…À·ƑයාÀ·‚À·Š… Episode 15

A+ A-

” ගොඩ කාලෙකට පස්සේ අද තමයි චූටි අයියා හිනාවෙනව දැක්කේ….”

අම්මා අයිය සතුටින් ඉන්නවා දැකලා කිව්වේ…. නෑ ඇත්තටම අයියා ගොඩක් සතුටින් ඉන්නෙ…

” ඔවු නේද අම්ම ගොඩකාලෙකින්.. අයියා මෙච්චර සතුටින් හිටියේ..”

අපි ඔක්කොම කාලා බීලා කතා කර කර හිටිය අප්පචිත් ආව ඉතින් .. හොඳම වැඩේ කියන්නෙ පොඩි මෑන් දේව් අයියගේ අතේම නිදි….

එදයින් පස්සෙ කාලෙ ඉතින් එහෙම ගලාගෙන ගියා… අයියලාගේ එක්සෑම් එකක් ඉවර වුණා. ඒත් හොඳ වෙලාවට අයියලා ඉස්කෝලෙන්නම් යන්නෑ .. මොකද එයා හෙඩ් පිපෙට්නේ…

එහෙම උනොත් හොඳ වෙලාවට ගෙවල් ළඟ උනාට මට මේ පැය ගානවත් එයාව බලන්නෙ නැතුව ඉන්න බෑ…

ඒ අස්සෙ මේ ටිකේම තව වැඩක් වෙනවා මං අභීට කියන්න ගියේ නෑ… ජවන හරි අමුතු විදිහට මාත් එක්ක හැසිරෙන්නේ…

පෙරේදා පන්තිය කවුරුත් නැති වෙලාවේ ජවන් මාව කිස් කරන්න වගේ ආවා.. ඒත් ඇයි එයාලා කියන විදියට එයාට මාව අප්‍රිය වෙන්න එපැයි… අනිත් එක ක් එයා සෑහෙන්න අයියට බයිනවා… මූණට නෙමෙයි. මං ඉන්න තැන හින්ට් එකක් විදිහට… බලමු… මොකක්ද වෙන්න යන්නේ කියලා…

ඒ අස්සෙ දැන් ඉතින් එක්සෑම් එකත් ළඟයි අපිට ඔව් ඔව් ඔයාලා හරි o/l තමයි… මට නම් පිස්සු වගේ… අපිට දැන්ම නෙමෙයි තියෙන්නේ… අයියලාගේ රිසාල්ට් එක ආවට පස්සේ…

” සයාශයෝ…….”

“……….”

“හුට්ටෝ….”

“ආ… උඹ මටද බං කතා කරේ..”

” ඔව් ඔව් උඹට තමයි Http නැත්නම් තොගේ බාප්පටද…

” අඩෝ… අඩෝ… මාෂී සොරි බං වෙන කල්පනාවක හිටියේ….”

” ඔව් ඔව් මට පේනවා උඹේ කොහොමත් වෙන කල්පනාවක් තමයි කියල… මොකද මොකද සකුන් අයියගෙ වොන්ඩකෝන් එක මතක් වෙනවද….”
    මාෂී ඒක කිව්වට පස්සෙ තරුත් හිනා වුනා… මාගේ සුපුරුදු පරිදි රතු කට්ට පැන්නා කියලද හිතුවේ අපෝ නෑ මගේ කම්මුල් රතු උනාද කොහෙද  මං හිතන්නේ…

” අනේ නිකන් හිටහං බං.. උඹ මොකද්ද මට කියන්න හැදුවේ කියපන්කෝ….”

” මම මේ කියන්න හැදුවේ බං…. මේ… මේ…ම්ම… මට…”
දෙයියනේ දැන් නම් මට හිනත් යනවා මෙන්න මේ කොලුබාගේට අද ලැජ්ජ හිතිලා … මොකද දන්නෑ අද මෙච්චර ලැජ්ජාවක්….

” ආව්..ආව් .. මේකි මේ ඇඹරෙන විදිහට නම් සයාෂ්… කුමක් හෝ පෙම් පලිහිලව්වක් තියෙනවා වගේ…”තරු එහෙම කියලා හිනාවුනේ මාත් එක්කමයි…

” ඔව්…ඔව් බං එහෙම එකක් තමයි..”
මට එක පාරට පුදුමත් හිතුනා.. පුදුම හිතෙන්නේ නැද්ද දෙයියනේ අපේ මාසියට කොල්ලෙක් සෙට් උනා කිව්වහම.. හත්තිලව්වේ මලේ ඉහක් පිපුණා වගේ…

” අම්මට සිරි කවුද යකෝ..ඒ වාසනාවන්ත කොල්ලා..” මං එහෙම ඇහුවම මාශී මගෙ මූණ දිහා බැලුවා..

” හරි මං එකපාරම කියන්නම්කො ඒ කොල්ලෙක් නෙමෙයි…” හත්තිලව්වේ දැන්නේ පුදුම හිතෙන්නෙ මට..

” මොකක් ඒ කියන්නේ කෙල්ලෙක්ද..” මට කලින් තරු ඉස්සර උනා.. කොහොම වුනත් කමක් නෑ මට අහන්න ඕනෙත් මේ ටික තමයි…

” ම්ම්ම්.. ඔව් බං…” මාෂි බිම බලම් කතාකරා…

” කවුද යකෝ ඒ වාසනාවන්ති..” මායි තරුයි ඒක එකටම ඇහුවෙ වෙනසක් පෙන්නන්නෙ නැතුව..

” ඒත් උඹලට ඒක ගානක් නැද්ද බං.. මං කියන්නේ මම ලෙස්බියන් එක…”

” අපෝ නෑ යකෝ පිස්සුද… මං කොහොමත් දැනං හිටියේ උඹ කොහොමත් එහෙම වෙන්ඩ ඇති කියලා..” මං එහෙම කිව්වම උන් දෙන්නත් හිනා උනා…

” හරි හරි දැන් කියපන්කෝ කවුද කියලා…” අරූ මේකිගේ කොන්දට එකක් දීලා මේක ඇහුවා…

” එයා…න්…නෙතූ..බං…”. අම්මට සිරි ම අදනම් පුදුම වෙන එකම විතරද කොහෙද මට උරුම වෙලා තියෙන්නෙ…

අපි දෙන්නම කටත් අරගෙන ඇසුත් ලොකු කරගෙන මූණට මුහුණ බලාගෙන හිටියා… ඇයි යකෝ ඉතින් අපි හිතේ මුන්දැලා යාළුවෝ කියලනේ බලද්දි මුන් යාළුගමේ වැට පැනලා එහා ගිහිල්ලා…

” ඒ උඹ සිරාමද බං කියන්නේ..”
තරුව ඒක ඇහුවේ නිකන් කන්ෆර්ම් කරගන්න වගේ හරියටම..

” සිරා නෙමේ යකෝ මම කියන්නේ.. අද නෙතු ක්ලාස් ආවේ නැත්තෙත් මං මේක උඹලට කියද්දි එයාට ලැජ්ජයිලු.. එනිසා අද මට කියන්න කිව්ව හෙට ස්කූල් එන්නම් කිව්වා…”

” අඩෝ සුබ පැතුම් බං… නෙතුව තමා හොඳට හරියන්නේ මොකද කොල්ලෙක් හම්බුනා එහෙම ඒගොල්ල ඉවරයි…”
අපි එහෙම කියලා හයියෙන් හිනා වුණා.. ඒකත් එහෙනම් ජයසිරි මංගලම්…

” ඔහොම හිටාංකෝ ක්ලාස් එක පටන් ගන්න කලින් මං උඹලට අපේ ෆොටෝ එකක් පෙන්නන්න….

” අඩෝ… ෆොටෝ ගහන්න කාලයක් තිබ්බද බං උඹලගේ ලව් එකේ..”
මං ඒක ඇහුවෙ මොකුත් නෙවේ මං හිතුව මෙයාලා ලඟදි  ඕක පටන් ගත්තා කියලා..

” ඔව් බන් තිබ්බා.. අපි මේක පටන් ගත්තෙත් දැන් මාස ගානකට කලින්… ඒ කිව්වේ උඹල දෙන්නට මතකද.  උඹල දෙන්නම ඉස්කෝලෙ එන්නැතුව අර උඹලගෙ අයියලත් එක්ක හොර ගමනක් ගියා කිව්වේ.. කුරුස පල්ලි… මතකද අන්න එදා ඉස්කෝලෙ තමා අපි දෙන යාළු උනේ…”

“à·„à·“… à·„à·“… හොර ගමනක් නෙමේ ඉතින් මම නම් ගියේ  මුහුදු රැල්ල මොන වගේද  බලන්න  ඒ කිව්වෙ  හයියෙන් ගහනවද හිමින් ගහනවද කියලා බලන්න…”.   තරු එහෙම කියද්දි මට නම් හිනා ගියේ ඌ කිව්ව අන්තිම වචන ටිකට…

” ඉතිං හයියෙන් ගැහුවද බං……..”. මාෂි තරූගෙන් එහෙම ඇහුවා ඇහුවා…

“ඔව් ඔව්… හයියෙන් ගැහුවා.. අනේ උඹ කට වහගෙන දැන් ෆොටෝ එක පෙන්නපන්කෝ..” අපි ඔක්කොම එකපාර හිනා උනා.. පස්සේ මාෂියා ෆෝන් එක නම් ෆොටෝ එක පෙන්නුවා.. අනේ උන් දෙන්නගේ ලස්සන ඇත්තටම මැච් වෙනවා….

” හරිනේ අපි ක්ලාස් එකට යන් නේද එහෙනම්….” තරූ කියද්දි මට මතක් උනේ කන්න මොනා හරි ගේන්න ඕනි කියල…. ඇයි ඉතින් විද්‍යාවට ඉගෙන ගන්නවට  වඩා නින්ද යනවා…

” ඒ හරි උඹලා යමල්ලා මට තැනක් අල්ල ගනින් උඹල දෙන්නම .. මං ටග්ගල් කඩේට ගිහින් මොනා හරි අරන් එන්නම්…”

” ආ හරි බං අයියලාටත් එක්කම මොනවා හරි අරන් වරෙන් එයාලටත් දැන් බයෝ ක්ලාස් එක ඉවරයි තව ටිකකින්..”.   තරු එහෙම කියද්දී මතක් උනේ අපි ඔක්කොම ක්ලාස් එන්නෙ එකම තැනකටනෙ…

” හරි බං මං අරන් එන්නම් උඹල පලයල්ලා”.    

ඇත්තටම මේ දෙන්න හරි හොඳයි අප්පා .. එයාලගෙ ක්ලාස් ඉවර වෙලත් අපේ ක්ලාස් එකට ඇවිල්ලා ඉඳගෙන ඉන්නවා අපි ක්ලාස් ඉවර වෙනකන්… ඒකත් අපේ එහා පැත්තෙන්… සර් මුකුත් කියන්නෙත් නෑ ඉතිං ඒ එයාලට බයෝ කරන සර්නෙ…

මම මොනවාහරි ගන්න ගියෙ ළඟ තිබ්බ කඩේට යෝ.. කරුමෙට ඒකත් වහලනේ.. ඒ අස්සෙ අයියත් මේ පැත්තට එනව මං දැක්කා…

මොන හරි ටග් ගාල අරන් අරන් එනවා එහා පැත්තෙන් එතකොට ඒත් එක්කම පන්තියට ගිය හැකිනේ…

ඊට පස්සේ මං හදිස්සියෙම පාර පැන්නා ඒ ඒ පනිද්දි මට කණලගම හයියෙන් හෝන් සද්දයක් ඇහුන….

” අම්මා………….”

*දඩස්…..*

” සයාෂ්………………..”

______________________________________

⚪ අලුත් කපල් එක හොඳයිද ළමයි?…😁.  😁😁
⚪ බලන්න ඒ දෙන්නගෙන් කවුද ටොප් කවුද බොටම් කියල කියන්න බලන්න…🤫♥️
⚪ අන්තිමට මොකක්ද ළමයි ඒ උනේ..? අපේ චූටි මහත්තයට කරදරයක්වත්ද..?
⚪ ඒක දැනගන්න වෙන්නේ ඉතින් ඊලඟ එපියෙන් තමයි…🥺♥️💔
⚪ ඊළඟ එකෙන් ටක් ගාලා එන්නම් ළමයි… එතකම් බායි මගේ පව්කාරයිනේ උම්මා….😩🌝😚😘⚪😋

Tags: read novel …À·ƑයාÀ·‚À·Š… Episode 15, novel …À·ƑයාÀ·‚À·Š… Episode 15, read …À·ƑයාÀ·‚À·Š… Episode 15 online, …À·ƑයාÀ·‚À·Š… Episode 15 chapter, …À·ƑයාÀ·‚À·Š… Episode 15 high quality, …À·ƑයාÀ·‚À·Š… Episode 15 light novel, ,

Comment

Leave a Reply

Chapter 16