මං දැන් ඉන්නේ යසස් අයියා එක්ක එයාගේ වාහනේ ………. ඊයේ රෑ හැමෝම නිදි වෙලාවේ මං මට ඕනි කරන ලියකියවිලි වටින දේවල් ඇඳුම් අරගෙන ඒ ගෙදරින් ආවා…….. ආයේ ඒ ගෙදරට යන්න මට බලාපොරොත්තුවක් නෑ…….. යසස් අයියා හිටියෙත් කුලියට නිසා ඒ ගෙදරින් එන්න ප්‍රශ්නයක් උනේ නෑ………

අපි රෑම පිටත් උනේ තාත්තා මං නෑ කියලා දැන ගද්දි අපිට ගොඩක් දුර ඇවිත් ඉන්න ……… ඉතිම් ඊයේ එන්න කලින් සවිඳිලා හදලා තිබ්බ කෑමත් කාලා මං ආවේ ………

සවිඳිවයි අයේෂ්මවයි ආශ්‍රය කරන්න හම්බුනාම මං තේරුම් ගත්තේ ඒ අය කොච්චර හොඳ කට්ටියක්ද කියලා ….. එයාලත් ගෙවල් වලින් පැනලා ඇවිත් තියෙන්නේ ………… ස්කෝලේ කාලේ පටන් ගත්ත ලව් එකට ගෙවල් දෙකෙන්ම අකමැති වෙලා …….. ඉතිම් දෙන්නා පැනලා ඇවිත් ……. පැනලා එද්දී සවිඳි ඕලෙවල්ලු…… ඊට පස්සේ දෙන්නා ජොබ් ගොඩක් කරලා …. එහෙම ටික ටික සල්ලි හොයාගෙන රට ගිහින්….. අයේෂ්මා ඉගෙන ගෙන… සවිඳි ගෙදර වැඩ ඔක්කොම බැලුවලු…. ඊට පස්සේ තමා එයාලා ළමයෙක් හදාගන්න හිතලා තියෙන්නේ …… අයේෂ්මට එහෙදි තමා යසස් අයියව ෆිට් වෙලා තියෙන්නේ ……. දැන් නම් අයේෂ්මා හොඳට හම්බ කරලා සවිඳිවයි… පුංචි කවිත්මවයි බලාගන්නවා……. එයාලා ගොඩක් දුක් වින්දලු සල්ලි නැති කාලේ…….. පව්…

මට නින්ද ගිහින් ඇහැරෙද්දී අපි වාද්දූවටත් කිට්ටු කරලා එහෙම්මම තව පැය එක හමාරකින් විතර අපි ගාල්ලට ආවා. බබා නැන්දා ගෙදරට පාර කියලා තිබ්බ නිසා හොයාගන්න ලොකු අමාරුවක් උනේ නෑ…… බබා නැන්දලගේ ගෙදර තිබ්බේ මුහුද ගාවමයි……… දුන්න යතුරෙන් ගේත් ඇරගෙන ඇතුලට ගියාම දැක්කේ ගොඩ දවසකින් ගෙදර පාවිච්චියට අරන් නෑ කියලා ……. ඉතිම් යසස් අයියයි මායි පුලුවන් විදියට ගේ අස් කරා…… රෑට යසස් අයියා තමා ඉව්වේ……

එයා උයද්දිත් බලන් ඉන්න ආසයි…… මොකද ඉතිම් දැන් මගේනේ…………..

මං හිටියේ bathroom එකේ…. අපේ ගෙදර තරම් ලොකු නෑ මේක…. ඒත් ටික දවසකට ඉන්න පහසුකම් ඔක්කොම ඇති …… බබා නැන්දා කිව්වෙ එයාගේ පොඩි පුතාටලු ගෙදර ….. එයා ආමි එකේලු… ඒ නිසා එහෙ නැවතිලා ඉන්න හින්දා ගෙදර කවුරුත් නෑලු…….

මං චූටි කොට කලිසමකට ලොකු ටී එකක් ඇදගෙන ඔලුව පිහ පිහ කාමරේට ගියා…. ඒක ටිකක් පොඩි ඇදක්……. මං දොර ගාවට වෙලා ඇදුම් අස් කරන යසස් අයියා දිහා බලාගෙන හිටියා……

” මේ…….”

යසස් අයියා මට පෙන්නුවේ කාලෙකට කලින් එයා මගෙන් ඉල්ල ගත්ත ටී ෂර්ට් එක ……..

” තාම ඒක තියන් ඉන්නවද……”

” හම්ම් ඔව් තාම ඒකේ සුවඳ තියෙනවා ….”

යසස් අයියා එක පාරක් ඒක ඉඹලා කිව්වම මට ලැජ්ජා හිතුනා ……… ආයෙත් මං දිහාවට හැරුන යසස් අයියා ඇස් ගෙනිච්චේ මගේ කකුල් දිහාවට….

” ඇයි…………..”

මං ඇහුවේ දැනුන ලැජ්ජාව දරාගන්න බැරුව……

” හිටියටත් වඩා ලස්සන වෙලාද මන්දා…..”

මගේ හිතට මහ කෝල බවක් දැනුනා…. අද හරි අමුතුයි වගේ…. ඉස්සරත් අපි මෙහෙම හිටියත් දැන් වෙනස් වගෙ…. ඒ කාලෙකින් හින්දද නැත්නම් අපි ලොකු නිසාද කියලා මට තේරෙන්නේ නෑ …..

මගේ ඉන වටේ අතක් දාලා මාව ඇඟට තුරුල් කර ගත්තු යසස් අයියා එයාගේ හීනි දිග ඇඟිලි වලින් මගේ කලවා වල රටා අඳින ගමන් මගේ කනට පාත් උනා…

” මේවා පෙන්නලා මාව අවුස්සන්න ඕනිද ….. ඔයා දැන් පොඩි නෑ…. අනික මං හරි දඩබ්බරයි………ම්ම්ම්”

මගෙ කනත් ලාවට හපලා යසස් අයියා කියද්දී මට දැනුනා මං රත් වේගෙන එනවා….. මං යසස් අයියගේ ටී ෂර්ට් එක මිරිකලා අල්ල ගත්තේ ඒ හැඟීම් දරාගන්න බැරුව…….

මාව හරහට වඩා ගත්තු යසස් අයියා… ගිහින් පරිස්සමෙන් ඇඳේ තිබ්බා…. තියලා මගේ මූණ පුරාම ඇස් ගෙනිච්චා … ඒ ඇස් බාගෙට පියවෙලා…. මට තේරුම් ගන්නත් බැරි හැඟීම් ගොඩකින් ඇඟම රත් වෙද්දී හිත යසස් අයියව ඕනි කියලා කෑ ගැහුවා….
හිමීට මගේ තොල් වලට පාත් උන යසසස් අයියා හිමීට ඒවා එයාගේ යටතට ගත්තා …….  ඒ අතරේ මට දැනෙනවා අයාගේ එක අතක් ෂර්ට් එක අස්සෙන් මගේ පපුව පුරා යනවා …..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

😌 මොනාද බලන්නේ ඈ ඒවා….. හෙට……

මට නිදිමතයි  💜️😏 බායි

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටහයවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 68