À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය

A+ A-

” මහීෂ්වර ….”

” තාත්තේ……”

” ඔහොම පොඩ්ඩක් නවතිනවා…. මට තමුන් එක්ක කතා කරන්න ඕනි…..”

” කියන්න …..”

” මොනාද මේ ශ්වේතා කියන්නේ …….”

මං එතකොට බැලුවේ… තාත්තගේ එහා පැත්තෙන් හිටගෙන ඉන්න ශ්වේතයි කුඩම්මයි දිහා….

” මොනාද?? “

” තමුසෙ ශ්වේතව මග අරිනවලු….. දැන්  වැඩියේ ගෙදර ඉඳින්නෑලු…… ඇත්තද ඉලන්දාරියා මේවා??”

මං භය උනේ මිහිදුන් අයිය ගැන මොනාහරි කියලා …… මට නම් ඕනි දෙයක් ඒ උනාට මිහිදුන් අයියා කියන්නේ ගෞරවයක් තියන් ඉන්න මනුස්සයෙක් නේ…..

” මට කොහොමත් ඉස්සර ඉඳල ශ්වේතා එක්ක වැඩි ගණුදෙනුවක් තිබ්බෙ නෑනේ …..”

” ඒ මොකද?? එහෙම කියලා බෑ…. “

” ඇයි??…..”

” ඇයි කියන්නේ …. මොකද ශ්වේතා කියන්නේ තමුන්ගේ අනාගත wife….”

තාත්තා එහෙම කියද්දි මාව අඩියක් දෙකක් පිටිපස්සට විසික් උනා….

” මොකක්?? කාගෙන් අහලද එහෙම දෙයක් කියන්නේ ??”

” කාගෙනවත් අහන්න ඕන්නෑ…. තමුසෙ මගේ දරුවා… තමුසෙ ගැන තීරණ ගන්න මට අයිතියක් තියෙනවා ….”

” ඒ වෙලාවට විතරද දරුකම් මතක් වෙන්නේ ආ??”

” මහීෂ්වර ………. කට වහගත්තොත් හොඳයි …….”

” ඇයි ඇත්ත කියද්දි රිදෙනවා ද?? ජීවිතේට ගෙදර එන්නෑ….. ආවත් මාත් එක්ක කතා කරන්නෑ…. මට ආදරේ දෙන්නෑ…… පාරෙදි දැක්කොත් මගෙ මුණවත් මතකද ඔයාට ??”

” ඇති ……….”

” මං කෑවද බිව්වද හොයන්නෑ….. පාඩම් කරනවද නැද්ද හොයන්නෑ…… ජීවිතේට පේරන්ට්ස් මීටින් එකකට එන්නෑ……. හැමෝගෙම ගෙදරින් ඇවිත් මගේ විතරක් ආවේ නැති උනාම මට දැනෙන හැඟීම තාත්තා දන්නවද??? ඇයි දැන් විතරක් දරු කමක් ගාව ගන්නේ ආ??? මොකක්ද ඒකෙන් ඔයාලට එන වාසිය ??”

” මං දැන් සැරයක් කිව්වා……….”

” ආ….. අම්මා මට තියලා ගිය දේපල ටික පිට යයි කියලා භය නිසාද ??? ඔයාගේ ඔක්කොම බිස්නස් තියෙන්නේ අම්මගේ නමට නිසා භයද?? ඒකද මේ කොහෙවත් යන කුණ්ඩවාලයක් මගේ කරේ ගහන්න හදන්නේ ආ?? මේකිගේ චරිතේ හැමෝ…………”

මට කියන්න හම්බුන්නෑ තාත්තගේ අතක් නැවතුනේ මගේ මූණේ……..

” කට වහ ගන්නවා මහීෂ්වර තමුසේ කොහොමද ශ්වේතට එහෙම කතා කරන්නේ???”

” à·„à·„à·Š……. ඔයාට කොහොමත් ලොකු පිටින් ආපු අයනේ තාත්තේ ……… එයාලට ඔයාව ඕනි හේතුව ඔයාට තේරෙද්දි ඔයා පරක්කු වැඩි වෙයි……….”

” කට වහනවා…. තමුසේ වගේ කොඩිවිනයක් මේ ගෙදර තියාගන්නවට උන්ගේ කකුල් දෙක අල්ලලා වැදපන්….. ඉපදෙනකොටම අම්මා මරාගෙන තව කටත් ගහන් එනවද??…..”

මට තවත් නම් මේවා අහගෙන ඉන්න බෑ දෙයියනේ ……. මං එහෙම්මම ගෙදරින් එලියට බැහැලා දුවන්න ගත්තා …….

අම්මා මරාගත්තු එකා….. ඒක මගේ කන් දෙකේ සෑහෙන්න වෙලා දෝංකාර දුන්නා…….

අනේ අම්මේ….. එදා ඔයා වෙනුවට මායි මැරෙන්න තිබ්බේ….. එහෙමනම් මට මේවා අහන්න වෙන්නෑනේ……. අම්මේ ……. මගේ අම්මේ……… ඔයාට පේනවද ඔයාගේ පුතා අඬනවා අම්මේ…… ඔයාගේ පුතාට රිදෙනවා අම්මේ………. ඇයි මම ජීවිත් වෙන්නේ අම්මේ…… මේ ලෝකේ කවුරුත් මට නෑ අම්මේ………. මාවත් ඔයා ගාවට ගන්නකෝ………. මට තව මේවා දරාගෙන ඉන්න බෑ…………….

මට ඇත්තටම දැන් මැරෙන්න හිතෙනවා ….. පොඩි කාලේ ඉඳලම මට කාගෙන්වත් ආදරයක් ලැබුන්නෑ……. ඇස් ඉස්සරහම තාත්තා වෙන දරුවෙක් හුරතල් කරනවා බලන්නයි මට උනේ….. මං එහෙම්ම වට පිට බැලුවා…. මං වත් දන්නෑ මං කොහෙද දැන් ඉන්නේ කියලා ….. ඒතරම් දුර මං දුවලා….. මං එහෙම්මම පාරේ අයිනේ ඉඳ ගත්තා…..

ටිකක් වෙලා පාර දිහා බලාගෙන හිටපු මම තීරණයක් ගත්තා ……. මං තව ජීවත් වෙලා තියෙන තේරුම මොකක්ද ?? මං එහෙම්මම හොඳ හුස්මක් අරන් නැගිටිද්දිමයි මගේ ෆෝන් එකට කෝල් එකක් ආවේ…….

” අයියේ………..”

මට හොඳටම ඇඬුනා….. ඔව් යසස් අයියගේ කෝල් එක දැක්කා විතරයි මං ගත්ත අඩිය මං පිටිපස්සට තිබ්බා…. මට ජීවත් වෙන්න හේතුවක් තියෙනවා ….. ඒ ඔයා…..

” හලෝ සෙනූ…….ඇයි මේ….. ඇයි අඬන්නේ දරුවෝ මට කියන්නකෝ……. අයියට කියන්න…. ඇයි මේ……..”

” ම……….ට…………. ත…..à·€……… ජීවත් ……. වෙ…..න්………න………. අමාරුයි ……………රිදෙනවා ………..ම….ට………”

” පිස්සු ළමයෝ……. ඔයාට මං ඉන්නවනේ….. විකාර නම් කරන්න එපා සෙනු…. මං වෙනුවෙන් අල්ලන් ඉන්න ….. ඔයා දැන් කොහෙද ඉන්නේ මං එන්නම්……”

” දන්නෑ……….”

” දරුවෝ ….. හරි මට ලොකේෂන් එක එවන්න…… හරි දැන් අඬන්න එපා….. ඔයා ඔතෙන්ටම වෙලා ඉන්න අයියා එනවා ටිකකින්……. කවුරුහරි ඉන්නවද ළඟ පාත……”

” සීයෙක් ඉන්නවා………”

” එයාට දෙන්නකෝ ෆෝන් එක …….”

මං යසස් අයියා කියපු විදිහට එතනට ටිකක් එහයින් නිදාගෙන හිටපු සීයට ෆෝන් එක දුන්නා …..

” ආ හරි මහත්තයෝ….. හරි ……… හරි මහත්තයා භය වෙන්න එපා…….හරි …..”

යසස් අයියා එනකම්ම ඒ සීයා මං ගාවින් හිටියා ……. ජීවිතේ කියන්නේ මොකක්ද ජීවිතේ කොච්චර වටිනවද…… ඒ සීයට එයාගේ පවුලම නැති වෙලා….. ඒත් ඒ සීයා ජීවත් වෙනවා නම් මට බැරි නෑ කියලා ඒ සීයා සෑහෙන්න වෙලා මගේ හිත හැදුවා…… ඒ වගේම මට ඉන්නේ රත්තරන් යාලුවෙක් එයා හින්දාවත් ජීවත් වෙන්න කියලා ඒ සීයා කිව්වේ…..

යසස් අයියා පැය බාගයක් ඇතුලත එතෙන්ට ආවා……. කොහොම ආවද කියන්න මං දන්නෙ නෑ ඒත් එයා ආවා….. පස්සේ එයා මාවත් එක්කන් ගියේ එයාලගේ ගෙදරට…….

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

මං හැම වෙලේම කියනවා ලස්සන ළමයෝ……. කොයි වෙලේවත් තමන්ගේ ජීවිතේ නැති කර ගන්න හිතන්නවත් එපා……. කාට හරි තමන්ගේ දුක කියලා අඬන්න …….. ඔයාලට කවුරුත් නෑ වගේ නම් ඕතරීට msg එකක් දාන්න ….. ඕතරී අහන් ඉන්නම්….. කොයි වෙලේවත් ජීවිතේ අත් අරින්න ඕනි කියලා තීරණය කරන්න එපා…

ආදරෙයි මං පූජා……….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිහත්වන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 29