À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය

A+ A-

මං හිටියේ මගේ ඉස්සරහ පත්තු වෙන පහන දිහා බලාගෙන….. වටේම කලුවරයි…… පොඩ්ඩක් හරි එලියට තිබ්බේ ඒ පහන විතරයි …….

” චූටි නැගිටින්න අපි ගෙදර යමූ…….”

මං හිටියේ අපේ තාත්තගේ සොහොන්කොත දිහා බලාගෙන ….. ඔව් මං ගෙදර ඇවිත් මාස දෙකෙන් විතර තාත්තා අපිව දාලා ගියා ………. මං මට පුලුවන් තරම් එයාව ඒ මාස දෙක ඇතුලත ආදරෙන් බලාගත්තා….. මිනිස්සු කියනවා ඇති ….. අවුරුදු ගානටම නොදුන්න ආදරේ ….. මේ මාස දෙකට දුන්නට වැඩක් නෑ කියලා ….. ඒත් එයා ගියා නම් ගියේ සතුටින් මට ඒක විශ්වාසයි…… මොකද එයා වැරදිකාරයෙක් කියලා හිතන හැඟීමෙන් එයාව අයින් කරන්න මට ඕනි උනා…..
එයා දැන් අම්මා එක්ක සතුටින් ඇති …..

මං හිමීට බිමින් නැගිට්ටා…… මල ගෙදරට ගොඩක් අය ආවා….. ශ්වේතා පවා….. මොනා නැතත් එයා තාත්තට ආදරෙයි ……. එයා කසාද බැදලා…. දැන් බඩකුත් තියෙනවා ……… සතුටුයි….. හැමෝගෙම ජීවිත හොඳින් ගලාගෙන යනවට………

ලංකාවට ඇවිත් …. යසස් අයියා ජොබ් එකට ගියාට තාත්තව බලාගන්න ඕනි නිසා මං ජොබ් එකට ගියේ නෑ …… දානෙත් ඉවර උනාම ජොබ් එකක් බලන්න ඕනි……..

මං යසස් අයියගේ උරහිසට ඔලුව තියාගෙනම ගෙදර ආවා…… ඇත්තටම මේ මනුස්සයා නොහිටින්න මං අද නෑ ……. මාව මෙහෙම දරාගන්නවට කකුල් දෙක අල්ලලා වැන්දත් මදි….

මං එහෙම්ම පාත් වෙලා යසස් අයියගේ කකුල් දෙක අල්ලලා වැන්දා…….

” චූටි මේ මොකද……..”

” මාව මෙහෙම දරාගෙන……. කිසිම අඩුවක් නැතුව එදා වගේම අදත් ආදරේ දෙන ඔයාට වැන්දට පව් නෑ අයියේ …..”

” චූටිත් මට කොච්චර ආදරේද…… මං මොනා කරත් මාව අත ඇරියේ නෑනේ …….. මාත් ඒකට ස්තූතියි කියන්න ඕනි….. මාව විශ්වාස කෙරුවට…. “

රෑ වෙද්දි මලගෙදර ආපු හැමෝම වගේ ගියා ………. ගෙදර ඉතුරු උනේ මායි බබා නැන්දයි යසස් අයියයි විතරයි ……

බබා නැන්දා දානේ ඉවර උනාම එයාගේ ගාල්ලේ ගෙදර යනවා කිව්වා… එයාගේ පුතාගේ ට්‍රේනින් කාලෙත් ඉවර නිසා පුතා ගෙදර එන්න කියනවලු…. බබා නැන්දා කියන්නෙත් හිත හයිය මනුස්සයෙක් ……. එයාගේ පුතාව ජීවිත් කරවන්නනේ අපේ ගෙදර වැඩට ආවේ…. එයාගේ මහත්තයත් නැතුව පුතාව උස් මහත් කරපු එයා ඇත්තටම යකඩ ගැහැණියෙක්……. එයාගේ පුතාට විතරක් නෙමේ ……… අම්මගේ අඩුපාඩුවට මේ ගෙදර මට ආදරෙ කරේ බබා නැන්දා……… ඉස්සර තාත්තා මට ගහද්දී…. හැමදාම මගේ ගාව හිටියේ බබා නැන්දා ඉතිම් මං හැමදාම වගේ අදත් එයාගේ කකුල් දෙක අල්ලලා වැන්දා……

” චූටි ලෑස්ති වෙන්න හරිද හෙට ගමනක් යන්න ………..”

” කොහෙද??”

” කොහෙද කිව්වාම ගතියක් නෑනේ ඇයි දැන් එන්න බෑද??”

” මං බෑ කිව්වද??”

රෑ මාව තුරුල් කරන් හිටපු යසස් අයියා එහෙම කියද්දි මං පුදුම උනත් මං යසස් අයියා මැරෙන්න යමු කිව්වත් මං යනවා ………

නිදාගන්න ගියාම යසස් අයියට මං නැතුව බෑ…… ඉස්සර ඉඳලම නිදාගද්දී එයාට මාව තුරුල් කර ගන්න ඕනි…. එයා දැන් ඒකට ඇබ්බැහි වෙලා ….. මාව තුරුල් කර ගත්තේ නැත්නම් එයාට නින්ද යන්නෑ……. එයාට නම් මොකද මම එපැයි ඒ අඬු බඩු ටික දරාගෙන ඉන්න ……. ඒ මොනා නැතත් මාත් ආස කරා මෙහෙම යසස් අයියට තුරුල් වෙලා නිදාගන්න …….. ඒක ඉතිම් මං මෙයාට ආදරේ කරන්න පටන් ගත්තු දවසේ ඉඳල දැක්ක හීනයක් ……..

මං මාව තුරුල් කරන් නිදාගෙන හිටපු යසස් අයියගෙ නලට කිස් එකක් දීලා නිදාගත්තෙ හෙට කොහෙ යනවා ඇතිද කියලා හිත හිත…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

හෙට කොහෙ යනවා ඇතිද ගෙස් කරන්න බලන්න  😌 ගෙස් කරොත් එයාට තෑග්ගක් දෙනවා……..

තව කොටස් 4යි….. ආදරෙයි මං පූජා 😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑඑක්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 73