À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 |

A+ A-

     ” මද්දු… ” අම්මව දැක්කෙ අවුරුදු කීයකට පස්සෙද?

      අම්මා අඩනකොට මට දරාගන්න අමාරු වුනා. චූටියි.. ලොකූයි.. අම්මයි විතරක් ඇවිත් අප්පච්චි නෑවිත් ඉදපු එකම මට සැනසීමක් වුණා..

     මට ආපහු අප්පච්චිට මූණදෙන්න උවමනාවක් තිබ්බෙ නෑ..

      දෙව්දුන් අයියව දැකල ලොකූ ඇස්වලින් ගැහුවෙ නැති ටික විතරයි.

    ” තව නාඩගම ඉවර නෑ නේ?.. ආ හුත්තො? ”

    ” ලොකූ.. මේක හොස්පිට්ල් එක. ”

අම්මා කිව්වෙ එච්චරයි. ලොකූ හකු තද කරගෙන දෙව්දුන් අයියගෙ දිහාට පිම්බෙ රතු කොටියක් දැකල කුලප්පු වෙච්ච මී හරකෙක් වාගෙ..

       ” චූටි.. දරුවව ගන්නවා. ” සාත්තු සේවිකාවක් රෝදපුටුවක් තල්ලු කරගෙන ආව හේතුව නොදැන මං කලබල වුණේ.. එක්කො දන්නවා.. ඒත් ඕන වුණේ නෑ.

      ” කෝ.. ” චූටිත් මට රවාගෙන දරුවා උදුරල වගෙ අරගත්තා…

    එදා නම්බරේ ඉල්ලගෙන කෝල් ගන්න පොරොන්දු වෙලා ආවට ගත්තෙ නැති තරහ වෙන්න ඇති.. මූත් අයියා එක්ක ටීම් අප් වෙලා තිබුනෙ…

          ” ඩිස්චාජ් කරවගත්තා. යං.. ”

යං කිව්වට බැහැල එන්න බැරි බව ලොකූ දන්නවා. උගෙ වාසියට හිට්ටෙත් ඒක..

   එදා වාගෙ බැහැල දුවන්න අද බෑ.. කකුල් කැඩිල ඉදපු එක වාසියට හිටියා උට..

     ඩිස්චාජ් කරවගත්ත විදිය ගැන මට දෙගිඩියාවක් නෑ. දෙකක් නෑ ඩොක්ට’ ලොකූගෙ යාලුවෙක් වෙන්න ඇති. මුට යාලුවො රට වටේම.. ලොකූ හෙන එක්ස්ට්‍රොවර්ට් සෝශල් පොරක්.

        ” ලොකූ- ” කතා කරන්නත් නොදී ලොකූ මට රැව්වා.. මේ වතාවෙ මට ගැලවීමක් නෑ. ඒක මම ටක්කෙට දැනන් හිටියා..

       ගෙන්නගත්තු වීල්චෙයා එකේ මාව පරිස්සමට උස්සල, තියලා.. නර්ස් කෙනෙක් ඇවිදිල්ලා සේලයින් කටුව ගලවනකල් නොයිවසිල්ලෙන් බලන් ඉද්දි මං දෙව්දුන් අයියගෙ මූණ දිහා එක පාරක් බැලුවා..

     ඒ ඇස්වල තිබ්බෙ එදා මං මොනර පැටියව පලවෙනි වතාවට ඩේ කෙයා එකේ දාල එද්දි තිබ්බ පෙනුමමයි..

      ” ලොකූ.. මට ගෙදර යන්න බෑ… ලොකූ දන්නවනෙ ඇයි කියන්න.. ”

     ” උබ නැතුව කොහෙ යන්නද?! ”

    ” ………… ” ඇත්තට…වෙන කොහෙ යන්නද?..

    දෙව්දුන් අයියා මාව එක්ක යන්න ඇහුවෙ නෑ…

.    ඒත් මං බලන් ඉන්න ඇත්තෙ අහනකල් වෙන්න ඇති.. ලොකූ ඒ ප්‍රශ්නෙ අහනකල් මමත් උත්තරයක් හිතල තිබුන්නෑ..

    මේ තුවාල එක්ක දරුපැටියා අරන් ආපහු බෝඩිමට යන්න කොහොමත් බෑ…

     මැරෙන්න හරි ලඟ එකෙක් ඉන්න ඕනම වග මට දැනුනෙ එවෙලෙ..

               ” චූටි… අම්මෙ අපි යං ”

දෙව්දුන් අයියා බලන් ඉන්දැද්දි ලොකූ මාව වෝඩ් එකේ අයිල් එක මැදින් අරන් ගියෙ කව කව ඉදපු සුප් එක එක්ක දෙව්දුන් අයියව හිස් ඇද ලග තනි කරලා..

     අඩු ගානෙ දෙව්දුන් අයියගෙ නම්බරයක් වත් මං ලඟ නෑ කියල මතක් වුනෙත් හොස්පිට්ල් එකේ කා’ පාර්ක් එකට මාව ගෙනිහින් අයියගෙ වාහනේ ඇතුලෙ තිබ්බටත් පස්සෙ….

     මේ සිද්ධිය නිව්ස් වලට පෙන්නන්න තරම් බරපතළ එකක් වග මං දැනන් හිටියෙ නෑ. බිල්ඩින් එකෙන් වැටිල මං නාදුනපු බාස් කෙනෙක් නැති වෙලත් තිබුනලු.

    මල්ලි ගිරවා වාගෙ කියෙව්වට මට මහ මූසලකමක් දැනුනෙ..

     මගෙ ඇගට එහයින් උණු මලකදක් ලේ පෙරාගෙන වැටිල ඉන්න ෆේස්බුක් ඉන්බොක්ස් එකක තිබුන වීඩියෝ ක්ලිප් කෑල්ලක් දැක්කම ඔක්කාරෙට වගේ ආවත්.. මාව උස්සල අරගෙන ඇම්බියුලන්ස් එක දිහාට දිව්වෙ දෙව්දුන් අයියා.. මූණ පෙනුනෙ නෑ.. කැමරාව සෑහෙන හෙල්ලුනා..

    පලන්චිය අයින් කරන්න වෙලා යන්න ඇති..

    නැත්තං කැමරාවක් අටවගෙන ඔතෙන්ට එන්න එකෙක් හිටිය වගක් මට හිතාගන්න බෑ..

          ” ඕව පෙන්නල ඔය දරුවා තව බය නොකර කට වහගන්නවා චූටි.. ”

      දරුවා ඉදියෙ අම්මගෙ ඔඩොක්කුවෙ.. ඉස්සරහ සීට් එකේ අයියා එක්ක. කොල්ලට සැපට නින්ද ගිහින්…

   ගෑනු පපුවක් උඩ උට මගෙ පැතලි පපුවට වඩා සැපට නින්ද යනවත් ඇති.. අම්මා ඇදන් ඉදපු සාරියෙ සුවද මගෙ නොස්ටැල්ජියා මතක ඇවිස්සුවා..

     ඉස්සර ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙලා පාරට යනකොට හැම හිමිදිරියකම නාහෙ ආසාවෙන් විඳගත්ත ඒ හුස්ම පොද…

           ” මද්දු.. පුතේ අමාරුද ඔහොම..  චූටිගෙ උකුලෙ ඔලුව තියාගෙන හාන්සි වෙන්න රත්තරං.. ”

       ” එනවා… “  චූටි මාව වත්තම් කරලා උකුලෙන් ඔලුව තියාගත්තා.. එහෙම්ම ඔලුව අතගගා ඉද්දි මට නින්ද ගිහින් තිබුනා..

       ලොකූ මාව කෑගල්ලෙ ප්‍රයිවට් හොස්පිට්ල් එකක නතර කළා.. කුරුනෑගල නතර නොකර කෑගල්ලෙම නතර කරන්න ඒ දුර ගෙවාගෙන යන්න අයියට හේතුවක් තිබුනා..

        දවස් දෙකක් ඒකෙ හිටියා.. දරුවා ඉන්නෙ ලොකූගෙ ගෙදර කිව්ව හින්දා ටිකක් සැනසීමයි.

   අප්පච්චි ලඟට දරුවා යවන්න මට බය හිතුනා. වෙන දේකට නෙවෙයි.. අප්පච්චි නපුරුයි… මගෙ දරුවා අහිංසකයි… ඒ රෝසමල එහෙමම ලස්සනට පෙති දරාගෙන ඉන්නවා දකින්න මිසක්.. පෙති තලන්න මට ඕන වුණේ නෑ.

  දරුවා දැනටම නැතිබැරිකමෙන්.. අම්මෙක් නැතිකමෙන්.. ලෙඩවල්වලින් දුක් විදිනවා …වැඩිත් එක්ක ඒ පුංචි පපුවට ඕවා..

     අප්පච්චිගෙ දුශ්ටකම් මටවත් ඉවසන්න බැරිකොට.. ඌ කොහෙ උහුලන්නද?..

      අන්තිමට මාව ඩිස්චාජ් කරාම මට පොඩි හරි සැනසීමක් තිබුනා.. ගෙදර නැතුව අයියගෙ ගෙදර එක්ක යයි කියල..

    ඒත් එක්ක ගියෙ පුරුදු හිර ගෙදරටමයි..

      අලුත් ගෙයක් තිබුනා.. ඒත් අත්තිවාරම් දාල බිත්ති බැදල වැඩ එහෙම්ම නවත්තලා.. ඒක තිබුනෙ අපේ ගෙට අඩි තිහකට විතර එහයින්.. මහ ගෙදර චූටි නමට ලියනවා කියල අප්පච්චි කොහොමත් කිය කිය ඉදියෙ.. ඉතින් අයියට ඉඩම් කෑල්ලක් දෙන්න ඇති ගේ හදන්න..

   මට නම් ඒ ඉඩම් ඕනත් නෑ… මට බෝඩිම් කෑල්ල ඊටවඩා සැපයි..

     මට තාම තනියෙන් ඇවිදගන්න බෑ.. වීල්චෙයා එකම ඕන..

      ” ලොකූ තමුසෙ බොරු නේද කිව්වෙ?! ”

  මං ලොකූ දිහා බැලුවෙ ඇස් අදහන්න බැරුව…

    ” ච්.. අප්පච්චි ශේප්. උබ නටන්නැතුව ඉදහං. අක්කා ප්‍රෙග්නන්ට්… එහෙම තියෙද්දි ගෙවල් හදන්න හොද නෑ කියල අම්මා නහින්න හදනවා. බබා ලැබුනම දවසෙන් දෙකෙන් ඕක මවනවා මම.. උබට මගෙ ගෙදර  කාමරයක් නැති වෙන්නැති බව උබ දන්නවනෙ මද්දු.. ”

    
       
     ” හිර මැදිරියක් ද? ”

    ඒ වචන දෙකට අයියා දුම්මල පාරක් සැරට වැදිච්ච යකා වාගේ පරල වුණේ..

     ” තොට දෙව්දුන් පකයගෙ පක අස්සෙ ලගින්න තියෙනවනං ඒක දෙව් මැදුර වාගෙ දැනෙනවා ඇති.! එදා අර අනුරාධපුරේ ඉදපු නාකියා මොකාද?!…………… උබ…….. උබ අතෙන් අතට ගිහින්ද අර අහිංසක කොලුපැටියා ජීවත් කරන්නෙ කියාං?! ලැජ්ජ නැද්ද මද්දු.. මං අහන්නෙ.. ඌ කොහොමද ලොකු වෙලා මේ මගෙ තාත්තා කියල කටක් ඇරල කියන්නෙ?! උබ පොන්නයෙක් නෙවෙයි හංස උබ කොල්ලෙක් හැදුවා.. ඒක හරි.. උබ පොන්නයෙක් වගේ හැසිරෙන්න තියාගන්න එපා. රටේ ලෝකෙ එකාල උබ හුරතල් කරලා හුකල ගෙදර එව්වට ගෙදර ඉන්නවා උබ දිහා බලාගෙන හැදෙන කොල්ලෙක්. ඌත් ඔය කොල්ලො ගැහිලි.. පොන්නකං සේරම සාමාන්‍ය දේවල් කියල හිතයි. උබ පිරිමියෙක් නෙ. පිරිමියෙක් වගේ ඉදපං. අර.. දෙව්දුන් පකයට හෙන ගහනවා.. උබෙ ජීවිතේ කෑවෙ ඔන්න ඔය.. තිරිසන් පකයා තමා.. ඒ සෙල්ලං මෙහෙ බෑ.. ඇත්ත. ඉතින් අපායෙන් අරන් හිර කරල තිබ්බත් සැප නැද්ද තොට?! දරුවා බලාගෙන දෙන දෙයක් කාල ඉදහං. උබට ගෑනියෙක් ගන්න බැරි වෙන්න අහවල් එක පන නැති වෙලා නෑ නෙ නේ?! . උබට හොද ජොබ් එකක් සෙට් කරල දෙන්නං මං. ”

     අයියගෙ තිරිසන් කතා ඔක්කොම කෙලවර වෙනකල් මං කතා කරේ නෑ.. ඕවට උත්තර දෙන්න ගියොත් මිනීමැරුම් යන වග මං දන්නවා..

   හිතන එකක් හිතාගත්තදෙන්.. මං ඇස් දෙකයි කටයි තද කරල වහගෙන පපුවෙ කැකෑරෙන ආවේගෙ එහෙම්ම යටපත් කරගත්තා..

   මුංට මේව පැහැදිලි කරනවට වඩා ලේසියි අන්නාසි වත්තක් මැදින් සරම උස්සන් සිවිල් පිට දුවල කම්බි වැටක් උඩින් පනින එක..

     

               ගෙට යද්දි දරුවා අක්කයි අම්මයි චූටියි එක්ක කියව කියව කුස්සියෙ.. මාව දැකල තව පොඩ්ඩෙන් පුටුව පල්ලෙ වැටෙනවා.. එච්චර තදියම මුට මං ලඟට එන්න.

      ” තාත්ති ආවා!!.. ” කොල්ලා දුවගෙන ඇවිත් මගෙ කකුලෙ එල්ලුනා. මං තාම වීල්චෙයා එකේ.. ලොකූ මේක අරන් තිබ්බෙ මං ඇවිදින්න ගිහින් ආය මොකක් හරි අබරවගනී කියල වෙන්න ඇති..

    ” මගෙ පුතා… හම්බු කෑවද? ”

    ” ගොඩා… ලියක් කාල.. දැන් මගෙ බම්දියෙත්.. බබෙක් ඉන්නවා.. මේ..! ” කොල්ලා කමිසෙ උස්සල සුදු බෝල බඩ මට පෙන්නුවම මං කොල්ලගෙ බඩ ඉබල මූනට කොල්ලව බදාගත්තා..

     ” අනේ මේකා මගෙ.. මේකා මගෙ මොනර පැටියා නෙවේද ඉතින්.. ” මොනර පැටියා එක්ක ආපහු දවසම ඉන්න පුළුවන් කියල දැනෙද්දි අප්පච්චි එක්ක ඉන්න වෙන දෙගිඩියාව එහෙම්ම යටපත් වුණා.

 
     ” මේකා  කියන්නෙ!? නෝතී.. කීඅම්මා කත පුත්තන්න මේ.. මේ මගෙ.. මගෙ තාත්තිගෙ! ”

    ” තාත්ති නෝටි.. තාත්ති ලොකුතාත්ති හදල ගන්නෙ නැතෑ.. අඩුත් කඩාගෙන හින්දා දැන් දුවන්නත් බෑනෙ.. ”

අම්මට ආතල්.. මං මොනර බඩේ මූන ගහගෙන කොල්ලව තුරුල් කරගෙන හිටියා මිසක් ඒවට උත්තර දෙන්න ගියෙ නෑ..

    ” ඩොකු අම්මිත.. බබෙක් ඉන්නවලු.. එයාගෙ බන්දියේ ඩොකු බලන්නකෝ.. අල….! ”

      ” ස්ස්.. එහෙම කියන්න හොද නෑ මැනික.. ”

    ” පොඩි දරුවා ඕන එකක් කිව්වදෙන් මද්දු.. මං ඔය විකාර විශ්වාස කරන්නෑ. ” අක්කා කැරට් සුද්ද කරන ගමන් ගිහිල්ලා පුටුවක වාඩි වුනා. කකුල්වලට අමාරු ඇති…

   වියාරා මොනර පැටියව බඩේ තියන් ඉද්දිත් ඔහොමයි.. මං හැමදේම කරලා දුන්නෙ උස්සගෙන ඉදියෙ මගෙ පැටියා හින්දා.. මොන දේ වුණත් ඒ කාලෙදි ඒ හිතට වචනෙකවත් රිදුමක් දෙන්න මට හිත දුන්නෑ..

   මං වහලෙක් වගේ හැමදේම කරා.. වියාරගෙ යටට අදින රෙදිකෑල්ලෙ ඉදල හෝදල දුන්නෙ එහෙමවත් වැඩක් කරන්න හොද නැතුව ඇති කියල.. මං කියලත් මහ එකෙක් නෙවෙයි.. බබෙක් හම්බෙනවා කියන්නෙ මහ කටුක අත්දැකීමක් කියල මං දැනගෙන හිටියා.. ඒත් බබෙක් හම්බවෙන්න ඉද්දි අම්මා ඇග ටිකක් හොල්ලල කරලා.. අඩුගානෙ එක්සසයිස් එකක් හරි ඩොක්ට’ස්ලා නිර්දේශ කරන මට්ටමින් කරන එක පිට්ටු ගෙඩිය වගේ ඉදගෙන ඉන්නවට වඩා දරුවටයි අම්මටයි දෙන්නටම හොද වගක් මං දැනන් හිටියෙ නෑ.

   මං හිතුවෙ හෙල්ලුනත් දරුවට රිදෙනවා ඇති කියල..

      වියාරා මගෙ ආදරේ තබේකට මායිම් නොකලෙ මං එච්චර ම ඒකි ඉස්සරහා නෝන්ජල් වෙච්ච හින්දා වෙන්න ඇති. ඒත් මං අදටත් ඒ කිසිම දෙයක් අපරාදෙ කියල හිතන්නෙ නෑ.. මට ආඩම්බරයි. මං කෙල්ලෙකුට සලකන්න නොදන්න තිරිසනෙක් නෙවෙයි. ඒකි ඒ ආදරේට ගෞරවයක් දෙන්න නොදන්න තිරිසනියක්. මං මගෙ දරුවට වරදක් කරල නෑ. ඒකි ඒකිගෙ කුසින් බිහිවෙච්ච දරුවට අම්මෙක් නැති කලා මිසක්.

    ඒක වෙනස් කරන්න කොච්චර උඩපැන්නත් බෑ.. මට මැරෙන මොහොතෙ හරි සැනසීමක් තියෙන බව මං දන්නවා. මට වියාරාගෙ ඒ මොහොත ගැන දුකයි..

     අක්කගෙ බඩට මාස පහක් ඇති.. මට දැන් ඒව කියන්න පුළුවන්. වියාරාගෙ බඩ දිහා බලන් ඉදලම.. ඇත්තටම මාස නවයම ඒ බඩෙන් මෙහා මගෙ ඇස් නැතුන්නෑ.. බෝඩිමේ ඉන්න .. වියාරා දකින දකින හැම තත්පරේකම මං බලන් ඉදියෙ ඒ බඩ දිහා..

සමහර විට මොනර පැටියා ඒ අස්සෙ ඉදන් මට බනින්නත් ඇති.. රෙද්දක් වත් මාරු කරගන්න නෑ මේ යකා මං දිහා දවසම බලාගෙන කියලා..

     ” එයා තාත්තයෙද්ද තාත්ති?.. ”

    ” නෑ හලෝ.. බන්ඩි බබා දොයියන් ඉද්දි එලියට එනවා. එයා සුරංගනා කුමාරියක්.. ”

    ” à·„à·‘…..?! එතකොත.. ඔයාගෙ බන්දි බබා කවද්ද එලියත එන්නෙ.. ?! තාත්ති නං තුලංගනා තුමාකයෙක්නෙ කෝමත්.. ”

      ” ඊව් ඊව් පොඩි පගයා..  පිරිමින්ට බබ්බු හම්බෙනවද?.. ” චූටි ඇවිත් කොල්ලව උස්සල අරන් කම්මුල හපනවා වගේ වටයක් කැරකුනේ කොල්ලා කෑගහද්දි.. කොල්ලා චූටිගෙ කොන්ඩෙන් අල්ලල ඇදල අරන් චූටිව සිරාවට හැපුවා.

   “  ඒයි! ” මං කෑගැහුවා.. කොල්ලට දවල් තරු පේන්නැති.. හොද වැඩේ අවුස්සගන්නවට..

   ඕව මදු කියල නොදැන නෙවේනෙ..

   ” මොනර පැටියා මං කතා කරනවා ගෝනි අත්තට ඈ! ” මං කිව්වෙ චූටිගෙ මූණ තාම ඩැහි අඩුවකට වගේ කොල්ලගෙ දත් අස්සෙ හිරවෙලා.. ඌ ගලවගන්න බැරුව දගලද්දි.. කොල්ලා අතින් චූටිගෙ ඔලුවට ගහල ගහල අතෑරියෙ..

     ” මේකා නෝතී! කීඅම්මා මෙයාත පුත්තන්න! අනේහ්…! බිමින් තියන්න!!.. ”

   ” චූටි ඔය දරුවා අවුස්සන්නැතුව බිම තියනවා.. අඩවන්න ඊලඟට.! ” අක්කා බනිද්දි චූටි හිනාවේවී කොල්ලව බිම තිබ්බා.

    ” නෝති!! ”

පොඩි එකා අත් බැදගෙන චූටිට රැව්වා..

    ” පල යන්න. ”

  ඇස් ඔලු කට්ටෙන් එලියට රෝල් වෙනවා තව දශමයක් ලොකු වුණානම්.. කොල්ලා මං දිහත් කට ඇරලා බලලා අම්මා දිහත් බැලුවා..

    ” තාත්ති දැන් හලිනේ..! ගෝනිඅත්තා අද ගෙනියයි මෙයාව.. හොද වැදේ..! හොදම වැදේ.. ! ”

     ” ගෝනිඅත්තගෙ ලොකුද දන්නෑ.. ”

” ඩොකුයි තමා! ඔයා වාගෙ තදි අලගෙදියක් දාන්න තූති ගෝනි මදිනෙ! ”

               ” උබෙ අලගෙඩිය දාන්න-”

” චූටි නවත්තගන්නවා! ” අක්කා රැව්වම කොල්ලා මෝඩයා වගේ හිනාවෙවී කොල්ලව අල්ලන් ඉබලා ආයෙත් සැරයක් පොඩි එකාව තරහ ගස්සල ගිහින් අම්මගෙ ඇගේ එල්ලුනා..

      ” තාත්ති අලයා මත කිත් කලනවා! එපා කියන්න ”

    ” බාප්පි ආදරේටනෙ කිස් කරන්නෙ.. ”

   ” එයාත මං ආඩලේ නෑ. එයා කැතයි.. කැතම කැතම කැතයි.. ”

     ” උබ හරි ලස්සනනෙ.. කුකුල් පැටියා.  ”

    ” තාත්ති එපා කියන්න!! ”

” එපා ඉතින් චූටි.. මගෙ මොනර පැටියා මේ.. කුකුල් පැටියා නෙවෙයි.. ”

  මං අල්ලන් ඉබිද්දි කොල්ලා කිචිකැවිලා හිනා වුනේ මුලු ගේම සිරියාවන්ත හිනාවලින් පුරෝලා..

      ” ඔයාත නෑනෙ.. මත නං මල්ලි බබෙක් ඉන්නවා.. ”

    කොල්ලටත් අරූගෙ අවදානෙ නැතුවත් බෑ.. මුං දෙන්නම එකයි.

  ඕවට කතා කරන්න ගිහින් අන්තිමට අපියි නරක මිනිස්සු වෙන්නෙ.. එයාල එයාල හොද වෙයි..

      ” කෝ?.. ඉන්නවනං පෙන්නනවකො.. ”

    ” තාත්ති බන්දියෙ හංගෙන ඉන්නෙ.. ඔයා ඇස්වහ කලන හින්දා.. එයා ගොදාලියක් දස්සනයි.. ඔයා වගේ කැත නෑනෙ..”

    ඒ වචනෙ නං අම්මගෙන් අහුලගත්ත එකක්.. අනුමානයක් නෑ  මොනර පැටියගෙ ඇස්වහ කටවහ යන්න ගගා කොල්ලා ඉන්දල මිරිස් පුච්චන්න ඇති දාගෙන. කොල්ලගෙ නල්ල මැදත් හෙන තඩි මොට්ටුවක් තියල.. කම්මුල් වලත් එක්ක.. මං හිතුවෙ මූ ඕව පෑනෙන් ඇදගෙන කියල..

   දැනුයි සීන් එක මීටර් වුණේ…

    ” තමුසෙ කැත හින්දා තමා එහෙනම් එලියෙ තියල තියෙන්නෙ.. ඊව්.. පොඩි කැතයා. ”

     ” කැත නෑ කිඅම්මා කොත්ති පිත්තුවනෙ!! මොත්තු තියල!! ” මුගෙ කට..

   චූටි එක්ක තිබ්බොත් නං මූ යක් පැටියෙක් වෙලා නවතින්නෙ.. මොනර පැටියා නෙවෙයි එතකොට පොර කුකුල් පැටියා කියන්න වෙන්නෙ මට..

   චූටි සීමාවක් නැතුව පොඩි එකාව ඇවිස්සුවෙ.. ඒත් ඒ චූටි ආදරේ කරන විදිය.. ඌ පොඩි කාලෙ මාත් එක්කත් ඇරගන්නමයි එන්නෙ. ඒ උට අවදානෙ ඕන උනාම..

      ” පිරිමින්ගෙ බඩවල්වල බබ්බු ඉන්නවා කියල විශ්වාස කරන එකෙක්ගෙන් මීටවඩා බලාපොරොත්තු වෙන්න බෑ. ”

    ” තාත්තිගෙ ඉන්නවනෙ.! අපත්ති බබා දැම්මෙ.. බොලුනං අපත්තිගෙන් අහන්න! තාත්ති හොම්පිසල් ඉතියෙ බන්දිය කපල බබා ගන්නලු.. තවම තූති වැඩීලු.. එයාත හම්බු ගොඩක් දාන්න ඕනලු ගොඩාක් දොකු වෙන්න. ”

    ” කවුද පුතේ අප්පච්චි? ”

ලොකූ ඇදුම් මාරු කරගෙන කුස්සියට එනකොට අම්මා ඇහුවෙ ඕන්නැති ප්‍රශ්නයක්..

    ” අපත්ති අනේ.. මගෙ අපත්ති.. එයා හලීම හලි තෝක්!.. මත තොකලත් කන්දක්ම … මේම මේ..ම අලන් දුන්නා.. මත බයිකිතලයකුත් අලන් දුන්නා.. එයා හලිම දත්තනයි.. ”

       අයියා ඒව අහගෙන රැව්වෙ මට.. මං බොරුවට ඈනුමක් ඇරල නිදිමත බවක් පෙන්නුවෙ ඒකයි..

   දරුවව අරන් මං මගෙ කාමරේට ආවා..

   ඒක තාම එදා විදියමයි. අක්කා හරි අම්මා හරි ඇද රෙදි ජනෙල් රෙදි මාරු කරලා සුද්ද කරල තිබුනා..

  ජනේලෙන් පිට තිබ්බ සමන්පිච්ච වැල තාම එහෙම්ම තියෙනවා… ඒකෙ සුවද හැම රෑම මට හදුන්කූරක් වුනා.. නිදාගත්තෙත්.. නැගිට්ටෙත් ඒ සුවදට..

    පලාතම සුවද කරපු.. කැත සමන්පිච්ච මලේ පින්වන්ත සුවද…

    දරුවා මං එක්ක ඇදට ගොඩ වෙලා සෙල්ලම් කර කර ඉදල එහෙම්ම නින්ද ගියා.. අම්මා ඇවිත් මට කවලා බෙහෙත් පොවලා දොර වහගෙන පිටවෙලා ගියා…

   පාලුව මුලු හිතම අරක්ගත්තා..

  සමන්පිච්ච සුවදම දිගඇරෙනකොට.. පෙති අස්සෙ මිටමොලවගෙන ඉන්න සුවද එකපාර ඒ මිටෙන් ගිලිහුනාම රෑ එලිවෙනකල් දැනෙන හුරුපුරුදු සුවදට වඩා සෑහෙන මිහිරියි..

      මට දෙව්දුන් අයියව මතක් වුණා..

    කෝල් එකක් ගන්නවත්.. මං හොදින් කියන්නවත්.. මං ලග ඒ මනුස්සයගෙ නම්බරේ නෑ..

   ෆේස්බුක් අකවුන්ට් එක තාම එහෙම්ම ඇති..

    මට දැන් ෆෝන් එකක් නෑ.

   මං ඇදට වැටිලා හීතල කොට්ටයක් අරන් පපුවට තුරුල් කරගත්තේ පොඩි එකාව අයියයි අක්කයි  ඇවිත් අරගෙන ගිහින් මල්ලිගෙ කාමරෙන් ගිහින් තියපු නිසා..

     කොල්ලා නින්දෙන් එකතැන ඉන්නෑ හතර වටේ කැරකෙනවා..

අප්පච්චි හත හමාරට විතර ගෙදර ආපු බව ඇහුනා.. මං ඇස් පියාගත්තෙ ටිකක් ගැහෙන්නත් ගත්ත හින්දා..

  මේ තුවාල පිටින් ගුටිකන්න වෙයිද.. කියලත් දෙගිඩියාවක් ආවා..

  අයියා ඉන්නවනෙ.. මං නින්ද යද්දි හිතුවෙ ඒම..

නැවත හමුවෙමු

🤍🦢

| 11 Oct. 2024 |07.35 AM |

ඊයෙ රෑ දීල අද උදෙත් දිග චැපියක් දෙන්න තරම් මං ත්‍යාගශිලී වුණේ කෝමද කියල මේක ටයිප් කරන ගමන් කල්පනා කරන මම.. 😌

හංසයව දෙව්දුන්ටත් නැතුව වසන්තටත් නැතුව කෙල්ලෙක් අල්ලල බන්දල දෙයි වගේ ලොකූ 🙂

ලොකූ කිව්ව වචන මං කිව්ව වචන නෙවෙයි… ඒ සමාජෙ මිනිස්සු අදහන වචන.. ඒ වචන පොතේ පාවිච්චි කරන්න වුන එකටත් මට දුකයි 💔 I’m really sorry.

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 20 | light novel, ,

Comment

Leave a Reply

Chapter 22