À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 |

A+ A-

ඒ නපුරු ඇස් අදත් එදා වගේම මං දිහා බලන් රවද්දි මට ඉබේම බිම බැලුණා.. එදා බයට බිම බලාගත්ත මගෙ ඇස්වලට අද හේතු වුණේ මහ දුකක්.. පසුතැවීමක්.. කලකිරීමක්.

එදා අහම්බෙන් වියාරාගෙ ෆේස්බුක් ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉදපු පිරිමිකම දෝරෙගලන ප්‍රොෆයිල් පික්ච එක මගෙ ඇස් අස්සෙ මැවිල පෙනුනෙ, එදා ඉදපු නොහොබිනා අපරිණත සාමාන්‍ය පෙළ කොලුගැටයගෙ මරල දාපු ආත්මය ආයෙත් වතාවක් මගෙ හිතම අරක්ගනිද්දි…

‘ දෙව්දුන් මනෝහර විශ්වනාත් ‘

Studied at University of #######

Lives in .. මගෙ පලාතෙමයි..

From  උඩ උත්තරේම තමයි..

ඒත් මගෙ විශේෂ අවධානය යොමු වුණේ Marital status  එකට..

Single

මට හේතුකාරණා ගහපහදන්න තරම් මොලයක් එදා තිබුන්නෑ. ඒ හින්දා මං මගෙ හිත රවට්ටගන්න මනෝවිකාර ගැහුවෙ ඇත්ත හේතු පිලිගන්න කොන්දක් නොතිබ්බ හින්දා.

    මෙච්චර හැන්ඩ්සම් කැම්පස් කොල්ලෙකුත් සිංගල් නං ලනුපොට වගේ ඉන්න තාම ඕලෙවල් රිසාල්ට්වත් නොදැක්ක මං ගැන කවර කතාද.. මෝඩයෙක් වගේ ඕක හිතලා මං හිනාවුණා මතකයි.

      ඉන්ජිනේරු පීඨයෙ තුන්වෙනි වසරෙ ඉගෙනගත්ත දෙව්දුන් අයියගෙ පෝස්ට් අස්සෙ අපෙ අයියගෙ කමෙන්ට්ස් දකිද්දි හිග්ගෑවුනට මොකද… ටිකකින් පොඩි ලල් ෆීලින්’ග් එක්කුත් කුපාඩි හිතට නෑවිත් තිබුන්නෑ. දෙන්නා බොක්කෙ ෆිට් නං ඉතින් අපේ ගෙදර ඇවිදින් ගිහිල්ලත් ඇති. ආපහු එක්ක ආවොත් අවදානෙන් ඉන්න මම හිතාගත්තා.

   එකපාර ඇතිවෙච්ච මේ ආකර්ෂණය මගෙ හිතට වද දුන්නා. එකපාර කිව්වට.. මේව එකපාර ඇතිවෙච්ච හැඟීම් ම ද කියල එදා මට පොඩි කනස්සල්ලක් නොතිබ්බා නෙවේ. ලොකූ හරි චූටි හරි අප්පච්චි හරි කමිසෙ නැතුව ගෙදර එහෙමෙහෙ යද්දි හැම වතාවකම මං ඒ දිහා නොබල මගඇරිය හැටි අදටත් මට හොදට මතකයි. මටත් ඒ කවුරුත් අවට මගෙ පිරිමිකම නිරුවත් කරන්න මැලිකමක් තිබ්බා. මහ අප්‍රසන්න පිලිකුලක් ඒ දේවල් දකිද්දි මට ආවා.

   ඒත් අම්මා නාන්න චීත්තෙ ඇදගෙන කුස්සියෙ වැඩපල කරද්දි ගිහිල්ලා ඔඩොක්කුවෙ ඔලුව තියාගන්න වුණත් මට කිසිම මැලියක් දැනුන්නෑ. මම මුලින් හිතුවෙ මං අම්මට වැඩිපුර ආදරේ හින්දා කියල.  අපි අතර ගෙදර අනිත් මිනිස්සු අතර තිබුනට වඩා බැඳීමක් තිබුන හින්දා කියල. ඒත් ඒකෙ ඊටවඩා ලොකු කතන්දරයක් රැඳිල තිබුණා කියල මට දෙව්දුන් අයියගෙ රටාවලට මවිල් වැවුණ ගල්ගෙඩි තරම් හයිය ඇති පපුවෙ මස්පිඩු දිහා උවමනාවට වඩා වෙලා බලාගෙන කෙල හලද්දි මට තේරුණා.

     යාලුවො සෙට් එකක් එක්ක මුහුදෙ නාන ගමන් ගත්ත වීඩියෝ.. ෆොටෝ අස්සෙ මං දවසෙන් බාගෙකට වඩා කාල දැම්මෙ, මං මේ වගේ පිරිමිකම උතුරන පිරිමියෙක් වුණ දාක කෙල්ලෙක් මං වෙනුවෙනුත් පතිදම් පුරයි කියන මහ පට්ටපල් බොරුවෙන් මගෙ හිතම රවට්ටගන්න ගමන්.

ඇත්තම කතාව.. එදත් මට ඕන වුණේ ඒ කිරිගරුඬ අත් අස්සෙ තදට හිර වෙලා ඒ අත් මට කරන ඕනම දෙයකට ඉඩ ඇරල ඇස් පියාගන්න.

   ෆොටෝස් දෙදාස් පන්සිය හැට එකක් අස්සෙ, වියාරා හින්දා අඩල ඉදිමිල තිබ්බ මගෙ රතු ඇස් තව සතියක් ගෙවාගත්තා. දාපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එකට තාම ප්‍රතිචාරයක් නැති වෙද්දි බලාපොරොත්තුත් පොදින් පොද වේලිල අතුරුදන් වෙන්න ගත්තා.

       සිකුරාදා උදෙත් මගෙ ඇස් ඇරුණෙ ෆේස්බුක් එකේ දෙව්දුන් අයියගෙ ප්‍රොෆයිල් එකට. එදා කැන්සල් රික්වෙස්ට් වෙනුවට ඇඩ් ෆ්‍රෙන්ඩ් කියල වැටිල තියෙද්දි මගෙ පපුව ගිනිගත්තා මට දැනුනා.

     මගෙ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් නොකර ඉන්න තරම් මං කැතද..? ඒකද?.. මට දාහක් හේතු හිතෙන්න වුනා. උදේට කන්නවත්.. තේ බොන්නවත් පිරියක් නැතුව කාමරේ අස්සට වෙලා මං එදා දවසෙන් බාගෙකුත් ගෙවල දැම්මා.

     දවල් වෙලා මං හිතාගත්තා කොන්ඩෙ කපන්න. වලහා වගේ වලස් තොප්පිය දාන් ඉද්දි දැක්කම පිරියක් නැති වෙන එක අහන්න දෙයක් නෙවෙයි වෙන්නැති. අම්මගෙන් රුපියල් දාහක් ඉල්ලගෙන මං සැලොන් එක පැත්තෙ ගිහින් තිබ්බ ලේටස්ට් ම ක්විෆ් හෙයාකට් එක පුරුදු සැලුන් එකේ අයියා ලවා කපවගෙන එලියට බැස්සෙ ආපහු ගෙදර එන්න.

   ඒත් අපේ අයියගෙ වයසෙ පිරිමියෙක්ගෙ අතේ එල්ලිල ජෙන්ට්ස් සැලෝන් එකට එහාපැත්තෙ තිබ්බ ලේඩීස් සැලෝන් එකට යන ගමන් ඉදපු වියාරා මට අතේ මාට්ටු.. ඒකි මාව දැකලා මීයා වගේ එහෙම්ම හිට්ටා වුනාට මං අදුරන්නැති ගානට එතනින් එන්න ආවා. එහෙම ඒ ඇස් මගාරින්න තරම් කොන්දක් මට ආව විදිය මං දන්නෑ. මට දැන් වියාරව දැනුන්නෑ. මට වියාරා සාමාන්‍ය කෙල්ලෙක්වත් නෙවෙයි.. පෙන්නන්න බැරි තරම් අප්පිරිය චරිතයක් වෙලා තිබුනා. අඩුගානෙ කරපුවට පලිගන්නත් හිතෙන්නැති තරම් අප්පිරිය චරිතයක්..

       එක අතකට වියාරගෙ ඇත්ත මූණ මං දැක්කා කියල වියාරා දැනගත්ත එකත් මට සැනසීමක් විදියට දැනෙන්න ගත්තා. දැන් අපි අතරෙ මොකුත් නෑ. මං ඒකිගෙ බොරු වංචාවලින් නිදහස්. මට මහ සැනසීමක් දැනුණෙ.. මට තිබ්බ කලකිරීම දෙව්දුන් අයියා මගෙ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් නොකර රිජෙක්ට් කරල දාපු එක.

    මගෙ ෆේස්බුක් අකවුන්ට් එකෙත් තිබ්බෙ ෆොටෝස් දහයක් හෝ දොලහක්. ඒවත් යුනිෆෝම් එකෙන් ගත්ත ඒව. නැත්තං යාලුවො ටැග් කරපු කුජීත ඒව. ෆේස්බුක් එකේ වැඩිහරියක් මම කළේ මීම්ස් ශෙයා කරපු එක. කොහොමත් ඕකට ටිමොති ශැලමේ වගේ ෆොටෝ එකක් ගහල දැම්මත් මගෙ දහපදුරා යාලුවො දාන්නෙ HaHa රියැක්ශන් විතරක් එකේ මං ෆොටෝස් අප්ලෝඩ් කරන්න කම්මැලි වුණා. ඒක මේ වෙලාවෙ මෙච්චර වාසියට හිටියි කියල මං දැනන් හිටියෙ නෑ.

    අලුත් හෙයකට් එක එක්ක ආසම ටීශර්ට් එකයි ආසම ශෝටයි ඇදලා චූටි මල්ලි ලවා ෆොටෝ එකක් ගස්සවගත්ත මම කෝකටත් කියල මූණෙන් බාගයක් ක්‍රොප් කරලා ප්‍රොෆයිල් පික්ච එකට දාල අලුත් අකවුන්ට් එකක් හැදුවා.

කලින් අකවුන්ට් එකේ නම තිබ්බෙ Hansa Samaradivakara කියල.. ෆේක් අකවුන්ට් එකට මම  ‘ හංස සරාකේශ් ‘ කියන ඇත්ත නම එක්ක වීරක්කොඩි කියන එවෙලෙ හිතට ආව බොරු වාසගම දැම්මා. වයස කෝකටත් කියල 19 කට ශේප් කරලා මැරිටල් ස්ටේටස් එක සිංගල් තිබ්බා. ඉන් එහා මොකුත් නොකර මගෙ යාලුවො නොවන රැන්ඩම් උන් කීපදෙනෙකුට මුලින් රික්වෙස්ට් දාල ප්‍රොෆයිල් එක ලොක් කරා.

    ෆ්‍රෙන්ඩ්ස්ල විස්සක් විතර ඇඩ් වුණාට පස්සෙ මම දෙව්දුන් අයියට රික්වෙස්ට් එකක් දැම්මෙ මෙච්චර වෙලාවක් ඉවසන් ඉදලම නලියන අතට යන්තම් ඕගාසම් එකක් දීල..

     පැය හතරකට එහා මම ෆෝන් එක විනාඩියෙන් විනාඩියට අතට අරන් බලලා ඉවසිල්ල නැති තැන ආපහු කොට්ටෙ යටට ඔබන්නැති. ජීවිතේ තීරණාත්මකම පැය කීපය ඒක වගේ මට දැනුණෙ.

     අවසානෙට ඒ නොටිෆිකේශන් එක ආවා.. පපුව නිව්නා.. ‘ දෙව්දුන් මනෝහර විශ්වනාත් Accepted your friend request ‘

    අද ඒ නිව්න හදවත ගිනිගන්න විදිය දැනෙද්දි… අදටත් මං කල්පනා කළේ එදා ඒ ගින්න ඇවිලිල නිවිල ගියානං ඒක එතනින් ඉවරයි නේද කියල..

    

    අදටත් මං දිහා රවල බලන ඒ ඇස් මට කෑගහල අඩන්න තරං හේතු දුන්නත්.. ඒ පිරිමි ගොඩක් මැද කදුලු ඇස් අස්සෙම වාවගෙන මට ගහක් ගලක් ගානට කරබාගන්න සිද්ධ වුණා..

නැවත හමුවෙමු

🤍🦢

මං ආසම මොනර පැටියයි හංස තාත්තියයි ගැන ලියන්න 😭💔 අද මොනර පැටියා ඩේ කෙයා එකේ නේ 🤕

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 09 | light novel, ,

Comment

Leave a Reply

Chapter 9