À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය

A+ A-

â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•

තෑග්ගක් 🔔

S.A යසස් තීෂ්මක සෙනෙවිරත්න

උඹ දන්නවද සෙනූ… අව්වට පිච්චෙන පොලවක් නිවන්න පුලුවන් හඳකට විතරයි කියලා ……. ඒකයි පොළවට හැමදාම පිපෙන අරලිය වලට වඩා ඉදලා හිටලා පිපෙන කඩුපුල් වටින්නේ……..

_යසස් තීෂ්මක_

E.M සෙනුල්ය මහීෂ්වර එදිරිසිංහ

උඹට ඕනි නම් දුවපන් අයියේ… පුලුවන් තරම් දුවපන්…… හැබැයි හති වැටුන මොහොතෙම ආයේ මාව හොයාගෙන වරෙන් අයියේ…. මොකද……. යසස් දාලා ගිය තැන සෙනූ තාම ඉන්නවා…… එක අඩියක්වත් වෙනස් නොකර…….

_සෙනුල්ය මහීෂ්වර_

â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•â­•

ඊළඟට ගෙවුන දවස් ටිකේ යසස් අයියා මාත් එක්ක කතා කරන්න උත්සහ කරත් මට ඕනි උනා එයාව මග අරින්න … මොකද මගේ හිත තාම ඇත්ත පිලිගන්න සූදානම් නෑ …….. ඉතිම් මං වැඩත් එක්ක ගොඩක් බිසී වෙන්න උත්සහ කරා…. තේව් මට බැන්නත් මට ඕනි උනේ වැඩ කරන්න ….. ඒකෙන් මට යසස් අයියව මග ඇරෙනවා…වගේම හිතේ තියෙන දුක පොඩ්ඩක් හරි අඩු වෙනවා…… අනික ලැබ් එකේ හිටියම යසස් අයියව පේන්නෙත් නෑ…….

ඉතිම් අදත් මං එක දිහට වැඩකරේ මුකුත් කන්නෙවත් නැතුව … දවස් දෙක තුනකින් හරියට කන්නත් බැරි උන නිසා හවස් වෙද්දී ඔලුව රිදීගෙන ආවේ ගෑස්ට්‍රික් හින්දා වෙන්නැති ……….

අද මිහිඳුන් අයියා site එකට යන නිසා මට ගෙදර යන්න උනේ බස් එකේ…. මට බයික් එකේ වැඩට එන්න හිතුනත් එච්චර දුර බයික් එකේ එන එක අමාරු නිසා මං බස් එකේ යන්න හිතුවේ……

හිතුවට වඩා අහසත් කලු කරලා තියෙද්දී කුඩේකුත් ගෙනාවේ නැති නිසා මං ඉක්මනින් බස් stand එකට යන්න ඇවිද්දේ වහින්න කලින් බස් එකකට නැග ගන්න ……… තේව් කොළඹ බෝඩ් වෙලා තිබ්බත් හැමදාම මිහිඳුන් අයියා කාර් එකේ එන නිසා මට බෝඩ් වෙන්න උවමනාවක් තිබුන්නෑ….. ඒත් මාසෙට දෙතුන් පාරක් මිහිඳුන් අයියා site එකට ගියාම නම් තේව් එක්ක බෝඩ් වෙන එක හොඳයි කියලත් මට හිතුනා ….. අදත් ඉතිම් ඒ වගේ දවසක්….. ළඟපාත හිටියා නම් මෙලහකට ගෙදරනේ……

මං stand එකට ඇවිදන් යද්දී මගේ ඔලුව රිදෙන එක වැඩි උනේ ඔලුව උස්සන් ඉන්න බැරි තරමට…. එක දෙක වැහි බින්දු මගේ මූණ ට වැටෙද්දී…. මං ටිකකට කණුවක් අල්ල ගත්තේ තව දුර යන්න බෑ කියලා හිතුන නිසා ……..

එහෙම්මම මගේ වටේ කලු වෙලා යද්දී…. මං ඇස් දෙක පියා ගත්තා …….

මං අමාරුවෙන් ඇස් අරිද්දී මං දැක්කේ මට නුහුරු පරිසරයක්…… සුදු පාට බිත්‍ති එක්ක හරි පිලිවෙලකට තිබ්බ කාමරයක්…… මට උනේ මොකක්ද කියලා කල්පනා උනේ ටිකකින්….. ගෑස්ට්‍රික් වැඩි වෙලා පාර මැද්දේ කලන්තෙ දැම්මා කියලා …… කවුරු හරි දැක්ක කෙනෙක් ගෙදර ගේන්න ඇති …..

ඒත් එක්කම හිතට පොඩි භයකුත් ආවා… බලපු Horror film දෙක තුනක්ම ඇස් ඉස්සරහ මැවෙද්දී…. මං ඔලුව දෙපැත්තට වැනුවේ ඒවා අමතක වෙන්න ……..

” නෑ ඒ movie වලනේ……….. ඇත්තටම එහෙම වෙන්නැතුවැති……”

ඒ මොනා උනත් ඉක්මනින් එතනින් පැන ගන්න ඕනි කියන එක මගෙ හිතේ තිබ්බා…. ඉතිම් ඇඳ ගාව පුටුවක තිබ්බ මගේ කෝට් එකයි බෑග් එකයි අරන් මං හැදුවේ එලියට යන්න …… ඒත් මං යන එක නැවතුනේ… මගේ නහය අස්සෙන් ඒ ගිය සුවඳ නිසා ……

ඔව් …… ඒ මං ආසම lavender සුවද !

මගේ හදවත හයියෙන් ගැහෙද්දී…. නෑ ඒක නම් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරද්දී දොර ඇරගෙන ආපු කෙනා දැකලා මට නම් හිතුනේ දෙවියෝ නම් විහිලුවටවත් මගේ පැත්ත ගන්නේ නෑ කියලා හිතලා…..

” ඇහැරුනාද??”

දුම් දාන සුප් කෝප්පෙකුත් එක්ක මං ඉස්සරහ හිටගෙන හිටියේ යසස් අයියා….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

තෑග්ග වෙනම එකකින් දෙන්න හැදුවට ඒ පිටුවේ අවුලක් ගියා අනේ…..☹️

යසස් වෙනුවටයි සෙනු වෙනුවටයි මං හිතාගෙන ඉන්න රූප දෙක තමා ඒ……  ඔයාලා මොකද හිතන්නේ??

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැටවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 62