À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය

A+ A-

කට්ටියම අපේ ගෙදර ඇවිත් ඉන්නේ අද රෑට තියෙන බණටයි හෙට දානෙටයි…. අපේ තාතගේ හත්දවසේ බනයි දානෙයි…… ඉතිම් යාලුවෝ හැමෝම ඇවිත් කලින් දවසේ අපේ ගෙදර නැවතුනා… ඇත්තටම මෙහෙම යාලුවෝ සෙට් එකක් ලබන්න පිං කරන්න ඕනි… ඒ තරමට එයාලා මේවගේ වැඩ හොයලා බලලා කරා…….

සහස් කිව්වත් වගේ නදීක අයියට නම් පාඩුවේ ඉන්න හම්බුනේ නෑ…. මොකද එයාගේ girlfriendත් ඇවිත් හිටිය නිසා …. ඒත් නදීක අයියා නම් එයාව ලොකුවට ගානක් ගන්න පාටක් තිබුන්නෑ……. එයාලට හොඳයි නම් අනිත් අය කොහොම දැක්කත් මොකද කියලා මං හිත හදා ගත්තා ………

මිහිදුන් අයියා නම් තාමත් එහෙමයි….. කිසිම ආදරයක් නෑ…. ඇත්තටම ලොකු අම්මා කිව්වා වගේ මිහිදුන් අයියා මහන වෙයිද ?? බැරිම තැන ලොකු අම්මා කියලා කෙල්ලෙක් නැත්නම් කොල්ලෙක් හරි එක්ක එන්න කියලා …….. ඒත් මිහිඳුන් අයියා කියන්නේ එහෙම කවුරුත් නෑ කියලා ……. අනේ මන්දා… මෙච්චර කෙල්ලෝ වගේම කොල්ලොත් එයාගේ පස්සෙන් එද්දී එතනින් එක්කෙනෙක්ටවත් හිත ගියේ නැති එකනේ පුදුමේ……..

හවස බන හින්දා හැමෝම ගෙදර සරසන්න…. අස් කරන්න සෑහෙන්න උදව් කරා….. රෑ වෙද්දී සවිඳියි…. අයේෂ්මයිත් පුංචි කවිත්මා එක්ක ආවා…..

දැන් කවිත්මා ඇවිදන්න පුලුවන් තරමට ලොකුයි…. එයා අයෙෂ්මට ඩැඩා කියලා ….. සවිඳිට මමා කියන්න පුරුදු වෙලා හිටියා …… බබා නැන්දත් ආවේ එයාගේ පුතා එක්ක… එයා අපිට වඩා අවුරුදු හතරක් පහක් වැඩිමල්…….

එතකොට චේතිය නම් වෙනදා තරම් සතුටකින් නැති උනත් හොඳින් හිටියා මං ඇහුවම කිව්වේ වැඩ එක්ක මහන්සි මේ ටිකේ… දැන් තමා නිවාඩුවක් ගත්තේ කියලා ……..

බණ් ඉවර වෙලා අපි දානේ දෙන්න ලෑස්ති කරලා තිබ්බේ ළමා නිවාසෙකට … ඇත්තටම මේක මගේ අදහසක්….. අද කාලේ පන්සලක සාමාන්‍ය ගෙදරකටත් වඩා වත්කමක් තියෙනවා ….. මට කොහොමත් බහුතර හාමුදුරුවෝ ගැන ලොකු පැහැදීමක් නෑ …… හොඳ අය ඉන්නවා ඒත් අතලොස්සයි… ඉතිම් අම්මගේ තාත්තගේ ආදරයක් නැතුව ළමා නිවාසෙක හැදෙන ළමයින්ට කෑම වේලක් දෙන එක ඊට වඩා වටිනවා කියලයි මට හිතුනේ………

ඉතිම් අපි ලෑස්ති වෙලා තිබ්බේ දවල් කෑම වේලක් ඒ ළමා නිවාසෙට දෙන්න …. අපි කට්ටියම ලෑස්ති වෙලා එහෙ ගියේ දවල්ට කන වෙලාව වෙනකොට එහාට යන්න හිතාගෙන……

කුරුණෑගලින් අනුරාධපුර පාරේ තමා මේ ළමා නිවාසේ තිබුනේ…. ඉතිම් පැයකට විතර පස්සේ අපිට පුලුවන් උනා එතෙන්ට එන්න……. ඇත්තටම පුංචි පුංචි පැටව් ගොඩක් …… එක්කෙනෙක්වත් අවුරුදු 8ට වැඩි නෑ මං හිතන්නේ….. මගේ විතරක් නෙමේ ආපු හැමෝගෙම හිත් උනු උනා කියන්න පුලුවන් ……… ඒ තරම් ඒ පැටව් හුරතල් …….

කවිත්මට නම් හරි සතුටුයි…. එයාගේ වයසේ පැටව් ටික දැකලා ………

අපි හැමෝටම දවල් කෑම දීලා….. තෑගි පාර්සලයක් ගානෙත් බෙදලා දුන්නා… තව සෙල්ලම්බඩුයි….. එතෙන්ට මදි අඩුපාඩුකම් එහෙමත් බලලා කරලා දුන්නා…..

ඊට පස්සේ අපි හැමෝම හවස් වෙනකම් මේ පොඩි අය එක්ක සෙල්ලම් කරා… ගොඩ කාලෙකින් හැමෝම මෙහෙම විනෝද උනේ…… මං යසස් අයියගේ උරහිසේ ඔලුව තියාගෙන ඈතින් බබාලා එක්ක සෙල්ලම් කරන අපේ පවුල දිහා බලාගෙන හිටියා……

ඔව්… දැන් ඒක මගේ පවුල….. යසස් අයියා …. තේව්, සහස්, මිහිඳුන් අයියා , නදීක අයියා , චේතිය, සවිඳි, අයෙෂ්මා එතකොට පුංචි කවිත්මා …… මේ තමා මගේ පවුල……….. ඒත් මං එහෙම්මම බිම බැලුවේ කවුද මගේ කලිසමෙන් අදිනවා වගේ තේරුන නිසා…….

” ආන්ති චොකෝ…………”

ඒ පොඩි බබා මට ආන්ටිලු…. සමහර විට මං කොණ්ඩෙ වවලා හිටිය නිසා වෙන්නැති ……. මං එහෙම්මම ඒ බබාව වඩා ගත්තා …….. හරිම හුරතල්…. හැබැයි මූණ නම් යසස් අයියගේ වගේ නපුරු පාටයි…… අවුරුද්දක් දෙකක් විතර ඇති වයස……

” බබාට චොකෝ ඕනිද ??”

එයා ඔලුව වැනුවේ ඔව් කියන්න ……

” බබාගේ නම කිව්වොත් චොකෝ එකක් දෙනවා………..”

” බබාගේ නන??”

” ඕ…. බබාගේ නම මොකක්ද ?”

” පපිදු…. තිසේස්වර…..”

” ෂා ගුඩ් බෝයිනේ……….. මෙන්න බබාට චොකෝ එකක් ……..”

මං බබාට චොක්ලට් එක දුන්නම හරිම ආසාවෙන් ඒකත් අරගෙන දුවලා ගියා …..

” ඔයා වගේම දඩබ්බර පාටයි…….”

මං යසස් අයියට තට්ටුවක් දාලා කියද්දී එයා මට එරෙව්වා…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

පසිඳු තිනේෂ්වර ඈ නම….. 😂 පොඩි එකානේ කියෝගන්න බැ…….

හරි හරි තව එකම එක කෑල්ලයි 🥺❤

ආදරෙයි මං පූජා   😘❤

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑහතරවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 76