À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය

A+ A-

යසස් අයියා නොපෙනී යනකම් ඉඳලා මං එයාගේ ෆෝන් එක අතට ගත්තා ….

” ඒ පාර තමුසෙ මොකක්ද නටන්න හදන නාඩගම??”

“අනේ මේ…… පොඩ්ඩක් ඉන්නවකෝ දැක්කේ නැද්ද ආපු වෙලේ ඉඳලා මෙයාට ආපු කෝල්ස් මැසේජ් ටික මම හොයලා බලන්න ඕනිනේ කවුද කියලා…… “

” ඇයි ඉතින් උඹ හොයලා බලන්නේ??  උඹ දැන් කිව්වනේ උඹ තාම ආදරේ නෑ කියලා කියලා……”

” ආදරේ වෙන්න ඕනිද හොයලා බලන්න??……..”

“නැත්තං උඹ මොන අයිතියකටද ඕක හොයලා බලන්නේ???…….”

” මට තියෙනවා අයිතියක් ඒක උඹ දන්නෑ……….  කටවන් ඉඳපංකෝ මට මේක හොයාගන්න ……”

හත්තික්කේ….. මේකට පාස්වර්ඩ් එකකුත් දාලානේ මේ මනුස්සයා……. මොකක් දැම්මද දන්නේ නැ……….. මගේ නම ගහල බලමුද…….. ආ මේකේ තියෙන්නේ අංකනේ…….  මං මගේ උපන්දිනේ ගහලා බලන්නද……… අම්මට සිරි ඇරුනා කියහන්කො……….

” ඒ………. යසස් අයියා මේකට දාලා තියෙන්නේ මගේ උපන්දිනේ………”

“ඉතින් උඹ ඔහොමත් තියාගෙන අයියව සැක කරනවද??”

“සැක කරනවා නෙමේ අනේ……  මං මේ අහක යන නැට්ටිච්චියන්ගෙන් එයාව බේරගන්න හදන්නේ…….”

” අම්මෝ තොපෙත් ඉරිසියාව……. බලාගෙන පැලෙයි…… ඉතින් කෝ දැන් ඕකේ මොනාද තියෙන්නේ? “

“ඊ………  බලපංකෝ මේකෙ හෝම්ස්ක්‍රීන් එකට යසස් අයියා දාගෙන ඉන්නේ මගේ පින්තූරයක්නේ…… ඒ වුණාට එයාට තිබ්බා මීට වඩා ලස්සන පින්තූරයක් දාගන්න බලපංකො බං මං මේකෙ කැත………”

එයාගේ හෝම්ස්ක්‍රීන් එකේ තිබ්බෙ මම නිදාගෙන ඉන්න වෙලාවක එයා ගහපු ෆොටෝ එකක්………

” උඹ ඔහොම නෙමේ කොහොම හිටියත් කැතයි……. ඒක හින්ද එහෙම හිතලා එයා ඕක දාගන්න ඇති හෝම්ස් ක්‍රීන් එකට…….”

” අනේ මේ කටවහන් ඉඳපන්……”

” දැන් මොනාද උඹ ඕකේ බලන්නේ??”

” වෙන මොනවද කෝල් හිස්ට්‍රි එකයි චැට් හිස්ට්‍රි එකයි………”

මං වට්සැප් එකට ගිහින් බලද්දි එකම  number එකෙන් මිස් කෝල් 3ක්…..

මොකීද මේ දිල්හාරා…….

” ඉතිම් සෙනූට හොයපු එක හම්බුනාද???”

මං චැට් එක කියව කියව ඉද්දි මගේ පිටිපස්සේන් ඇහුන සද්දෙට මං ගැස්සිලා බැලුවේ කවුද කියලා …. ඉවරයිනේ යසස් අයියා……..

” මෙච්චර ඉක්මනින් ආවද??”

” ඔව් ground එකේ canteen එක ඇරලා ……”

” à·„à·“…… එහෙමද……”

මං දත් හැට හතරම පෙන්නලා හිනා උනා…….

” ඉතිම් ලොකු සර් කිව්වේ නෑනේ … මගේ ෆෝන් එක ගත්ත හේතුව…..”

” ඒක මේ…….. ඒක මේ………. තේව් උඹ කියපන්කෝ……….”

” අනේ මේ මං නෑ ඕවට……..”

” මේ ……… මේ………..”

” දිල්හාරද?? ඒ මගේ නංගි…… අපේ පුංචිගේ දුව…… ඊයේ ඉඳල කියනවා මට නුවර එන්නලු…… එයාලගේ ගෙදර …….. දැන් කෝල් එක ඉස්සුවොත් මට කන පැලෙන්න අහ ගන්න වෙනවා…….. ඒකයි ඉස්සුවේ නැත්තේ…….”

” ම්ම්ම්ම්………….”

” දැන් හරිද ප්‍රශ්නේ???”

” මට ඇති ප්‍රශ්නයක් නැ……”

” ඔච්චර ඉරිසියා කරන්න එපා… ආස හිතෙනවා …….”

” මොනාට??”

” ඔයාට ……. ඔය මූණත් රතු වෙලා……”

යසස් අයියා මගෙ මූණ මිරිකලා කිව්වාම මට තවත් ලැජ්ජයි ……. මං නැතුව වෙන කාට ඉරිසිය හිතෙන්නද….

” අල්ලන්න එපා මාව……. මං කිව්වනේ….. අත ගන්න …….”

” ඔයාට තරහා ගියාමත් අමුතු ලස්සනක් තියෙනවා …….”

දැන් නම් මට සුවර් මං ඇපල් සයිස් එකට රතු වෙලා ඇති……..

” à·„à·Š….ම්………… අයියෙ……  සරල   අවලම්බයක ආවර්තකාලය දුන්නාම ටීටා කෝණය හොයන්නේ කොහොමද ??”

අනෝව්…… මගේ ගැලවුම් කාරයා…… තේව්…….. මාව මේ අවස්ථාවෙන් බේර ගත්තට මං උඹට අයිස්ක්‍රීම් එකක් අරන් දෙනවා සත්තයි………

සහස්ට බාස්කට්බෝල් ප්‍රැක්ටිස් ඉවර උනාම තමා අපි ගෙවල් වලට යන්නේ…… ඉතිම් මේ නිවාඩු කාලේ ගෙවුනේ ඔහොම…… හැමදාම වගේ හවසට අපි හම්බුනා….. තව සෙනසුරාදා ක්ලාස් එකෙනුත්……

” උඹ දැන් කවද්ද යසස් අයියට කැමති කියන්න ඉන්නේ??”

” ඉක්මනින් කියන්න ඕනි…..”

” ඒ කියන්නේ උඹ කැමති ??”

” ඒ වගේ……….”

” ආව් ආව්…… අපේ සෙනුත් දැන් ප්‍රේමවන්තයෙක් එතකොට …….”

” අනේ යමං යන්න ……”

” එතකොට මිහිදුන් අයියව අමතකද දැන් ?”

” ඇත්තටම තේව්….. මට යසස් අයියා එක්ක කාලේ ගෙවද්දි මිහිදුන් අයියට ආදරේ කරාද කියලවත් මතක් වෙන්නෑ……..  ඒ තරමට යසස් අයියගේ ආදරේ ගැඹුරුයි බන්…….”

දෙවෙනි වාරෙත් පටන් ගත්ත නිසා අපිට වැඩියේ යසස් අයියලව හම්බෙන්න බැරි උනා…….

” උඹ කොයි කාලේ වගේද ඕක කියන්න ඉන්නේ…..”

” එයා ස්කෝලෙන් යන්න කලින් කියන්න ඕනි…. හැබැයි ආවට ගියාට නෙමේ ….. මට ඒ මොහොත memorable කරන්න ඕනි ………..”

” එදාට අපිට පාටි ඈ………”

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඔන්න එදාට අපිටත් පාටි ඈ…………

😌😌😌😌😌

ආදරනීය දිල්හාරා සෙව්මිණී…… යසස්ගේ පුංචිගේ දුව තාම ඕලෙවල්…..

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිහතරවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 26