À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 |

A+ A-

        ඇත්තටම… කොළඹ ගිය එක ගැන මං වැඩිකල් නොගිහින් දුක් වෙන්න ගත්තා..

    දේවල් රිදෙන්නෙ ඒව ගැන අපි දැනුවත් නම් විතරයි.

    දෙව්දුන් අයියගෙ ක්‍රශ් එක ගැන මං දැනුවත් වුනෙත් ඒ බෝඩිමේ එකට ඉදපු හින්දා..

    ඒ කැම්පස් ඉදපු අයියා කෙනෙක්.. දෙව්දුන් අයියගෙ වයස.. ඒක පාර්ශ්වික ප්‍රේමයක් අවුරුදු එකොලහක් තිබුණ..

    අයියා ඉගෙනගෙන තිබුණෙ කුරුනෑගල ප්‍රසිද්ධම බෝයිස් ස්කූල් එකක… සෙට් පිටින් එකට කැම්පස් සිලෙක්ට් වෙන ස්කූල් එකක..

      ශිෂ්‍යයත්ව විභාගෙන් පාස් වෙලා ගමේ ඉස්කෝලෙන් ටවුන් එකේ ඉස්කෝලෙකට ගිය මගෙ අයියා අයිලන්ඩ් රෑන්ක් දාල කැම්පස් සිලෙක්ට් වෙලා තියෙන්නෙ අම්මා මහල විකුනපු කොට්ට උර මදුරුදැල්වල පිහිටෙන්…

          අවුරුදු දොළහෙදි ඇක්සිඩන්ට් එකකින් අප්පච්චි නැති වුණ අයියගෙ අම්මට පිලිකාවක් ඇවිත් ඇදට වැටෙනකොට අයියට අවුරුදු දාසය ලු.. සාමාන්‍ය පෙළ රිසාල්ට් එනකල් බලන් ඉන්න වයස මම වගේ..

     අයියා ක්ලාස් කරලා නංගිලා දෙන්නවයි මල්ලියිත් ඇදගෙන.. අම්මගෙ බෙහෙත්වල වියදමත් දරාගෙන ගොඩ ආව කොල්ලෙක්. කුරුනෑගල ටවුන් එකේ.. ඇතුගල පේන මානෙ කමියුනිකේශන් එකක වැඩ කරා ලු ඉස්කෝලෙ ඇරල ඇවිදින්.. ඒලෙවල් කරන ගමන්..

     ඒලෙවල් වලට මාස හයක් තියලා අම්මා නැති වෙලා තිබුනා. වෙලාවකට මට හිතුනා බොරු කියලා.. මට විශ්වාස කරන්න අමාරු වුණා කොල්ලෙකුට ඒ තරම් දරාගැනීමක් තියෙනවා කියන එක..

    ඒත් අද මං මොනර පැටියා එක්ක මේතරම් දුරක් දරාගෙන ආවෙ අයියගෙ හයිය හිතට අරන් වෙන්නැති.. මට කොහොමත් මෙච්චර දරාගැනීමක් තිබුණ කොල්ලෙක් නෙවෙයි… අයියා ඒ වෙලාවෙ හිතට ආවම මට නගින්න බැරි ගිරි ශිඛරයක් නෑ වගේ දැනුනෙ.. අයියා මට ළඟ නොයිදත් හයියක් වුන හැටි පුදුමයි..

     මං බෝඩිමට ගිහින් සති දෙකක් ඉන්නැති.. එදා අයියා බෝඩිමට ආවෙ පාන්දර දෙකත් පහු වෙලා..

     කවදාවත් හොද්දක් හදාගෙන පාන් කෑල්ලක් කන්න දැනගෙන ඉදපු නැති මම කඩේට ගිහින් කලමනා ගෙනල්ලා ඇට බාගෙට තැම්බිච්ච බත් එකකුයි.. ලුනු කටේ තියන්න බැරි පරිප්පු හොද්දකුයි හදලා තියාගෙන හිටියෙ අයියා එනකල්… අයියා කවදාවත් මෙච්චර පරක්කු වෙන්නෙ නෑ එන්න..

   අයියා මෙහෙ ශොප් එකක පාර්ට් ටයිම් කරා රෑට.. ලෙක්චස් නැති වෙලාවට හවස ක්ලාස් දාල ඉගැන්නුවා ටියුශන් ක්ලාස් එකක පොඩි ඉඩක් අල්ලගෙන…

   දැන් දැන් ඒ ක්ලාස් එක ළමයින්ට ඉඩ මදි වීගෙන එන හින්දා… සියාරා එකේ තව ලොකු හෝල් ගන්න නැති හින්දා වෙන ක්ලාස් එකක බිල්ඩින් එකක් ගන්න වෙයි කියලා අයියා මහීන් අයියා එක්ක කතා වෙනවා මට කෝල් එකකට කන තියන් ඉද්දි ඇහිල තිබුණා..

     මහීන් අයියා බෝඩිමට ආව වෙලාවට මං ඉදියෙ රත් වෙලා… මට ඌ දැක්කත් දිරවන්නැතිකමක් තිබුණත් ඒ අහිංසකයා මට කරලා ඇති වරදකුත් නෑ…

    මහීන් අයියා හරි සංවේදියි.. පොඩ්ඩ එහෙමෙහෙ වුන ගමන් ඇඩෙන සයිස්.. ඒ උගෙ හැටි වෙන්නැති. ඒත් මට ඒව පෙනුනෙ හැටහතර මායම් විදියට..

මගෙ දෙව්දුන් අයියව දැලේ දාගන්න දගලන වෙසඟනක මේල් වර්ශන් එක වගේ මට ඌ පෙනුනෙ..

    ඌ හුරතල් නෑ.. ඇස්වල තිබුනෙ හරි ශෝකජනක ගතියක්… ඒ ඇස් එක්ක හීන්දෑරි ඇග දෙව්දුන් අයියගෙ හිත ගත්ත එක පුදුමයක් නැතුව ඇති..

   මං සුදුයි.. හුරතල් පෙනුමක් තිබුණාලු.. අඩි පහයි අගල් හතක් විතර උසයි ඒ වයසට.. ඒත් මට හිතුනෙම මං මහීන් අයියා තරම් සෙක්සි නෑ කියල..

   දෙව්දුන් අයියගෙ හිතේ මහීන් ගැන මොනාහරි තිබුන බව ඒ බැල්මෙන් මට කියන්න පුළුවන්.. ඒත් මං ඒක පිලිගන්න කැමති වුනේ නෑ. ඒ හැඟීම් ඌ දකින හැම සැරේම මගෙ හිතට ගෙනාවෙ මහ පීඩනයක්.. ඉතින් ඌ බෝඩිමට එන එක මට මහ වදයක් වගේ දැනුනෙ.. මං සල්ලි නොගෙව්ව.. අනුන්ගෙ බෝඩිමට එන එක..

    එදා අයියා බෝඩිමට එනකල් මට නින්දක් ආවෙ නෑ.. මට කන්න පිරියක් නොතිබ්බ හින්දා කෑම ටික එහෙම්ම හට්ටිවල අහුරල ඇවිත් ඇදේ වැටිල වැස්සෙ සද්දෙට කන තියාගෙන හිටියා..

   මේ බෝඩිම කඩේක උඩ තට්ටුවක්.. උඩට එන්න තිබුනෙ යකඩ පඩිපෙළක්.. බිම බලද්දි බය හිතෙන තරම් කෙලින් හදපු යකඩ පඩිපෙළ පල්ලට බහිනකොට මගෙ කකුල් වෙව්ලනවා… මාරක ලිදේ පයින් දුවනවා වගේ..

   අයියා මේක උඩට ආව හැටි අදටත් මට පුදුමයක්.. බීල කනමදයා වගේ.. වැස්සෙ තෙමිලා.. අයියා බොනවා.. ඒත් මෙච්චර හතරගාතෙ වැටෙන්න බොනවා මම දැකල නෑ. පාර්ටියකට.. නැත්තං යාලුවො සෙට් වුන වෙලාවට පොඩ්ඩක් බිව්වා.. අද නැති භංගස්ථාන වෙන්න ගසල තිබුණෙ මට අඩි දොලහක් එහයින් ඉද්දි සැරට අරක්කු ගද දැනෙන තරමට…

    

    මෙච්චර මට උපදෙස් දෙන එකා.. සාලෙ වමනෙ දාගෙන නටන හැටි මට පුදුමයක් වුනා..

      ” අයියා.. ” මං ගිහින් උරිස්සට අත තිබ්බම ඌ නැගිටල වොශ් රූම් එකට ගියා. මම සාලෙ අස් කරලා ඔක්කොම කරලා කාමරේට යද්දි මූ තාම ඇද පාමුල ඉදගෙන අතේ තිබ්බ මොකද්ද දිහා බලන් අඩනවා. ඉකි ගගහ අඩනවා.. බබෙක් වාගෙ.

      වෙනදට ඔලුව පිටිපස්සෙ ගැටගහන කොන්ඩෙ අද ලිහාගෙන. තෙත බේරිලා බිම හැමතැනම තෙමෙනවා..

     ” ගිහින් නාගන්නවා හලෝ.. තව මෙතනද? ”

     “  හා… “ 

මූ පොඩි එකා වාගෙ කදුලු පිහ පිහ නැගිටල වොශ් රූම් එකට ගියා.. ගිහින් ආය ආවෙ ඔලුව විතරක් පිහදගෙන රෙදි ගලවල දාල ටවල් එකක් ඇදගෙන..

     ඇදේ වැටිල එහෙම්ම නින්ද ගියා.. මම බැලුවෙ අතේ තාම තිබ්බ කාඩ් එක දිහා..

   වෙඩින් ඉන්විටේශන් කාඩ් එකක්..

මහීන්… සයුරි..

    ඌ අඩද්දි මං සතුටු වුන එකම දවස එදා වෙන්නැති… එහෙම සතුටු වුන හින්දම ඒ කුහකකමට මට ලැබුන තෑග්ගක් වෙන්නැති මට අයියව නැති වුණ එක..

  ඒත් එදා මං සතුටු වුනා.. මහීන් අයියා ගැන හිතේ තිබ්බ කහට සේරම හේදිල ගියා..

    අයියා ඇදේ නිදියෑවෙ මං ගැන අමතක වෙලා වෙන්නැති. මට බිම නිදියන්න බෑ.. බැරිකමක් ම නැති වුනත් මං ඇදට ගොඩ වුණේ.. මහීන් අයියා ගැන හිතපු අසාධාරණ වචන සේරම මං ගැන හිතද්දි සාධාරණයි කියල හිතත් මටම දොස් කියද්දි..

      තනියෙන් දවසම බෝඩිමේ ඉද්දි පාඩම් කරනවට වඩා මගෙ හිතට ආවෙ අනම් මනම්… එක්කො නිල් පාට ලෝකෙක අතරමං වෙලා දන්නැති දේවල් සේරම ‘අත්’හදා බැලුවා..

   මට හිතුනෙම ඒ අරක්කු ගද ගහන තොල් අස්සෙ මගෙ තොල් පටලන්න..

     අයියට  නින්ද ගිහින්..

මට ආසාවල් ගොඩක් තිබුනා.. ඒත් ඒ සේරම හිත යට හංගගෙන.. ඒ ඇස් දිහා හැරිල හද එලියෙන් දිලිසෙන.. මටත් වඩා සුදු ඒ මූණ දිහා බලන් මං ඇස් පියාගත්තා..

    
      ” අප්පා..à·„à·Š! ” ඇහිබැමි අකුලගෙන මං දිහා බලපු අයියා හැන්ද පරිප්පු එකට දාල කොන්ඩෙ බෑන්ඩ් එකකින් ගැටගහන්න ගත්තා..

   එදා අයියා ලෙක්ච එකකට නොගිහින් නතර වෙනවා මම දැක්කෙ පලවෙනි වතාවට..

   වෙන ඕන්නෑ. අයියා නැගිටින්න හත පහු වෙනකල් ඉන්නවා දැක්කෙ පලවෙනි වතාවට..

     ” රහ නැද්ද?.. ”

   ” රහයි.. ” අයියා ගෑස් ලිප ඔන් කරා.. ” ලුනු රහයි.. ”

     මං රවපු විදියට පොරට හිනාවක් ආවා.. සුදු කම්මුල්වල රැවුල් කොට යටින් රතක් එන විදිය දකිද්දි මට හිතුනෙ අල්ලගෙන හපන්න..

   වැස්සෙ අඩලා.. සෙම අවුස්සගෙන.. නහය උඩට ඇද ඇද උයන අයියට හොද්ද හැදිගාන්න නැවෙන්න ඕන වුනා.. අයියගෙ උස දකිද්දි මට තොල හැපුණා…

     

  ඇස් රතුවෙලා ඉද්දි මට අයියව පෙනුනෙ දේව රූපයක් වගේ.. යාලුවො අයියට දෙව් කියද්දි මට ඉරිසියා හිතුනට.. ඇත්තටම මටත් අයියා දෙව් රූපයක්.

   මට අල්ලන්න බැරි වෙයි කියල හිතුන දිව්‍යමය රූපයක්..

    ” අයියා මට තමුසෙව ඕන.. ”

ඒ වචන කොහොම කොයි වෙලේ මගෙ තොල්වලින් පිට වුනාද මංදා.. මං හිතන්න කලින් තොල් ඒ වචන කිව්වෙ හිත හිත ඉදියොත් මං ඒක නොකියම හපාගනී කියල දන්න හින්දා වෙන්නැති..

   අයියා හැරිල බැලුවෙ ටිකක් වෙලා ඉදලා.

   මොකුත් කිව්වෙ නෑ..

මොකුත්ම නෑ.. එක්කො බැනහන්.. බෑ කියහන්.. මොකුත් නෑ..

  මං බීල ඉවර කරල අතේ තියන් ඉදපු කෝප්පෙ උදුරගෙන ගිහින් ටැප් එකට අල්ලල හේදුවා..

    සමහර විට මං කිව්ව එක ඇහුනෙ නැද්ද?…

   නැත්තං විහිලුවක් කියල හිතුවද?..

    මං නැගිටල ගිහින් අයියගෙ බාහුවක එල්ලුනා.

    ” අයියා… ”

  ” ආවනං.. ” අයියා මගෙ අත ඇදලා.. පැත්තකට තල්ලුකරලා හිනාවුනා.. ” …ආව වැඩේ කරගෙන.. පාඩුවෙ ඉදලා, ගෙදර යන්න.. ම්ම්? මාව තරහ අවුස්සගෙන අදහෙටම ගෙදර යන්න ලෑස්තිවෙන්න එපා. ”

    අයියා කුස්සියෙන් ගියෙ මාව ජෝකර් කෙනෙක් වාගෙ කුස්සියෙ තනි කරලා..

නැවත හමුවෙමු

🤍🦢

හංස බලෙන් හරි ඇගේ එල්ලෙයි වගේ අර අසරණයගෙ.. 🙂💔

චුට්ටක් ලිව්ව ටික දැම්මා.. තව එකක් ලියල හිමීට දෙන්නම් ඉක්මනට 🖤

මං නම වෙනස් කරානෙ.. දැන් නම හිමහංස🤍 මේක හොදයි ද?..

 

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 22 | light novel, ,

Comment

Leave a Reply

Chapter 25