À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය

A+ A-

ටිකකින් කේක් ගෙනල්ලා කේක් කැපුවා….. නදීක අයියා මිහිදුන් අයියා කේක් එක කපද්දි snow spray එකක් ඇල්ලුවේ අපිවත් නෑවිලා යන්න …….

” අඩෝ මිහිදුවා ඉක්මනින් කේක් එක කපපන්කෝ මට කෑල්ලක් කන්න ඕනි…. ඕක දිහා බලන් කෙල ගිලලම මගෙ කටේ කෙලත් නෑ වගේ……”

” අනේ පලයම් යන්න මං දැක්කා දැන් ටිකට කලිනුත් කට්ලට් පිඟානකට වැඩේ දෙනවා……..”

” හරි ඒ කට්ලට් මේ කේක් දෙක රසයන් දෙකක්…..”

” ඔයාට ඔච්චර බඩේ ඉඩ තියෙනවා ද නදීක?”

ආපු අක්කෙක් අහද්දි හැමෝටම හිනා ගියා …..

” කට වහන් ඉන්න නදීක අයියේ මිහිදුන් අයියට ඕක කපන්න දීලා…”

මං නදීක අයියගේ ඔලුවටත් ගහලා කිව්වාම තමා මිහිදුන් අයියා කේක් එක කපන්න පටන් ගත්තේ……

Happy Birthday to you …….
Happy Birthday to you ……
Happy Birthday dear Mihidun……
Happy Birthday to you …..

හැමෝම clap කරාට පස්සේ මිහිදුන් අයියා කේක් කපලා හැමෝටම කැව්වා…

” අඩේ මිහිදුන් අපේ සෙට් එකෙන් උඹ තමා මුලින්ම නාකි උනේ…. ඉතිම් කොහොමද දැනෙන්නේ……”

” දෙයියනේ මං මුන් එක්ක අවුරුදු 19ක්ම ඉදලද කියලා හිතෙත්දී ඇඟේ මයිල් කෙලින් වෙනවා……. “

” උඹට නරකට තියෙයි අපි හිටියා නම් …..”

නදීක අයියට නම් විනාඩි පහක් කට පියන් ඉන්න බෑනේ …….

කේක් කපලා හැමෝටම දුන්නට පස්සේ සින්දු play වෙන්න දැම්මා…..
මායි තේව් යි නට නට හිටියේ……. එතකොට සහස් ඇවිත් තේව්ට පොඩ්ඩක් උඩට එන්න කිව්වා……

ම්ම්ම්ම් මොනාටද දන්නෑ උඩට එන්න කිව්වේ…… නෑ ඉතිම් අපිත් කපල් වෙන්න ඉන්න අය හැටියට ඒවා මේ පරිණත කපල් වලින් ඉගෙන ගන්න එපැයි……

තේව්ත් උඩට ගිය නිසා මං හිටියේ කම්මැලිකමෙන්…. ඉතිම් මං කුස්සිය පැත්තට ගියා යසස් අයියව හොයාගෙන…. මං දැන් ටිකට කලින් දැක්කා එයා ඒ පැත්තට යනවා …..

මං කුස්සියට යනකොට එයා කවුද අක්කා කෙනෙක් එක්ක කතාවක්…. මං එකපාරටම කඩා පනින්නේ නැතුව ටිකක් දොර ගාවට වෙලා අහගෙන හිටියා …….

” යසස් ඔයා වෙනස් වෙලා ………”

” ඒ කිව්වේ?”

” යසස් දැන් ඉස්සර වගේ දරඳඩු නෑ …… ගොඩක් හිනා වෙනවා……..”

මේක පුදුම කරදරයක් උනානේ…. මේ මිනිහව ගෑණුන්ගෙන් බේර ගන්න ……. දසලක්ෂ ගාණක් පිරිමි ඉන්න මේ රටේ ගෑණු ඔක්කෝටම පේන්නේ මගේ මිනිහව විතරයි ද…. ඉක්මනින් මේකට I love you කියලා අයිතිය තහවුරු කර ගන්න ඕනි…….

” ඉතිම් ඒක හොඳ දෙයක් නෙමේද??”

” හොඳයි තමයි යසස් ඒත්…..”

” ඒත් කිව්වේ??”

” මං මේක ඇහුවට තරහා ගන්න එපා යසස්…… යසස් ආදරේ කරනවා කිව්වා නේද ??”

” ඔව්……”

” යසස්ට් හිතන්නේ නැද්ද එයාට ආදරේ කරන්න ගිහින් යසස්ට යසස්ව නැති වෙලා කියලා ??”

යසස් අයියා හිමීට හිනා උනා….

” නෑ ශානී ……  එයාට ආදරේ කරන්න ගිහින් මට නැති වුන මාව හම්බුනා….. මං ඉස්සර හිටපු යසස්ට වඩා දැන් ඉන්න යසස්ට කැමති ……..”

” හම්ම්ම් ඒත් වෙනස් වගේ…..”

” එයාට ඒක ප්‍රශ්නයක් නොවනතාක්කල් මට ඒක ප්‍රශ්නයක් නෙමේ …..”

ඇත්තටම මං දන්නේ නෑ යසස් අයියා කියන්නේ මනුස්සයෙක් ද…… නැත්නම් වෙන මොනාහරි හාස්කමකින් මවපු කෙනෙක් ද කියලා ….. මනුස්සයෙක්ට පුලුවන් ද ඔච්චර ආදරනීය වෙන්න ….. ආදරෙයි නොකියත් හම්බවෙයිනේ කියලා හිතන් ආදරේ කරන්න ….. එයා මත්තෙම නැහෙන්න…. තමන්ගේ මුලු personality එකම එක්කෙනෙක් නිසා වෙනස් කර ගන්න …….

කාලෙකට කලින් කවුරුහරි මගෙන් යසස් අයියා කියන්නේ කවුද කියලා ඇහුවොත් මං කියන්නේ ….. මහා නසරානී මට පේන්න බැරි හිතක් පපුවක් නැති නහරකාරයෙක් කියලා …. ඒත් දැන් කවුරු හරි මගෙන් යසස් අයියා කියන්නේ කවුද ඇහුවොත් මට උත්තර දෙන්න වචනත් මදි……… මේ ලෝකේ මං දැක්ක ලස්සනම හිත තියෙන ප්‍රේමවන්තයා එයා……. මෙච්චරකල් මං හිතාගෙන හිටියේ මං මහා අවාසනාවන්ත මනුස්සයෙක් කියලා ….. ඒ උනාට මට දැන් හිතෙනවා… යසස් අයියා වගේ කෙනෙක්ගේ ආදරය ලබන්න තරම් මම වාසනාවන්ත මනුස්සයෙක් …….

පාටිය ඉවර වෙන්න ටිකක් හවස් උන නිසා සහසුයි යසස් අයියයි මාවයි තේව්වයි ගෙනත් බැස්සුවා….. යසස් අයියා මගේ බයික් එකේයි…. සහස් එයාලගේ බයික් එකෙයි තමා ආවේ….

මං ගෙදර ඇතුලට යනකොට කවදාවත් නැතුව අද තාත්තා ඉන්නවා…… ඉතිම් මං හැදුවෙ එයාව දැක්කෙ නෑ වගේ කාමරේට යන්න ……..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

එයාට ආදරේ කරද්දි ඔයාට ඔයාවත් නැති වෙනවා වගේ තේරෙන්නේ නැද්ද? නෑ එයාට ආදරේ කරනකොට මට නැති උන මාව හම්බුනා……..

_ යසස් තීෂ්මක_

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

සෙනූට යසස් අයියට ආදරෙයි කියන්න හොඳ ලොකේෂන් එක මොකක්ද  😌

සෙනූ මට තමා තැනක් හොයන්න වැඩේ බාර දුන්නේ ඉතිම් මට සපෝර්ට් එකක් දෙන්න ළමයි ……….

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිහයවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 28