À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය

A+ A-

එදා මට ඔයාව කිස් කරපු එක ලොකූ වැරැද්දක් විදියට දැක්කත් මං අද සතුටු වෙනවා……. මොකද එදා කරපු දේ නිසා ඔයාව මට අද මෙහෙම මගේ එහා පැත්තෙන් තියන් ඉන්න පුලුවන් වෙලා තියෙනවා ………..

යසස් අයියා අපි අල්ලන් හිටපු අත මට පෙන්නල කිව්වා……..

” මටත් thankyou කියන්න ඕනි ඒ පුටුවට….  ඒ නිසානේ මට අද මෙච්චර Handsome කෙයාරින්…. Husband කෙනෙක් හම්බුනේ…..”

මං යසස් අයියගේ නහය මිරිකන ගමන් කිව්වා……

“සෙනූ ඔයා දන්නවනේ අද දවස කවද්ද කියලා…. ඉතිම් මට මේක අපේ ආදරේ පටන් ගත්ත තැනදිම දෙන්න ඕනි උනා….. මං දන්නවා මේවා කරන්න ඕනි කලින් කියලා ඒත් ඔයා දන්නවා අපේ marriage එක හදිස්සියේ උන එකක් කියලා …… ඉතිම් මට මේකට වෙලාවක් තිබ්බේ නෑ ………”

එහෙම කියලා යසස් අයියා කරේ බිම දන ගහගෙන ලස්සන පෙට්ටියක් එලියට ගත්ත එක ……..

ඒකේ තිබ්බේ ලස්සන මුදු දෙකක්…. එකක ඉරත් අනිත් එකේ හඳත් තිබ්බා…

” ඔයා කැමතිද ……. මේ හිටියා වගේ අන්තිම හුස්ම වෙනකම් මාත් එක්ක එකට ඉන්න ??”

” ඊට වැඩියේන් උනත් මට ඉන්න පුලුවන් ……..”

යසස් අයියා මට වෙඩින් එකේදි මුද්දක් දැම්ම බව ඇත්‍ත ඒත් මං ආසම මේකට… ඉතිම් මං මගේ අත දිග් කරාම යසස් අයියා හඳ තිබ්බ මුද්ද මගේ අතට දැම්මා… යසස් අයියා නැගිටුනාම මාත් ඉර තියෙන මුද්ද අරගෙන එයාගේ අතට දැම්මා…….

” Happy Anniversary පැටියෝ…..”

එයා මගේ තොල් වලින් පුංචි පෙක් එකක් තියන ගමන් කිව්වා… ඔව් අදට අපි ආදරේ කරන්න අරන් අවුරුදු හතක්… අවුරුදු හතක් පුරාවට වෙනස් නොවුන එදා වගේම එදාටත් වැඩියෙන් අද ආදරේ දෙන්න හැමෝටම බෑ….. ඒ අතින් යසස් අයියා කියන්නේ නියම ආදරවන්තයෙක්……. එයා ආදරේ කියන දේට ඇත්තටම තේරුමක් දුන්න මනුස්සයෙක් …….

” ඇයි මේ ඉරයි හඳයි??”

” මේකනේ………..”

යසස් අයියා මගේ ඉනවටේ එක අතක් දාන් මාව තුරුල් කර ගත්තා …….

” යසස් කියන්නේ ඉරක්….. හැමවෙලේම පිච්චෙන…… එතකොට සෙනූ කියන්නේ හදක්…… ඒ හැම රස්නයක්ම නිවන…”

” ඒක තව විදියකට කිව්වෑකි…….”

” කොහොමද ??”

” යසස් කියන්නේ ඉරක්… සෙනූ කියන හඳට එලිය දීලා දිලිසෙන්න ඉගැන්නුව… “

මං එහෙම කිව්වම යසස් අයියා මගේ නලලට හාදුවක් තිබ්බා…….

” මටත් තියෙනවා දෙන්න දෙයක් …….”

එහෙම කියලා මං බෑග් එකට අත දැම්මේ උදේ මං යසස් අයියට දෙන්න ඕනි කියලා බෑග් එකට දා ගත්ත දේ දෙන්න ……..

” මේවා හරිම ලස්සනයි සෙනූ……….”

මං යසස් අයියට දුන්නේ එයා නැති අවුරුදු ගානේ එයාව මතක් වෙන ගානේ එයාව ඇඳපු චිත්‍ර පොත් දෙක…

” මං ඔයාව මතක් වෙන ගානෙ ඇන්දා….”

” මට සමාවෙන්න සෙනූ… මං එසේ මෙසේ දුකක් නෙමේ ඔයාට දුන්නේ…”

” එහෙම කියන්න එපා අයියේ…… ඔයත් මං නිසා කොච්චර විදෙව්වද…. කොච්චර දේවල් අත ඇරියද…..”

අපි තව ටිකක් ඉස්සරහට ඇවිදන් යද්දී අපිට දෙන්නෙක් කතා කරන සද්දයක් ඇහුනා…

” ඇයි ඔයාට මට ආදරේ කරන්න බැරි ??”

” තේරුම් ගන්නවකෝ අපි දෙන්නම කොල්ලෝ……. අනික ඔයා මගේ හොඳම යාලුවනේ…..”

” ඉතිම් මට ඔයාට ආදරේ හිතෙන එක වැරදිද??”

අපි දැක්කේ… නුග ගහ යට ඉන්න මල්ලිලා දෙන්නෙක්……. අපිව දැකලා ඒ දෙන්නා භය උනා….

” සමාජේ ඕනි තරම් කතා කියාවි ඒත් හිතට එකඟව වැඩ කරන්න ……”

යසස් අයියා අල්ලගෙන හිටපු මගේ අත එයාලට පෙන්නලා කියලා එතනින් ආවා…..

ඇයි ඔයා ඒ දෙන්නට කතා නොකරේ…

” මං හිතන්නේ එයාලට දැන් තනියම ඉන්න ඕනි…… ඕන්න බලන්නකෝ ඕක ලස්සන ආදර කතාවක් වේවි……”

” ඔයා කොහොමද එහෙම කියන්නේ …??”

” මට ආදරේ තියෙන තැන් දැනෙනවා….. හරියට මෙතන වගේ…..”

යසස් අයියා මගේ හදවත තියෙන තැනට ඇඟිල්ලෙන් ඇනලා කියද්දී… මාත් එයාගේ උරහිසකට බර උනා……

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ආදරේ කියන්නේ හරි පුදුම දෙයක් ළමයි …….. ජීවිතේ එක පාරක් හරි මනුස්සයෙක් ඇත්තම ආදරයක් අත් විදින්න ඕනි…….

බලාපොරොත්තු නැති කර ගන්න එපා මොකද මේක ලියන ඕතරිත් තනිකඩයි 😂😂❤

තව කොටස් දෙකයි………….. ආදරේයි… මං පූජා…..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑතුන්වෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 75