Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚

A+ A-

ජිමින්ගෙයි ටේගෙයි ගෙදර යන්න තිබ්බ අකැමැත්ත නිසා නම්ජුන් කුකිලටත් එන්න කියලා ටේමින් දෙන්නවත් අරන් බීච් එකට ආවා…

බීච් එක දැක්ක මොහොතේ හැමෝගෙම මතක අතීතයට දිවගියා…බීච් එක කියන්නේ හෝප් යන්න ආසම තැන්වලින් එකක්…

ඉස්සර හෝප් බීච් යන්න ඕන කියලා අඩපු විදිය ජිමින්ට අද වගේ මතකයි…එතකොට එයාලා හිටියේ ඇමරිකාවල….නම්ජුන් වගේම ජිමිනුත් ඒ කාලෙ ජොබ්ස් එක්ක කාර්‍යබහුලයි…නිවාඩුවක් ලැබුන ගමන් පුංචි කුකීවයි හෝප්වයි අරන් ඒ දෙන්නා එන්නෙ බීච් එකට…එයාලගෙ මුලු ජිවිතේම උනේ හෝප්කුක් දෙන්නා…නම්ජුන්ට තාම මතකයි කුකිවයි හෝප්වයි කරේ තියන් බීච් එකේ ඇවිදපු හැටි…
පස්සෙ හොප් ඉස්කෝලේ යන්න පටන්ගද්දි ජිමින් ජොබ් එකෙන් අයින් වෙලා කුකියි හොපුයි වෙනුවෙන්ම කැප උනා…ඉස්සර ජිමින් කුකී එක්ක ගිහින් පුංචි හෝප්වත් ඉස්කොලෙන් අරන් කෙලින්ම එන්නෙ බීච් එකට…ජිමින් වාඩිවෙලා බලන් ඉද්දි පුංචි හොප් එයාගෙ මල්ලිවත් පරිස්සමෙන් අල්ලන් රැල්ල පාග පාග සෙල්ලම් කරනවා…කොරියාවට ආයෙත් ආවට පස්සෙත් දිනපතා නැත්තත් ඉදලා හිටලා හරි අනිවාර්යයෙන්ම එයාලා බීච් ආවා…
හෝප්ට එයාගේ හොදම යාලුවො උන නම්යොල් , ජින් දෙන්නව මුලින්ම මුණ ගැහුනෙත් සෝල්වල බීච් එකේදි…කෙටියෙන්ම කිව්වොත් හෝප්ගෙ ජිවිතේ වැදගත් තැනක් එයා බීච් එකට දීලා තිබ්බා…

ඈත මුහුද දිහා බලන් ඉද්දි යුන්ගිට මතක් උනේ මීට සති කීපෙකට කලින් එයාලා ඩිනර් අවුට් එකට ආව දවස…එයා හෝප්ව බලෙන් කිස් කරපු විදිය…හෝප් එයාව තල්ලු කරලා ගියපු විදිය යුන්ගිට කවදාවත් අමතක වෙන්නෙ නැ…කදුලු අතරින් උනත් යුන්ගිට ඒවා මතක් වෙද්දී මූනට හිනාවක් එනවා…

“ටෙටෙ ,කුකී අයිස්ක්‍රීම් කමුද…”

ටේට තාමත් මතකයි හොප් බීච් ආවම හැමදාම කියන ඒ වචන පෙල…ඉස්සර හෝප්ගෙ අත් අල්ලන් අයිස්ක්‍රීම් කකා රැල්ල පාගපු හැටි, වෙරල පුරා දුව දුව පොඩි ලමයි වගෙ සෙල්ලම් කරපු හැටි…ඒ හැමදේම අතීතයක් විතරක් වෙයි කියලා ටේයි කුකියි කවදාවත් හිතුවේ නැ…

ඉස්කෝලේ ගිහින් එනගමන් නම්‍යු එක්ක නිකමට බීච් එක පැත්තට ගියපු වෙලාවේ හම්බුන අස්සයෙක් වගෙ කොල්ලා තමන්ගෙ ජිවිතේට මෙච්චර වටිනා කෙනෙක් වෙයි කියලා නම්‍යුවත් ජින්වත් හිනෙකින්වත් හිතුවේ නැ…ඒ අහඹු හමුවීමෙන් එයාලා හොදම යාලුවො උනා…දෙමාපියො සහොදරයෝ කාත් කවුරුත් නැතුව ගමක ගෙදරට වෙලා ජිවත් උන ජින්ට පවුලක්, සහොදරයෙක් උනේ හෝප්…

ඩොක්ටර් කෙනෙක් විදියට රස්සාවට ආව දවසේ ඉදන් හෝප්ගෙ හිටියේ හොදම යාලුවා චෙන්…චෙන්ටත් එහෙමයි…හෝප් එක්ක ඉද්දි චෙන් හිටියේ දවසම හිනාවෙලා…පස්සෙ ඒ දෙන්නට මින්ග්‍යුත් එකතු උනෙ එයාලා තුන්දෙනගෙ මිතුදම තවත් ශක්තිමත් කරමින්…තුන්දෙනාට එකදිගට දවස් දෙකතුන වැඩ කරත් දැනුනෙ නැති තරම්…තුන්දෙනත් එක්ක හොස්පිට්ල් එක පුරාම පිස්සු වැඩ කර කර හිටිය ආයෙ නොඑන ඒ අතීතයට චෙන් වගෙ මින්ග්‍යුත් ගොඩක් ආදරේ කලා..

ට්‍රිං…ට්‍රිං….

යුන්ගිගෙ ෆෝන් එක රින්ග් වෙන හඩටයි මතක අස්සෙ හිරවෙලා හිටිය හැමෝටම සිහි උනේ තාමත් එයාලා ඉන්නෙ මුහුදු වෙරලේ කියලා…

යුන්ගිට මේ වෙලාවේ කතා කරන්න තරම් මූඩ් එකක් නොතිබ්බ හින්දා එයා ඒක ආන්සර් නොකරම ආයෙ සාක්කුවට දාගත්තා..

“අපි යමු නේද දැන්…පාන්දර 1ත් වෙලා…මේ වෙලාවට මුහුදු හුලං සීතලයි…අනික මේ වෙලාවේ අපි අඩලත් නිසා ඉක්මනට ලෙඩ වෙන්න පුළුවන්…”(Chen)

“හ්ම්…අපි යමු දැන්…කුකී…මිනී…කෝ නැගිටින්න…”

එක එක්කෙනා නැගිටලා යන්න ලෑස්ති වෙද්දී නම්ජුන් වදෙන් පොරෙන් ජිමින්වයි කුකීවයිත් එක්කන් ගිහින් වෙහිකල් එකට දැම්මා…

ට්‍රිං….ට්‍රිං….

ඔක්කොම වෙහිකල් එකට නැග්ගට පස්සෙ යුන්ගිත් ඇවිත් නගින්න හදද්දීම ආයෙත් ෆෝන් එක රින්ග් උනා…

“ආශ්…කවුද මේ වද දෙන්නෙ…”

යුන්ගි වෙහිකල් එකේ දොර වහලා දාලා ආයෙත් ෆෝන් එකත් අරන් එහාට ආවා…ඇයි කියලා බලන්න නම්ජුනුත් යුන්ගි පස්සෙන් ආවා…

“කවුද යුන්ගි…”

“අනේ මන්දා අංකල්…ආන්සර් කරලා බලන්නම්…”

යුන්ගි ආන්සර් කරලා ෆෝන් එකේ ස්පීකර් ඔන් කලා…

“හලෝ…”

“කොහොමද මින් යුන්ගි…සනිපෙන් ඉන්නවා ද…?😈”

“කව්ද මේ…🙄”

“ඔයා මේ සොන්ග්මින්ව එච්චර ඉක්මනට අමතක කරාද දරුවෝ…
හැබැයි අදින් පස්සෙ නන් අමතක වෙන්නෙ නැතිවෙයි…😈”

“මගෙ යකා අවුස්සගන්නෙ නැතුව තියපන් ෆෝන් එක…🤬🤬”

“හෝව් හෝව් පොඩ්ඩක් ඉන්න කලබල නොවී…හරි වේදනයි වගෙ කොල්ල මැරුන එකට…😏 මේ පටන්ගැන්ම විතරයි…ඒකත් හොදට මතක තියාගනින්…”

“අහ්….එතකොට උබයි ජේහෝප්ට වෙඩි තිබ්බෙ…උබ මං එක්ක තරහාක් තිබ්බ නන් මගෙන් පලිගන්න තිබ්බා…🤬 කොන්ද පණ නැති වැඩ කරන්න එපා බල්ලො..”

“😆😆😆😆😆 දරාගන්න අමාරුයි නේ…උබේ ඔය වචනයක් ගානේ ඇහැරෙද්දි මට හරි කුරිරු සතුටක් දැනෙන්නෙ යුන්ගි…උබේ අනිත් කොල්ලො දෙන්නවත් උපරිම ගාඩ් දාල පරිස්සම් කරපන්..මොකද මං ලගදිම උන් දෙන්නවත් අරු ගාවටම යවනවා…”

“මොකක්ද පරයා තෝ කියන්නේ…ඊටකලින් මං තෝව මරනවා…”

“😆😆😆😆😆”

Call End

“හලෝ….හලෝ….”

සොන්ග්මින් තර්ජනය කරලා ඉවරවෙලා කෝල් එක කට් කරාම යුන්ගිට දැනුනේ කියාගන්න බැරි තරම් තරහක්..

“යුන්ගි ඔයා කොහොමද සොන්ග්මින්ව දන්නෙ..”

ඌ පොඩි ලමයි දාන් ඩ්‍රග්ස් බිස්නස් කරන මහා ජරා මනුස්සයෙක්…කෙටියෙන්ම කිව්වොත් කොරියාවට ඩ්‍රග්ස් බෙදාහරින්නෙ ඕකා අංකල්…ඌ එකපාරක් ඌ එක්ක ඩීල් එකක් කරමු කියලා මට යෝජනාවක් ගෙනාවා…මං අකැමැති උනා…ඒකට පලිගන්න මගෙ වෙහිකල් එකට ඩ්‍රග්ස් දාල මාව පොලිසියට අහු කලා…හැබැයි මං අවදානයෙන් හිටිය හින්දා බේරුනා..ඊටපස්සෙ මාත් නිකන් හිටියේ නැ අංකල්…ඌගෙ මං දන්න හැම ඩ්‍රග් ස්ටෝර් එකකම ඩීටේල් මං FBI එකටම දුන්නා…ඒකෙන් ඌගෙ ස්ටෝර් වලින් 3/4ක්ම සීල් තිබ්බා…ඌ දන්නවා ඔත්තුව දුන්නෙ මං කියලා…ඒකයි මගෙන් පලිගන්නෙ…මං මෙච්චර දවස් ඉවසුවා හැබැයි ආයෙත් නැ…”

“ඒ කියන්නේ ඌ ගේම අතාරින පාටක් නැ…මේ වෙලාවේ මොලේ පාවිච්චි කරලා වැඩ කරන්න යුන්ගි…මතක තියාගන්න ඔයා කරන හැමදේම කුකීටයි ටේටයිත් බලපානවා කියලා…”

“හරි අංකල්…මං ඌ ගැන හොයන්න මගෙ කට්ටියව දානවා…ඉක්මනට ඌව ඉවරයක් කරන්න ඕන…”

“මගෙ කොල්ලට අත තිබ්බ ඌව මං කොහොමත් පණ පිටින් අතාරින්නෙ නැ…සොන්ග්මින් උබට සෙකන්ඩ් චාන්ස් එකක් දෙන්නෙ නැ මං…”

“සෙකන්ඩ් චාන්ස් එකක් ?”

“අහ් නැ…ඒවා වැඩක් නැ පුතා..අපි යන් දෑන් අරගොල්ලො බලන් ඇති…”

නම්ජුන් යුන්ගිවත් එක්කන් වෙහිකල් එකට ඇවිත් කට්ටිය එක්ක ගෙදර එන්න පිටත් උනා….

—————————————

බොහොම අමාරුවෙන් නින්දට වැටුන ජිමින් දැක්ක නරක හීනයත් එක්ක එකපාරටම ගැස්සිලා ඇහැරුනා…
ඒ වෙද්දිත් වේලාව පාන්දර 3.30ත් පහුවෙලා…
වෙනදට දැනෙන නම්ජුන්ගෙ උනුහුමත් නොදැනුන නිසා ජිමින් තේරුම් ගත්තා නම්ජුන් ඇදේ නැති බව…ජිමින්ට තවත් නිදාගන්න වුවමනාවක් නොතිබ්බ නිසා එයා කාමරේන් එලියට ආවා…අනිත් අයගෙ කාමරවල ලයිට් නිවිලා තිබ්බ නිසා තාමත් එයාල නිදි ඇති කියලා හිතන් ජිමින් සද්ද නොකර පහලට ආවා..ඒත් ජිමින් දැක්කෙ දොර හෝස් ගාලා ඇරලා තියෙනවා…

ජිමින් සෝදිසියෙන් වට පිට බල බල ඒ පැත්තට ආවා…ජිමින් එලියට ඇවිත් වටපිට බලද්දි දැක්කෙ ඉස්සරහට වෙලා වාඩිවෙලා අහස දිහා බලන් ඉන්න ජිනුයි මින්ග්‍යුයි…

“ජින්…ඇයි මෙතන…”

“අහ් අම්මා…”

“මින්ග් නිදාගන්නේ නැද්ද දරුවෝ…”

“නිදිමත නැ අංකල්…”

“හ්ම්..මටත් ඇස් පියවෙද්දිම මගෙ පැටියව මතක් වෙලා ගැස්සිලා ඇහැරෙනවා…😑 “

“අපිටත් මේ උන දේවල් තාමත් හිතාගන්න බැ…😑”

“හ්ම්….ජින් කෝ තාත්තා..?

“තාත්තාට නින්ද යන්නෙ නැ කියලා බයිසිකල් පදින්න ගියා…චෙනුත් නිදිමත නැ කියලා තාත්තා එක්ක ගියා…දැන් එයි…”

ජිමින් ඒකට මුකුත්ම කිව්වෙ නැ…එයා දන්නවා නම්ජුන් හිත රිදුන ගොඩක් වෙලාවට බයිසිකල් පදින්න යන බව…

“අනිත් අය නිදි ද මින්ග් ?”

“ටේයි යුන්ගියි නිදි…නම්‍යුත් අඩ අඩ ඉද්දිම නින්ද ගියා…

“මාත් කුකීව නිදි කරවලා ආවේ අම්මා…”

“හ්ම්..ඔයාල එහෙනං ඉන්නකො…මං කොෆි හදන් එන්නම්…”

ජිමින් කොෆි හදන්න හිතන් කරුවලේම කිචන් එක පැත්තට ඇවිදන් ගියා…

“ඉහි….”

එකපාරටම ඇහුන අමුතු සද්දෙට ජිමින් නැවතිලා කලුවරේම වටපිට බැලුවා…

“කවුද ඔතන…”

කවුද කියලා ඇහුවත් කිසිම උත්තරයක් නැති නිසා ජිමින් හිමීට ස්විච් බෝඩ් එක ගාවට ගිහින් ලයිට් එක ඔන් කලා..

ජිමින් දැක්කෙ හෝප්ගෙ ෆොටො එක තුරුල් කරන් නැහෙන ගානට ඉකි බිදින කුකීව…

“කුකී…🥺”

“😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭”

ඇහෙන නැහෙන ගානට අඩපු කුකීට ජිමින්ව දැක්කාම හයියෙන් ඉකිගැහුනා…ජිමින් කුකී ගාවට දුවගෙන ආවේ වෙන කිසිම දෙයක් හිතාගන්න බැරිව…

“පැටියෝ අනේ අඩන්න එපා රත්තරන්…”

“අම්මා මට හියුන් නැතුව ඉන්න බැ….😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭අනේ මට එයාව ගෙනත් දෙන්නකො….”

කුකී ජිමින්ව බදාගෙන කෑගහ කැගහ ඇඩුනා…ඒ සද්දෙට එලියේ හිටිය ජින්ග්‍යු දෙන්නයි කාමරේ නිදන් හිටියේ  යුන්ටේ දෙන්නයි නම්‍යුයිත් එතනට ආවා..

“කුකී ඇයි මේ…🥺”

“ටෙටෙ…😭😭😭 මට මගෙ හියුන් ගෙනත් දෙන්න කියන්නකෝ…”

“අනේ කුකී…🥺🥺🥺”

ටේ කුකී ලග බිමින් වාඩිවෙලා එයාට තුරුල් උනා…කුකි එයාගෙ හියුන්ට කොච්චර ආදරේ ද කියලා ටේ තරන් දන්න කෙනෙක් නැති තරම්…හෝප් හියුන් නැති උනාම කුකිට කොහොම දැනෙනවා ද කියලා ටේ හොදින්ම දන්නවා…

“කෝ දෙන්නම නැගිටින්නකෝ…අපි යන් කාමරේට……ජින් ඔයාට පුළුවන් නේ කොෆි හදාගන්න…”

“හරි අම්මා…”

ජිමින් ටේවයි කුකීවයි එක්කන් රූම් එකට ගියා..

“මොනවා උනත් පොඩි එකා පව් බන්…”

“අනේ මන්ද මින්ග් මට තේරෙන්නේ නැ……හිටපන්….මං කොෆි හදන්න් එන්නම්…..අඩෝ යුන්ගි උබටත් කොෆි හදන්නද…”

“හ්ම්…😴”

යුන්ගි පඩිපෙලේ වාඩිවෙලා එහා පැත්තේ වාඩිවෙලා හිටිය නම්‍යුගෙ උරහිසට හේතුව වෙලා නිදි කිර කිරම උත්තර දුන්නා…

————————————–

බයිසිකල් පදින්න ගියපු නම්ජුනුයි චෙනුයි ගෙදර එද්දි පාන්දර 5.30ත් පහුවෙලා…ඒ වෙද්දිත් ගෙදර හැමෝමම වගෙ නින්දට ගිහින්…චෙනුත් ආව ගමන් මහන්සියටම ඇදට වැටුනා…
ඒත් නම්ජුන්ගෙ ඇස් වලට නන් නින්ද පේන මානෙක නැ…නම්ජුන් පුටුවකට බරවෙලා අදුර පහව ගිහින් එලිය වැටෙමින් තිබ්බ ඈත අහස දිහා බලන් හිටියා…

“අංකල්…ආ මෙන්න…”

“අහ්…තැන්ක්‍යු යුන්ගි…”

නම්ජුන්ගෙ අතට තේක දීලා යුන්ගි තේ එක බීබී නම්ජුන්ගෙ එහා පැත්තෙන් වාඩි වුනා…

“අංකල් ඊයේ රෑ නින්දක් නෑනේද…? පොඩ්ඩක් නිදාගන්න ඔහොම මහන්සි වෙන්න එපා…”

“නිදාගන්නෙ කොහොමද පුතා…😑”

“මට තේරෙනවා අංකල් ඉන්න සිටුවේශන් එක..ඒත් මොනවා කරන්න ද…☹️☹️

අහ් අංකල් මට කියන්නත් අමතක උනා….මං අරු ගැන විස්තර හොයාගත්තා…”

“🤨🤨🤨🤨🤨”

“ඌ ඊයෙම කොරියාවේන් පැනලා..
ආව විස්තර අනුව ඌ දෑන් ඉන්නෙ ජැපැන් වලලු…”

“ඒකත් එහෙම ද..? ඌ ජැපැන් නෙවෙයි මොන මගුලේ හිටියත් මං ඌව හොයාගෙන ඉවරයක් කරනවා…මගෙ කොල්ලට අත තියපු එකාව මං පණ පිටින් තියන්නෙ නැ…😒”

“අංකල් මං දෙයක් අහන්න ද.?”

“මොකක්ද පුතා…?”

“අංකල් මොකක්ද අර බීච් එකේ දි කිව්ව සෙකන්ඩ් චාන්ස් කතාව…”

“ඒක දිග කතාවක් පුතා…”

“මං ආසයි ඒක දැනගන්න…”

“ඔයා අහලා තියෙනවා ද ජන්ග් ලීසුක් ගැන…”

“ඇයි නැත්තේ…එයා ඒ කාලේ හිටිය දක්ෂ මියුසික් ප්‍රඩියුසර් කෙනෙක්නේ… එයා කොරියාවේ ටොප් 5 අතරෙ හිටිය බිස්නස්මන් කෙනෙක් කියලාත් මං අහලා තියෙනවා…”

“ඔව්…ඔයා දන්නවා ද එයා තමා මගෙ හියුන්….”

“😯😯😯😯”

“එයා ඒ කාලේ හිටිය මියුසික් ප්‍රඩියුසර් කෙනෙක්ටත් වඩා ප්‍රසිද්ධ බිස්නස්මන් කෙනෙක්…ඔයා නොදන්නවා උනාට එයා බිස්නස්කලේ ඔයාගෙ තාත්තා එක්ක…ඔයා ඔය කරන මින් මියුසික් කම්පනි එක හැදුවේ අපේ හියුනුයි ඔයාගෙ තාත්තායි…මින් මින් එන්ටර්ටේන්ට්මන්ට් එක තමා ඒ කාලේ කොරියන් මියුසික් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රසිද්ධම කම්පනි එක…ඒ නිසාම එයාට මිතුරො වගේම හතුරොත් හිටිය…

දවසක් ඔයාලගෙ තාත්තා කෙනෙක්ව කම්පනි එකට එක්කන් ඇවිත් තියෙනවා…එයා මින් දොංජි…ඒ ඔයාගෙ මැරුන නැන්දා…එයාව දැක්ක පලවෙනි වතාවෙම අපේ හියුන් එයාට ආදරේ කලා…ඒ වගෙම එයාලා අවුරුද්දකින් විතර මැරි කලා…ඊට ටික පස්සෙ ආව පුංචි පැටියා නිසා එය ජිවිතවල තිබ්බ සතුට දෙගුණ තෙගුණ උනා…එතකොට මං ජිමින් එක්ක යාලුවෙලා හිටිය කාලේ..මං හය ස්ටඩිස්වලට ඇමරිකා ගිහින් හිටියේ…ස්ටඩීස් ඉවර කරලා අපිත් කොරියාවට ආවා…ඊට මාසෙකට පස්සේ හියුන්ලගෙ තර්ඩ් ඉයර් ඇනිවසරි එක තිබ්බ ඉරිදා දවසක….නූනාට සප්‍රයිස් එකක් දෙන්න හියුන් ජෙජු වලට ටුවර් එකක් ලෑස්ති කරලා තිබ්බෙ…හියුන් මටයි ජිමින්ටයි පුතාව දාලා සෙනසුරාදා දවල් වෙහිකල් එකේ පිටත් උනා….ඒත් එයාලට ජේජු වලට යන්න බැරි උනා…මගදි උන ඇක්සිඩන්ට් එකකින් දෙන්නම නැති උනා…
😑
😑
😑
😑

“එතකොට දරුවා…?”

“එයා ඉන්නෙ මං ගාව…”

“🙄🙄🙄🙄🙄”

“හියුන් මැරිලා ටික දවසකින් අපි දැනගත්තා ඒක මිනීමැරුමක් කියලා…ඒක කරපු උන් හිතන් හිටියේ පුතාත් හියුන්ලා එක්ක මැරුනා කියලා…ඒත් පුතා මැරුනෙ නැ…ඒ කියන්නේ පුතාගෙ ජිවිතේ අනතුරේ නේ..ඒ හින්දා මායි මිනියි  එන්ගේජ් වෙලා පුතා අරන් ඇමරිකාවල පදිංචියට ගියා…මින් මින් එක සම්පූර්ණ ඔයාගෙ තාත්තාට විකුනල හියුන්ගෙ කොටස පුතාගෙ එකවුන්ට්ස් වලට දැම්මා මං…අර මිනිස්සු දරුවා ගැන හොයාගනි කියලා හිතුන හින්දා අපි එයාගෙ නම පවා වෙනස් කලා ජන්ග් ජේහෝප් කියලා…”

“ජේහෝප් ? 😯”

“ඔව් ජේහෝප්…එහෙදි මිනිට කුකිව ලැබුනා…මං එහෙ ජොබ් එක කරන ගමන් කොරියාවේ පොඩියට බිස්නස් එකක් පටන්ගත්තා…ඒ වගේම මං දැනගත්තා හියුන්ලගෙ මර්ඩර් එක කරලා තියෙන්නේ සොන්ග්මින් කියන මිනිහා කියලා…මට උගෙන් පලිගන්න ඕන උනා…ඒත් මං ඉවසුවේ හෝපුයි කුකියි හින්ද…ඌ ඒ කාලෙ දොංජි නූනාට කැමැත්තෙන් හිටිය කෙනෙක්…දොංජි අපේ හියුන්ව බැන්ද එකේ පලිය ගන්නයි ඌට ඕන උනේ….ඌ ඒක කලා…හියුන් මැරුනට පස්සෙන් හියුන්ගෙ හැමදේම විනාස උනා…ඒත් මට ඕන උනා හියුන්ගෙ හීනේ හැබැ කරන්න…ඒ හින්දා ඇමරිකා අවුරුදු 6කට පස්සෙ අපි ආයෙත් කොරියාවට ඇවිත් පොඩියට කරපු බිස්නස් එක මං ‘ජන්ග් ගෲප්’ කියලා මහ පරිමාණයේන් පටන්ගත්තා….
සොන්ග්මින් අදටවත් දන්නෙ නැ ජේහෝප් කියන්නේ ලීසුක්ගෙයි දොංජිගෙයි පුතා කියලා…ඒක දන්නෙ මායි ජිමිනියි ඔයාගෙ අම්මයි තාත්තායි දැන් ඔයායි විතරයි…”

“ඒ කියන්නේ ඌ දැනගෙන නෙවෙයි ජේහෝප්ව මරලා තියෙන්නේ…”

“හරියටම කියන්න බැ…සමහරවිට දන්නවා වෙන්නත් පුළුවන්…”

“🤨🤨🤨🤨🤨🤨”

“බලමුකො පුතා…කොහොම උනත් එදා ඉවසුවට මං ආයෙ ඉවසන්නෙ නැ…මේ පාර ඌව පරලොව යවලවමයි මං නවතින්නේ…”

“අපෙන් හෝප්ව ඈත් කරාට ඌට හොද පාඩමක් උගන්නන්න ඕන අංකල්…😒”

යුන්ගි තේ කෝප්පයෙන් ටිකක් බිලා ඈත මීදුම අතරින් පායමින් තියෙන හිරු දිහා බැලුවේ හරි මූසල බවක් පිරුන හිස් බැල්මකින්…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
දුකයි නේද..මටත් දුකයි…
ටේගෙයි යුන්ගිගෙයි දුක නැති කරන්න හෝප් නැත්තත් වෙන කෙනෙක් හරි එයි…බලාපොරොත්තුවෙන් ඉන්න..

ඉක්මනට හම්බෙමු…
Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 14 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 17