À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය

A+ A-

අවුරුදු එක හමාරකට පස්සේ මං ලංකාවට අඩිය තිබ්බා…. ගෙදර යනවා කියන ෆීලින් එක මේක වෙන්නැති ….. මට කැම්පස් ඉඳන් ගෙදර එද්දි එහෙම එකක් නොදැනුනේ මට හරියට ගෙදරක් නොතිබ්බ නිසා වෙන්නැති …… ගෙදරක් කිව්වේ… ගොඩනැගිල්ලක් තිබ්බා ඒත් ඒක ඇතුලේ ගෙදර කියලා ෆීලින් එකක් තිබ්බෙ නෑ …… ඒත් දැන් මට ඒක හොඳටම දැනෙනවා…..

අපිව ගන්න තේව්යි… සහසුයි ඇවිත් හිටියා ……..

” දෙයියනේ මයේ අම්මගේ ලස්සන තවත් සුදු වෙලා හැඩ වෙලා ………. කෝ බඩේ මුකුත් නෑ ….??”

තේව් මගේ බඩට අත තියලා කියද්දි නම් මට ලැජ්ජා හිතුනා……

” මට කලින් උඹ එකෙක් ගෙනෙයි වගේ… ඔය බෙල්ලේ රතු පැල්ලම්……..”

මං කියද්දී තේව්ගේ වගේම සහස්ගෙත් කට වැහුනා…….

” ඉතිම් දැන් කෙලින්ම ගෙදරටද යන්නේ??”

” හම්ම් ඔව්…. තාත්තව බලන්න ඕනි….”

” ඒක හොඳයි සෙනූ…. එයාගේ තත්වෙ නම් ටිකක් බරපතලයි …………..”

” හම්ම්ම්ම්……….”

” අනිත් අය කෝ??”

යසස් අයියා එහෙම ඇහුවේ මාතෘකාව වෙනස් කරන්න කියලා මං දන්නවා….

” ආ නදීකට මල් ගවුමක් අහු වෙලානේ…. ඌ එයි හෙට දිහාට …..”

” ඇයි උඹ කැමති නැද්ද නදීක යාලු උන එකට…?”

” නදීක …….. ඒක අනේ මන්දා……..”

” ඇයි???”

” මෙහෙමයි ………”

අපි කට්ටියම වාහනේට නැග්ගාම සහස් කියන්න ගත්තා …….

” නදීකයා කැම්පස් ගිහින් අවුරුදු ගානටම තනිකඩව ඉඳලා ….. එක් පාරට කෙල්ලෙක් එක්ක සෙට් උනා….. ඒකටත් වඩා අමුතුම දේ කියන්නේ …. ඒකි මුගෙ පස්සෙන් සෑහෙන්න කල් ඇවිල්ලත් මූ අන්තිම අවුරුද්දේ සෙට් උන එක ……….”

” පොඩි අමුත්තකුත් තියෙනවා උඹ ඇයි කියලා ඇහුවේ නැද්ද??”

” ඌ කියන්නේ එහෙම ආවට ගියාට යාලු වෙන්න බැරි නිසා ටිකක් නිරීක්ෂණය කරාලු…. ඒත් බන් ඒකි සෙට් නෑ බන්…. ඒකි එක විදිහක්… මූට මාරෙට නීතී……..”

” හරි හරි උඹට සෙට් නැති උනාට නදීක අයියට සෙට් ඇති ….. හැමෝම ඉතිම් එකම විදියට ආදරේ කරන්නෑනේ…….”

අපිට පැය දෙක තුනකින් ගෙදර ඒ ගන්න පුලුවන් උනා…… හිත හයියෙන් ගැහෙනවා…. මං එදා මේ ගෙදරින් යද්දී කවදාවත් හිතුවේ නෑ මෙහෙම තත්වයක් උදාවෙයි කියලා ……. තාත්තා හොඳටනේ හිටියේ….. අවුරුදු එක හමාරක් ඇතුලේ එයා ආපහු නැගිටින්න බැරි වෙන්නම වැටිලා….. එයාට කැන්සර් එකක් ලු…. ඒකත් final stage ලු……. මට වෙලාවකට හිතෙනවා මං එදා ගෙදරින් නෑවිත් ඉන්නයි තිබුනේ කියලා ……. එහෙම උනා නම් මට කලින් ඒක දැන ගන්න තිබ්බා නේද??

මං හෙමින්ම ගියේ තාත්තගේ කාමරේට……. එයා නිදි…… වෙනදා යෝධයෙක් වගේ තිබ්බ ඇඟ දැන් ඇට පේන්නම කෙට්ටු වෙලා….. වකුටු වෙලා නිදි…… පව්…… ජීවිතේ අවසාන කාලේවත් ආදරයක් නැතුව….. මෙහෙම ඉන්නවා දකිද්දී…… මගේ පපුව දන්න ගත්තා ….. ඒකයි මං ආපහු මගේ කාමරේට ආවේ……. තාමත් තිබ්බ විදිහමයි……….

මං යසස් අයියට වොෂ් දාන්න කියලා පහළට ආවේ තාත්තට එක්ක  මොනාහරි හදන්න …… බබා නැන්දට මං කිව්වේ ගෙදර යන්න දැන් කියලා …. තාමත් අපි වෙනුවෙන් නැහුනා ඇති …. ඒත් තාත්තා ඉන්නකම් බබා නැන්දට ඉන්න ඕනි කිව්ව නිසා මං මුකුත් කිව්වේ නෑ……….

මං සුප් එකකුත් හදන් කාමරේට යද්දී තාත්තා ඇහැරිලා…….

” ඔයා ආවද මහීෂ්වර ………..”

” ඔව් ඇවිත් ටිකක් වෙලා ………. තාත්තට කොහොමද ??”

” මට ඇති හොඳක් නෑ පුතේ….. මං කරපු දේවල් වලට අද මං විඳවනවා….”

පුතේ…. මං හිතන්නේ තාත්තා මට පළවෙනි වතාවට එහෙම කිව්වේ..

” එහෙම නෑ අපි ඉක්මනින් හොඳ වෙමුකෝ…….”

” මං දන්නවා මේක හොඳ වෙන්නෑ කියලා යසස් ආවද??….. “

” ඔව්…..”

” ඉඳගන්නකෝ….. මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න තියෙනවා ……”

මං සුප් එක මේසේ උඩින් තියලා තාත්තගේ ඇදගාව පුටුවෙන් වාඩි උනා…

” පුතා දන්නවද……. මං ඔයාගේ අම්මට ගොඩක් ආදරේ කරා….. එයාව බලන්න ගිය මුල්ම දවසේමයි මං එයාට ආදරේ කරන්න ගත්තේ….. අපි හරිම ආදරෙන් ජීවිත් උනා…. ඔයා එයාගේ බඩට ආවා කිව්වම මං තරම් සතුටු උන කවුරුත් නැතුවැති …… ඒත් එයාට ළමයි හදන්න බෑ…. හැදුවොත් එයාගේ ජීවිතේට රිස්ක් කියපු දවසේ ඉඳල මං කිව්වේ ඔයාව නැති කරමු කියලා …… මට ඔයාගේ අම්මව ඕනි උනා ……… ඒත් එයා මං වෙනුවට ඔයාව තෝරගත්තා……ඔයාව මට දීලා එයා යන්නම ගියා ……මං එදා ඉඳලා ඔයා එක්ක පුදුම තරහකින් හිටියේ මහීෂ්වර මට සමාවෙන්න …..”

තාත්තගේ ඇස් වල කඳුලු……..

” මං ශ්වේතගේ අම්මව මෙහෙ ගෙනාවේ… එයා මගේ යාලුවගේ wife නිසා ……. මගේ යාලුවා බීලම මැරුන නිසා …. ඉන්නකම් මේ දෙන්නට වද දුන්න නිසා මට ඕනි උනා ශ්වේතට උගන්නන්න…… මං ඔයාගේ අම්මගේ මතකේ අයින් කරලා ඔයාට ආදරේ කරන්න සෑහෙන්න ට්‍රයි කරා…. මං එයාගේ ෆොටෝ අයින් කරා… එයා ඔයාට දැම්ම නමෙන් පවා මං ඔයාට කතා කරන එක නැවැත්තුවා …… ඒත් එයාව මට නැති උනේ ඔයා නිසා කියලා මගේ හිත මට වද දුන්නා….. මට ඔයාගේ අම්මා කවදාවත් ඒකට සමාවක් දෙන එකක් නෑ …. මං බිව්වා… මත් උනා ඔයාගේ අම්මව අමතක කරන්න පුලුවන් හැමදේම කරා… සමහර විට මගේ පිලිකාවට හේතුව ඒක වෙන්නැති …. ඒත් එයා තව තවත් මතක් වෙනවා මිසක් මට එයාව අමතක කර ගන්න බැරි උනා…….. ඒත් මට දැන් අවුරුදු විසිහයකට පස්සේ එයා ගාවට යන්න අවස්ථාවක් ලැබිලා…..  යසස් ඔයාව හොඳට බලාගනී.. මං නොදුන්න ආදරේ එයා ඔයාට දෙයි…. මං එදා ආදරේ කියලා එකක් නෑ කිව්වට සමාවෙන්න ….. ආදරේ නැතුව මනුස්සයෙක්ට ජීවත් වෙන්න අමාරුයි …. මගෙන් නොලැබුන දේ යසස් හරි ඔයාට දේවී………. මට කියන්න තියෙන්නේ සමාවෙන්න පුතේ කියලා විතරයි …………….”

තාත්තා ඇස් දෙකේ කඳුලු පුරවන් අත් දෙක එකතු කරලා මට කියද්දී මං එහෙම්මම තාත්තව බදා ගත්තා ….. ඔව්……… ජීවිතේ පළවෙනි වතාවට මං ඒ ආදරේ වින්දා….. මහා දුකක් හිතේ හිර කරන් ජීවත් වෙලා ….. එක පාරක් මට කිව්වා නම් …….. අපි හැමෝම අද සතුටින් ………….. මං ඇස් කොනෙන් දැක්කේ දොර ගාවට වෙලා කදුලු ඇස් වල පුරවන් ඉන්න යසස් අයියවයි බබා නැන්දවයි………

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ළමයි මේ ලෝකේ හැමෝම හොඳයි වගේම නරකයි…… ඒ වගේම හැමෝටම තමන්ට කියලා කතාවක් තියෙනවා …. අපි කාටවත් බෑ අනිත් මනුස්සයගේ තත්වේ තේරුම් ගන්න …… මිනිස්සු අතින් වැරදි වෙනවා…. ඒත් වටින්නේ ඒ වැරදි තේරුම් ගන්න එක ………….

තව කොටස් 5යි………

ආදරෙයි මං පූජා…😘

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® හැත්තෑවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 72