À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 |

A+ A-

අතට තෙල් අල්ලක් අරගෙන අත් දෙක හොදට එකට අතුල්ලලා, සාලෙ බිම දාපු මෙට්ටෙ උඩ මුනින් දිගාවෙල ඉන්න අවුරුදු 45 ක පිරිමියගෙ කොන්ද මගෙ අවුරුදු 21 ක් වයස අත්වලින් සම්බාහනය කරන්න ගත්තා.

වසන්තෙ අයියා බාස් කෙනෙක්. ඌ හිටියෙ ගෙවල් තුනක් එහයින්. වැඩක් තිබුණ දවසට හැම රෑකම ඌ මගෙ පිළට ගොඩ වුණේ ඇගේපතේ වේදනාව මගෙ අත් දෙකට දීල සල්ලිවලට හිලව් කරන්න.

ඌ එහෙමවත් මගෙ අතේ තව රුපියල් කීයක් හරි තියන එක මට මහ සැනසිල්ලක්. උගෙ දවසෙ පඩියත් රුපියල් තුන්දහක් වෙච්ච කොට.. උගෙන් රුපියල් පන්සීයකට එහා ගන්න මට බැරිකමක් තිබුණා.

ඌ කසාද බැඳල හිටියෙ නෑ. දැන් නං ඒ හැටි පෙනුමක් නොතිබ්බට තරුණ කාලෙ හොද පෙනුමක් තියෙන්න ඇති කියල දැක්ක පමාවට කියන්න පුළුවන්. මට මුලින් හේතුව ප්‍රශ්නයක් වුනාට… පස්සෙ පස්සෙ තේරුම් ගියෙ අහම්බෙන් ඌ මගෙ ගෙදරට ගොඩවෙච්ච දවසක.

එදා එකපාරට මහ වැස්සක් කඩාගෙන හැලුන රෑක ඌ මගෙ ඉස්තෝප්පුවට ගොඩ වුණේ.. මගෙ වෙන ‘ කස්ටමර් ‘ කෙනෙක් සාලෙ වැතිරිල ඉද්දි.

මම ඌ ලඟ දණ ගහගෙන කොන්ද අතගගා හිටියෙ දොර අඩවල් කරගෙන. මේක මහලොකු ගෙයක් නෙවෙයි. ඒ අඩවල් දොරෙන් මුලු සාලෙම පේන තරං. කවුරුත් ඒ වෙලාවෙ ගෙට ගොඩවෙයි කියල නොහිතපු හින්දා වගේම, නන්නාදුනන පිරිමියෙක් එක්ක වහපු දොරක් පිටිපස්සෙ තනිවෙන්න බයක් දැනුන හින්දා මං දොර කවදාවත් හොදට වැහුවෙ නෑ.

දරුවා කාමරේට දාල ලොක් කරල.. යතුර මම විතරක් දන්න තැනක හැංඟුවෙ ඒකයි.. මං මැරුවත් උට අතක් තියන්න බැරි වෙයි.. ඌ කාමරේ නිදි කියල මේ එන පිරිමි කවුරුත් දන්නෙ නෑ. කොල්ලට නින්ද ගියාම උදේ වෙනකල් නැගිටින්නෙ නැති හින්දා.

එන ගොඩක් පිරිමි හිතන්නෙ මං විතරයි ගෙදර ඉන්නෙ කියල. මං එහෙම හිතන්න ඇරල නිකන් ඉන්නවා. ඒක වඩා හොද හින්දා.

එදා වසන්තෙ අයියා අහම්බෙන් වගේ දැක්ක හින්දා මං පොඩ්ඩක් කලබල වුනත්.. මං වැරැද්දක් කර කර නොයිදපු හින්දා.. වසන්තෙ අයියට ගිහින් කතා කරලා ඉදගන්න පුටුවකුත් දීල ආය ඇවිත් කර කර ඉදපු වැඩේ ඉවර කළා.

ඊට දවස් දෙක තුනකට පස්සෙ ඉදලා වසන්තෙ අයියත් රෑට රෑට ගෙට ගොඩවෙන්න ගත්තෙ ඇගේපතේ අමාරුව කියාගෙන. පොර රෙගියුලර් කස්ටම’ර් කෙනෙක් වුණේ වැඩි කල් නොගිහින්.

ඒ හින්දම උගෙන් වැඩි මුදලක් මං බලාපොරොත්තු වුණේ නෑ. රුපියල් පන්සීය වුණත් හැමදාම හම්බවෙන හින්දා ඉදල හිටල එන මොනර කොළ ප්‍රතික්ෂේප කරලා හරි වසන්තෙ අයියා වෙනුවෙන් කාලය වෙන් කළා…

” අන්න.. එතන තව ඩිංගක් තද හරහං මයෙ කොල්ලා.. ”

” මෙතන?… ”

” ඔව්.. තව පොඩ්ඩක් පහළින්. ” පැයක් එක දිගට කරනකොට මසාජ් කිරිල්ල වුනත් අත් කැඩෙන තරං වේදනාකාරී වැඩක්. ඒ මදිවට දවසම වැඩ කරලා අත් කැඩිල වගේ. මුලු ඇගම වේදනාව ගුලි කරලා හදපු තනි පොදියක් වෙලා.

ඒත් ඒකලුනෙ ජීවිතේ…

” වැඩ කරලම සිනිදු වෙන අත් දෙකක් දැක්කමයි… උබ හෙන සනීපයි කොල්ලො… ”

” ………… ” මං මොකුත් කිව්වෙ නෑ. ඔය වගේ වචන හැමදාම ඇහෙන හින්දා මං කරබාගත්තා.

” උබ මට කතා කරන්න කැමති නැද්ද?.. ”

” එහෙම එකක් නෑ බං අයියෙ.. ”

” කෝ.. ” වසන්තෙ අයියා හැරිල මෙට්ටෙ ඉදගෙන, මෙට්ටෙ කොනක දණගහගෙන ඉන්න මගෙ අතක් ඇදල අරන් දිගෑරල බැලුවා.

” උබ දැක්කම මට කියන්න පුළුවන් .. ”

” මොකද්ද?.. ”

” උබ gay.. ”

මං අත උදුරල අරගත්තෙ තරහින්..

” උබට තරහ යන්න දෙයක් කිව්වද මං?.. එහෙනං සමාවෙයං.. ”

” එහෙම රෙද්දක් නෑ.. උබ කොහොමද මූණෙන් එහෙම කියන්නෙ? ”

” මූණෙන් නෙවෙයි… අද්දැකීමෙන්. ”

” හේතුව..? ”

” උබ… හරි සිනිදුයි.. හරි පිලිවෙලයි.. හරි අහිංසකයි.. වයසට වැඩිය පරිනතයි.. දරුවෙක් එක්ක තනිවුණා කියල.. ඌ ලෙඩෙක් කියල උබ බීල නැහිල නාස්ති කරන්නෑ. උබ උට අප්පෙක් විතරක් නෙවෙයි හංසයො, උබ උට අම්මෙක්ගෙ අඩුව දැනෙන්න දෙන්නෙත් නෑ. උබ හැම දේම දාස් වාරයක් හිතනවා. මං එනකොට උබ කොල්ලව කාමරේට දාල දොර ලොක් කරන්නෙ ඇයි කියල මට අමුතුවෙන් දැනගන්න ඕන්නෑ.. ”

මට පොඩි ලැජ්ජාවක් වගේ දැනුනා. මිනිස්සු නිස්කාරනේ සැක කරන එක වරදක් වෙන්නැති. ඒත් මයෙ දරු පැටියගෙ ජීවිතේ බිල්ලට දීල නිවැරදි වෙනවට වඩා ඒ වරද මට නිවැරැද්දක්.

වසන්තෙ අයියා මගෙ මූණ දිහා බැලුවා. ඌ මගෙ හැඟීම් කියෙව්වා කියල ඒ හිනාව ඔප්පු කරා.

” උබ වගේ එකෙක් මගෙ ජීවිතෙත් හිටිය කාලයක් තිබුණා බං.. ”

ඩිංගක් වෙරි ගද ගහපු වසන්තෙ අයියා සංවේදී වුණේ වෙරි මත නිදහසට කරුණක් කරගෙන වාගෙ.

මං ඒ ගැන කතා කරේ නෑ. මට අඩන්න හිත දුන්නෑ.

හේතුවකට දන්නවා.. මුටත් අත්වෙන්න ඇත්තෙ මගෙම ඉරණම අනිත්පැත්ත කැරකිල.

මට ඒ අතීතෙ ආපහු මතක් කරන්නවත් ආසාවක් ආවෙ නෑ. ඒව ලෝදිය වගේ මතක.. කාලෙත් එක්ක ගල් වෙලා ගිය… ගිහිල්ලා හදවතම ගල් කරපු ලාවා වගේ ලෝදිය මතක.

” උබ දවසම නැහෙනවා.. නැහිල නැහිල රෑටත් එකේකාගෙ කොදු මිරිකනවා. උබේ අමාරු තැන් මිරිකල දෙන්න උබට කවුරුවත් නෑ.. නේද බං?… ”

” මට අමාරුවක් නෑ අයියෙ… ”

” උබ අයියා කියැව්වට.. මං උබෙ තාත්තගෙ වයසෙ මිනිහෙක් හුත්තෝ.. කසාදයක් බැන්දනං.. දරුවෙක් මල්ලෙක් හැදුවනං උං උබට මල්ලි කියයි……. ” තප්පරයක් ඉදල ඌ ආය කටඇරියෙ ඩිංගක් කල්පනා කරල. ” උබෙ වයස කීයක් කියලද කිව්වෙ..? ”

” විසි එකයි අයියෙ.. ”

” අප්පා.. ” කනස්සලෙන්.. අනුකම්පාවෙන් වගේ ඌ මං දිහා බලපු බැල්ම මට දිරෙව්වෙම නෑ. මට කාගෙවත් අනුකම්පාවක් ඕන්නෑ. මට මං ගැනම අනුකම්පා හිතෙන තරං වෙලාවකට මටම දරාගන්න බැරි තරං.

” අවුරුදු විසි එක කියන්නෙ කොල්ලෙක් කුරුල්ලෙක් වගේ ඉගිල්ලෙන්න රහ රහ ගෙඩි උඩම අතු අස්සෙ තිබිල හොයාගන්න ඕන කාලෙ නෙවේද බං..? පොඩි එකෙක් එක්ක තනියෙං බෝඩිං කාමර කෑල්ලක් අස්සෙ උබ නිකං දුක් විදිනවා. උබ හොද කොල්ලා. ඒත් උබ මෙහෙම එකේකාගෙ කොදු මිරිකන්න ඕනැ එකෙක් නෙවෙයි හුත්තො… උබ රාජ කුමාරයෙක් වාගෙ සැපේ ඉන්නෝනා එකෙක්. ”

” සැප ඉතින් දෙපතුල් ලගට එන්නෑනෙ ඕයි. ”

” දෙපතුල් ලඟට ආවොත් උබ බාරගන්නවද?.. ”

” මොකද්ද? ”

” සැප බං.. සැප. ”

” ච්.. තමුසෙට වෙරි. මේ වැඩේ ඉවර කරන්න දෙනවා. මං නිදාගන්නැද්ද?.. ”

එන පොට දන්න හින්දයි ඌ මෙට්ටෙට තල්ලු කරලා කොන්ද මසාජ් කරන්න ගත්තෙ ආපහු. ඒත් ඌ ආය නැගිටල මගෙ අත් දෙකෙන් අල්ලගත්තා.

ඇදල ඌ ඉදපු තැනට මාව දාල ඉඟ වටෙන් අත දාල මගෙ කමිසෙ උස්සල මෙට්ටෙ දණ ගහගෙන මගෙ ඇග උඩට ගොඩ වෙද්දි මං පොඩ්ඩක් දැගලුවට.. ඌ කරේ මගෙ කොන්ද පොඩ්ඩක් වෙලා මසාජ් කරපු එක.

එතන මම නිවන් දැක්කා වගේ ඒ තත්පර දෙකට මට.දැනුණෙ. හිරවෙලා ගල්වෙලා තිබ්බ ඇටකෝටු මස්පිඩු අස්සෙ තෙරෙපෙද්දි හරි තැන්වලට වැටිල කටස් කටස් ගාද්දි මට නැගිටින්න හිතුන්නෑ.

ඌ අන්තිම අදක්ශයි මේ වැඩේට. ඌ කරන විදියට මං මසාජ් කරානං එන උං මට ගහලත් යන්නෙ සල්ලි දෙනවා නෙවෙයි.

ඒත් උගෙ ඒ වේදනා දෙක තෙරපිලිත් සැපක් වගේ දැනෙන තරං ඒ කොදුඇට රුහිතෙට ගිහිල්ල තියෙන්න ඇත්තෙ.. මං මෙට්ටෙටම දිය වෙලා ඇලුනා වගේ.. මට නැගිටින්න හිතුන්නෑ.

මගෙ කටින් පිටවෙන්න ගිය කෙදිරිලි මං වාවගත්තෙ හෙන ගේමක් දීල. මේක මාරම සනීපයි. ඒත් මේ මිනිහා අතින් මෙට්ටෙ ලේ ගාගන්න කැහිල්ලක් මට තිබ්බෙ නෑ.

” උබට ඕනැ දෙයක් මට දෙන්න පුළුවන් ”

ඔය කතාවත් එක්ක තමයි මගෙ ඇස් දෙක ඇරුණෙ.

වසන්තෙ අයියා කොන්ද මසාජ් කරන ගමන්ම කතාව කරගෙන ගියා.

” මං බාස් කෙනෙක් තමයි. ඒත් මං අවුරුදු ගානක් හම්බ කරපුවා පොත්වල එහෙම්මයි. මං මොකාට වියදං කරන්නද බං?.. ගේත් හොද ලොකුවට හදලා තියෙන්නෙ. උබ නාවට පාරෙ යද්දි දැකල ඇතිනෙ.. තට්ටු දෙකේ ගේ.. පොඩි එකාට සෙල්ලං කලෑකි ඇති පදම.. වත්තත් අක්කර දෙකක් තියෙනවා මඩ ඉඩං නැතුව… “

මං වසන්තෙ අයියගෙ අත ගසා දාගෙන නැගිට්ටෙ ඔය කතාව හැරෙන අත දන්න හින්දා. ” වසන්තෙ අයියා මොකාටද එන්න හදන්නෙ දැං? ”

• නැවත හමුවෙමු •

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 03 | light novel, ,

Comment

Leave a Reply

Chapter 3