À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය

A+ A-

” බෑ බෑ අනේ එතන සෙනගනේ…….”

” එහෙමනම් museum එක ??”

” පිස්සු ද……………”

” සත්තු වත්ත……….”

“මොනාද අනේ ඔයාලගේ අදහස් දැන් යාලු වෙලා මාස හතරක් විතර නේද….. කිසිම රොමෑන්ටික් එකක් නෑනේ ඔයාලගේ……..”

මං මේ යසස් අයියට I love you කියන්න තැනක් හොයන්නේ…… ඔව් ඔව් ඔයාලට ඇහුන එක හරි ……. මං එයාට ඒක මේ ඉරිදට කියන්න ඉන්නේ…. ඒකට මං මේ මෝඩ ඩබලගෙන් අයිඩියා එකක් ඇහුවා….. කිසිම වැඩක් නෑ….. 😒

” මෙහෙම හිටියට මං රෝමියෝ වගේ රොමෑන්ටික් ………”

” අනේ මේ කට පියන් ඉන්න ……”

” ඇයි වස්තූ මං රොමෑන්ටික් නැද්ද…….”

” රොමෑන්ටික් රොමෑන්ටික් මං කියන්නෑ ඉතිම් ……….”

” ඔබට මාගේ ආලය විහිලුවක්ද සොදුරිය…………”

” නවත්තගන්නවා දෙන්නම…… උඹලගේ ඩ්‍රාමා එක පස්සේ පෙන්න ගනිල්ලා…… මට දැන් තැනක් හොයලා කියපන්………..”

” අහ් අපේ අයියා ආසයි aquarium වලට………”

” ඔය කියන්නේ මින් මැදුරක්ද??”

” ඔව් ඔව් search කරපන් aquarium near me කියලා …………”

” ආ මේ තියෙන්නේ ටොප් බඩු…… Diyatha Uyana aquarium ………. කොළඹ තියෙන්නේ … බයික් එකේ යන්නත් පුලුවන් එක මේකට යමන්……”

” සෙට් වෙයිද??”

” වෙයි අනේ…….. අනික කොළඹනේ….. අවුලක් ගියොත් one gallface හරි ගිහින් ආවෑකිනේ…….”

” ඔන්න එහෙමනම් මං එයාට කියනවා ඈ……..”

” හරි මචං හැබැයි මේකෙන් පස්සේ අපිට පාටි ඕනි ඈ………..”

” අනේ පලයන්….. තාම තොපිලා දෙන්නා යාලු උන එකට පාටි දුන්නෙත් නෑ …….. මගෙන් ඉල්ලන්න……”

” හරි හරි යම්කිසි සිදුවීමක් උනා තමයි…….”

” ඔයාලා දුන්නාම තමා මං දෙන්නේ….. ආවා මෙතන…….”

සෙනසුරාදා පන්ති ගිහින් තමා මට යසස් අයියව අල්ල ගන්න පුලුවන් උනේ……

” මේහ්…….. හෙට මොනාහරි වැඩක් තියෙනවා ද……..?”

” හෙට………. එහෙම මුකුත් විශේෂ වැඩක් නෑ……….. ඇයි ??”

” මාත් එක්ක ගමනක් යන්න එනවද???”

” කොහෙද??”

” කොළඹ??”

” කොළඹ??? ඒ ඇයි??”

” ඒ පණ්ඩිතකම් වලින් වැඩක් නෑ එන්න පුලුවන් ද බෑද??”

” හරි හරි අනේ එන්නම්……. මං ඔයාට බෑ කියනවද….”

ඉරිදා උදේම මං ලෑස්ති උනේ යසස් අයියා එක්ක කොළඹ යන්න ……. එයා බයික් එකේ අපේ ගෙදර ඇවිත් ඒක අපේ ගෙදරින් දාලා මගේ බයික් එකේ කොළඹ යන්න තමා අපි කතා උනේ…….

මං නිල්පාට ඩෙනිමට සුදුපාට ෂර්ට් එකක් ඇදගත්තා…… ඇඳගෙන යසස් අයියා දුන්න මාලේ දාගෙන පේන්නේ නැති වෙන්න හදාගත්ත …… ආයේ ඕක දැක්කොත් වැඩේ මාට්ටුනේ…….. ඊට පස්සේ……. මගේ Royal mirage perfume එකෙන් දෙතුන් පාරක් ගහ ගත්තා ……… ඒක ටිකක් ගණන් නිසා මං ඒක තියන් ඉන්නේ විෂේශ අවස්ථාවල භාවිතයට විතරයි ……. මේකත් ඉතිම් විශේෂ අවස්ථාවක්නේ….. ඒක නිසා ඔන්න ඔහෙ තව පාරක් ගහ ගන්නවා…….

මං ලෑස්ති වෙලා එනකොටත් යසස් අයියා ඇවිත් හිටියේ…… කලුපාට ඩෙනිමට ……. නේවි blue ටී ෂර්ට් එක …. එයාට හොඳටම මැචින්….. මොක ඇන්දත් එයා Handsome එක වෙනම කතාවක්…… ඒත් අද එයා තවත් Handsome ……… එයා ළඟට යනකොට ඉතිම් හැමදාම එන්නේ මං ආසම lavender සුවඳ………

” අද හරි ලස්සනයිනේ…… ඇයි මේ ම්ම්ම්?”

” එහෙම තමා මං කොහොමත් ලස්සනයි ……. මං කිව්වනේ ප්‍රශ්න අහන්න බෑ කියලා ……….. යං යං පරක්කු වෙනවා……….”

යසස් අයියා කොළඹ කිට්ටු කරනකම් බයික් එක අරන් ආවට……. කොළඹ කිට්ටු කරලා මං බයික් එක ඉල්ල ගත්තා ………. පාර කියන්න ගියොත් වැඩේ මාට්ටුනෙ……. එතකොට කොහොමද සප්‍රයිස් එකක් වෙන්නේ……

” ඔයාට ෂුවර්ද බයික් එක ගෙනියන්න පුලුවන් කියලා …….”

” ඔයා මොනාද අනී අහන්නේ මට ලයිසන් තියෙනවා ………..”

අපි දෙන්නා උදේටත් කාලා aquarium එකට එනකොට උදේ 10.00ට විතර ඇති ……..

” Aquarium එකකට??”

” ඔව්……..”

” මොකද හදිස්සියේම ඔයාට aquarium එකකට එන්න ඕනි උනේ…??”

” ඇයි දැන් මට එන්න බෑද?? ඔයත් නිකම් බයෝ පේපරේ වගේ ප්‍රශ්නම විතරනේ අනේ……..”

” හරි හරි  😂….. යමුකෝ එහෙමනම් …..”

ඇත්තටම එතන හරි ලස්සනයි……. කලබල වෙච්චි හිත් නිමෙනවා මේවා දිහා බලන් ඉද්දී……….. ඒත් මොනා බැලුවත් මගේ හිත නම් කලබලයි…. මට තේරෙන්නේ නෑ මං ඒක කියන්නේ කොහොමද ……. කොහොමද ඒක පටන් ගන්න ඕනි කියලා ……….

” ඇයි ඔයා මං දිහා බලන් ඉන්නේ මාලු බලන්නැද්ද??”

මං දිහා බලාගෙන ඉන්න යසස් අයියගෙන් මං ඇහුවා……

” මේ වගේ ලස්සන දෙයක් මගේ ඇස් ඉස්සරහ තියෙද්දි….. මට වෙන දේවල් බලන්න අමතක වෙනවනේ …….”

අපි ලොකු මාලු ටැංකියක් ගාව ඉඳගත්තා……. අද aquarium එකේ සෙනග අඩුයි…… වෙලාවට ………

” අයියේ මට කියන්න දෙයක් තියෙනවා …….”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

” ඇයි අනේ ඔයා මාලු දිහා නැතුව මං දිහා බලාගෙන ඉන්නේ??

යසස් අයියගේ View එක –

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිනමවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 31