À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය

A+ A-

අපි හැමෝම අද මිහිදුන් අයියලගේ ගෙදරට ආවේ එයාගේ Birthday එක සමරන්න…….

මං , යසස් අයියා, නදීක අයියා, තේව්, සහස්, චේතිය වගේම මිහිදුන් අයියගේ තව යාලුවෝ කීපදෙනෙකුත් ඇවිත් හිටියා……..

” අර බලපන්කෝ අර කෙල්ල උඹේ රකුසු කුමාරයගේ ඇගේ එල්ලෙනවනේ ආපු වෙලේ ඉඳල …..”

” ඒක තමා තේව් මාත් බලාගෙන ….. දෙන්නම්කෝ ඕකිට…..”

” මොකක්ද කරන්න යන්නේ…. “

” බලාගෙන ඉන්නකෝ…..”

මං දැන් ආපු වෙලේ ඉඳල බලාගෙන මිහිදුන් අයියගේ යාලුවෙක් කියපු කෙල්ලෙක් යසස් අයියා පස්සෙන්මයි…… යසස් ඔයා පාඩම් කරාද…. යසස් ඔයා අරක කරාද….. යසස් ඔයා මේක කරාද…… හරි මඟුලක් උනානේ මේක ……..

” අනේ…………. ඔප්පා ………………”

මං එහෙම girl voice එකෙන් කියාගෙන ගියේ යසස් අයියා ගාවට…….. යසස් අයියා මොකක්ද ඒ කිව්ව හරුපේ වගේ මං දිහා බලාගෙන හිටියා…….

” මොකක් හප්පා…..??”

” හප්පා නෙමේ අනී ඔප්පා……. ඔයා මගේ ඔප්පනේ………….. “

” හාකෝ……”

” ඔප්පා………. I’m so hungry ……….. “

” ඔයාට මොනාද ඕනි සෙනු….. කට්ලට් ටිකක් දාලා දෙන්නද…..පිඟානකට…..”

” No ඔප්පා…. ඒවගේ oill වැඩී……. මගෙ figure එක out යනවා අනේ……..”

තේව් නම් බඩත් අල්ලන් හිනා වෙනවා මගේ ඇක්ට් එකට………

” එහෙමනම් කඩල………”

” අයියෝ ඔප්පා ඒවා මගේ nails එක්ක කන්න බෑ ඒවා hurt වෙනවා……..”

” කවුද යසස් මේ….??”

ඒ කෙල්ල මගේ උඩ ඉඳල පහළට බැලුවේ මොන ජාතියක සතෙක්ද මේ වගේ බැල්මකින්…….

” I’m his Yeobo…….. ඔප්පා….. ඔයා මෙයාලට කියලා නැද්ද…..”

( yeobo – ” Honey or darling use by married couples…..)

” මොකා??”

” අයියෝ……. ඩාලිං…… මේ කෙල්ල බෙරිහන් දෙද්දී…… මට නිකම් faint වෙන්න වගේ…….. මට hungry ත් එකේ අපිට බැරිද bedroom එකකට යන්න …..”

මං හෙන sexy style එකකින් යසස් අයියගේ ඇගේ ඇඟිලි යවන ගමන් කිව්වා…….

යසස් අයියා රතු උන පාර මාවත් ඇදගෙන උඩට එන්න ආවා…. මට නිකම් trophy එකක් දින්නා වගේ… මං ඒ කෙල්ල දිහා බලලා දිවත් දිග් කරා….. ආවා මෙතන මගේ යසස් අයියව අල්ල ගන්න ……. මොකක් මගේ??? ඔව් ඔව් මගේ තමයි දෙන්නෙ නෑ එකෙක්ටවත්…..

මහ ලොකුවට යසස් අයියා එක්ක ආවට මොකද කොහෙ යනවද දන්නෑ…… පොඩ්ඩක් තරහත් ගිහින් වගේ…. එක එක නැට්ටිච්චියෝ ඇඟේ එල්ලෙන්න හොඳයි මං පොඩ්ඩක් එල්ලුනාම තමා මෙයාගෙත් ගෑස්…..

යසස් අයියා උඩ තට්ටුවට ඇවිත් මිහිදු අයියගේ කාමරේ ඇතුලට ඇවිත් මාව ඇදට තල්ලු කරලා දොර වැහුවා……. එහෙම්මම විනාඩියක්වත් පරක්කු නොවී එයා මගේ ඇඟ උඩට ආවා……

” මොනාද අර කියවපු අමුතු වචන….”

මෙන්න මෙයා හිනා වෙනවා…. ඒ කියන්නේ තරහා ගිහින් නැද්ද??

” කොරියන් අනේ……..”

” මං දන්නෑනේ………. ඔයා කොහොමද දන්නේ?”

” කොරියන් සීරියස් බැලීමේ ප්‍රවීනයෙක් මම…….😌”

” මං ඕවා බලන්නෑ…. ඔන්න පොඩිකාලේ අභීත දියනියද කොහෙද බැලුවා එච්චර තමා ……”

” අයියෝ ඔයා වැඩක් නෑනේ අප්පා….. ඉන්නකෝ මං ඔයාට කියලා දෙන්න හොඳ කොරියන් ඩ්‍රාමා ලිස්ට් එකක් ….”

මං නැගිටින්න හැදුවාම යසස් අයියා ආයේ මාව ඇදට තල්ලු කරා…..

” අපෝ ඕන්නෑ මේ ඉන්න ඩ්‍රාමා එකම ඇති ……”

” මොකද මේ එහාට වෙනවා මගෙ ඇඟ උඩින්….”

” මට බෑ මේවා ඔයාගේ වැරදිම තමා ….”

” මගෙ මොන වැරදිද…??”..

” ඇයි ඔයා නෙමේද දැන් අමුත් කටහඬකින් hungry hungry ගාලා මාව ඇවිස්සුවේ……. මං මේ බඩගින්න හොඳ කරන්න ආවේ…….”

” ඒ විහිලුවට එහාට වෙන්නකෝ……”

” මං නම් ඒක සීරියස් ගත්තා දැන් නම් කරන්න දෙයක් නෑ ………..”

” යන්න දෙන්නකෝ…… ආ…….. යසස් අයියේ කුචි…………”

යසස් අයියා එයාගේ නහය මගේ මූණෙයි බෙල්ලෙයි අතුල්ලන්න ගත්තා ….”

” මෙන්න මට බලහත්කාරකම් කරනවා….. අත අරිනවකෝ අයියේ මට කුචි…..”

මට කුචි කව කව හිටපු යසස් අයියා….. මගේ අත් දෙක ඇදලා උඩට කරලා එබුනේ මගේ මූණට…..  එයාගේ ඇස් දිහා බලන් හිටපු මට ඇස් දෙක පිය වුනේ නිකම්මයි………. ඇස් වහගෙනත් මුකුත් නොවුන හින්දා ඇස් ඇරිය ගමන් යසස් අයියා මගෙ නහය උඩින් එයාගේ තොල් තද කරා……

” මොකද ඇස් වහන්නේ ම්ම්ම්…. එවා පරිස්සම් කර ගන්න යාලු උනාට පස්සෙ පාවිච්චියට ගන්න ………”

එහෙම කියලා යසස් අයියා මගෙ නහටත් තට්ටුවක් දාලා කාමරේ ඇරගෙන යන්න ගියා ……. ඔහොමත් කරනවද අනේ තව ටිකෙන් හදවත අතේනේ……. මං එහෙමම එයා ගියපු දිහා පපුවටත් අත තියන් බලන් හිටියා …..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

අනේ අනේ සෙනූ මොනාද හිතන්නෙ ආ??? අපේ යසස් එහෙම නෑ එයා අහිංසකයි  😌 මේ කතාව කියවන අය පල්ලා……..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිපස්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 27