À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය

A+ A-

” චූටි ලෑස්තිද??”

මං මේ ලෑස්ති වෙන්නේ ඊයේ යසස් අයියා එක්කන් යනවා කිව්ව දිහා යන්න …. තාමත් කුතුහලේකින් හිත පිරිලා යද්දී නිල් ඩෙනිමට ලා කොල පාට ටී එකකින් සැරසුනේ යසස් අයියා එක්ක යන ඕනි දිහාවක යනවා කියලා හිතාගෙන …….. මටත් යසස් අයියට විෂේශ දෙයක් දෙන්න ඕනි නිසා ඒක මගේ බෑග් එකට දාගෙන පහළට ගියා….

” හරි මං ලෑස්තියි…………”

මං පහළට යනකොටත් යසස් අයියා ලෑස්ති වෙලා ඇවිත් හිටියා… අලුපාට ටී එකට කලු කලිසමයි සුදු ෂූස් දෙකයි…. මං යසස් අයියව දකින්නේ කීවෙනි පාරට උනත් තාම එයාව දකිද්දි හිත මාරෙට ගැස්සෙනවා …… මං දන්නවා අද මේ මාව ගමනක් එක්ක යන හේතුව…

” ලස්සනයි ……….”

යසස් අයියා මගේ මූණට වැටිලා තිබ්බ කොණ්ඩයක් කන අස්සේ රඳවන ගමන් කිව්වා….. යසස් අයියට ඉතිම් මං කොහොම හිටියත් ලස්සනයි …….. එයාට හැමදාම මං සමනලයෙක්ලු……

” අපි යං………”

මගේ අතත් අල්ලන් කාර් එකට ගිය යසස් අයියා මුලින්ම කඩේකින් නතර කරේ උදේට කන්න……….

උදේට කාපු අපි ඊළඟට වාහනේ නවත්තපු තැන දැක්කාම මගේ ඇස් දෙක නලලට ගියේ ඉබේටමයි…….

” ඔච්චර ඇස් ලොකු කරන්න එපා සෙනූ…. මොකද මෙතන අපිට නුපුරුදු තැනක් නෙමේනේ ……….”

ඔව් ඇත්තටම මෙතන නුපුරුදු තැනක් නෙමේ …… හැමදේම පටන් ගත්ත මං ආසම තැන….. අපි ඇවිත් තිබ්බේ අපේ ස්කෝලෙට ………..

” මොකද??”

යසස් අයියා ලස්සන හිනාවකුත් එක්ක මං දිහා බලන් හිටියා………

” ඒත් ඇයි මෙතෙන්ට??……….. “

ඇත්තටම සතුටටද….. දුකටද……. මන්දා මගේ වචනත් පැටලෙනවා………

” මට අද වගේ දවසක අපේ මතක අලුත් කර ගන්න ඕනි උනා………”

යසස් අයියා ආදරේ පිරුණු ඇස් දෙකෙන් මං දිහා බලලා මගේ අතින් අල්ල ගත්තා ……..

අපි දෙන්නා security ගෙන අවසර අරන් ගියේ ස්කෝලේ ඇතුලට….. අද සෙනසුරාදා දවසක් උන නිසා ground එකේ සෙල්ලම් කරන ලමයි ටිකක් ඇරෙන්න මුලු ස්කෝලෙම කවුරුත් හිටියේ නෑ………

මං දන්නවා යසස් අයියා මාව මෙතෙන්ට  අරන් ආවේ මගේ හිත හදන්න…… ඊයේ මලගෙදරින් පස්සේ මං කොහොමත් ඉන්නේ අවුලෙන් කියලා එයා දන්නවා…. ඇත්තටම මිනිස්සු ඒක නෙමේද බලාපොරොත්තු වෙන්නේ?? තමන් කියන්නත් කලින් තමන්ව තේරුම් ගන්න මනුස්සයෙක් ………

අපි හිමීට මුලු ස්කෝලේ පුරා ඇවිද්දා….. ස්කෝලෙන් ගිහින් අවුරුදු හයක් උනත් තාමත් ස්කෝලේ ලොකු වෙනසක් වෙලා නෑ…… වෙලා තිබ්බ එකම වෙනස ස්කෝලේ ඉස්සර දැකපු මූණු ටික අද පේන්න නැති එක…….

මෙතන ඇත්තටම මතක ගොඩක්ම පිරුණු තැනක්…….. මං යසස් අයියව මුලින් දැක්කේ….. මිහිඳුන් අයියා දිහා බලාගෙන හිටියේ….. එයාගෙන් කැමැත්ත ඇහුවේ….. යසස් අයියා මට කැමති කිව්වේ….. අපි මුලින්ම කිස් කරේ….. දුක සතුට ප්‍රශ්න හැමදේම බෙදා ගත්තේ මෙතන…… මේ තාප්ප වලින් වටවෙලා තියෙන මේ ස්කෝලේ ඇතුලේ තමා ජීවිතේට වෙන්න ඕනි විෂේශ දේවල් ගොඩක්ම උනේ…..

යසස් අයියා මගේ අතින් අල්ලන් ගිහින් නැවතුනේ එක හෝල් එකක් ගාවින්…. ඔව් මං දන්නවා මං හිතන්නේ එයත් දන්න නිසා තමා මෙතෙන්ට ආවේ…… මේ අපේ science hall එක ….. ඒ වගේම අපි මුලින්ම කිස් කරපු තැන….

” මං තාමත් ස්තූති වෙනවා ඒ පුටුවට…..”

යසස් අයියා හෝල් එකේ තනියම තියෙන පුටුවක් දිහා බලාගෙන කිව්වා…..

” ඇයි ??”

” ඒ පුටුවේ වැදිලා ඔයා මගේ ඇඟට වැටුනේ නැත්නම් ……… මං ඔයාව කිස් කරේ නැත්නම් ඔයා කවදාවත් මට ආදරේ නොකර ඉන්න තිබ්බා……… “

ඔව් යසස් අයියා කියන්නේ ඇත්ත නෙමේද….. එදා උන සිදුවීමෙන් පස්සේ තමා යසස් අයියා මගේ හිත පුරා හොල්මන් කරන්න ගත්තේ…….. මගේ හිතේ එයා වෙනුවෙන් තැනක් වෙන් උනේ එදා…….. ඔව් මාත් ස්තූති වෙනවා ඒ පුටුවට…….

” එදා මට ඔයාව කිස් කරපු එක ලොකූ වැරැද්දක් විදියට දැක්කත් මං අද සතුටු වෙනවා……. මොකද එදා කරපු දේ නිසා ඔයාව මට අද මෙහෙම මගේ එහා පැත්තෙන් තියන් ඉන්න පුලුවන් වෙලා තියෙනවා ………..

යසස් අයියා අපි අල්ලන් හිටපු අත මට පෙන්නල කිව්වා……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අන්තිම වෙනකම් ඉන්න …….. මං කිව්වා වගේ ඔයාලා නොහිතපු දෙයක් දෙන්න මං හිතන් ඉන්නේ…..

තව කොටස් 3යි………….. ආදරෙයි මං පූජා 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑදෙවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 74