À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය

A+ A-

මං මගේ අතේ තියාගෙන හිටියේ යසස් අයියා මට දුන්න චේන් එක …….

මං ඒගොල්ලොන්ගේ ගෙදර ඉඳල එන්න යද්දි තමා යසස් අයියා මට මේ චේන් එක දුන්නේ……. ඒක යතුරක හැඩය තියෙන පෙන්ඩන්ට් එකක් එක්ක තියෙන චේන් එකක් …..

” සෙනූ…. ඔයා හිතයි මං මහ බොළඳයි කියලා …… ඒ උනාට …… මට මේක ඔයාට දෙන්න ඕනි…. මං ඇත්තටම ආදරේ ගාවදි හරි බොලඳයි සෙනූ…. මේක ඔයා මට ආදරේ කරනවා කියලා හිතෙන දවසක දා ගන්න ….. කොච්චර කල් ගත්තත් මං තරහා නෑ සෙනූ….. “

” යතුරක්??”

” හම්ම්ම් ඔව් මගේ හදවතේ යතුර …… අනිත් එක මං දාගෙන ඉන්නවා….. ඔයා තමා මගේ හදවතේ යතුර … මගේ හැගීම් මං පෙන්නනේ ඔයා ගාව විතරයි …… ඉතිම් ඒ නිසා ඔයා තමා මගේ හදවතේ යතුර…….”

ඇත්තටම නපුරු මනුස්සයෙක් ට මෙච්චර ආදරනීය වෙන්න පුලුවන්ද මං අහන්නේ….. මට දැන් කොහොමත් ආයේ හැරෙන්න බෑ….. මේ මනුස්සයා මං ගැන ඕනෑවටත් වැඩියේ බලාපොරොත්තු තියාගෙන ඉන්නේ….. ඒත් මගේ හිත සම්පූර්ණයෙන් නිදහස් වෙනකම් මට එයාට කෙලින් උත්තරයක් දෙන්න බෑ…… ඒක මං එයාටත් කරන අපරාදයක්…….

දවස් ගෙවිලා ගියේ හරිම ඉක්මනින්…..  පොල තිබ්බේ අද ඊයේ වගේ මට මතක…… දැන් එන්න එන්න පළවෙනි වාරේ ඉවර වෙන්නත් එනවා…… ඒ කියන්නේ නත්තල් ලං වෙනවා… යසස් අයියලා මිහිදුන් අයියලා ස්කෝලෙ එන්නේ තව එක වාරයයි… මොකද දහතුනේ අය අන්තිම වාරේ සාමාන්‍යයෙන් ස්කෝලේ එන්නේ නෑ…….

ඒලෙවල් අයට මේ ඉවර වෙන්නේ පළවෙනි වාරේ උනාට ස්කෝලෙ අනිත් හැමෝටම මේ අන්තිම වාරේ….. වාරේ අන්තිම දවස කියන්නේ ඉතිම් ස්කෝලේ ගොඩක් වැඩ වැඩි දවසක්….. අද අපේ ප්‍රගති වාර්ථා පොත් දෙනවා… ඒ වගේම අද නත්තල් උත්සවේ…. බෞද්ධ උනාට අපේ ස්කෝලෙත් ලාවට නත්තල සමරනවා…..

උදේම මිස් පන්තියට ආවේ ප්‍රගතිවාර්ථා පොතුත් අරගෙන….. ඒලෙවල් වලට ඇවිත් මගේ පළවෙනි විභාග ප්‍රතිඵලය.. පපුවත් පොඩ්ඩක් ගැහෙනවද කොහෙද…. අපේ පන්තියේ ළමයි 31ක් හිටියා……

” අපේ පන්තිය තමා මේ පාර සෙක්ෂන් එකෙන් හොඳම ලකුණු අරගෙන තියෙන්නේ ……..මට ඒක ගැන හරිම ආඩම්බරයි…… පන්තියේ අන්තිමයටත් ඔක්කෝටම 35ට වැඩියෙන් තියෙනවා ….. ඉතිම් ඔයාලා පන්තියේ කී වෙනියා උනත් දුක් වෙන්න එපා…. තාම මේ පළවෙනි වාරේ… අපිට කල් තියෙනවා අපේ වැරදි හදාගන්න ….. ඉතිම් හැමෝටම සුභපැතුම්……”

හැමෝම කියන්නේ සෙක්ෂන් එකේ පේන්න බැරිම පන්තිය අපේ පන්තියලු….. හොඳ වැඩේ අල්ලපු පන්තියේ සර්ට…… අපේ ලකුණුලු වැඩිම… මිස් අග ඉදලා මුලට පන්තියේ වෙනියා කියාගෙන ගියා එක එක්කෙනා අඩු වෙද්දි නම් මගේ සතුට ටික ටික වැඩි වෙනවා….. දෙයියන්ගේ පිහිටෙන් මං පන්තියේ අන්තිමයා නෙමේ …..

එතකොට හත්වෙනි ස්ථානය… E.M සෙනුල්ය මහීෂ්වර එදිරිසිංහ ……

” අම්මට හුඩු මං පන්තියේ 7වෙනියා…..”

මං හෙන ගැම්මෙන් ගිහින් ප්‍රගති වාර්තා පොත අතට අරගෙන බැලුවා…..

ජීව විද්‍යාව – 80, රසායනික විද්‍යාව – 67, භෞතික විද්‍යාව – 55

අවුලක්ම නෑ සේප්……….

පස්වෙනි ස්ථානය H.M තෙවන් පබසර හේරත්…..

මූ යකෝ …… මට වඩා ලකුණු 10ක් මුගේ වැඩී…….

” මොකක්ද කියපන් උඹේ රහස…..”

” වෙන මොකක්ද අනේ  intelligence boyfriend …… කෙනෙක් ඉදීම තමා රහස…..”

පළමුවැනි ස්ථානය.. S.A සහස් දෙව්නෙක සෙනෙවිරත්න ……

හරිනේ….. මූට ඔය ඉල්ලමක් පහළ වෙලා තියෙන්නේ …….

” තනිකඩ අපිට කොයින්ද එහෙම වාසනාවක්………..”

” ඇයි අර ඉන්නේ උඹේ රකුසු කුමාරයා උගෙන් අහ ගන්නවකෝ…..”

” ඌ නටන ජවුසම් වල හැටියට කොහොම ලකුණු තියෙනවා ද කවුද දන්නේ……”

” උඹට මිහිදුන් අයියා ඉන්නේ…. සුවර් එකට ඌ පන්තියේ පළවෙනියා වෙන්නැති ……..”

” එයා ඉගැන්නුවට මට ඔලුවට යන්නෑ අනේ….”

” මේ කන්න යමුද…..”

” පස්වාන් දහසකට බුදු වන්න අපේ පන්තියේ රාජෝත්තමයා……”

” පලයං බං යන්න …….. බබා මං කිව්වනේ තව වැඩ කරන්න කියලා ….. ඔයත් මට වඩා අර පබ්ජී එකක් ලොකු කරගෙනනේ…….”

” යනේ යනවා යන්න …… මෙච්චර හරි ගත්තා මදෑ…… ඔයා කිව්වනේ මුල් පහ අතරට ආවොත් මට චොක්ලට් එකක් දෙනවා කියලා කෝ…..”

” හරි හරි කෑ ගහන්න ඕනියෑ බෑග් එකේ තියෙනවා ගන්න…..”

” අල්ලසුත් දීලද උඹ මූව ගොඩ දැම්මේ…”

” කියලා වැඩක් නෑ ….. ඌ ලකුණු ගන්නවට මං අල්ලස් දෙන්න ඕනි….”

” එහෙම තමා හොඳ බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් උනාම…. අර සදිසා නමස්කාරෙත් තියෙන්නේ බිරිඳට කන්න අරන් දෙන්න කියලා …..”

” ඒ ටිකට උඹ බිරිඳකුත් උනාද??”

” උඹ වෙන්ඩ බිරිඳක් උනාට මං මොනා කරන්න ද?”

අපි කියව කියව ආවේ කන්න… හොල්මන් මන්දිරෙන් පස්සේ මායි තේවයි… සහසුයි….. චේතියයි…… නදීක අයියයි…….. යසස් අයියයි…. මිහිදුන් අයියයි ගොඩක් ෆිට් උනා….. ඉතිම් අපි කන්නේ බොන්නේ එකට දැන් …..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ස්කෝලේ යන කාලේ ඔයාලා පන්තියේ කීයද 😌???

අපිටත් ඉතිම් handsome tutor කෙනෙක් හිටියා නම් අපිත් ලකුණු ගන්නවනේ……

” මේ බබා………..”

” මං කියලා තියෙනවා ස්කෝලෙදි ඔය අමුතු නම් වලින් කතා කරන්න එපා කියලා …”

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිඑක්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 23