À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය

A+ A-

මං ගිය ගමන්ම කරේ යසස් අයියගේ අතේ තිබ්බ ප්‍රගති වාර්තා පොත උදුර ගත්ත එක…..

S.A යසස් තීෂ්මක සෙනෙවිරත්න

සංයුක්ත ගණිතය  77
භෞතික විද්‍යාව     89
රසායනික විද්‍යාව   73

ස්ථානය                    3

ඒක දැක්කාම මගෙ කටේ කෙලත් හිඳුනා….. පිස්සු නට නට හිටියට මෙයා ස්කෝලෙ වැඩ කරනවනේ……

” මොකද නිකම් ඇටි කෙහෙල් කාපු උඟුඩුවා වගේ මං දිහා බලන් ඉන්නේ…. මගෙ ලකුණු අඩු ඇති කියලා නේද හිතුවෙ ආ???”

” අන්තිම වාරෙත් කොහොමද ඔච්චර හොඳට ලකුණු ගන්නේ???”

” මෙයාට කොහොමත් ඉගෙන ගන්න පුලුවන් සෙනුල්ය ……. මෙයාට පිසික්ස් වලට මටත් වඩා ලකුණු තියෙනවා ….”

මිහිදුන් අයියා කියද්දි මං ඇස් දෙක තවත් ලොකු කරන් යසස් අයියා දිහා බලන් හිටියා……

” අනේ අයියේ මූටත් ඔයා පාඩම් කියලා දෙන්නකෝ……..  මං මේ මගේ බූට කියලා දෙනවා කියලා ඉරිසියාවෙන් ඉන්නේ මූ…….”

” මං තමුසෙට කිව්වා ඔය අමුතු නම් කියන්න එපා කියලා ලැජ්ජාවේ බෑ…”

තේව් සහස්ගේ ඔලුවට ප්‍රගති වාර්තා පොතෙන්ම එකක් දුන්නා……

” මට ඇති ඉරිසියාවක් නෑ ……….”

ඇත්තටම මාත් කැමති යසස් අයියා මට උගන්නනවා නම් ….. ඒ උනාට ඉතිම් එහෙම අහලා මගේ ලොකු කම පහතට දා ගන්න බෑනේ ….. ඒ නිසා ගණන් උස්සන්න ඕනි…..

” මට නම් පේන්නේ යසස් මූට තේව් ලකුණු ගත්ත එකට නෙමේ ඉරිසිය….. ඌටත් ආදරෙන් උගන්නන්න….. කෙනෙක් නැති නිසයි ඉරිසිය…….”

” අනේ මේ වැඩේමයි… මට ඇති ඉරිසියාවක් නෑ ……… “

මං නදීක අයියටත් ඔරවන් යන්න ගියා …..

” හරි හරි ඉතිම් මං කියලා දෙන්නම්කෝ……. “

යසස් අයියා ආදරෙන් මගෙ ඔලුව අත ගාද්දී මාව රතු උනා……

” අනේ අනේ….. මටත් ඔහොම උගන්නන කෙනෙක් හිටියා නම් මං හිතලා හරි පාඩම් කරනවනේ….. බලපන් මේ පාර මගේ පිසික්ස් වලට ලකුණු 33යි…….”

” ඇයි ඔය නදීක අයියට චේතිය ඉන්නේ අවුලක් නෑ චේතිය උගන්නයි ඔයාට …. මොකද එයා පන්තියේ දෙවෙනියා…..”

මං එහෙම කිව්වම චේතියට කැස්සකුත් ආවා…. යසස් අයියා මගේ ඔලුවටත් ගැහුවා… මං කියපු කතාවට ….

” ආව්….. ඉතිම් ගහන්නේ…… මේ ඇත්තටම මට උගන්නනවද…..???”

” උගන්නන්නම්…. හැබැයි මගේ ගාස්තු සැරයි……”

” ගාස්තු ?? සල්ලිත් ගන්නවද අනේ ඔයා මේ මට උගන්නන්න ?? 🥺”

මං ඉතිම් අහිංසක මූණකුත් හදන් කිව්වේ දීමනාවක් බලාපොරොත්තුවෙන්………

” සල්ලි නෙමේ ඊට වඩා වටින එකක් ….”

” ඒ මොනාද අනේ ඒ??”

” දවසකට කිස් 5ක් 😌”

” 5ක් ??? ආපෝ ගණන් වැඩී ගණන් වැඩී….. අඩු කරන්න බැරිද?? 2කට වගේ??”

” එහෙනම් 3ක් හාද???”

” හම්ම්ම් හා……….”

” වැඩි වෙන ලකුණු පහකටමත් එකක් ඕනි……”

” ඒකට ඉතිම් term test එනකම් ඉන්න එපැයි ……”

” ඔව් ඔක්කොම එකතු කරලා එදාට දෙන්න ……..”

” අම්මෝ එතකොට ගොඩක් නේ…”

” ඔව් ඇයි දැන් බෑද …….”

” තව හිතලා…. බලන්නට ඕනා….. ඕ තව හිතලා බන්නට ඕනා….. එහෙම වැඩ මෙහෙම හොඳේ………..”

මං සින්දුවකුත් කියාගෙන හැමෝවම පාස් කරලා ගිහින් ගල් බංකුවෙන් ඉඳ ගත්තේ කෑම කන්න…..

දවල් වරුවේ තමා අපිට ක්‍රිස්මස් පාටි එක තිබ්බේ….. main hall එකට හැමෝම ආවම එක එක christmas items තියෙනවා ….. කැරොල්…. නාට්‍ය …. කතා… මේ ඔක්කොම ඉතිම් catholic society එකෙන් තමා කරන්නේ……. අන්තිමට කලින් හැමසැරේම වගේ ජේසු තුමාගේ ජීවිත කතාව තියෙන ” The passion of christ ” movie එක පෙන්නනවා…. ඒක කීපාරක් බලලා තිබ්බත් අන්තිමට ජේසුව කුරුසෙ ඇණ ගහන කෑල්ලට හැමෝටම වගේ ඇස් වලට කඳුලු එනවා…..

ඊටත් පස්සේ ඉතිම් තියෙන්නේ හැමෝගෙම ආසම කෑල්ල…. ලොකුයි කියලා නෑ මාත් තාම ඒකට ආසයි……

නත්තල් පප්පා ඇවිත් ටොපි විසික් කරන එක තමා ක්‍රිස්මස් පාටියේ හොදම කෑල්ල……….

නත්තල් සීයා ටොපි විසික් කරලා ගියාට මට අහුල ගන්න පුලුවන් උනේ ටොපි 2යි…. මං ඒක ගැන හිත හිත ඉන්නකොට යසස් අයියා ඇවිත් හොරෙන්ම මගේ සාක්කුවට මොනාද දාලා ගියා…… අනේ ටොපි පහක්ම දාලා …. ඒ කියන්නේ දැන් මට ටොපි හතයි…… සැහ් මං සෑහෙන්න පෝසත්නේ ……..

නත්තල් පාටියෙන් පස්සේ ස්කෝලේ ඇරුනාම තමා ඊළඟ ලොකුම වැඩේ තියෙන්නේ ………. නිල් ගහ ගන්න එක….. ඕවා ස්කෝලෙ වෙලාවෙදි තහනම් නිසා ළමයි ඒවා කරන්නේ ස්කෝලෙන් පස්සේ……. දිලිසෙන කුඩුයි…. නිල් වතුරයි….. ඕවා තමා ඉතිම් ජීවිතේ විදිනවා කියන්නේ …..

මං මේ හැංගිලා ඉන්නේ…….. සහසුයි….. තේව්යි මාව හොයනවා….. දිලිසෙන කුඩු ගාන්න…….

මං පිටිපස්සේන් පිටිපස්සට යද්දි කවුද මාව ඇදලා අරන් බිත්තියකට හේත්තු කර ගත්තා…….

අනේ යසස් අයියා…….. අඳුර ගන්නත් බෑ මූණ දිලිසෙන කුඩු වලින් වැහිලා….. මට වචනයක්වත් කියන්න නොදී එහෙම්මම මගේ අත් දෙක හිර කරගෙන එයාගේ කම්මුල් මගේ කම්මුල දෙපැත්තෙයි බෙල්ලෙය් ඇතිල්ලුවා……..

” දැන් හරි ………”

” බලනවකෝ මගේ කටේ ඉඳලා දිලිසෙන කුඩු…..”

” කමක් නෑ හපලා කන්න….. ගුණයි….”

” ඇත්තද…..”

මං එහෙම කියලා පැනපු ගමන් හැපුවේ යසස් අයියගේ පපුව…….. මගේ කට මානේ තිබ්බේ පපුව නිසා ………..

” ආ…… රිදෙනවා සෙනූ…… කොටියෙක්ද තමුසේ……….”

මං යසස් අයියව හපලා බැලුවේ එයාගේ ඇස් දිහා…… ඕන්න ඉතිම් ආයේ මාව ලොක් කරන්න පුලුවන් මායාකාර ඇස්…… ඇත්තටම ඒ ඇස් වල මැජික් එකක් තියෙනවා ….. ඒවා දිහා බලන ගානේ මාව ලොක් වෙනවනේ…. ඒ ඇස් මගේ ඇස් දිහයි තොල් දිහයි මාරුවෙන් මාරුවට බලනවා……. මට තේරෙනවා යසස් අයියා හයියෙන් හුස්ම ගන්නවා….. ඒ ඇස් බාගෙට වැහිලා…..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

😌 මොනාද බලන්නේ……… ඉතුරු ටික හෙට…………..

ඇත්තටම ස්කෝලෙ දවස් හරි ලස්සනයි ….. මේවා ලියද්දි මට ස්කෝලේ කාලේ මතක් වෙනවා 🥺🥺

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිදෙවෙනි තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 24