Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚

A+ A-

යුන්ගි කිව්ව දේට එකග වෙලා ටේ පාස්වර්ඩ් එක ගැහුවේ ඊලග මොහොතේ මොකක් වෙයි ද කියලා හිතේ ලොකු කුතුහලයකින් හා චකිතයකින්…

“😳😳😳😳😳😳”

ටේ දොර ඇරියාත් ගල්ගැහිලා වගෙ ඇතුලට නොගිහින් බලන් හිටියා…ටේට වැහිලා මුකුත් නොපෙනෙන නිසා ඇතුල මොකක්ද වෙන්නේ කියලා බලන්න යුන්ගි ටේවත් පැත්තකට කරන් රූම් එක ඇතුලට ගියා…

(ඇනා හෝප් මෙහෙමලු හිටියේ…🙂)

දොර අරින සද්දෙට ඇහැරුන ජේහෝප් හදිසි වැටලීම් අංශයෙන් වගෙ රූම් එකට පැන්න ටේයි යුන්ගියි දිහා මාරුවෙන් මාරුවට බැලුවා…

“😭😭😭😭😭කවුරු කොහොම කිව්වත් මොන දේවල් කිව්වත් ඔයා අපිට මෙහෙම කරයි කියලා මං කවදාවත් හිතුවේ නැ හියුන්…😔😭😭😭😭”

“😶😶😶😶😶😶😶”(Anna & Hope)

ඇනා ඉක්මනට ඇද ගාව තිබ්බ බෙඩ්ශීට් එකත් ඇදගෙන වොශ්‍ රූම් එකට දිව්වා…

ඇස්වලට දැක්ක දේවලුයි ටේ වචන ටිකයි ඇහුනට පස්සේ යුන්ගිට දැනුනේ එයාගෙ මුලු ඇගම පණ නැති වෙනවා වගෙ…එයා හෝප් ගැන හිතේ මවන් හිටිය ප්‍රතිරූපය සම්පූර්ණයෙන්ම ඇස් ඉස්සරහාම බොරුවක් කියලා ඔප්පු වෙද්දි යුන්ගිට කියන්න කියලා දෙයක් තිබ්බෙ නැ…

“අපිට සමාවෙන්න හියුන්…මං ආයේ ඔයාට කරදරයක් වෙන්නෙ නැ…ඔයාගෙ සතුට තියෙන්නේ නූනා ලග නන් ඊටවඩා කිසිම දෙයක් මට වැදගත් නැ හියුන්…ආයෙත් මං ඔයාගෙන් සමාව ඉල්ලනවා…”

යුන්ගියි ඇස්වල කදුලු පුරවන් බලන් ඉද්දි ටේ අංශක අනූවටම නැවිලා හෝප්ගෙන් සමාව අරන් තවත් එතන නොරැදී එලියට දිව්වා…

යුන්ගිත් ටේගෙන් පස්සෙන් යන්න හදලත් ආයෙත් හැරුනේ හෝප්ට කියන්න ඕන ටික ටේ වගෙ කියලා ඉවරයක් කරන්න…යුන්ගිට ඕන උනේ නැ තවත් දවසක මේක කතා කරන්න ඉතුරු කරන් හෝප්ට කරදරයක් වෙන්න…

“යුන්ගි ඔයාටත් මොනවා හරි කියන්න තියෙනවා ද?😏”

ජේහෝප් ලෑම්ප් එක ගාව තිබ්බ ටේබල් වොච් එක දිහා බලලා යුන්ගි දිහා බැලුවා…

“මං ඔයාගෙන් කවදාවත් මේ වගෙ බලාපොරොත්තු උනේ නැ හෝප්…මං හිතුවේ අකැමැති වගෙ පෙන්නුවාට ඔයත් අපිට ආදරේ ඇති කියලා…ඒත්…..දැන් මට තේරෙනවා මං හිතපු විදිය වැරදියි කියලා…ඔයාගෙ සතුට තියෙන්නේ ඇනා ගාව…
ඒත් කමක් නැ අපි හැමදාමත් ඔයාට ආදරේයි…
එහෙමයි කියලා අපිට ඕන නැ ඔයාලා දෙන්නා අතරට තුන්වෙනියෙක් වෙන්නවත් අපි තුන්දෙනා අතරට හතරවෙනියෙක් ගේන්නවත්…ඔයා ඇනා එක්ක සතුටින් ඉන්න අපිට ඕන එච්චරයි…මෙච්චර කල් ඔයා අපිට ආදරේ ඇති කියලා හිතන් ඔයාගෙ පස්සෙන් ඇවිත් කරදර කලාට සමාවෙන්න හෝ……😔”

යුන්ගිට කතා කරලා ඉවරවෙන්න හම්බුනේ නැ..එයාට ඉබේම ඉකිගැහුනා…යුන්ගි ඉක්මනට කදුලු පිහිදන් හෝප්ට හිනාවෙලා දොරත් වහන් රූම් එකෙන් එලියට ගියා…

“😭😭😭😭😭😭💔💔💔💔💔💔”(hope)

රූම් එකේ දොර වහන සද්දෙ ඇහුන හින්දා බාතෲම් එකෙ හැංගිලා හිටිය නම්‍යු , චෙන් , ඇනා තුන්දෙනාම එලියට ආවා…

“අඩෝ හෝප් ඇයි බන් මේ…😶”

කට්ටිය එලියට එද්දි දැක්කෙ ඇද උඩ වාඩිවෙලා අඩන හෝප්ව…චෙන් ඉක්මනට දුවලා ඇවිත් හෝප්ව බදාගත්තා…නම්‍යුයි , ඇනයිත් ඇවිත් හෝප්ගෙ එහාපැත්තෙන් වාඩිඋනා…

“කෝ ඉතින් අඩන්නෙ නැතුව ඉන්නකෝ බබෝ…කියන්නකෝ…මොනවද කිව්වෙ එයාලා…” (Namyu)

හෝප් කදුලුත් පිහන් එයාලාට ටේයි යුන්ගියි කිව්ව හැමදේම අකුරක් නෑර කිව්වා…

“දැන් හරිද…උබ තේරුම් ගත්තා ද උන් උබට කොච්චර ආදරේ ද කියලා…”

“ඔව් චෙනා…”

“මට නන් හියුන් එයලාගෙ මූනූ දැක්ක ගමන් තේරුනා එයාලා ඔයාට කොච්චර ආදරේ ද කියලා…”(anna)

“හරි දැන් අඩන්න තියාගන්න එපා කට්ටියම…දැන් කරන්න තියෙන්නේ හවස් වෙලා එයාලා එක්ක කතා කරන එක…මේ හැමදේම මුල ඉදන් පැහැදිලි කරන්න…”(namyu)

“මාත් හිතන්නේ ඒක හොදයි…”(chen)

“දුක් වෙන්න එපා හියුන්…එයාලා අනිවාර්යයෙන්ම ඔයාව තේරුම් ගනි..”(anna)

“අහ්හ් මේ අමතකත් උනා චූටි ඔයාට ෆ්ලයිට් එක කීයටද..?”(chen)

“1.00ට…”(anna)

“එහෙනන් අපිත් යමුනේ…හෝප් ලෑස්ති වෙයන්…”

නම්‍යු තැන තැන දාලා තිබ්බ එයාලගෙ බඩු එකතු කරගත්තා…ජේහෝපුත් ශර්ට් එක දාන් යන්න ලෑස්ති උනා…

කට්ටය රූම් එකෙන් එලියට ගියාට පස්සෙ හෝප් රූම් සර්විස් එකට කෝල් කරලා රූම් එක ක්ලීන් කරන්න කියලා නම්‍යුලා හිටිය තැනට ආවා..

“හෝපා මින්ග්‍යු කතා කරා…අර දෙන්න හොටෙල් එකෙන් එලියට ගියාලු…එයා අරගොල්ලන්ව ෆලෝ කරලා කොහෙද යන්නෙ කියලා බලන්නම් කිව්ව…”

“හ්ම් එහෙනන් හොදයි…😑”

“දැන් අපි මොකද කරන්නෙ…හෝප් කෙලින්ම ගෙදර යනවාද..”

“නැ බන්…ඩොකියුමන්ට්ස් වගයක් සයින් කරන්න තියෙන හින්දා මං හොස්පිට්ල් එකට යනවා…හවස ගෙදර යන්නෙ…”

“මාත් දැන් අපාර්ට්මන්ට් එකට යනවා…එයාපෝට් යන්නත් එපැයි…මින්ග්‍යු කිව්වා නම්‍යුත් යනවා නන් එක්කන් යන්න කියලා…”

“එහෙනන් එහෙම කරමූ…අපි නන්ගිව එයාපෝට් එකේන් දාලා දවල් හෝප්ලගෙ ගෙවල් පැත්තේත් යන්…”

“හ්ම්ම්ම්..”

හෝප් එකපාරටම දෙයක් මතක් උනා වගෙ ඇනා ගාවට ආවා..

“ඇනා ඔයා මට මේ කලේ කවුරුත්ම නොකරන උදව්වක්…ඔයාට ගොඩක් ස්තූතියි…මං මැරෙන්නකන් මේ උදව්ව අමතක කරන්නේ නැ…
පරිස්සමෙන් යන්න ඇනා…”

හෝප් ඇනාව බදාගත්තා…

“යමූනේ…8.30 යි…අහ් මේ කුකීට කෝල් එකක් දීපන් හෝප්…”

“හරි බන්..උබලටත් තැන්ක්‍යු හරිද…පරිස්සමෙන් යන්න…”

හෝප් චෙන්ලා යනකන්ම බලන් ඉදලා එයාත් හොස්පිට්ල් එන්න පිටත් උනා…

————————————

“ලිට්ල් බෙයා…ඔහොම නවතින්න…”

යුන්ගි වෙහිකල් නැවැත්තුව ගමන් ටේ අඩ අඩම රූම් එකට ගිහින් දොර වහගත්තා…

යුන්ගිගෙ කටේ සද්දෙට රූම් එකේ ජින්කුක් දෙන්නයි කිචන් එකේ හිටිය ජිමිනුයිත් සාලෙට ආවා…

“ඇයි යුන්ගි….මොකද මේ…”

යුන්ගි හොටෙල් එකේදි උන හැමදේම කට්ටියම ඉස්සරහා කිව්වා..

“මොකක්…කුකී මට කිව්වෙ ලොකු බබා ඩියුටි කියලා නේ…”

ජිමිනුත් මුකුත්ම දැනගෙන හිටියේ නැ වගෙ කුකීගෙ දිහා බලලා එරෙව්වා…

“දැන් ඕකද කතා කරන්න තියෙන්නේ…ගිහින් අර දොර අරින්න බලමු…ටේ මොනවා කරගනී ද දන්නැ දොරත් ලොක් කරන්…”

ජින් අර තුන්දෙනාට බැන බැන උඩ තට්ටුවට දිව්වා…අනිත් තුන්දෙනත් එයාගෙ පස්සෙන් දුවගෙන උඩට ආවා..

“ලිට්ල් බෙයා…🙌 “

“ටේ….ටේ….🙌”

“ටේ බබා…ටේ බබා…🙌 මේ දොර අරින්න දරුවෝ…”

“යන්න ඔයාලාත්…මට මගෙ පාඩුවේ ඉන්න දෙන්න ප්ලීස්…😭”

ටේ දොර අරින්නෙ නැතුවම කෑගැහුවා…

“අම්මා…හියුන්….එයාට ඔහොම ඉන්න දීලා අපි පහලට යන්කෝ…ටිකකින් එයා පහලට එයි…”

කුකී ජිමින්වත් එක්කන් කිචන් එක පැත්තට ගියා…

“අපිත් යමු බන්…වැඩිය හිතන්න එපා…එයාට හිතුනම එයාම පහලට එයි…”

ජින් යුන්ගිගෙ කරට අතදාන් එයාව පහලට එක්කන් ආවා..
.
.
“චූටී බබා….”

“ඇයි අම්මා…”

ජිමින් උයන එක නවත්තලා ප්‍රැන්ටි එක උඩට වෙලා කැරට් අලයක් කාකා හිටිය කුකී දිහා බැලුවා..

“හියුන් මේ කරන්නේ එච්චර හොද දෙයක් නෙවෙයි…එයා මේ සෙල්ලම් කරන්නේ අර ලමයි දෙන්නගෙ හැගීම් එක්ක…එයාට කියන්න පුළුවන් තරන් ඉක්මනට මේක විසදන්න කියලා…”

“ඒක ඇත්ත අම්මා…ඔයා බය නැතුව ඉන්නකො…හියුන් කිව්වා එයා අද හවස මේක ගැන කතා කරනවා කියලා…”

“හ්ම් ඒක හොදයි…”

ජිමින් කෑම ටික බෙදලා කුකීගෙ උදව්වෙන් ඒ ටික මේසෙට තියලා සාලෙට ආවා…

“කෝ ජින් තමා ආවෙ නැද්ද ටේ…”

“නැ…අම්……..”

“සලාං…”

එකපාරටම ඇහුන සද්දෙට හතරදෙනාම ගැස්සුනා…

“මොකක්ද යුන්ගි හියුන් ඒ සද්දෙ…”

“මන්දා කුකී…උඩින් නේද ඇහුනේ…”

“ටේ….😳”(all)

ටේ කාමරේ ඉන්නවා කියලා මතක් උනාම හතරදෙනාම උඩ තට්ටුවට දිව්වා…

“ලිට්ල් බෙයා…මේ දොර අරින්න…🙌”

“ටේ බබා…අම්මාට ඔයා එක්ක කතා කරන්න ඕන..එලියට එන්නකො ප්ලීස්..”

“ටේ අපිව බය කරන්න එපා දරුවො..”

“ටේටේ…ඔයා එලියට එනවද..නැත්තං මං දොර අරින්නද..?”

“එපාහ් කුකී…දොර අරින්න හදන්න එපා…එහෙම උනොත් මං මේ වීදුරුවෙන් අත කපා ගන්නවා…මට මගෙ පාඩුවෙ ඉන්න දෙන්න…😭”

“අනේ ටේටේ පිස්සු වැඩ කරන්න එපා…එලියට එන්නකෝ…”

“මං එන්නෙ නැ…මං එන්නෙ හෝප් හියුන් කිව්වොත් විතරයි…😭😭😭 එයාට එන්න කියන්න…මට එයාව ඕන…😭😭 එයා නැති උනොත් මං ජිවත් වෙන්නෙ නැ කුකී..ඒක යුන්ගි හියුන්ටත් කියන්න…”

“අනේ ලිට්ල් බෙයා මට ඔහොම කරන්න එපා දෙයියනේ…😭 “

යුන්ගිත් දොර ලග බිම ඉදන් අඩන්න පටන්ගත්තේ අනිත් තුන්දෙනාව තව තවත් අසරණ කරමින්…

“කුකි…😒 ගන්න හියුන්ට කෝල් එකක්…ඉන්න තැනකින් මේ දැන්ම එන්න කියන්න…තාත්තාටත් එන්න කියන්න…එයා තමා ඔය මෝඩ මගුල් කොල්ලගෙ ඔලුවට දාන්නෙ..”

“අම්මා..හියුන්ට ඕක මං කියනවට වඩා යුන්ගි හියුන් කිව්වම තමා තදට දැනෙන්නේ…🙂”

“ඒකට නන් මාත් එකගයි අම්මා…”(jin)

“ඉන්නකො එහෙනන්”

ජිමින් කුකිටයි ජින්ටයි ඉන්න කියලා යුන්ගි ගාවට ගියා..කුකීත් පහලට ඇවිත් නම්ජුන්ට එන්න කියලා කෝල් කලා…

“යුන්…මේ අහන්නකො පුතා…ඔයා හෝප්ට කෝල් කරලා ටේ ගැන කියලා එන්න කියන්නකෝ…”

“එයා එයි ද අංකල්…😭”

“මගෙ දරුවා ගැන මං දන්නවා පූතේ…එයා අනිවාර්යයෙන්ම එනවා..ඔයා කතා කරන්නකො…”

ජිමින් කිව්ව දේ විස්වාස කරලා යුන්ගි නැගිටලා බැල්කනි එකට ගියේ හෝප්ට කතා කරන්න…

—————————————

අද ඩියුටි දවසක් නොවන නිසා හොස්පිට්ල් එකේ මට කරන්න තරම් ලොකු වැඩක් නැහැ…මට සයින් කරන්න තිබ්බ ඩොකියුමන්ට්ස් ටික සයින් කරලා ඇවිත් මං ටිකක් වාඩිවෙලා ඇස් පියාගත්තේ පොඩ්ඩක් හිත නිදහස් කරගන්න…

අද මහ පිස්සු දවසක්…උඩදාන් කරාට මං ඒ කලේ කොච්චර මෝඩකමක් ද කියලා දැන් මට හිතෙනවා….එයාලා මට ආදරේයි කියලා දැන දැනත් ඇයි මං ඒක මෙහෙම ටෙස්ට් කරන්න තරන් නපුරු උනේ කොහොමද කියලා මට ම පුදුමයි…ඒත් මං මේ ප්‍රශ්නය දුරදිග යන්න දෙන්නෙ නැ…අදින්ම මේක කතා කරලා ඉවර කරනවා…ඊටපස්සෙ මට එයාලා එක්ක සතුටින් ජිවත් වෙන්න පුළුවන් වෙයි…

ට්‍රිං…ට්‍රිං…..

ට්‍රිං…ට්‍රිං…..

ට්‍රිං…ට්‍රිං…..

ට්‍රිං…ට්‍රිං…..

ඇස් පියන් නිදහසේ කල්පනා කර කර හිටිය මගෙ සැනසීමට බාධා කරමින් මගෙ ෆෝන් එක හතරවෙනි පාරටත් රින්ග් උනා….

මට මං ගැනම පුදුම තරහක් ආවේ….කොයිවෙලාවෙකවත් නිදහසක් නැ…
තිබ්බ තරහටම මං කෝල් අයිඩී එක නොබලම ආන්සර් කලා…

“හලෝ…”

“හලෝ හෝප්…”

මොකක්…ඒ එයාගේ කටහඩ…කෝකටත් මං කෝල් අයිඩි එක බැලුවා…මං හරි ඒ එයා තමයි…

“ඔව් යුන්ගි කියන්න….”

“ඔයා කොහෙද ඉන්නෙ…වැඩක් ද…?”

“හොස්පිට්ල් එකේ…පොඩි වැඩක…ඉක්මනට කියන්න…”

“අනේ හෝප් පුළුවන් නන් ඉක්මනට ඔයාලගෙ ගෙදරට එන්නකෝ…😕”

යුන්ගිගෙ බිදුනු කටහඩ ඇහැරෙද්දි මගෙ හිතට පොඩි බයක් දැනුනා…

“ඇයි මොකක්ද උනේ යුන්ගි…”

“හෝප් ටේ රූම් එක ඇතුලට වෙලා දොරත් ලොක් කරන්න ඉන්නවා දැන් පැය 3ක් තිස්සෙ…අපි කොච්චර කතා කරත් එන්නෙ නැ…දැන් විනාඩි 10කට විතර කලින් වීදුරු බිදෙන සද්දයක් ඇහුන නිසා අපී දොර අරින්න කිව්වම එයා කිව්ව හෝප් හියුන්ට එන්න කියන්න නැත්තං එයා සුයිසයිඩ් කරගන්නවා කියලා…”

“මොකක්…..😕😳”

“අනේ ඉක්මනට එන්නකො…එයා අහන්නේ ඔයා කියන දේ විතරයි….අනේ ප්ලිස්…”

“හරි…බයවෙන්න එපා…එයාට කියන්න මං එනවා කියලා…මට විනාඩි 10ක් දෙන්න…”

යුන්ගි කිව්ව දෙයින් පස්සේ මට කොහෙන් ආව පණක් ද මන්දා මං මට පුළුවන් උපරිම වේගයෙන් පාක් එක ඇවිත් වෙහිකල් එක අරන් එන්න පිටත් උනා…

“ඔහ් ෂිට්…😡 “

වෙහිකල් එක අරන් පාරට ආවටත් පස්සේයි මට මතක් උනේ ෆෝන් එක මගෙ ඔෆිස් රූම් එකේ කියලා…මට මං ගැනම පුදුම තරහක් ආවෙ…යන්න හදිස්සි උනත් මට මේ වෙලාවෙ ෆෝන් එක දාලා යන්න..බැරිවෙලාවත් මොකක් හරි උනොත් යුන්ගි ඒකට කෝල් ගන්න බව මං දන්නවා…

මං වෙහිකල් එක පාරේ අයිනට කරල නවත්තලා ඉක්මනට පාර පැනලා හොස්පිට්ල් එකට දිව්වා…

ෆෝන් එකත් අරන් හොස්පිට්ල් එකෙන් එලියට එන්න මට ගියේ විනාඩි 10ක් විතරයි…

“ආශ්..😡 “

මට මං ගැන තිබ්බ තරහා තවත් වැඩි උනා…පාර පැනගන්න බැරි තරමට මේ වෙලාවේ වාහන..

“හම්මො ඇති යන්තන්…”

එකපාරටම ග්‍රීන් ලයිට් එක වැටුනම දැනුනේ කාන්තාරෙට වැහි බින්දුවක් වැටුනා වගේ…

මං පාර මැදම නැවතුනෙ එකපාරටම ඇහුන මුලු පලාතෙම දෝංකාර දුන්න හඩට…
මුලු නගරම එක තත්පරයකට නැවතුනා වගෙ…

මට මගෙ පපුවෙන් ලොකු වේදනාවක් දැනුනත් මට ඒ ඇයි කියල දකින්නවත් බැරි තරමටම ඒ වෙද්දිත් මගෙ දැස් නිලංකාර වෙමින් තිබ්බෙ…මාව වැටෙන්න යන බව දැනුනත් මට ඒක වලක්වන්න පුළුවන්කමක් තිබ්බෙ නැ…මට දැනුනේ මාව එකපාරටම විසිවෙනවා වගෙ…

————————————-

කුකීගෙ කෝල් එක හින්දා නම්ජුන් වැඩ ඔක්කොම නවත්තලා පුළුවන් තරන් ඉක්මනට ගෙදර ආවා…

නම්ජුන් එනකන් ජිමින් ඉස්සරහට වෙලා මග බලන් හිටියේ…

නම්ජුන් ඉක්මනට වෙහිකල් එක පාක් කරලා ජිමින් ඉන්න තැනට ආවා…

“අප්පොච්චිගෙයි පුතාගෙයි ගොන් ප්ලෑන් හින්දා දැන් පේනවා නේ වෙලා තියෙන දේ…?😒”

“හරි මිනී…ඉන්නකො මං ටේට කතා කර…..”

ට්‍රිං….ට්‍රිං…….

“😒😒😒😒” (jimin)

“අන්නොව්න් නම්බර් එකක්…? මට විනාඩියක් දෙන්න මිනී…”

නම්ජුන් ෆෝන් එක කනේ තියන් ජිමින්ගෙ ඉස්සරහා තිබ්බ කණුවට හේත්තු උනා…

“හලෝ…”

“හලෝ මේ මිස්ට ජන්ග් නම්ජුන් නේද කතා කරන්නේ…”

“ඔව් මං තමයි…මේ කවුද ?”

“😒😒😒😒” (Jimin)

“🤫🤫🤫🤫”(NJ)

“සර් මේ කතා කරන්නේ සෝල් හෝප් හොස්පිට්ල් එකේන්…දැන් ටිකකට කලින් මිස්ට ජේහෝප්ව ඇක්සිඩන්ට් වෙලා හොස්පිට්ල් ඇඩ්මිට් කලා…එයාගෙ තත්ත්වය ටිකක් බරපතළයි…සර්ලට පුළුවන් තරම් ඉක්මනට හොස්පිට්ල් එකට එන්න…”

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
කොහොමද…..
හෝප්ට යන්න කාලේ හරි දැන්…එක තත්පරයකින් ඔක්කොම වෙනස් උනා නේ….
මේක සමහර විට සෑඩ් එන්ඩින් වෙන්නත් පුළුවන් , නැත්තං හෝප් නැති හැපි එන්ඩින් එකක් වෙන්නත් පුළුවන් ලමයි…ඉස්සරහාට බලමු…

ඔයාලට හිතෙන්නෙ නැද්ද ටේගී දෙන්නා පව් කියලා ?

ඉක්මනට හම්බෙමු..
Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 12 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 15