Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚

A+ A-

-In Group Call-

Hope:”කට්ටිය කොහෙද දැන් ඉන්නෙ…?”

Jin:”හෝප් මායි කුකීයි නන් ගෙදර…”

Chen:”මායි මින්ග්‍යුයි මගෙ අපාර්ට්මන්ට් එකේ…”

Namyu:”හෝප්…මායි ඇනායි ඔයාගෙ රූම් එකට ඉස්සරහා රූම් එකේ ඉන්නෙ…”

Hope:”නියමයි…ඔක්කොම හෙට වැඩේට රෙඩි නෙ…”

All:”yeeeeesssss”

Hope:”හරි එහෙනන්…හෙට උදේ 7.00 වෙද්දී ලෑස්ති වෙලා ඉන්න ඕන…හැමෝමටම තමන් දුන්න පාට් එක මතකයිනෙ…වැඩේ තිතටම දෙන්න ඕන.. “

Jin:”හරි හරි බන් 😅”

Hope:”කුකීව වෙලාවට ඇහැරවපන් ජිනා…නැත්තං ප්ලෑන් එකම බ්ලාස්ට් 🤣💔….”

Kookie:”අනේ මේ මං වෙලාවට ඇහැරෙනවා…😑😌”

Hope:”හ්ම් හ්ම්…අහ් මේ…ඇනා ඔයා ලෑස්ති නේ…? අවුලක් නෑනේ…”

Anna:”අනේ අවුලක් නැ හියුන්…ඔයාලත් ඉන්නවානේ…”

Hope:”හරි බබෝ…තැන්ක්‍යු ඔයාට…එහෙනං කට්ටයම නිදාගමු…රෑ 11.00යි දැන්..උදේම වැඩ පටන්ගන්න එපැයි…Good Night & all the best…”

All:”Goood night guys”

-Call End-

යාලුවො එක්ක ගෲප් කෝල් එකෙන් පස්සෙ මං ඇදට වැට්ලා ඇස් දෙක පියාගත්තෙ හෙටින් පස්සේ මේ ප්‍රශ්නයෙ අවසානයක් දකින්න පුළුවන් නිසා හිත සැහැල්ලුවෙන්…

————————————

“කුකී…කුකී…නැගිටින්න…7.05යි වෙලාව…”

ජින් රූම් එකෙන් පිටට නැහෙන විදියට කුකීගෙ කනට කෙදිරුවා….ඒත් කුකී නෙවෙයි ඇහැරුනේ….

“කුකී…😒 නැගිටිනවාකො….”

ජින් දෙවනි වතාවටත් කතාකරාමයි කුකි ඇස් ඇරලා බැලුවේ…

“ඇයි ජිනී..😴”

කුකී ඇස් පිහිද පිහිද ඇද උඩින් වාඩිවුනා…

“ළමයි….ඇවිත් තේ බොන්න…🔊”

ජිමින්ගෙ කටේ සද්දෙට තමා කුකී පියවී සිහියට ආවෙ…කුකී හොදටම දන්නවා ජිමින් කතා කරද්දී පහලට නොගියොත් තේ එකත් නැතිවෙන බව…

“කුකී ඔය මුන පිහිදන් එනවා පහලට යන්න…වෙලාව හරි…”

“අප්පට සිරි…අමතකත් උනා…”

කුකී මූණ පොඩ්ඩක් පිහිදන් කොන්ඩෙත් හදන් පිජාමා එක පිටින්ම පහලට ගියා…ජිනුත් කුකීගෙ පස්සෙන් පහලට ඇවිත් සෝෆා එකේ වාඩිවුනා…ඒ වෙද්දී ටේත් පහලට ඇවිත් හිටියේ…

“ගුඩ් මෝනින් කුකී…ගුඩ් මෝනින් ජිම් හියුන්…”

“ගුඩ් මෝනින් ටේ….”

කුකිත් ඇවිත් ජින්ගෙ එහාපැත්තෙන් වාඩි උනා…

“කුකී…හියුන් ඊයෙ රෑ ගෙදර ආවේ නැද්ද…😒”

“අහ් මේ අම්මා…හියුන්ට ඊයේ රෑ හදිස්සියෙම නයිට් ඩියුටි වැටිලා…”

ජිමීන් ටිකක් වෙලා කුකී දිහා අමුතු විදියට බලන් ඉදලා කිචන් එක පැත්තට ගියා…

කුකී ජිමින් යනකන් අහිංසක මූනක් දාන් ඉදලා ගියාට පස්සෙ සැනසුම් සුසුමක් හෙලලා හරි බරි ගැහිල වාඩිවෙලා ඉක්මනට බිස්කට් කාලා තේ බිව්වා…

කොච්චර සාමාන්‍ය විදියට ඉන්න ට්‍රයි කරත් කුකී ඉන්නෙ කලබලෙන් බව ජින්ට වගෙ ටේටත් හොදටම තේරිලා තිබ්බෙ…වෙනදට පැය බාගයක් විතර අරන් තේක හිමින් හිමින් බොන කුකී අද උගුරට දෙකට තේ එක බිලා රූම් එකට ගියාම ටේගෙයි ජින්ගෙයි කුතුහලය තවත් වැඩි උනා….

කුකීගෙ හොරයට හේතුව හොයාගන්න ඕන හින්දා ජින් තේක පැත්තකට දාලා උඩට ගියා..

“කුකී….”

“අහ් මේ ඇයි ජින් හියුන්…”

“මොනවා හරි මට හංගනව නේද…ඇත්ත කියන්න….කෝ හෝප්…ඊයේයි අදයි හෝප්ට නිවාඩු…ඒත් ඌ ආගිය අතක් නැ…ඇත්ත කියනවා කුකී…”

“හරි හරි කියන්නන්…හැබැයි කාටවත් කියන්න එපා…🙂”

“කාට කියන්න ද මං…?”

“හරි හරි….හියුන් ඊයේ ජියැනා නූනා එක්ක ඇවිදින්න ගිහින්…මං හිතන්නේ එයාලා තාම හොටෙල් එකේ…”

“ඔයා කොහොමද දන්නෙ ඕවා…”

“හියුන් ඊයේ රෑ මට කෝල් කරලා අපේ හොටෙල් එකේ මගෙ VIP රූම් එකේ පාස්වර්ඩ් එක ඉල්ලගත්තා…එතකොට කිව්ව…කාටවත් කියන්න එපා අහ්..🙂”

එයාලගෙ මේ කතාව ඒ දෙන්නටම අමතරව තුන්වෙනියෙක් අහන් ඉන්න බව කුකීයි ජිනුයි දෙන්නම හොදින්ම දැනන් හිටියේ…

“ගියාද…”

“ගියා ගියා…නියමයි කුකී…”

ජින් කුකීගෙ කරට අතකුත් දාන් ෆෝන් එකත් අරන් බැල්කනි එක පැත්තට යන ටේ දිහා හොරෙන් බලන් හිටිය…

“දැන් එයා ඔය ටික යුන්ගි හියුන්ට කියලා එයාවත් ඇදන් හොටෙල් එකට යනවා අනිවාර්යයෙන්ම…සීයට දාහක් ෂුවර්…මම නොදන්නවායැ ටෙගෙ හැටි…😅”

“ඔව් ඔව්..අර කතා කරන්නේ යුන්ගියාට තමා මං හිතන්නේ…හොද අවදානයෙන් ඉන්න කුකී…එයාල මෙහෙන් පිටත් වෙද්දි අපි අරගොල්ලන්ට කියන්න ඕන…”

“හ්ම්ම්…ඔන්න අපේ පාර්ට් එක ඉවරයි…”

ජින් පහලට නැවිලා කුකිගෙ තොල්වලට පෙක් එකක් දිලා මුකුත්ම නොවුන එයාවත් එක්කන් පහලට ගියේ එයාල ගැන කාටවත්ම සැක නොහිතෙන විදියට…

————————————–

හොරෙන්ම ජින්ගෙ පිටිපස්සේන් ඇවිත් හැංගිලා ජින්ගෙයි කුකීගෙයි කතාව අහන් හිටියම ටේට දැනුනෙ එයාගෙ මුලු ලෝකෙම කඩන් වැටුනා වගෙ හෑගීමක්…ජේහෝප් ගර්ල්ෆ්‍රෙන්ට් ගෙදරට ගෙනාව දවසෙවත් එයාට මේ තරම් වේදනාවක් දැනුනෙ නැ…යුන්ගි කිව්වා වගෙ එයා හිතන් හිටියේ ජේහෝප් ඒ දෙන්නට රිද්දන්න බොරු ගර්ල්ෆ්‍රෙන්ට් කෙනෙක් ගෙදරට ගෙනාවා කියලා…ඒත් කුකී කිව්ව දේවල් ඇහුවම ටේට හොදටම තේරුම් ගියා එයාලා මෙච්චර කල් හිතපු විදිය වැරදි කියලා…

ටේට මේකෙ ඇත්ත නැත්ත දැනගන්න ලොකු වුවමනාවක් ආවා…ටේ කුකිලට නොපෙනෙන්න එතනින් ඇවිත් ෆෝන් එකත් අරන් බැල්කනි එකට ආවේ යුන්ගිට කෝල් එකක් ගන්න…

“හලෝ…ලිට්ල් බෙයා…ගුඩ් මෝනින්…”

“ගුඩ් මෝනින් යුනී හියුන්…මට ඔයාට කියන්න දෙයක් තියෙනවා…”

“ඒ පාර උදේම මොකක්ද?😅”

“ඊයේ හෝප් හියුන්ගෙ නිවාඩු දවස වෙලත් එයා ගෙදර ආවෙ නැ…එයා අර ජියැනා එක්කලු ඊයේ ඉදලා තියෙන්නේ…”

“මොකක් ද…😑”

“ඔව් හියුන්…ඇයි එයා අපිට එහෙම කරන්නේ…😑🥺”

“හරි හරි…කෝ ලිට්ල් බෙයා අඩන්නෙ නැතුව ඉන්නකො…ඔයාට ඕක කිව්වෙ කවුද ?”

“කවුරුත් කිව්වෙ නැ…මට ඇහුනා කුකී ජින් හියුන්ට හොරෙන් කියනවා කාටවත් කියන්න එපා කියලා…”

“ඒකත් එහෙම ද?මට නන් තේරෙන්නේ නැ මොනවද මේ ජේහෝප් කරන්නේ කියලා…😒”

“අනේ හියුන්….මට ඒක ඇත්ත ද බොරු ද කියලා ඇස් දෙකෙන්ම බලන්න ඕන…අනේ දැම්ම ඇවිත් මාව එක්කන් යන්නකො…”

“නැ…නැ…කලබල නොවී ඉන්නකො ලිට්ල් බෙයා…”

“එහෙනන් ඔයා කලබල නොවි ඔහොම ඉන්න…මං කැබ් එකක් දාන් යන්නම් 😑😒”

“ඕකනේ ඉතින්….හරි හරි….ලෑස්ති වෙන්නකො මං විනාඩි 10න් එන්නම්…”

“හ්ම්ම්…”

ටේ කෝල් එක කට් කරලා වොශ්‍ දාන් අතට අහූඋන ඇදුමකුත් ඇදන් යුන්ගි එක්ක යන්න පිටත් උනා…

————————————–

“මේ 7.30යි…කුකී වැඩේ හරියට දුන්න ද දන්නැනේ…”

“අපි බලන් ඉමුකෝ….”

හෝප් , ඇනා, නම්‍යු,චෙන් කට්ටයම හොටෙල් රූම් එකට වෙලා බලන් හිටියේ ප්ලෑන් එක පටන්ගන්න කුකීලගෙන් පලවෙනි වෙඩිල්ල පත්තු වෙනකන්…

“චෙන්…මින්ග්‍යු කොහෙද දන්නැ නේ ඉන්නෙ…”

“අරගොල්ලො එද්දි අපිට සිග්නල් එක දෙන්න ඕන නිසා එයා හොටෙල් එකේ එලියෙන් ඉන්නම් කිව්වා…”

“හ්ම් ඒකත් හොදයි හැබැයි…”

ට්‍රිං…ට්‍රිං…

ෆෝන් එක රින්ග් වෙන හඩට හැමෝම එකිනෙකා දිහා බැලුවා…

“හලෝ කුකී…”

“හලෝ හියුන්…වැඩේ හරි…එයාලා මේ දැන් පිටත් උනා…තව පැය බාගයකින් විතරයි එයි…”

“නියමයි කුකී…😁 මං තියන්නම් එහෙනං ලෑස්ති වෙන්න එපැයි…”

“හරි හියුන්….පරිස්සමෙන්…වැඩේ ඉවර වෙලා මොකද උනේ කියලා අපිටත් කියන්න….”

“හ්ම්ම් 😁”

කුකීගෙ කෝල් එකෙන් පස්සේ හෝප්ගෙ මුහුනේ තිබ්බෙ අනෙක් අයගෙ හිත්වල කුතුහලය ඇතිකරවන තරමේ ජයග්‍රාහී හිනාවක්…

“මොකද කියන්නේ…?”

“හරි..එයාලා පිටත්වෙලා…අපි ලෑස්ති වෙමු…”

කට්ටියම වාඩිවෙලා හිටිය තැන්වලින් නැගිටලා ලෑස්තිවෙන්න පටන්ගත්තා…

“රූම් එක ලෑස්ති…”(chen)

“ඔය ඇද අවුල් කරපන් යකෝ…ඊයේ රෑ newly married couple එකක් මේ රූම් එකේ හිටිය වගෙ තියෙන්න ඕන..”

නම්‍යු එහෙම කිව්වා විතරයි චෙන් ඇදට පැනලා අරහෙටයි මෙහෙටයි පෙරලි පෙරලි මුලු ඇදම අවුල් කලා…

“😅😅😅😅😅” (all)

“ඔය ඇති බන්…”(hope)

“හෝප් ඔක්කොම හරි…දැන් ඔය ඇදුන් ටික ගලවපන්…”(namyu)

“😳😳😳😳”(hope)

“යකෝ ගලවපන් තුෂ්නිම්භූත වෙලා වගෙ බලන් ඉන්නෙ නැතුව…ඔය කලිසම ඇරෙන්න අනිත් ටික ගලවලා හිතුනු හිතුනු ඕන විදියකට විසිකරපන්..ෂූස් දෙකත් ගලවලා දාපන්…වොච් එක ලෑම්ප් එක ගාව තියපන්…කොන්ඩේ අවුල් කරගනින්…😌 “(namyu)

හෝප් නම්‍යු කිව්ව විදියටම ඔච්චර ගලවලා බිම තැන තැන දැම්මා…

නම්‍යු දෙන උපදෙස් ටික අහන් ඉදලා චෙන් කට කොනින් හිනාවෙලා නම්‍යු දිහා බැලුවා…

“ඔහොම බලන්න එපා යකො…මටත් මේවා පුරුදු නැ…😌 ඔය ෆිල්ම් වලින් දැනගත්තුවා…”

“හරි හරි…😅😁”

“හරි හරි තමා…කෝ මේ ඇනා..”

නම්‍යුට ඇනා තාම ලෑස්ති උනේ නැ කියලා මතක් උනේ එතකොට…
එයා ඉක්මනට පැත්තක හිටිය ඇනාව ඇදලා අරන් උපදෙස් දෙන්න පටන්ගත්තා…

“ඇනා ඔයත් ෂූස් ගලවලා දාන්න…කෝට් එකත් බිමට දාන්න…ඔය ටොප් එකෙ තියෙන්නේ thin straps නිසා අවුලක් නැ….ඩෙනිම් එක චුට්ටක් නවාගන්න..”

ඇනා එයාගෙ හැන්ඩ් බෑග් එකයි කෝට් එකයි ගලවලා බිමට දාලා ෂූස් දෙකත් ගැලෙව්වා…

නම්‍යු ඉක්මනට නැවිලා ඇනාගෙ ඩෙනිම් එක නවලා එයාගෙ කොන්ඩෙත් පොඩ්ඩක් අවුල් කලා…

“ඔක්කොම හරි…ඇනා දැන් හෝප්ගෙ ලගින් හාන්සි වෙන්න බලන්න…”

ඇනාට හෝප්ගෙ එහා පැත්තේ හාන්සි වෙන්න කියලා නම්‍යුයි චෙනුයි අන්තිම වතාවටත් මුලු කාමරෙ පුරා ඇස් යැව්වා තමන්ට මගහැරුන එක දෙයක් හරි තියෙද බලන්න…

“ශේප් නේ…අවුලක් නෑනේ…දැක්ක ගමන් හිත සලිත වෙලා යන්න තියෙනවා නේ වැඩෙ…😅”(Hope)

“ඔක්කොම හරි..👌මේ මගේ නන්ගිව පරිස්සම් කරපන් හරිත…උබේ දෙයක් හින්දා මං ඉඩ දුන්නෙ…😌”(Chen)

“මං දන්නවා මනුස්සයෝ…බයවෙන්න එපා…මාව ව්ස්වාස කරපන්…”(hope)

“තෝව විස්වාස නැත්තං මං ඉඩ දෙන්නේ නෑනෙ බල්ලෝ….”(Chen)

“අඩෝ එකක් අමතක උනා…”

කියව කියව හිටිය හොප්චෙන් දෙන්නා බයවෙලා නම්‍යු දිහා බැලුවා…මෙච්චර සුපිරියට ගැහුව ප්ලෑන් එකේ මොකක්ද වෑරදුනේ කියලා හිතාගන්න බැරුව…

” hickeys…”

“මං බය වුනා වෙන මොකක් හරි කියලා…”

චෙන්හෝප් දෙන්නා හිනාවෙවි ඉද්දි නම්‍යු එයාගෙ පර්ස් එකේ තිබ්බ ලිප්ස්ටික් එක අරන් ඇවිත් අතේ ගාගෙන ඇනාගෙ බෙල්ලෙ ෆේක් හයිකීස් තිබ්බා…

“ඔය තියෙන්නේ ලස්සනට…ඔක්කොම ඕකේ…”

නම්‍යුට කියලා කට ගන්න හම්බුනේ නැ චෙන්ගෙ ෆෝන් එක රින්ග් උනා…

“මින්ග්…😳”

“ඉක්මනට ආන්සර් කරපන්…”

චෙන් ඉක්මනට ෆෝන් එක ආන්සර් කලා..

“හලෝ…”

“චෙනා ඔන්න මේ දැන් දෙන්නා ඇවිත් වෙහිකල් එක පාර්ක් කලා..තව ටිකකින් ඇතුලට එයි…ඉක්මනට ලෑස්ති වෙයන්…”

“හරි බන්…”

“එහෙනන් මං තිබ්බා..ගුඩ් ලක්..”

– Call end –

“එයාලා ඇවිත්…අපි ඉක්මනට මෙතනින් යන්…”

“හියුන්…”

චෙන් නම්‍යුවත් ඇදන් රූම් එකෙන් එලියට දුවන්න ගිහින් ඇනාගෙ හඩට ආයෙත් නැවතුනා..

“හියුන්…එලියට යන්න එපා…වැරදිලාවත් යද්දී අරගොල්ලන්ට අහුඋනොත්…”

“ඔව් නේද…උබලව දැක්කොත් ඔක්කොම මාට්ටු…”

“හියුන් ඔයා නූනා එක්ක වොෂ් රූම් එකට ගිහින් ඇතුලෙන් ලොක් කරගන්න..”

“අන්න මරු අයිඩියා එක…”

එහෙම කියලා නම්‍යු චෙන්ට ටොක්කුත් ඇනලා ඉක්මනට එයාවත් ඇදන් වෝශ් රූම් එක ඇතුලට ගියා…

————————————–

“අයියෝ හියුන්ගි ඉක්මන් කරන්නකො…”

ටේ කාර් පාර්ක් එකේ ඉදන් හොටෙල් එක පැත්තට දුවන ගමන් ඉබි ගමනින් එන යුන්ගිට කෑගැහුවා..

යුන්ගි ඇත්තටම මේ ගමන එන්නෙ ලොකු කැමැත්තකින් නෙවෙයි…එයා හොදටම දන්නවා හෝප් ඒ දෙන්නාට කවදාවත් ඒ වගෙ දෙයක් නොකරන බව…එදා ගර්ල්ෆ්‍රෙන්ට්ගෙ සිද්ධිය උනත් එයා විස්වාස කලේ නැ…අද කුකීගෙ කතාව උනත් කුකියා ටේව අවුස්සන්න හැදුව බොරුවක් වෙන්නැති  බව යුන්ගි හොදටම දන්නවා…යුන්ගිගෙ හිතෙ තමන්ටත් වඩා හෝප් ගැන ලොකු විස්වාසයක් තියෙන්නේ…එයාට නැතත් හෝප් ටේට පණ වගෙ ආදරේ බව එයා හොදින්ම දන්නවා…යුන්ගිට මේ දේ ටේට කියන්න ඕන උනත් මේ වෙලාවේ ඒක පිලිගන්න පුළුවන් මානසිකත්වයකින් නෙවෙයි ටේ ඉන්නෙ කියලා යුන්ගි දන්නවා…ටේට දැන් ඕන කොහොම හරි කූකීලගෙ කතාව ඇත්ත ද බොරු ද කියලා දැනගන්න…යුන්ගි ටේගෙ හිත හදන්න ඕන හින්දා මේ ගමන ආවේ…යුන්ගි හිතුවා ඇස් දෙකටම දැක්කමවත් කුකී කිව්වෙ බොරු කියලා ටේ පිලිගනී කියලා…

එච්චර කෑ ගහලත් යුන්ගි ඉක්මනට එන්නෙ නැති නිසා ටේ ආයෙත් දුවගෙන ඇවිත් යුන්ගිවත් ඇදගෙන හොටෙල් එක ඇතුලට දිව්වා…

“ලිට්ල් බෙයා දැන් ඔයා වෙඩිල්ල වගෙ දුවන්නෙ මේ රූම්ස් දාහක් දෙදාහක් තියෙන හොටෙල් එකේ හෝප් ඉන්න රූම් එක හරියටම දැනගෙනද?”

“මොකද මං නොදන්නෙ…එයා ඉන්නෙ කුකීගෙ VIP රූම් එකේ…මං ඒකේ පාස්වර්ඩ් එක දන්නවා….”

ටේ යුන්ගිවත් ඇදගෙන reception එක ගාවට ආවා…

“Good Morning Mr. Taehyung…”

“Good morning…මට දැන් ජේකුක් සර්ගෙ රූම් එකට යන්න ඕන…ඒකේ පාස්වර්ඩ් එක ?”

“සර් තිබ්බ පරණ එකම තමා…”

“ඔහ් ඕකේ..තැන්ක්‍යු…”

“යෝ වෙල්කම් සර්…”

ටේ රිසෙප්ශනිස්ට්ට ස්තූති කරලා යුන්ගිත් එක්ක elevator එකට ගියා…

“ලිට්ල් බෙයා…ඇත්තටම ඔයා ඕක විස්වාස කරනවද…”

“මං දන්නැ…😑 ඒත් මට ඒක ඇත්ත ද බොරු ද කියලා දැනගන්න ඕන..නැත්තං මගෙ හිතට හරි නැ…”

විනාඩි කීපෙකට පස්සෙ elevator එක නැවතුනේ 13නි මහලේ…කාලෙකින් මෙතනට ආව නිසාත් ඔක්කොම රූම්ස් එක වගෙ නිසාත් ටේට රූම් එක තිබ්බ තැන ගැන ලොකු මතකයක් තිබ්බෙ නැ…ටේ රූම්ස් වල නම්බර්ස් චෙක් කර hallway එක දිගේ ඉස්සරහටම ගියා…යුන්ගිත් ටේගෙ පස්සෙන් ඇවිදන් ආවා…

“2123………………………..මේ තියෙන්නේ මේක තමා…”

ටේ දොරේ ගහලා තිබ්බ චූටි බෝඩ් එකේ තිබ්බ නම්බර් එක ටිකක් හයියෙන් කියෙව්වා…

“ලිට්ල් බෙයා හොදටම ෂුවර් ද මේක කියලා…”

ටේ යුන්ගි දිහා බලලා නිහඩවම ඔලුව වැනුවා…

“එහෙනන් ඉතින් ඇතුලට යන්…පාස්වර්ඩ් එක ගහන්න…”

යුන්ගි කිව්ව දේට එකග වෙලා ටේ පාස්වර්ඩ් එක ගැහුවේ ඊලග මොහොතේ මොකක් වෙයි ද කියලා හිතේ ලොකු කුතුහලයකින් හා චකිතයකින්…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

කොහොමද ඉතින්…😌

මං ලෙඩ වෙලා හිටියේ…ඒ අස්සෙ ෆෝන් මගුලත් කැඩුනා…ඒකයි අප්ඩේට් පරක්කු…🙂

ඊලගට මොනවා වෙයි ද දන්නැ නේ…😁 මං දන්නෙත් නැ…
එන්ඩින් එක සමහර විට සෑඩ් වෙන්නත් පුලුවන්…මං මගෙ හිත කියන කියන පදේට ප්ලොට් එක නටවනවා…😅
දවසින් දවස අලුත් කෑලි එකතු වෙනවා ප්ලොට් එකට…🙂

ඉක්මනට හම්බෙමු…
Bye…❤

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 11 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 14