À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~

A+ A-

” දන්නව ද.. පිනිබිඳුගෙ කටහඩින් මනුස්සයෙක්ව නිවෙනවා.. “

” අහ්.. “

” ම්ම්.. මම ඉහේ කෙස් ගානට මිනිස්සු සින්දු කියනවා අහලා ඇති.. ඒත් ඔයාට වගේ හිත ඇදිලා යන හිත නිවන කටහඬක් මට ඇහුන පලවෙනි වතාව.. “

එයා කතා කලේ කෙලින් වෙලා මගේ එහා පැත්තෙන් කුකුල් දෙක නමලා ඉඳගන්න ගමන්..

” ලස්සනයි.. “

ඒක පිටවුනේ මගේ කටින්.. මට නොදැනුවත්වම.. ආශ්.. දැන් දැන් මගේ කටටත් සීමාවක් නැතිව ගිහින්..

” මොකක්ද.. “

” අහ්.. මේ.. මේ මම කිව්වෙ තිශාක්‍යගේ කටහඩත් ලස්සනයි.. ඒත් ඉතින් මම ඔයාගෙ කටහඬින් සින්දුවක් ඇහුවෙ ඒක පාරනෙ.. “

” ඉස්සරහට අහන්න ලැබෙයි.. හැම වෙලේම වගේ.. “

එයා ඒ වචන කිව්වෙ මගේ ඇස් දිහා බලාගෙන.. ම්ම්.. ඒ ඇස්වල ලාවට දිස්නයක් තියනවා.. ඒ ඇස් ලාවට දිලිසෙනවා..

” යමු සුමනා නැන්දා බලන් ඇති.. “

එයා නැගිටලා මට අත දික් කරන ගමන් කියද්දි මමත් ඒ අත අල්ලගෙන ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා..

තිශාක්‍යත් එක්ක ගෙදරට ගිහින් ගන්න ඕන කරන බඩුත් අරන් අපි ආයෙත් මුදලාලි මහත්තයාලගෙ ගෙදර ආවා.. ගන්න තරම් දෙයක් නම් නෑ ඉතින්.. අදින ඇදුම් දෙක තුනකුයි.. තව ඔය පොඩි පොඩි බඩු ටිකකුයි විතරයි අරන් ආවේ.. මොකෝ අපිට ලොරි පුරවන් අරන් යන්න බඩු තියනවා කියලයෑ.. 

අපි එනකම්ම නෝනා බලන් ඉදලා ද කොහෙද.. නෝනා අපි එද්දි ඉස්සරහ ස්තෝප්පුවට වෙලා බලන් ඉන්නවා..

” මන් බැලුවා මොකෝ පරක්කු කියලා.. “

” මායි පිනිබිඳුයි පොඩ්ඩක් වැව පැත්තට ගියා අම්මා.. ඒ නිසා ටිකක් පරක්කු උනා.. “

” ම්ම් ඒක හොදයි කොහොමත් රිශූ පුතාට මෙහේ හුරු නිසා පොඩීට පුලුවන්නේ රිශුත් එක්ක ගමේ ඇවිදින්න නේද පුතා.. “

නෝනා ඇහුවේ මගේ දිහා හිනා වෙලා බලන ගමන්.. අනේ හරි සිරියාවයි නෝනා හිනා වෙද්දි..

” ඔව් නෝනා.. “

” එන්න යමු.. මම කාමරේට දෙකක් ලෑස්ති කලා.. “

” අනේ නෝනා කාමර දෙකක් මොකටැයි නෝනා.. මටයි කොලුවටයි එකක ඉන්න පුලුවන් නොවෑ.. “

” නෑ නෑ.. රිශූ දැන් ස්කෝලෙ යන්නත් පටන් ගන්න එකේ.. පාඩම් වැඩත් කරන්න ඕනනේ සුමනා ඒ නිසා තමයි කාමර දෙකක්.. යන්කෝ ඇතුලට.. “

වචන දෙක තුනෙන් නෝනා අපේ අම්මගෙ කට වහලා දැම්මා.. ඇත්තටම මනුස්සයෙක්ට පුලුවන් ද දෙයියනේ මෙච්චරටම කරුණාවන්ත වෙන්න..

” සුමනා.. සුමනාගේ කාමරේ තියෙන්නෙ පහල තට්ටුවේ අපේ කාමරේට එහා පැත්තේ.. “

නෝනා අපේ අම්මව ඒ පැත්තට එක්ක ගෙන යන ගමන් කියද්දි ආයෙ පාරක් නෝනා තිශාක්‍ය පැත්තට හැරුනා..

” පොඩී, මල්ලිව එක්කන් යන්න.. උඩ තට්ටුවේ ස්ටඩී රූම් එකට එහා පැත්තෙ එක තමා මම රිශූ පුතාට ලැස්ති කලේ.. “

” හරි අම්මා.. එන්න යමු.. “

තිශාක්‍ය මට උඩට කතා කරන ගමන් ඉස්සර වෙලා යද්දි මම එයාගේ පස්සෙන් ගියා.. අම්මෝ යට තට්ටුවට වඩා උඩ තට්ටුව මාරම ලොකුයි ඒක නිකන් වෙනම ගෙදරක් වගේ.. උඩ තට්ටුවට කුස්සියකුත් තිබ්බ වගේම ලොකූ ටීවී එකක් එක්ක පුටු සැටියකුත් තිබ්බා..

” උඩ තට්ටුවේ ඉන්නෙ මමයි අක්කයි විතරයි පිනිබිඳු.. උඩ තට්ටුවට නම් අම්මලා එන්නෙ හරිම අඩුවෙන්.. ගොඩක් වෙලාවට අක්කත් ගෙදර රැදෙන්නෙ නෑ.. එයා යාලුවෙක්ගෙ ගෙදර තමා මේ දවස් වල ඉන්නෙ.. ලබන මාසේ එයාලට එක්සෑම් පටන් ගන්න නිසා.. තනියම තමා ඒ නිසා ඉන්නෙ දැන් ඉතින් පිනිබිඳුත් ඉන්න වනේ.. “

මම හිනා උනා.. එයාගෙ අක්කා අර එදා මල් ගත්තු ගෑණු ලමයා වෙන්න ඇති.. එයා නම් නෝනාගේ කපාපු පලුව වගේ එක වගේමයි.. තිශාක්‍ය නම් මට පෙනුනේ මුදලාලි මහත්තයා වගේ..

” එන්න.. “

එයා සාලේ පහු කරන් කාමර තියන පැත්තට ගිහින් දොරක් ඇරියා..

” මේක තමා ඔයාගෙ කාමරේ පිනිබිඳු.. “

දෙයියනේ මේ කාමරේ ලොකු.. අපේ ගෙදර තරම් විතර ඇති මේ කාමරේ.. මම ඇස් දෙකත් පොල් ගෙඩි සයිස් කරන් කටත් ඇරගෙන කාමරේ වටේ ඇවිද්දා.. බිත්තිවල ලා නිල් පාටට තීන්ත ගාලා තිබ්බා.. මුලු කාමරේම තීන්ත සුවදයි.. සමහරවිට ලගදි වෙන්න ඇති කාමරේ තීන්ත ගාන්න ඇත්තේ.. කාමරේ එහා අයිනට වෙන්න ටිකක් ලොකු ඇදක් තිබ්බා.. ඇදට එහා පැත්තෙන් පොඩි කබඩ් එකක් ඒක උඩ ලස්සන ලෑම්ප් එකක් තියලා තිබ්බා.. කාමරේට යන තැනම වගේ ලොකූ අල්මාරියක් තිබ්බා වගේම ඒකට අල්ලා ලොකූ වීදුරුවකුත් තිබ්බා.. අන්තිමට කාමරේ ජනේලය ගාව ටිකක් ලොකු පොත් මේසෙකුයි පුටුවකුයි තිබ්බා වගේම ඊට එහා පැත්තේ පොත් රක්කෙකුත් තිබ්බා.. වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අංග සම්පූර්ණ කාමරයක්!!

” පිනිබිඳු කැමති නැද්ද රූම් එකට.. ම්ම්.. “

” අනේ මම කැමති.. ගොඩක් කැමතී..ඒ කාමරේ මට වැඩිත් එක්ක තිශාක්‍ය අයියේ.. “

” අයියා කියන්න එපා.. වෙනදා වගේම තිශාක්‍ය කියලා කතා කරන්න.. “

” ම්ම්.. “

” එන්නකෝ ඔයාට උඩ තට්ටුව පෙන්නන්න.. “

මගේ අතේ තිබ්බ බැග් එක අරන් මේසෙ උඩින් තියන ගමන් තිශාක්‍ය කිව්වා..

තිශාක්‍ය මට උඩ තට්ටුව විතරක් නෙවෙයි.. පහල තට්ටුව වගේම මුලු ගෙදරම අස්සක් මුල්ලක් නෑරම පෙන්නුවා.. උඩ තට්ටුවේ තිබ්බෙ සාලෙයි, කුස්සියයි, පොඩියට තියන පුස්තකාල කාමරේකුයි, තිශාක්‍යගෙයි, අක්කගෙයි මගෙයි කාමර තුනයි බාත්රූම් එකයි.. ආ තව ටිකක් ලොකු බැල්කනි එකකුත් තිබ්බා.. යට තට්ටුවෙ නම් තිබ්බෙ අම්මට දුන්න කාමරෙයි නෝනයි මහත්තයයි ඉන්න එකයි කෑම කාමරෙයි කුස්සියයි සාලෙයි බාත්රූම් එකකුයි විතරයි.. එලියත් මාරම ලස්සනයි ගොඩක් ලස්සනට මල් වවලා තියන් ඉන්න ගාර්ඩ්න් එකකුත් තිබ්බා වගේම ඒ ගාර්ඩ්න් එක මැද්දෙ හතර දෙනෙක්ට ඉඳගන්න පුලුවන් විදිහට ගල් වලින් හදපු මේසයක් එක්ක බංකු හතරක් තිබ්බා තිබ්බා.. මේ ගෙදර පරණ උනාට මොකද තිශාක්‍ය ලා මෙහෙට එන්න කලින් සම්පූර්ණයෙන්ම මේ ගෙදර අලුත් පන්නයේ විදිහට වෙනස් කරලා හදලා තිබ්බා..

” රිශූ.. ඇග හෝදන් ඇදුමක් දාන් කන්න එන්න.. “

” හරි නෝනා.. “

මම හිටියෙ ගාර්ඩ්න් එකේ ලස්සනට වවලා තියන මල් බලන ගමන් තිශාක්‍යට කෝල් එකක් ඇවිත් එයා මීට විනාඩි දහයකට විතර ගෙට ගියා.. මම ඉතින් ගාර්ඩ්න් එකේ නතර වෙලා මල් බල බල උන්නා.. දැන් වෙලාව දෙකයි.. සාලෙට යද්දිම තිබ්බ ඔරලෝසුවේ තිබ්බා.. අම්මා උයලද කොහෙද.. හිමින් හිමින් පඩි නැගලා උඩට ගිහින් කාමරයෙන් ඇදුම් දෙකකුත් ගත්ත මට මතක් උනේ තුවායක් නෑ නේද කියලා.. කාගෙන් අහන්න ද කල්පනා කරන ගමන් තිශාක්‍ය ගේ කාමරේ දොරට තට්ටු කලා..

” ඇයි.. “

” මේ.. මට තුවායක්.. “

” අහ් ඉන්න ඔහොම.. “

එහෙම කියපු එයා දොරත් වහන් ආයි ඇතුලට ගියා.. මොන වගේද දන්නෑ තිශාක්‍ය ගේ කාමරේ.. මගේ කාමරේ අර වගේ නම් තිශාක්‍යගේ කාමරේ ගැන මට හිතා ගන්න බැරි කමක් නෑ ඉතින්..

” ආ.. “

ටැග් එකක්වත් කඩලා නොතිබුනු.. ලා රෝස පාට තුවායක් මට දුන්නා.. එක අරගත්තු මම එයාටත් ස්තූති කරලා.. බාත්රූම් එකට ගිහින් හොදට නාගත්තා.. මගේ පලවෙනි වතාව.. බාත්රූම් එකක නාපු.. ඒක වෙනමම අත් දැකීමක්..

කාලා බීලා ඉවර කරලා මම ආයෙත් උඩට ආවා.. මම එන්නත් කලින් තිශාක්‍ය උඩට ආවෙ.. මහත්තයා මට ලබන සතියෙ සදුදාට ස්කෝලෙ යන්න ලෑස්ති වෙන්න කිව්වා.. තිශාක්‍ය ත් යන්නෙ එදාටලු.. නෝනා කිව්වා හෙට ඕන කරන පොත් ඇදුම් බෑග් ගන්න යන්න ලෑස්ති වෙන්න කියලා..

මම උඩට එද්දි බැල්කනිය පැත්තෙන් ගිටාර් එකක් වාදනය කරන සද්දයක් ඇහෙද්දී මම ඒ පැත්තට අඩිය තිබ්බා.. තිශාක්‍ය වෙන්න ඇති.. වෙන කවුරුත් උඩ තට්ටුවට එන්නෙ නෑනේ..

මම බැල්කනියට යද්දි එයා මාව දැක්කා.. ලාවට හිනා වුන එයා එයාට එහා පැත්තේ පුටුව පෙන්නලා ඉඳගන්න කියද්දි මම හිමින් සැරේ එතනින් ඉදගත්තා..

ගිටාර් එකේ වාදනයත් එක්ක එයා සින්දුව කියන්න පටන් ගත්තා.. නෑ ගායනා කරන්න..

ඇස් කොනින් නුරා බැලුම්
දෙතොල් අගින් සිනා කැළුම්
මන්දහාස මුවග වෑහෙනා
නින්ද නේන හේතු සෑදෙනා.. //

ළමැද යහනේ හිස තියා
හිඳිමි දෙවුරේ අත තියා
සුහදිනීයේ ලං ලං වෙලා
හිසම පිරිමැද සනසනා
සුවයටම නතුවෙමි සිතා
ස්නේහ වර්ශාවෝ ඉතිරෙනා
නුඹම වේ මා රාජිණි
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

උදුල සඳවත දැක නිති
පියුමුපුල නොබලා ඉමි
චාරු දේවී මා සනසනා
සිහින හැම ඔබ හා බැඳී
ලොවම ඔබ වෙනවා දැනී
ආල සන්තානේ ඉතිරෙනා
හිඳිනෙමි මා ආදරී
සංසාර ගමනේ හා බැඳී
නිම් නොවූ ස්නේහයේ හොවා

මම ඒ සින්දුව මීට කලින් අහලම නෑ පුදුමාකාර ලස්සනයි.. මුලු සින්දුව පුරාවටම තිශාක්‍ය මම දිහාත් මම තිශාක්‍ය දිහාත් බලාගෙන හිටියා..

” ආව් කවුද අනේ මේ කියුට් කොල්ලා.. “

_________________________________________

කතාව කම්මැලියි වගේද🙂
ම්ම්.. මට හෙට ඉදන් ස්කෝලෙ පටන් ගන්නවා.. අප්ඩේට්ස් පරක්කුවෙයි.. මම මේකයි nude Photographer මාරුවෙන් මාරුවට දෙන නිසා..

අදහසක් කියන් යන්න ඉතින්.. නිකන් යන්නෙ නැතුව.. 🥰💗

මතු සම්බන්දයි..

Tags: read novel À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~, novel À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~, read À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~ online, À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~ chapter, À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~ high quality, À¶´À·Œà¶¯ À·€À¶»À·Šà·‚À· (Ongoing) 04 කොටස💐~ light novel, ,

Comment

Leave a Reply

Chapter 5