À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය

A+ A-

මං යසස් අයියලගේ ගෙදරින් වොෂ් දාගෙන ආවේ එයාගේ ඇඳට….. මට දැන් මේ ගෙදර පුරුදුයි ……. එයාලගේ කිරිඅම්මා උනත් මට සලකන්නේ එයාලගෙම දරුවෙක් වගේ…… මං මේ වෙනකොට යසස් අයියට ගෙදර උන විස්තරේ කියලයි තිබුනේ….. වෙන කෙනෙක් උනා නම් මං මේ දේවල් නොකියා ඉන්න තිබ්බා…. ඒත් යසස් අයියට මේ දේවල් කියන්න මට කිසිම ලැජ්ජාවක් දැනුන්නෑ……..

” ගොඩක් රිදෙනවද සෙනූ……”

මං කලිනුත් කිව්වා වගේ මං ටිකක් සුදුයි… ඉතිම් තාත්තා ගහපු පාර ලස්සනට මගේ මූණේ තිබ්බා….. යසස් අයියා දැන් ඕක රිදෙනවද අහන දහ වෙනි වතාවද කොහෙද….. හිමීට එයාගේ සීතල ඇඟිලි මගේ මූණේ ගෙනියන ගමන්…… තමා එයා අහන්නේ….

” අවුලක් නෑ මට පුරුදුයි ……”

” ඒ උනාට මට පුරුදු නෑනේ සෙනූ….. ඔයාගේ ලස්සන මූණ මෙහෙම කැත වෙනවට මම කැමති නෑ …….”

එයා මාව එයාගේ කකුල්දෙක අතරට මැදි කරගෙන බෙඩ්ෂීට් එක පෙරෙව්වා…

” සෙනූ……….”

” ම්ම්ම්…………”

” ආයේ කවදාවත් මැරෙන්න ඕනි කියන්න එපා සෙනූ…… මගේ හදවත නතර උනා වගේ දැනුනේ ………..”

රස්නෙට කදුලු බින්දුවක් ඇවිත් මගේ උරහිසට වැටුනා……. යසස් අයියා අඬනවා…….

” අනේ….. සොරි……. මට ඔයාව අඬවන්න ඕනි උනේ නෑ අයියේ…… මං ඇත්තටම කිව්වේ මට දැනුන දේ…..  ඔයාගේ කෝල් එක ආවේ නැත්නම් මම….. මම………….”

” à·‚à·Š……..à·‚à·Š…….. අපි ඒක අමතක කරමු….. දෙවියෝ අපිට තව අවස්ථාවක් දුන්නා කියලා හිතමු ….. අපි ඒ හම්බුන අවස්ථාවෙන් ලස්සනට ජීවත් වෙමු……. සෙනූ තනි වෙලා නෑනේ …… සෙනූට මං ඉන්නවා…. සහස් ඉන්නවා….. තේව් ඉන්නවා….. නදීක ඉන්නවා….. මිහිදුන් ඉන්නවා……. අපේ කිරි අම්මා ඉන්නවා…… අපි හැමෝම සෙනූට ආදරෙයිනෙ……… අපි හැමෝම එක පවුලක්නේ……. එහෙම නේද??”

“හම්ම්ම්ම්ම්”

“ආයේ ඔයාට ප්‍රශ්නයක් නම් මට කතා කරන්න සෙනූ…… මට ඔයා කරදරක් නෙමේනේ ………”

” පිං අයියේ………”

” ඒ මොනාටද ……….”

” මගේ ජීවිතේට ආවට……………”

” දන්නවද සෙනු…. ඔයා හරියට පුංචි සමනලයෙක් වගේ…….. සමනලයගේ තටු වල ලස්සන ඌට පේන්නේ නැති උනාට …. ඒ සමනලයා දිහා බලන් ඉන්න මට පේනවා….. ඉතිම් මං හුස්ම ගන්නකම් ඒ තටු වල පාට රකිනවා….. මං හරිම පරිස්සමට ඔයාව බලාගන්නම් සෙනූ……. ඒ නිසා …… ඔයාට මුකුත් කර ගන්න කලින් හිතන්න…….. ඔයාගේ ඇතුලේ මාත් ජීවත් වෙනවා කියලා ….. ඔයාගේ මේ හිනාව…… හිනාවෙද්දි දිලිසෙන මේ ඇස් දෙක…… වෙනුවෙන් තව කෙනෙක් බලන් ඉන්නවා කියන එක මතක තියා ගන්න ………”

” හම්ම්ම්………”

” කෝ මට පොරොන්දු වෙන්න ……. ආයේ ඔයාට රිද්දගන්නෑ කියලා …….”

” මං පොරොන්දු වෙනවා….. මටවත් මට ආදරේ කරන කාටවත් ආයේ රිද්දන්නෑ…..”

” Good boy…….. ඔන්න ඒකට මගෙන් ඔයාට ලොකූ hug එකක් ………..”

එහෙම කියලා එයා මාව හයියෙන් බදාගත්තා…….

” සෙනූ දැන් නිදාගන්නවද??…….”

” ඔයා???”

” මට පොඩි වැඩ වගයක් තියෙනවා ඒක ඉවර වෙලා මං නිදාගන්නම්……”

” මාත් ඉන්නම්……. ‘

” ෂුවර්ද??”

” හම්ම්ම්………….”

මං බලාගෙන හිටියේ ඇඳේ ලැප් එකත් දිග ඇරන් වැඩ කරන යසස් අයියා දිහා… ඇත්තටම මේ සිද්ද වෙන දේවල් ඇත්තද?? මට වෙලාවකට හිතෙනවා මං හරි ලස්සන හීනයක් දකිනවදෝ කියලා …………. මේක හීනයක් නම් මං කැමති හැමදාම නිදාගෙන ඉන්න ….. මොකද මේ මොහොතේ…. ගෙවන මේ ලස්සන දවස් මට නැති කර ගන්න ඕනි නෑ………

” මොකද මොනාද බලන්නේ…….. මං වගේ Handsome කොල්ලෙක් ඇස් ඉස්සරහා තියාගෙන කොහොමද සිල් රකින්නේ කියලද??”

” මොනාද අනේ කියන්නේ …..”

අපෝ මේ මනුස්සයා නම් මොහොතකට සීරියස් වෙන්න දෙන්නේ නෑනේ ….. ඔහොම කියද්දි මාව රතු වෙනවනේ ලැජ්ජාවේ බෑ……….

එක පාරටම යසස් අයියා ලැප් එකත් අරගෙන ආවේ මගේ කකුල් දෙක මැද්දට……. එයා එක අතකින් මොනාද ටයිප් කරන ගමන් අනිත් අතින් හිමීට මගේ එක කකුලක් අත ගානවා……
මට කුචිත් එක්ක මං හිමීට මගේ ෆෝන් එක අරන් එයාගේ ෆොටෝ එකක් ගහ ගත්තා ………

ඇත්තටම එයා දිහා දවසම උනත් බලාගෙන හිටියැකි…… ඒ තරම් එයා ලස්සනයි……. මට හිතාගන්න බැරි මනුස්සයෙක් කොහොමද මෙච්චර සර්වසම්පූර්ණ උන් කියලා ……..

එතකොටම එයාගේ ෆෝන් එකට ආවේ msg එකක් …… එයා ෆෝන් එක බලලා හිනා වෙවී මටත් දුන්නා බලන්න …..

” මේ ඔයාගේ පුංචිගේ දුව නේද…… එතකොට මේ පොඩි බබා??”

” එයත් පුංචිගෙම තමා ……….”

” අනේ සෝයි…… මාවත් එක්ක යන්නකෝ දවසක……..”

” ඔය ඇත්තටම ද කියන්නේ ??”

” ඔව් මාත් ආසයි නුවර යන්න …………”

” යමු…….. සෙනූ ආසද බබාලට…….”

” ඔව්නේ……….”

” සෙනූ ආස දුවෙක්ටද පුතෙක්ටද…..??”

” මට බබාලා හදන්න බෑනේ …..”

” කවුද දැන් කිව්වේ ඔයා හදනවා කියලා …….. ඇයි ඔයාට බබාලා හදලා බලන්න ඕනිද ??”

” අනේ මේ මොනා කියනවද මන්දා…. වල්නරියා….”

” මේ බලහන්කෝ…… හොඳට හිටපු මාව අවුස්සන් මට වල් නරියලු…….”

ලැප් එක ඕෆ් කරපු යසස් අයියා මට කුචි කවන්න ගත්තා …….

” ඇති……. අනේ ඇති……. මට හුස්ම ගන්න බෑ………….”

” මෙහෙ එනවා නිදාගන්න ……….”

මාව තදින් තුරුල්කරගෙන බේඩ්ෂීට් එකත් පොරවලා යසස් අයියා කියද්දී මේ සතුට හැමදාම තියෙන්න ඕනි කියලා මාත් ඇස් වහ ගත්තා ……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මොනාද ඈ හිතුවේ……… චී අනේ ඔයාලගේ කැත හිත….. මං කිව්වනේ යසස් අයියා අහිංසකයි කියලා  😒😒😒

සෙනූ ගත්ත ෆොටෝ එක ….. මට කිව්වා කාටවත් පෙන්නන්න එපා කියලා …… එයාට කියන්න එපා ඈ මං ඔයාලට පෙන්නුවා කියලා  🫣🤫🤫🤫

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිඅටවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 30