…À·ƑයාÀ·‚À·Š… Episode 16

A+ A-

ඊට පස්සේ මං හදිස්සියෙම පාර පැන්නා ඒ ඒ පනිද්දි මට කණලගම හයියෙන් හෝන් සද්දයක් ඇහුන….

” අම්මා………….”

*දඩස්…..*

” සයාෂ්………………..”

අභී අයිය මගේ නම කියලා කෑගහනවා විතරයි මට මතක… මාව කොහෙට හරි විසික්වෙලා ගියා…. පස්සෙ වටේම කළුවර වෙලා ගියා….

…සකුන් pov …

යෂ් තනියම කඩේ ගියපු නිසයි මමත් පස්සෙන් ගියේ… දෙයියනේ මට විනාඩියයි මිනිස්සුනේ.. මගේ යෂ්ව හැප්පුනා…. ඒකත් වෑන් එකකට…

සද්දෙ ඇහුණ විතරයි මම මෙතෙන්ට දුවගෙන ගියේ කොහොමද කියලත් මට තේරුනේ නෑ…..

දෙයියනේ මගේ කොල්ලා…

“සයාෂ්……”
“අනේ නැගිටපං රත්තරනේ…..අ..න්..අනෙ මගෙ වස්තුවේ නැගිටින්න මගෙ පන ……..”

වටේ පිටේ මිනිස්සු කොහොම බලන් හිටියද කියල මට තේරුමක් නෑ…. මං කෑ ගැහුවා මට පුළුවන් උපරිමයටම… දෙයියනේ මේ මගෙ වස්තුවනේ…. මං ආදරේ කරන  මගේ වස්තුව….

” අනේ දෙයියනේ වාහනයක් නැද්ද… මගේ කොල්ලට අමාරුයි මූ අරන් යන්න ඕන සිහියක් නෑ තාම…”

සයස්ගේ යාළුවෝ ටිකයි. සහසුයි දුවන් එනවා මං දැක්කා….

45  minutes later…

” ඒ සකුනා… අඬන එක නතර කරපන් බං පොඩි එකාට මොකුත් වෙන්නේ නෑ….”

” අන්..අනෙහ් බං මගෙ එකාට සිහිය තිබ්බෙ නෑනේ… එහෙව් එකේ මං කොහොමද කලබල නොවී ඉන්නේ…”

සහස් කියන කතාව හරි මං hospital එකට ආව වෙලෙ ඉදන් අඩන එකමයි කරන්නෙ … සයාෂ්ගෙ අම්මලත් ආවා … අපේ අයියත් මෙතනට ආව…. මට වෙන හොස්පිටල් එකට අරන් යන්න හිතුන නෑ,.. එනිසා මම අපේ අයිය වැඩ කරන ප්‍රයිවට් හොස්පිටල් එකට අරගෙන ආවා…

ඩොක්ටර් රූම් එකෙන් එළියට ආවා.. ඩොක්ටර් එලියට ආව හැටිය සයාෂ්ගෙ
අම්ම ඩොක්ටර් ලඟට ගිහින් අඬ අඬ…

” මගෙ පුතාට දැන් මොකද ඩොක්ටර්…”

” එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ අම්මා… කකුලක් පොඩ්ඩක් ඩැමේජ් එච්චරයි.. ලොකු අවුලක් නෑ… කොල්ලට සිහිනැති වෙලා තියෙන බයට”

“අනේ එහෙමද ඩොක්ටර් තැන්කියු…”

“it’s ok අම්මා ඒක අපේ රාජකාරියනෙ ඉතින්…ම්ම්ම්.. මේ ඩොක්ටර් විදෙව්ගෙ කවුරු හරිද…” ඩොක්ටර් එහෙම අහද්දි අපේ අයියා උත්තර දුන්නා…

” ඔව් ඩොක්ට නලින් සයාෂ් මගේ මල්ලි කෙනෙක් වෙනවා…”

” එහෙමද ඩොක්ටර් විදෙව්… හරි එහෙනම් ඔයා ඇතුලට ගිහින් කතා කරන්න මං යනව එහෙනම් තව වැඩ ටිකක් තියෙනවා කරන්න…”

” හරි ඩොක්ටර් තැන්කියු…”

ඒ ඩොක්ටර් එතනින් ගියා.. පස්සේ අම්මල ඇතුලට  ගියා..

” අයියේ අපිත් ඇතුලට යමු…”
තරු මල්ලි මට කතා කරා ඇතුලට යන්න…

” අම්මල ගියාට පස්සේ මම යන්නම් මල්ලි… නැත්නම්  ඕක සයාෂ්ට පස්සේ ප්‍රශ්නයක් වෙනවා..” මං එහෙම කිව්වෙ මොකුත් නෙමෙයි මට අනිවාර්යෙන් ඔතනට ගියහම කොල්ලව බදාගෙන අඩන්න වෙනව එක්කෝ ඉඹින්න වෙනවා….

…සයාෂ්  pov…

මට සිහිය එද්දි මං හිටියේ hospital එකක… මට මතක අභී අයියා බෙරිහන් දුන්න දැන් කොහෙද ඒත් එයා…

එහෙං කකුලක් බැන්ඩේච් කරලා… කැනියුලා  එහෙකුත් ගහලා අප්පා….
ඩොක්ටර් ගිහිල්ලා විනාඩි පහකින් වගේ අම්මලා ඇතුළට ආවා…. ඒත් කෝ සකුන් අයියා….

අම්මලා මාව බලල හවසට කෑම අරන් එන්නම් කියලා ගියා ට පස්සේ සකුන් අයිය ආව … අනේ දෙයියනේ ඇස්වල කඳුළු පිරිලා…….

” අයි..යෙ….”

” යෂ්…”  ආයෙත් පාරක් එයා මට යෂ්ලු….අනෙ දෙයියනේ මේ මනුස්සයා මට දාලා තියෙන නම් ගොඩ…

” ඇයි අයියෝ ඕම බලන් ඉන්නෙ… ම්හුක්…”

” බලන් ඉන්නෙද.. බලන් ඉන්නේ මේ  ලස්සන කැටයමේ කඩතොලු ඇති වෙලා
හින්දා චූටි  මහත්තයෝ….”

” මොකක්….”   මම එහෙම ඇහුවේ ඇත්තටම මට කිව්වද තේරුනේ නැති නිසා… මේ ගෝරිල්ල මොනවා කියනවද මන්දා… ගෝරිල්ලෙක් වුණත් මගෙනෙ අප්පා…

______________________________________

අපි දෙන්නගෙ පැය ගානක කතාව නැවතුනේ අයියා මගේ කට කෑවට පස්සේ ඉව්…ඉව් වනචර හෙඩ් පිපෙට්…අයියලගෙ වෙන්නත් වාසනාව තියෙන්න එපැයි අප්පා….

” අයියෙ අනේ අපි දැන් ගෙදර යංකෝ…” මට නම් බෑ මෙහෙම ඉන්න ඒ හින්දමයි අයියට ඒක කිව්වේ…

” ඉන්න බෑ කියලා බෑනේ චූටි ඉන්න වෙනවා ඉතිං දවස් දෙක තුනක් වත්….”
බුදු අම්මේ එච්චර ඉන්නේ කොහොමද අප්පා…

“අනේ පිස්සුද ගෝරිල්… මං කිව්වේ අයියේ… මට බෑ තනියම ඉන්න”
මම එහෙම කිව්වම අයියා ආයෙත් කට කොනින් හිනාවුණා…

“දැන් කවුද මගේ චූටි මහත්තයාට කිව්වෙ තනියම ඉන්නවා කියලා …ම්ම්ම්…කවුද කිව්වෙ…”

” කවුරුත් කිව්වෙ නැ ඉතින් මම දන්නව ඒක…”

” අනේ මෝඩයෝ මම තමුසෙ ළඟ ඉන්නවා… ගෙදර යනකම්ම හරිද…”

” අනෙ අයියෙ…”

” මොකෝ චූටි…..”

මට ඇත්තටම දුක හිතුණා මගේ වැඩ වලට එයා එයාගේ වැඩ පාඩු කරගෙන මන්  ළඟ ඉන්නවා කියද්දී…..

” ඔයාගේ වැඩ… ඒවා පාඩුවෙනවනෙ අයියේ.. ” මං එහෙම කිව්වට පස්සේ අයියා එයාගෙ නලල මගෙ නළලින් තියල…

” මට ඉන්නේ අයියයි ඔයයි විතරයි චූටි…. තමුසෙ මගෙ පණ මැණිකෙ…”

______________________________________

hospital එකේ හිටපු දවස් ගානෙම අයිය මගේ ළඟ හිටිය… තව හොස්පිටි බිල් එක ගෙව්වෙත් මගෙ මස්සිනා… පව්අප්පා.. දැන් නම් ඉතින් හා හා පුරා කියලා ගෙදර ඒත්  මට ඇවිදගන්න අමාරුයි… තවම සති  අපිට එක්සෑමුත් එක්ක… ඉස්කෝලේ යන්නත් බෑ මෙහෙම තියාගෙන…

මගේ පව්කාරයෝ ටිකයි අයියල දෙන්නයි මේ ටිකේ මට උදව් කරා නෝට් සම්පූර්ණ කරන්න පාඩම් කරන්න… අයියලා දෙන්න කිව්වේ අභී අයියයි සක්‍ර අයියයි තමා ඉතින්….

අපේ අම්මත් පොඩ්ඩක් අවුල් වගේ කියන්නේ අම්මට මොකක් හරි දෙයක් තේරිලා වගේ…. අනේ මන්ද දැන්නම් බයයිත් එක්ක….

Flash back ….

” මට ඇත්ත කියහං චූටියො…” අම්ම ටිකක් තදින් ඒක කිව්වෙ..

” ම්… මොනා ගැනද අප්පා…” මම වෙනසක් පෙන්නන්නෙ නැතුව අම්මගෙන් ඇහුවා…

” උඹට කා එක හරි හුටපටයක් තියෙනවා නේද…”

” විකාරද අම්මෙ පිස්සුද…” මං හිනා වෙලා එහෙම ඇහුවා..

” පිස්සු… පිස්සු පෙන්නන්නම් උබට අහු උනොත් එහෙම ඕවා මට…”

” ආ…”

” කරන ඕන දෙයක් හරි වයසෙදි කරපන්… තාම පොඩි සයාෂ් ඔයා…”

Flash back end…

…මාස දෙකකට පසු…

අද තමයි ඉතින් සති ගානකට පස්සේ ඉස්කෝලෙ යන්නෙ….
අ

ද අපිට නිවාඩු දෙනවා o/l  වලට.. තව සති දෙකහමාරකින් අපිට o/l … අයියලගේ ප්‍රතිඵල අනිද්ද එනවා… එයා නම් ෂුවර් එකටම පාස් ඇති…. මට තමයි පාළු අයියගේ ඉස්කෝලේ ගමනත් මෙතනින් ඉවර වෙනවනේ ඉතින්…..

” ආ…පැටියෝ….කොහොමද?…”
ඔව් ඔව් ඉතින් වෙන කවුද අපේ කොලු භාග ඇරෙන්න  ඔහොම හයියෙන් වෙන කවුරුත් කෑගහන්නෙ නෑ…

______________________________________

⚪ කතාව හොඳයිද ළමයි….🥺♥️
⚪ හිතුනොත් එපිසෝඩ් 30 ඉවර කරනවා…😩
⚪ කාගත් කිසිම ප්‍රතිචාරයක් නෑනේ ඉතින්….🥺♥️
⚪ කතාව ටිකක් දිගට ඕනිද නැත්නම් එපිසෝඩ් තිහෙන් ඉවර කරන්නද පව්කාරයිනේ…😁♥️
⚪ ඊළඟ එකෙන් ටක් ගාලා එන්නම් බායි…. බායි….ummmmmmmmmmmmmh😚🤫♥️😉

Tags: read novel …À·ƑයාÀ·‚À·Š… Episode 16, novel …À·ƑයාÀ·‚À·Š… Episode 16, read …À·ƑයාÀ·‚À·Š… Episode 16 online, …À·ƑයාÀ·‚À·Š… Episode 16 chapter, …À·ƑයාÀ·‚À·Š… Episode 16 high quality, …À·ƑයාÀ·‚À·Š… Episode 16 light novel, ,

Comment

Leave a Reply

Chapter 17