À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය

A+ A-

අපි auditorium එක ගාවට ගියාට පස්සේ යසස් අයිය මාත් එක්ක හරි ලස්සනට හිනා උනා….. එයා වගේ නපුරු කෙනෙක් ගෙන් ඒ වගේ දෙයක් ලැබෙන එක මට හරි අමුතුයි…….

සහසුයි….. තේව්යි ඉස්සරහින් ඇවිදන් යද්දි… මායි යසස් අයියයි පිටිපස්සේන් ආවා… මේ දැනෙන හැඟීම් …. මේ වෙන දේවල් මට පුරුදු නෑ…..

අපි ඇවිදන් යද්දි යසස් අයියා මගෙ ඇගේ වදිනවා…. සමහර වෙලාවල් වලට අපේ අතුත් එකට වදිනවා….. මං දන්නවා යසස් අයියා මගේ ඇඟේ වදින්නේ හිතලමයි කියලා ….. එතකොට මට තේරෙනවා මගේ මූණ රතු වෙනවා කියලා ….. එයාට පෙනෙයි කියලා බයටම මං අහක බලන් තමා ආවේ……

මං සාමාන්‍යයෙන් සුදුයි… සුදුයි බෝලයි කිව්වොත් තමා හරි …. බෝලයි කියන්නේ මං මහත නෑ ඒත් මගේ මූණ රවුම්….. ඉතිම් මගේ මූණ රතු වෙනකොට ඕනි කෙනෙක්ට ඒක පේනවා….. හරියට පීච් ගෙඩියක් වගේ…. 🥲🥲

” මොකද රතු වෙලා ම්ම්ම්”

” මම….. නෑ පිස්සුද ..”

යසස් අයියා මට වඩා ගොඩක් උසයි ඒ නිසා එයා ඒක කිව්වේ නැමිලා මගේ කනට කරලා …….

” එහෙමනම් මොකද මේ කන් දෙක ….”

යසස් අයියා මගේ කනක් මිරිකලා කිව්වා….. ඔන්න ඔන්න යසස් අයියේ ඔයා වරදක් කරනවා….. කන කියන්නේ මගේ සංවේදිම අවයව වලින් එකක්…. ඔයා කන අල්ලද්දි මට කුචිනේ……

” මොකද දඟලන්නේ….”

” මගේ කනට කුචි අනේ…”

” එහෙමද දැන ගත්ත එක හොඳයි…”

” ඒ මොකද??”

” එතකොට මට පුලුවන් ඒක ඔයාට විරුද්දව පාවිච්චි කරන්න ….”

” හිතේ ඇති …. ඉන්නකෝ ඉන්නකෝ ඔයාගෙත් මොකක් හරි දුර්වල තැනක් ඇතිනේ…..”

” එහෙම තැනක් නෑ මං පර්ෆෙක්ට් මනුස්සයෙක් ….”

” මං කියන්නෑ ඉතිම් ……”

” ආ එකක් තියෙනවා ….”

” මොකක්ද ??”

” ඔයා …”

” මම?? ඒ කිව්වේ….”

” ඔයා තමා මගේ වීක් පොයින්ට් එක ….”

” මට වීක් පොයින්ට් එකක් වෙන්න ඕන්නෑ….”

” එහෙමනම් මොකක්ද වෙන්න ඕනි…..”

” strong පොයින්ට් එකක් ….”

” හා”

” හා??”

” ඉතිම් දැන් ඉඳලම වෙන්නකො මං එපා කිව්වයෑ…..”

” බෑ…. දැන්ම බෑ……….”

” ඕකට නැකත් බලන්න ඕනිද ??”

” ඔව් මං ඒක වෙලාවට කලාවට කියන්නම්කො……..”

” ඔයා කියන විදිහක් තමා සර්…..”

අපි හෙමින් හෙමින් ආවේ රයිස් කඩේ ගාවට…. එතන කොතුයි රයිසුයි දෙකම තියෙනවා ……. ඇත්තටම මං රයිස් වලට වඩා කැමති කොත්තු වලට….

” මොනාද සෙනූ කන්නේ…. අයියා මොනාද කන්නේ??…”

” සෙනු කන ඕනි දෙයක් ගන්න ……”

” මට බත් කන්නත් බෑ වගේ අයියෝ….”

” මල්ලි මෙතන බත් නෑ රයිස් තියෙන්නේ ….”

කඩේ මනුස්සයා මොකද පැන පැන දෙන්නේ….. දෙන්නෙ පයින්…

” ආ ඇත්තද අයියා…… ඒ උනාට රයිස් කියන්නේත් බත් වලට කියලා අයියා දන්නේ නැද්ද…. එහෙම නැත්නම් අයියා රයිස් හදන්නේ බත් වලින් නෙමේද??”

පොරගේ මූණ දෙක උනා….. හොඳ වැඩේ පැන පැන දෙනවට……

” අයියේ අපිට ෆුල් කොත්තු 2ක් දෙන්න …”

” චිකන්ද egg ද මල්ලි…”

” චිකන්……”

ඕඩර් එක දාලා අපි ඇවිත් ඉඳගත්තේ එතන දාලා තියෙන පුටු වල….

” ඔයාගෙත් මාර කට නේද ….”

” එහෙම තමා ඇයි දන්නේ නැද්ද……”

” දන්නවා දන්නවා…… ඔක්කොම දැනගෙන තමා මේ ඉන්නේ…..”

” ඔක්කොම දන්නවා?? තව මොනාද දන්නේ??”

” පස්සේ කියන්නම්කෝ…..”

කොත්තු එක දුන්න ගමන් මං කරේ ඒක වැහෙන්න සෝස් දා ගත්ත එක ….

” ඔච්චර සෝස් කනවද සෙනූ??”

” එයා එහෙම තමා අයියේ….. කෑමට වඩා එයා කැමති සෝස් කන්න……”

” කඩේ මිනිස්සු ගහලා පන්නයි..”

” මටත් සාධාරණ සැකයක් තියෙනවා අයියේ මූ එක්ක ගිහින් ගුටි කන්න වෙයි කියලා …….”

” අනේ මේ ඉන්නවා ඒකේ රසේ දන්නේ මං විතරයි …….”

” බබා කෝ කට අරින්න……..”

අම්මෝ ඉතිම් ප්‍රේම කුරුල්ලෝ දෙන්නා… සහස් තේව්ට කවනවා…….. මෙතන තනිකඩ මිනිස්සු ඉන්නවා කියලා තේරෙන්නේ නැද්ද…….

කොත්තු කන අතරේ යසස් අයියා එයාගේ චිකන් කෑලිත් මගේ ප්ලේට් එකට දානවා…..

” ඔයා කන්නේ නැද්ද??”

” කනවා……. ඒත් ඔයා කනවා දකිද්දි නිකම්ම මගේ බඩ පිරෙනවා…”

අනේ ඉතිම් ඔයා ඔහොම කියද්දි මට ලැජ්ජ හිතෙනවනේ හම්ම්ම්…….

අපි කෑම කාලා එන්න යද්දි යසස් අයියා මට අරන් දුන්නේ ලස්සන පුලුන් පුරවපු තාරා පැටියෙක්…..

” ඒක ලස්සනයි ……….”

” මං දැක්කා ඒකට කුරුමානම් අල්ල අල්ල ඉන්නවා……”

” මං කුරුමානම් අල්ලන හැම එකක්ම මට අරන් දෙනවද ඉතිම්  😏😏”

” තව බත් කාලා ලොකු උනාම අරන් දෙනවා……..”

” ඇයි දැන් පොඩිද…..”

” බලන්නද??”

” මොනාද ??”

” පොඩිද කියලා ….”

යසස් අයියා වල් බැල්මෙන් කියද්දි මට පොලව පලන් යන්න හිතුනා…

” යනවා යන්න එහාට වල් නරියා……”

” මං කිව්වේ හිත ගැන ඇයි ඔයා මොකක්ද හිතුවෙ ….. ඊයා…. මේ අපිවත් නරක් කරනවා……”

” ඇත්තට……. කොහෙන්ද ඔය කට ආවේ….. ඉස්සර නම් කොහොමද හිනා උනත් හිනා වෙන්නෑ……”

” එහෙම තමා මොකද මං දැන් ඉන්නේ සතුටින්නේ……”

එහෙම කියලා ඉස්සරහින් යන යසස් අයියා දිහා මං බලන් හිටියා …… ඔයා සතුටින් නම් අයියේ එච්චරයි …… මං පිටිපස්ස බැලුවා…. සහස් තේව්ගේ කටට බොම්බයිමොටයි ඔබනවා…. මේ මොහොතේ මේ ගෙවෙන මොහොතේ අපි හැමෝම ඉන්නේ සතුටින් …… ඉතිම් මේ සතුට දිගටම තියෙනවා නම් …..

☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️☘️

ඒවා කොහෙද 😏 හැමදාම සතුටින් ඉන්න ……. පෙරලන්නම් මං හොද බාල්දියක්…….

ඇත්තටම ඉතිම් හැමෝම සතුටින් ඇතිද?? අපිට හැමෝගෙම හිත් පේන්නේ නෑනේ ……… ( ඉඟි අංක 1)

” මගේ කට වැඩී තමා ඇයි දන්නැද්ද…..”

” මං දැක්කා ඕකට කුරුමානම් අල්ල අල්ල ඉන්නවා…….”

Tags: read novel À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය, novel À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය, read À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය online, À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය chapter, À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය high quality, À¶­À·“À¶»À·Šà¶® විසිවන තීර්ථය light novel, ,

Comment

Leave a Reply

Chapter 22