À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 |

A+ A-

         මං කාමරේ දූවිලි පොදක් ඉතුරු නොවෙන්න අස් කරා…

      දෙව්දුන් අයියට දූවිලි වදින පමාව ඇති හෙම්බිරිසාව වදින්න. මේ අස්සෙ සිමෙන්ති ගල්කුඩු හුනු හුලගෙ ඇවිල්ලා ෆයිල් උඩ ගොඩගැහුණ දූවිලි තට්ටු පිටින් රැඳිලා..

   මේ මනුස්සයා කොහොම මේක අස්සෙ හුස්ම ගත්තද මංදා..

    සේරම අස් කරලා තියල.. විදුරෙ වතුර එකත් මාරු කරලා අලුතින් වතුර එකක් ෆිල්ටරෙන් අරන් පුරවලා මේසෙ උඩින් තිබ්බ මම හැරුණෙ දැන් කාමරෙන් පිට වෙන්න වෙලාව හරි හින්දා..

      ඒත් දොරකඩ සද්දන්ත බාධකයක් හිටගෙන හිටියා.

       මං ඔලුව බිමට හරෝගෙන දොර දිහාට ගියෙ ඌ මාව මේක අස්සට ඇදල අරන් හිර කරගත්තත්.. යන්න ඇරල අහකට වුණත්.. කොයිකත් මට එක හින්දා.

      මං දෙන්න තියෙන ඔක්කොම මුට දීල ඉවරයි..

    හුස්ම ටික අරගත්තත් කමකුත් නෑ..

   එච්චර බාල්දු චරිතයක් මං ඒ නපුරු ඇස් ඉස්සරහ..

      ” කෝ පුතා? ”

” …න’සරි එකේ. ”

    ” හංස…. ”

මං ඇස් උස්සල බැලුවාම ඒ ඇස් මගෙ තොල් දිහා බලලත් බිම බලාගත්තා..

    ” හංස මා එක්ක තාම තරහද?… ”

      ඒ හරුපෙ මට තේරුනේ නෑ..

    ” තරහද මගෙ හංස..? ”

” ඔයාගෙ.. ” මගෙ කට කොනකට හිනාවක් ආවා. මුගෙ?..

   මුගෙනං පරිස්සං කරගන්න තිබ්බනෙ..

  මුගෙ ආච්චිගෙ වස්තරේ..

    ” …. මට අයිතියක් නෑ කේන්ති ගන්න. මං දන්නවා ඒක. උබ මට වැරැද්දක් කලා වගේ හැසිරෙන්න.. මට සමාවෙයං සුදූ.. මට අහන්න තිබ්බා.. දැන් උබ බබෙක් නෙවෙයි කියල හිතන්න තිබ්බා.. ”

   රෙද්ද..

කන පැලෙන්න ගහන්න ඇත්තම් මට.. 

    ඇයි තවත් මගෙ හිත හප කරන්නෙ?.. හප කර කර සූප්පු කරන්නෙ?.. මට ඕන ඔය කටින් එක පාරක් උබට මාව ආපහු ඕන කියල අහගන්න කියල දන්නෑ කියහං.

මරාගෙන මැරෙන්න හැකි මට..

    අයිතියක් නෑ… ලු..

ඒ කියන්නෙ උබ මාව අතෑරල ඉවරයි කියලද මිනිහො..

මට ඕන උබ මං එක්ක ඔට්ටු වෙන්න.. මගෙ ආදරේ වෙනුවෙන් මරාගන්න.. මාව අයිති කරගන්න ලෝකයක් එක්ක හරි  හැප්පෙන්න..

   ඒත් නෑ.. ආය ඒ උබව මට ලැබෙන්නෑ නේද අයියෙ?

උබ මාව අතෑරල ඉවරයි නේද?..

   උබ මාව දන් දීලත් ඉවරයි..

 

   මට ඕන්නෑ වෙස්සන්තර රජෙක්.. මාවයි දරුවයි දන් දෙන්න…

මට ඕන උබ කලින් ඉදපු සිංහයා වෙලා මාවයි දරුවයි උබෙ පපු කුටිර අස්සෙ හිර කරල හංගන් රකින්න..

        මං ඒ අත ගසාදැම්මෙ හිතකින් නං නෙවේ.. මං එලියට පය තිබ්බෙ මූ කොහොමත් මේ වතාවෙත් මාව නවත්තන්න මහන්සියක් ගන්නැති බව දන්න හින්දා..

  

       මං දන්නෑ මට සිද්ධ වුණේ මොකද්ද කියන්න.. ඔලුව ගැස්සිල යනවා… මං වැටෙනවා.. කකුල හරහා අකුනක් වාගෙ වේදනාවක් ඇවිලෙනවා… පපුවෙන් හුස්ම විසි වෙලා වගේ යනවා එක්ක හුස්ම ගන්න බැරුව හුස්ම එහෙම්ම හිර වෙනවා  දැනුනා.

    එහෙමම ඇස් නිලංකාර වෙලා පියවිලා ගියා.

   ඇස් ඉස්සරහ මැවුණෙ මගෙ කොලු පැටියගෙ අහිංසක ඇස්..

       ඊලඟ නිමේශයේ ඇස් අරිනකොට මං බැන්ඩේජ්වලින් ඔතලා.. මමියක් වාගෙ හොස්පිට්ල් ඇදක් උඩ හිටියෙ..

    නැගිටින්න හැදුවෙ.. ඒත් බෑ..

කකුල යන්තං හෙල්ලුනා විතරයි මට චූ යන්න ආවා.. කෙදිරිගාන්න්වත් බැරි තරං මට මහ මහන්සියක් දැනුනෙ..

    මගෙ දරුවා…

මං ඇදේ ඉදගන්න හැමදේම කරා.. ඇටෙන්ඩන්ට් නෝනලට බබ්බු හම්බෙන්න වගේ බෙරිහන් දෙන්න වෙනකල්ම.

   උන් මාව අල්ලල ඇදට බදිනවා කියලත් බැන්නෙ බැරිම තැන.. ඒත් උන් මගෙ පපුව ඇදට තියල බදින්නද?… දෙයියනේ මගෙ පොඩි එකා..

      ” අනේ මිස් මගෙ දරුවා… මිස් වෙලාව කීයද? ”

      මගෙ වෙලාවට නර්ස් කෙනෙක් ආවෙ අයි සී යූ එකට..

  ” වෙලාව අට හමාරයි දරුවෝ… ඔයාගෙ ඔය තුවාල ආය පාරගන්නෙ නැතුව ඉන්නකො.. ඩොක්ට’ දැන් එයි.. ”

      ” මට මොකද්ද වෙලා තියෙන්නෙ නර්ස්..? අනේ මගෙ දරුවා ඩේ කෙයා එකේ තනියෙන් දෙයියනේ.. මට යන්න දෙන්න නර්ස් නෝනා.. ”

මට ඇඩුනා..

කොල්ලා අඩනවද.. කාල ද බීලද.. කොහෙ ඉන්නවද?..

   දෙයියනේ මගෙ දරුවා.. මගෙ රත්තරං මොනර පැටියා..

    ” අපි දුන්නොත් ඔයාට යන්න පුළුවන් නං යන්න පුළුවන්. ටිකක් බලන්න ඔයා ඉන්න තත්ත්වෙ. ඔයාගෙ දරුවා ඉන්නෙ කවුරුහරි වැඩිහිටියෙක් එක්කනෙ. එයා දරුවා ඩේ කෙයා එකෙන් එලියට දාල දොර වහන්නෙ නෑ නෙ.. ඩේ කෙයා එකට කෝල් එකක් අරන් දෙන්න චේතනා මේ දරුවට. ඩොක්ට’ දැන් එයි. ඉක්මන් කරන්න. ”

      මං ෆෝන් එක අතට ගත්තෙ වෙව්ල වෙව්ල.. එලියට දාල දොර නොවැහුවට මගෙ දරුවා කොච්චර බය වෙලා ඇද්ද?..

      ” මිස් කාව්‍යා… මගෙ දරුවා- ”

” මට ඇක්සිඩන්ට් එක ගැන ආරංචි වුණා මායුර්ගෙ තාත්තා.. දරුවා ඔයාගෙ අයියා ඇවිත් එක්ක ගියා. දැන් අමාරුවක් නෑ නේද? ”

    ” ට්..ටිකක් හොදයි… මගෙ අයියා කිව්වෙ?- “

” ඩොක්ට’ එනවා ෆෝන් අයින් කරන්න දැන් අපිට බැනුම් අස්සන්නෙ නැතුව ”

    ඇටෙන්ඩන්ට් ෆෝන් එක උදුරගෙන සාක්කුවට දාගෙන ඉවර වෙලා අතේ බ්ලඩ් ප්‍රෙශර් මොනිටර් එකක් ඔතන්න වුනා..

         මං වෙව්ලන්න ගත්තා.. දරුවා එක්ක ගියෙ කවුද?..

   මගෙ අයියා?

මේ ගෑනි මගෙ දරුවව කාටද බාරදුන්නෙ? මගෙ අයියා කිව්ව පලියට එහෙමත් දරුවෙක් නන්නාදුනන මිනිහෙකුට බාරදෙන එකියකටද මං මගෙ දරු පැටියා බාරදීල ආවෙ?

     එහෙමත් බාර දේවිද?… සමහර විට ඇත්තටම අපේ අයියා ඇවිත් දරුවව බාරගන්න ඇති.. නැත්තං –

      ඩොක්ට’ ට එන්න පරක්කු වෙයි කියලා දෙව්දුන් අයියට කාමරේට එන්න ඉඩ දීල තිබුනා.. ඒ එක්ක වසන්තෙ අයියත් ආවා..

     ” අයියෙ මගෙ දරුවා- ”

” දරුවා අපේ ගෙදර සුදූ.. ඔයා බය වුනාද රත්තරං?.. ”

   දෙව්දුන් අයියා ඇවිත් මගෙ අත අල්ලන් ඉකිගහන්න වුනා.. අල්ලන් ඒ අත දෝතින් අරන් තොල් වලින් තෙමුවා..

   වසන්තෙ අයියා පිටිපස්සට වෙලා බලන් ඉන්නවා දැකපු මට… ඒ හිත රිදෙන වග දැන දැන ඒ අත්වල ගුලි වෙන්න හිත දුන්නෙත් නෑ..

       මට රිදෙන බවවත්.. මං දුර්වල වෙලා බවවත්… මං පිලිගන්න කැමති උනේ මගෙ දරුවා පරිස්සමට කොහෙ හරි ඉන්නවා කියල ඇහුවම…

    මං පැත්තට හැරිල ඇස් පියාගත්තෙ කොට්ටෙ කදුලුවලින් තෙමෙන බව දැන දැන..

###

     ” හංස… ”

” ම්ම්… ”

” හංස.. මට අමාරුයි හංස… ”

      මහ පාන්දර මං ඇහැරුණේ ගැස්සිලා..

වියාරා?…

   මගෙ මොනර පැටියා…

   ” වියාරා..?! ”

ඒත් කවුරුත් නෑ.. මං ඇදේ අතපත ගාල ඇස් ඇරියෙ පලවෙනි වතාවෙ ලයිට් එලි ඇස් අන්ධ කරපු හින්දා…

     වියාරා කෝ?..

මං දැක්ක ඔක්කොම හීනයක් ද?

   මොනර පැටියෙක් එක්ක මං දිග හීනෙක ද ඉදියෙ?..

    මං දන්නෑ.. දීපු බෙහෙත් හින්දද.. වේදනාව හින්දද.. උණ විකාරෙන් ද කියන්න…

මට කොයි එකට හීනෙ කියල තෝරගන්න බැරි වුනා..

    ඒත් ආපහු නින්ද ගියෙ නිදි බෙහෙත් සැරට වෙන්න ඇති..

      උදේ මාව නෝමල් වෝඩ් එකකට මාරු කළා.. ලොකුවට අමාරුවක් දැනුනත් අයි සී යූ එකේ ඉන්න තරම් දැන් අමාරුවක් නැතුව ඇති..

    අතපය කඩලා දාල වගේ රිදුනෙ.. ආහ්.. කඩල දාල නේන්නං..

    ඔලුව පැලිලා තිබුණා.. වම් අතයි දකුණු කකුලයි දෙපොලකින් බිදිලා.

      පලංචියක් ගැලවිලා කෑල්ලක් බිමට වැටිල තිබුණෙ හය වෙනි තට්ටුවෙ ඉදලා..

   නොමැරි බේරුන එක ගැන හරිනං මං සතුටු වෙන්නයි ඕන.. ඒත් මං උදේ වරුවම ඇදේ දිගා වෙලා කල්පනා කළේ ඊලඟ මාස කීපෙ මගෙ දරුපැටියා ජීවත් කරන විදිය ගැන..

      සමහර විට වන්දියක් ලැබෙයි.. ඒක කොහොම හරි පිරිමහගන්නවා.. දරුවගෙ බෙහෙත් ටික මගෑරෙන්නෙ නැතුව දීගන්න තියෙනවා නං..

    මොන කරුමයක් වෙලාද මංදා මටත්…

අත ගහන හැම දේම ඇයි වැරදෙන්නෙ?..

         මොනර පැටියා නොහිටින්න දැන් මැරුනත් මට දුකක් නෑ.. ඒක සැනසීමක් විතරක් වෙයි..

ඔලුව අස්සෙ කරග්ගහන හැඟීම් මහ සාගරේ වාගෙ චන්ඩයි.. කැලඹිලිසහගතයි… ඒ හැඟීම් මගෙ පාලනයෙන් තොරයි.. මං ඒව ඉස්සරහ අසරණයි..

     මට මහ තනිකමක් දැනුණෙ..

මට මහ අසරණකමක් දැනුණෙ..

   මං වෙනුවෙන් කවුද ඉන්නෙ? දෙව්දුන් අයියත් මාව දන් දෙන්න ලෑස්තියි.. වසන්තෙ අයියා මාව තේරුම් ගනීද?… ගත්තත් මට ඒක අවශ්‍ය ද?

  අනුකම්පාව මත ගොඩනැගෙන බැමි ශක්තිමත් නෑ.. වියාරා.. උබ තරම් ඒක ඔප්පු කරපු මනුස්සයෙක් මගෙ ජීවිතේ ඉදලා නෑ..

     දොරෙන් ඇතුලට ආවෙ දෙව්දුන් අයියා.. බෑග් බර ගානක් උස්සගෙන.. අනිත් අතින් දරුවා වඩාගෙන..

    ” තාත්තී!! ”

කොල්ලගෙ හිනාව.. දෙයියනේ මේ නොදරුවා හොස්පිට්ල් අස්සෙ උස්සගෙන එන්නෙ.. මේ මිනිහට පිස්සුද ඇත්තටම?!..

   මේවගෙ විශබීජ.. අනික… අනික මාව මේ තත්වෙන් දැකල දරුවට දරාගන්න පුළුවන් වෙයිද?..

    ” ප්‍රොමිස් වුණේ මොනාද මායූ.. ” දෙව්දුන් අයියා අහපුවම මගෙ ඇදට ගොඩවෙන්න දගල දගල ඇද පාමුල ඉදපු කොලු පැටියා අත් පිටිපස්සට කරලා බැදගෙන අයියා ඉස්සරහ හිටගත්තෙ සොල්දාදුවෙක් වාගෙ..

    ” චාචි සිදිල ඉන්නෙ.. උදත නගින්නෑ…!.. ආහ්… කෑගාන්නෙ නෑ… අම්ම්හ්… දගකලන්නෙ නෑ… කිව්වම ආනවා….. හම්බු කනවා..?”

     ” හම්බු කන්න නං කිව්වෙ නෑ.. ”

” හම්බු බතගිනි.. ”

   ” අනේ.. මායුට බඩගිනි ද?.. මං කවද්දි කන්න බෑ කිව්වනෙ.. ”

“  තාති අතින් මොලල පැතියා කන්නෙ.. “ 

අයියා මගෙ කොල්ලව උස්සල ඇද උඩින් තිබ්බෙ හිනාවෙවී..

   ” කොහොමද සුදූ දැන්..? ” මගෙ වෙලුම්පටි ඔතපු නලලෙන් කොන්ඩෙ පිටිපස්සට අතගාල අයියා මගෙ කම්මුලත් අතගෑවා.. ” අමාරුවක් නෑනෙ.. නේද? “

    ” තාත්ති පවූ.. ” කොල්ලා මගෙ කම්මුල චූටි ඇගිලිවලින් ඇල්ලුවෙ හරි පරිස්සමට.. ” තාත්ති නලක බබෙක් වෙලා හින්දා ගෝනිඅත්තා පනිත්සන් කලලද? ”

       ” තාත්ති දැන් හොද බබෙක් වෙලා හම්බු ඔක්කොම කනවලුනෙ අප්පච්චි අතින්.. අපි පෙර වැරදි අහෝසි කර්ම විදියට හිතල නොසලකා හරිමු මොනර පැටියා.. “

    ” අතෝලි කාමර?”

   ” දරුවට නොතේරෙන වචන කියන්න එපා හලෝ.. ”

     ” සුදූට මොකද කියන්නකො එහෙනං.. ”

   ” තුදූලු.. ඉහි.. ”

කොල්ලා හිනාවුන විදියට වටේ ඇදන්වල මිනිස්සුන්ටත් හිනා.. ලෙඩ්ඩුන්ට ආතල් දෙන්න මූ එක්ක ආව මහ එකාටයි නෙලන්න ඕන.. හිනා ගිහින් ඉල ඇට ඇදෙන වැඩ මේකා කරන්නෙ ඉදල ඉදලා.

     මේ ඇබරිල තියෙනේව ඇදිල ගියාම මහ ඇටයවත්.. පොඩි ඇටයාවත් හදන්නෙ නෑ නෙ….

” ඇයි.. ? ”

” තුදු නෑ… තාත්ති ගුලුපාත වෙලා ඉන්නෙ.. මේ? ”

     ” ගුරුපාට වෙලා ඉන්නෙ මොනර පැටියා සුදුවට තියන්නනෙ.. නැත්තං තාත්ති මොනර පැටියා වාගෙම සුදුයි ඒ කාලෙ… ”

   ” à·„à·‘…? ”

“  à·„à·‘ තමා.. ”

” තාත්ති තුදු නෑ.. තාත්ති දත්තනයි.. ගුලුපාත තාත්තිලත් දත්තනයි අපත්ති.. ඔයා ඒක දන්නැද්ද?.. අපේ තාත්ති කිව්වා.. ගුලුපාත බබාලව හදන්නෙ ගුලුපාත තොකලත් වලින්ලු… මේ පාත බලාලව හදන්නෙ කුක්කු පාත තොකලත්වලින් ලු… දෙකම තතම තතයිනෙ ඉතිං.. ම්ම්.. තත.. ”

     ” ඒකද එතකොට ඔය ගෝනිබිල්ලා බබාලව ගෙනියන්නෙ?… ”

   ” ගෝනි අත්තා අනේ… ගෝනි- අත්තා..! එයා බබාල ගෙනියන්නෙ.. දග කලොත් ඉතලයි.. මං දග නැති හින්දා.. එයාත බය නෑ.. ”

      ” මගෙ පුතා බය වුණාද තාත්ති ආවෙ නැතුවම.. ” මං කොල්ලව තුරුල් කරගෙන කම්මුල ඉම්බෙ කිරි සුවදට මිශ්‍ර බේබි සබන් සුවද පපුවෙ පුරවගෙන..

    ” තූත්තක්.. මං ඇදුවා.. ”

” අනේ.. ”

      ” ම්ම්… කමන්නෑ.. අපත්ති මත අයික්සීම් අලන් දුන්නා.. තාත්ති මල්ලියෙක් ගේන්නලුනෙ ඉන්නෙ… ”

    ඒ මොන හරුපයක්ද..? ම්ං අයියා දිහා රවල බලද්දි ඌ සුප් එකක් අරන් හොර පූසා වගේ බෝල් එකකට හලන්න තියාගත්තා..

    ” මත ගුලුතොකලත් මල්ලියෙක් ඕන.. එතකොත මත තෙල්ලං ගොඩම.. ගොඩම.. ගොඩගොඩා…ලියක් කලන්න පුළුවන්.. යේ..! හෙත මල්ලි එනවද අපත්ති?.. ”

    ” එහෙම.. මල්ලිල එන්නෑ සුද්දා.. ඔයා ටිකක් ලොකු වෙලා.. මල්ලි බලාගන්න පුළුවන් කාලෙක අපි ම්ල්ලිව ගේමු.. අනික තාත්ති අතේ සල්ලිත් නෑනෙ මල්ලිට හම්බු අරන් දෙන්න.. පව්නෙ මල්ලි..? ”

    ” ඒ උනාත… මගෙ හම්බු එකෙන් දෙන්නං… ”

    ” ඔයාගෙ හම්බු එක ඉක්මනට ඉක්මනට කාල ලොකු වෙන්නකො.. එතකොට තාත්තිට පුළුවන් නෙ මල්ලි බබෙක් ගේන්න.. ”

   ” නංකි බබාල අදනවා ගොඩාක්.. මත බය ඉතෙනවා.. ඔවෑන්… ඔවෑ…න් ඔවෑඈඈඈඈඈන්න්න්.. ගාල… ගොඩාලියක් අඩනවා.. ඔව්ව්… හලි නලකයි.. ”

   “  මෙයා අඩන්නෑනෙ.. ඊයෙ දැක්කනෙ මම.. රෑ එලි වෙනකල් ඇඩුවා.. ”

    ” මං තූතිනෙ ඉතින්.. තාති ඉද්දි අදන්නෑ “

   ” ම්ම්.. සුදූ.. සුප් ටිකක් බීල ඉමු.. ”

අයියා මගෙ කොට්ටෙ හැදුවා.. හදල මාව ටිකක් නැගිට්ටල හේත්තු කරාම පොඩි එකා මගෙ තුරුලට ආව…

මට රිදුනා තමා.. ඒත් ඊටවඩා රිදුමක් හිතෙන් තුරන් වුනා…

     අයියා දරුවා උස්සල මගෙ තුවාලවලට අහු නොවෙන්න දිගා කරාම නිදිකිරා වැටි වැටී ටිකක් ඉදලා කොල්ලා මං උඩම නින්ද ගියා..

   ” පව්… රෑ නින්දක් නෑ කොල්ලට.. ඔහෙ නිදාගත්තදෙන්.. ”

   “  දරුවා ගොඩක් ඇඩුවද අයියෙ.. ”

   ” ටිකක් ඇඩුවා ඉතින්.. පොඩීනෙ තාම.. මං අරන්.. තරුයි හඳයි අරකයි මේකයි පෙන්න පෙන්න ගේ වටේම ඇවිදල යන්තම් පාන්දර ටිකක් නින්ද ගියා.. ඒකත් උදේට තාත්තිව බලන්න එක්ක එන්න පොරොන්දු උනාගෙන්.. ”

      අයියා නොයිද මට මේක උනා නං.. ?

    කොයි දේ වෙන්නෙත් හොදට කියන්න තිබුණා.. ඒත් හොදට මේව වෙනවද?..

  අයියා මට සුප් ටිකක් පෙව්වා.. මට තිබ්බ ඇගේ අමාරුවට කන්න නෙවෙයි මැරෙන්න තිබ්බනං ඒක තමා එකම සැප..

   ඒත් බලහත්කාරෙන් සුප් පොවලා පොවල ඔක්කාරෙට එන්න ගද්දි යන්තම් නැවැත්තුවෙ..

     රහ නැතුව නෙවෙයි.. මං ඉදියෙ කනබොන තත්වෙක නොවෙන හින්දා..

     ” අපි ප්‍රයිවට් හොස්පිට්ල් එකකට මාරු වෙමු සුදූ.. මට බලන්න එන්නවත් අමාරුනෙ මේකෙ.. “

   ” පිස්සු නැත්තං ශෝක්.. ”

   ” ඇයි?.”

” ඔය බොරු නාඩගං නටන්න මට තියෙනවනෙ.. දෙන බෙහෙතක් ඉදලා ට්කට් කැපුවම යනවා.. අහවල් ප්‍රයිවට් හොස්පිට්ල්.. ”

   ” සල්ලි මොනාද බං.. උබ විදවනවා බල බල.. “

    ” මාව හෙට දිහාට ඩිස්චාජ් කරයි… “

   ” කවුද දන්නෙ.. ”

“  බලෙන් හරි යනවා..  දරුවා කොහොමද මං නැතුව නිදාගන්නෙ?.. මේ.. පව්.. ”

” අනේ මංදා බං.. දරුවා පව්. ඒත් තමුසෙ හොද වෙන්න කලින් ගොං වැඩ කරන්න තියාගන්න එපා. ඊටපස්සෙ අබරගෙන තව විදවන්න. ඔය තදියම හින්දා තමා හැමදාම කෙලවගත්තෙ.. ”

    ” ……… ”

   ” මද්දු අයියෙ..?! ”

ඇද ලගටම එනකල් මට අදුනගන්න උන්නෑ.

   චූටි..?!

ඒ පිටිපස්සෙන් ඇවිත් ඇද වටේ හිටගත්ත මිනිස්සු දකිද්දි මං ගැහුන තරම්..

   මං දරුවගෙ පොඩි ටෙඩ්බෙයා අතට අරන් මිරිකගත්තෙ තියෙන අමාරු දෙපිටින් යන්න ගනිද්දි..
  

නැවත හමුවෙමු 🤍🦢

මොනර පැටියා නැතුවම කතාවම මූසලයි..

හංසයා පාත්තයා වෙන්නලු යන්නේ… ☠️🤍

        

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 19 | light novel, ,

Comment

Leave a Reply

Chapter 21