Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚

A+ A-

~ After 4 Months ~

වෙනදා වගෙම හිරු රශ්මිය දසත පතුරමින් සෝල් නගරයට තවත් දවසක් උදා වුනා…අද වෙනදටත් වඩා නගරය ගොඩාක් කාර්‍යබහුලයි…සති අන්ත නිවාඩුවෙන් පස්සෙ සුපුරුදු පරිදි තමන්ගෙ කටයුතු ආරම්භ කරන්න හැමෝම නගරයට එන දවස අද..

නම්ජුනුත් ජිමින්ව අරන් උදේම ඔෆිස් ගිය හින්දා කුකියි ටේයිත් යුනි එන්න ආවා…

“පරිස්සමෙන් ඉන්න කුකී…”

“හරි යුන්ගි හියුන්…මං අර පැත්තට යනවා ඔයා එන්න..”

කුකී ටේට ඇහැක් ගහලා ටිකක් එහායින් තිබ්බ බෙන්ච් එක පැත්තට ගියා…

“ලිට්ල් බෙයා පරිස්සමෙන් ඉන්න හ්ම්….වැඩිය කල්පනා කරන්න එපා….කුකීටත් වැඩිය කල්පනා කරන්න දෙන්න එපා..ලෙක්චර්ස් ඉවර වුනාම මට කෝල් කරන්න…”

යුන්ගි ටේගෙ නලලට හාදුවක් දිලා ටේගෙ රෝසපාට කම්මුල් මෘදුව පිරිමැද්දා..

“ඔයාත් පරිස්සමෙන් හියුන්…දවල් 2.00ට ලයිබ්‍රි එක ඉස්සරහා කැෆේ එකට එන්න..මායි කුකියි එතන ඉන්නම්…
ලව්‍ යූ හියුන්”

“ලව් යූ ටූ ලිට්ල් බෙයා…”

ටේ යුන්ගිගෙ කම්මුලට හාදුවක් දීලා කුකී ඉන්න පැත්තට දිව්වා…

අවුරුදු 22ක් උනාට ටේ තාමත් හැසිරෙන්නේ පොඩි ලමයෙක් වගෙ..
යුන්ගි ආසම කලේ ඒ හුරුතලේට…කොච්චර ලොකුකමට නොකියා හිටියත් යුන්ගි ටේට ආදරේ කරන්නත් කලින් හෝප්ට ආදරේ කලේ…යුන්ගිගෙ විටමින් එක උනෙ හොප්ගෙ හිනාව…කෙටියෙන්ම කිව්වොත් දැන් යුන්ගිව ජිවත් කරවන්නෙ ටේගෙ ආදරේයි හෝප්ගෙ මතකයි…ටේටත් එහෙමයි…

යුන්ගි වෙහිකල් එකට හේත්තුවෙලා ටේකුකි දෙන්නා යුනි එක ඇතුලට යනකන් බලන් ඉදලා එයත් ස්ටූඩියෝ එකට එන්න පිටත් උනා….

—————————————-

ගිය සතියෙ බිස්නස් ට්‍රිප් එක හින්දා ඔෆිස් එක පැත්තට එන්න බැරි උන හින්දා නම්ජුන් අද හිටියේ වැඩ ගොඩකට හිරවෙලා….ජිමින් නම් සෝෆා එකට වෙලා වින්ඩෝ ග්ලාස් එකෙන් ඈත පේන මුහුද දිහා බලන් ලොකු කල්පනාවක හිටියේ…හෝප් නැති උන දවසෙ ඉදන් ජිමින්ගෙ එකම රාජකාරිය උනේ ඔහේ බලන් කල්පනා කර කර ඉන්න එක…වැඩ අතරෙ උනත් නම්ජුන් සැරෙන් සැරෙ ජිමින් එක්ක කතා කලේ එයා එක දිගටම කල්පනා කරන එකට බාධා කරන්න හිතන්

“මිනී….”

“හ්ම්….”

“බඩගිනි ද…? 12.00යි..ලන්ච් ගන්නවා ද? නැත්තං මොනවා හරි බොමු ද…?”

“බඩගිනි නැ ජුන්…පස්සෙ කමු…”

නම්ජුන් බල බල හිටිය ෆයිල්ස් ටික වහලා දාලා ජිමින් ගාවට ඇවිත් වාඩිවුනා…

“මිනී…ඔයා කොච්චර කාලයක් ඔහොම විදවනවා ද…”

“😑😑😑😑😑😑”

“මං දන්නවා බබා..මටත් දුක නැතුව නෙවෙයි…ඒත් අපි දුකින් හිටියොත් අනිත් දරුවො දෙන්නත් දුකින් නේ…ප්ලීස් එයාලා ගැන හිතලාවත් හිනාවෙලා ඉන්න…”

“ඔයා කියන තරන් ඒක කරන්න ලේසි නැ ජුන්…මං කොහොමද හෝප් නැතුව හිනාවෙන්නෙ..😭😭😭”

නම්ජුන් නිහඩවම ජිමින්ව තුරුල් කරගත්තා…
එයා දන්නවා මේක කොච්චර අමාරු දෙයක් ද කියලා…හෝප් ජිමින් කියන්නේ ගහයි පොත්තයි වගෙ එකට හිටිය දරුවෙකුයි අම්මෙකුයි…ඉතින් ජිමින්ට හෝප් නැතුව ජිවත් වෙන එක ලේසි නැ…මේ හැමදේම කාලය එක්ක හරි යයි කියලා නම්ජුන් හිතුවත් තාමත් ඒ දේවල් එහෙමමයි….

—————————————-

“කුකී…යමුනේ…බඩත්ගිනි මට…”

ලෙක් එක ඉවර වෙලා ලෙකා හෝල් එකෙන් යද්දි ටේ නිදාගෙන හිටිය කුකීට කෑගහන්න පටන්ගත්තා..

“ලෙකා ගියාද..😴😴”

“ඔව් අනේ…අපිත යන්…ආයෙ ලෙක්චර්සුත් නැනේ..”

ටේ බෑග් එකත් එල්ලන් කුකීගෙ බෑග් එකත් අතට අරන් කුකිවත් ඇදන් හෝල් එකෙන් එලියට ආවා..

“ටේ ඔයාට ලෙකා කියපුවා තේරුනාද? මට නන් මෙලො දෙයක් තේරුනෙ නැ…මට වෙනදා වගෙ අහන් ඉන්නවත් ආසාවක් නැ දැන්…”

“මටත් එහෙම තමා කුකී…ඒත් හෝප් හියුන්ගෙ කැමැත්ත වෙනුවෙන් කොහොම හරි ට්‍රයි කරනවා..එයා ආසාවෙන් හිටියේ අපි දෙන්නා හොදට ඉගනගන්නවා බලන්න…ඒ හින්දා අපි කොහොමද හරි එකතුවෙලා කරමු…”

“හ්ම්..හියුන් වෙනුවෙන් මාත් කොහොම හරි කරනවා…….ටේ ඔයාගෙන් දෙයක් අහන්න ද….?”

“මොකක්ද?”

“හියුන් එදා හොටෙල් රූම් එකේ හිටිය එක ඔයා විස්වාස කරනවද…?ඔයා හියුන් එක්ක තරහාද…?”

“එහෙම දෙයක් නැ කුකී…එයා ගියෙ එයාගේ සතුට තිබ්බ තැනට…ඒ හින්දා මංවත් යුනී හියුන්වත් එයා එක්ක තරහා නැ…අපේ අන්තිම හුස්ම වැටෙනකම්ම අපි එයාට ආදරේයි…”

“හ්ම්ම්…එයා ඔයාටයි යුන්ගි හියුන්ටයි ආදරේ කරා කිව්වොත් ඔයා පිලිගන්නවා ද..?”

“එයා අපිට ආදරෙ කලා…ඒත් සහෝදරයෝ විදියට…”

“නැහැ ටේ..එයාගෙ පණ ඔයාලා දෙන්නා…හියුන් එදා ආවේ ඔයාලට ඇත්ත කියන්න…ඒත් එයාට අවස්ථාවක් ලැබුනෙ නැ..😑”

“එහෙනන් ඇයි එයා අර වගෙ දෙයක් කලේ…?🥺🥺🥺🥺🥺”

කුකී හෝප් ගහපු ප්ලෑන් , එහෙම කරන්න හේතු හැමදේම ටේට පැහැදිලි කලා..

“දැන් පිලිගන්නවා ද එයා ඒවා කලෙ ඔයාලගෙ ආදරේ ටෙස්ට් කරන්න…”

“හ්ම්ම්ම්…ඒත් ඇයි දෙයියනේ එයා ඔය තරම් බොලද උනේ…🥺😅”

“ආදරෙ දි එහෙම තමා ටේ…මතකද ඉස්සර ජින් හියුන්ට ආදරේ කරද්දී මාත් එහෙමයි…ඔයා යුන්ගි හියුන් , හෝප් හියුන් පස්සෙ යද්දී ඔයත් එහෙමයි….ඒවා කරද්දී අපිට තේරෙන්නේ නැ ඒවා බොලදයි කියලා..ඒක පේන්නෙ පිටින් බලන අයට…”

“එයා එච්චර අපිට ආදරේ කරලත් අපි තුන්දෙනට එකතු වෙන්න බැරි උනානෙ…😑”

“එහෙම හිතන්න එපා ටේ…පෙන්න නැති උනත් හියුන් හැමදාම අපි එක්ක ඉන්නවා…😑🥺 මට විස්වාසයි එයා ඔයාල ගාවින්ම ඇති…ඔයාලා දෙන්නා සතුටින් ඉන්න..ඒක තමා අපෙ හියුන්ගෙ සතුට…😑😑😑😑”

“හ්ම්ම්…😑😑”

ටේ ඇස්වල කදුලු පුරවන් හිමින් හිමින් ඉස්සරහට ඇවිදන් ගියා…ඒත් කුකී හිටිය තැනම නැවතිලා බෑග් එක ඇතුලේ මොකද්දො හොයනවා දැක්ක හින්දා ටේ ආයේ කුකී ගාවට ආවා…

“ඇයි කුකී…”

“පොඩ්ඩක් ඉන්නකෝ…”

කුකී බැග් එක අවුස්සලා අවුස්සලා පොඩි බොක්ස් එකක් එලියට ගත්තා…කුකී ඒක ටේගෙ පැත්තට දිගු කලා…

“🙄🙄🙄🙄🙄”

“ඔයාම ඇරලා බලන්නකො…”

කුකී ඒ බොක්ස් එක ඇරලා බැලුවා…

“වාව්…😯 කුකී කාගෙ ද මේ…?”

“ඕක හියුන් මගෙයි ජින්ගෙයි වෙඩින් රින්ග් හදවපු තැනින්මයි හැදුවේ…එදා හොටෙල් සීන් එකට කලින් දවසේ මං ඕක ශොප් එකෙන් අරන් හියුන්ට දුන්නා…එයා පහුවදා ඔයාලට ප්‍රපොස් කරන්න හිටියේ…😑”

“ඒත් මේකේ තියෙන්නේ රින්ග්ස් දෙකයිනේ…”

“එකක් හියුන්ගෙ අතේ තිබ්බෙ…මේ දෙක ඔයාලා දෙන්නගෙ…”

“අනේ..🥺 ඔයාට කොහෙන්ද මේක..”

“මං පෙරේදා හියුන්ගෙ කාර් එක අස් කලා…එතකොට හම්බුනෙ…එදා හියුන් දාපු තැන ඒ විදියටම ඕක තිබ්බා..😑”

ටේ ඇස්වල කදුලුත් පුරවන් කුකීව බදාගත්තා..

“දැන් ඉතින් අඩන්නෙ නැතුව ඕක දාගන්න…හදක් තියෙන්නේ ඔයාගෙ එකේ..තරුව යුන්ගි හියුන්ගෙ..ඒක අද ගිහින් ඔයාම යුන්ගි හියුන්ට දෙන්න… “

ටේ කදුලු අතරින් හිනාවෙලා රින්ග් එක අරන් අතට දාගත්තා..

“ඒක හරිම ලස්සනයි…🥺 ලව් යූ හෝප් හියුන්…🥺”

“හ්ම්…දැන් ඔය ඇඩුවා ඇති…යමු…😁”

“දැන් කොහෙද යන්නෙ අපි…”

“අද නන් ලයිබ්‍රි යන්න බැ ටේ…කැෆේ එකට යන්..මාර බඩගිනි…”

“කොහොමත් ලයිබ්‍රි යන්න ඕන නැ කුකි..මං අර අපේ ඉස්සරහා පේලියෙ හිටිය ගර්ල්ගෙන් පොත් ටික ගත්තා…එයා කිව්ව හදිස්සි නැ වැඩ ටික කරන් පොත් ටික දෙන්න කියලා…”

“අහ් එහෙනං ඕන නැනෙ..😁 මටත් ඔයාගෙ නෝට් ටික ගන්න පුළුවන් නේ…”

“ඔයත් කපටි නෑනේ කුකි..😁”

“😎😎😎”

කුකී ටේගෙ කරට අත දාන් යුනි එකෙන් එලියට ඇවිත් කැෆේ එකට ආවා…

ටේට වාඩිවෙන්න කියලා කුකී ගිහින් ඕඩර් එක දාලා ආවා..

ටේට වෙනදා වගෙම අදත් කැෆේ එක දැක්ක ගමන් මතක් උනේ ඉස්සර හෝප් එක්ක එයයි කුකීයි මේ කැෆේ එකට ඇවිත් හිනාවෙවි සතුටින් හිටිය විදිය…

“කාලය හරි ඉක්මනට හැමදේම වෙනස් කරා…😑”

“ටේටෙ…”

කුකී ඕඩර් එකත් අරන් දුවගෙන ටේ ගාවට ආවා..ටේ හිටිය විදිය දැක්ක ගමන් කුකීට තේරුනා හැමදාම වගෙ අදත් ටේට හියුන් මතක් වෙලා බව…

“අහ් මෙන්න ඔයාගෙ ස්ට්‍රෝබෙරි මිල්ක්ශේක් එක…”

“තැන්ක්‍යු…”

“කල්පනා කරන එක නවත්තලා දැන් ඕක බොන්න…”

කුකී බනානා මිල්ක්ශේක් එක බොන ගමන් ජින්ගෙන් ආව මැසේජ් එකට රිප්ලයි කර කර හිටියේ…ඒ හින්දා ටේත් යුනි එකෙන් ඉල්ලගත්ත පොත බල බල මිල්ක්ශේක් එක බිව්වා..

ඒත් එහා ටේබල් එකේ හිටිය කෙල්ලො ටික එකපාරටම කසුකුසු ගාන්න පටන්ගත්ත නිසා ටේ පොත උඩින් ඇස් දාලා ඒ පැත්ත බැලුවා..

“ඒ කු..කී…😯”

ඒ දැක්ක දේ හින්දා ටේට ඇස් අදහා ගන්න බැරි උනා…කුකී තාමත් ෆෝන් එකේ මූන ඔබන්…ටේ හිමිට ටේබල් එක යටින් අත දාලා කුකීගෙ ශර්ට් එකෙන් ඇද්දා…

“හ්ම්…?”

කුකී ෆෝන් එකෙන් ඇස් අහකට නොගෙනම ටේට පිලිතුරු දුන්නා..

“හ්ම් නෙවෙයි මනුස්සයෝ…😒 අර පැත්ත බලපන්..”

ටේ කුකිගෙ කකුලට පාරක් ගහලා ඇස් වලින් ඒ පැත්ත පෙන්නුවා..

“ජේහෝප් හියුන්…😯”

ඒ පැත්ත බැලුවා විතරයි කුකී ෆෝන් එකත් පැත්තකට දාලා කෑගහන් පුටුවෙන් නැගිට්ටා…ඒ සද්දෙට කැෆේ එකේ හිටිය අය විතරක් නෙවෙයි ඒ බෝයිත් එයාලා දිහා බැලුවා…

ටේට වගෙ කුකීටත් හිතාගන්න බැරි උනා….ඒ බෝයි පෙනුමෙන් ජේහෝප් වගෙමයි…
එයා එක්ක තව පිරිමි ලමයෙක් හිටියා..

“අඩෝ අන්න එනවා…”

ටේ තාමත් හොල්මන් දැකල වගෙ ඒ බෝයි දිහා බලන් ඉන්න කුකිට තට්ටු කලාමයි එයා පියවි සිහියට ආවේ…

ඒ බෝයි සාක්කු දෙකට අත්දෙක රුවාගෙන ගාම්භීර විදියට හිමිට හිමිට කුකිලා ඉන්න ටේබල් පැත්තට ආවා…

“ඇයි බයවෙලා 😎”

“අහ් මේ…මේ…එහෙම නැ…”

“හ්ම්…මෙතන කවුරුත් නැත්තං අපි වාඩිඋනාට කමක් නැද්ද…?”

බෝයි එහෙම ඇහුවම කුකී අන්දමන්ද වෙලා වගෙ බලන් ඉද්දි ටේ ඉක්මනට ඉස්සර උනා…

“අහ්…ෂුවර්…”

“තැන්ක්‍යු…”

බෝයියි එයාගෙ යාලුවා‍යි ටේයි කුකීයි ටේබල් එකෙන් වාඩිඋනා…
ටේත් තාමත් හිටගෙන ඉන්න කුකිවත් ඇදගෙන වාඩිඋනා…

“මොකද අනේ ඔයාල මේ බයවෙලා වගෙ…?”

ඒ බෝයි කතා කලේ හරිම නෝමල් විදියට යාලුවො වගෙ….

“මොකද ඔයාලා හිතුවේ මං ජේහෝප් කියලා ද?”

“ජේහෝප්..🙄 ඔයා කොහොමද හෝප් හියුන්ව දන්නෙ…”

“දන්නෙ ද…ඇයි බෙයා බෝයි දෑන් ටිකකට කලින් ඔයාගෙ යාලුවාමනෙ ජේහෝප් කියලා නමක් කියලා කෑගැහුවේ…😁”

“අහ් ඒක මිසක්…”

“දැන් ඉතින් කියව කියව ඉන්නෙ අපි අපිව අදුරගන්න ඕන නැද්ද 😁”

ඒ බෝයි එක්ක ආව යාලුවා හිනාවෙවි එහෙම කිව්වා…

“අහ් ඔව්නේ…මං ම අදුන්වලා දෙන්නම්..මම ටේ…කිම් ටේහියුන්…යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක්…😁”

“මං කුකි…ජන්ග් ජේකුක්…මාත් තාම යුනිවර්සිටි…ටේගෙ යාලුවා…”

“ඒ කියන්නේ ඔයාලා මගෙ වයසේ…අදුරගන්න ලැබීම සතුටක් ටේ , කුකී…”

බෝයිගෙ යාලුවා කුකීටයි ටේටයි හරිම සතුටින් අතට අත දීලා එයාලව අදුන්වලා දුන්නා..
ජේහෝප් වගෙ කෙනා ඉස්සෙල්ලාම කතා කලා…

“මං යුආන් අකිඕ කෙන්…😁 ඉංජිනියර් කෙනෙක්..
මගෙ නම ටිකක් විකාර නමක් නේ.. “

“ඔව්…ටිකක් විතර…😁”(Jk)

“අපි දෙන්නා ජැපනිස් ජයිනිස් මික්ස්…ඒකයි නම ටිකක් විතර එහෙම…😁 අදුනගන්න ලැබීම සතුටක්..”

“යුආන් අකෙමි කෙයි 🤝🤝 මං කෙන්ගෙ මල්ලි…තාම යුනිවර්සිටි…ඔයාලා තමා අපිට කොරියාවෙන් හම්බුන පලවෙනි යාලුවො දෙන්නා…”

“අපිටත් චයිනිස් යාලුවො දෙන්නෙක් හම්බුන පලවෙනි වතාව…😁😁”

“කෙන් හියුන්..ඔයාලට කොරියාවේ යාලුවොත් නැත්තං ඇයි මෙහෙ…?”

“මේකයි ටේ අපේ ග්‍රැන්මා ඉන්නෙ බූසාන් වල…ඒ කාලේ මමී අපිට එන්න දුන්නෙ නැ අපි පොඩි නිසා…දැන් අපිට එන්න විදියක් නැ වැඩ නිසා…😅 ඒත් ඉතින් ග්‍රැන්මාගෙ බල කිරිමට මේ පාර කොහොම හරි ආවා කොරියාවට…”

“මට ලබන සතියේ එක්සෑම් පටන්ගත්තේ නැත්තං අපිට මෙහෙ තව ඉන්න තිබ්බ නේද බ්‍රදර්…😁”

“ඒ කියන්නේ ඔයාලා ඉක්මනට යනවා ද කෙයි හියුන්…”

“ඔව් කුකී..තව දවස් 5යි මෙහෙ ඉන්නෙ…😑”

“අයියෝ…😑”(Taekook)

“දුක් වෙන්න එපා..අපි යන්න කලින් හම්බෙමු ආයෙත්…”

හතරදෙනාම හැසිරුනෙ හරියට මීට කලින් හොදට අදුරන යාලුවො වගේ..
කුකීටයි ටේටයි තාමත් හිතාගන්න බැ…එයාගෙ හිත් කිව්වෙම මේ ඉන්නෙ ලොකේ එක වගෙ ඉන්න හත්දෙනාගෙන් එක්කෙනෙක් වෙන්න ඇති කියලාමයි…ඒ තරම්ම කෙන් ජේහෝප්ට සමානයි…

“ඒක නෙවෙයි කුකී..මං දෙයක් අහන්න ද ඔයාගෙන්..”

“අහන්න කෙන් හියුන්…😁”

“කවුද ජේහෝප් කියන්නේ..ඔයා මාව දැක්ක ගමන් බය උනේ ඇයි…?”

ඇත්තටම ඒ ප්‍රශ්නය ඇහුව ගමන් කුකී නිරුත්තර උනා…කුකී මූන පාතට කරන් ඔහේ බලන් හිටිය..එයාට තාමත් හිතාගන්න බැ මේක කොහෙන්ද පටන්ගන්න ඕන කියලා…ඒක තේරුන හින්දා ටේම පටන්ගත්තා..

“මේකයි හියුන්…ජේහෝප් කියන්නේ කුකීගෙ එකම හියුන්…දෙන්නාට දෙන්නා නැතුව ඉන්න බැරි තරම් ශක්තිමත් බැදීමක් එයාලා අතරේ තිබ්බෙ…ඒත්……..”

“ඒත්…?”(kei)

“මීට මාස 4කට කලින් ජේහෝප් හියුන් නැති උනා…ඇක්සිඩන්ට් එකකින්…”

“ඔහ් ගෝඩ්…😑 ඒ හින්ද ද ඔයාට මාව දැක්කාම ඔයාගෙ බ්‍රදර්ව මතක් උනේ…මට ඇත්තටම දුකයි කුකී…ඒත් මොනවා කරන්න ද ලයිෆ් එක එහෙම තමා…ඔයා හිතාගන්නකො අද ඉදන් ඔයාගෙ බ්‍රදර් මං කියලා..😁”(ken)

“ඕකේ කෙන් හියුන්…😁”(kook)

“ඒත් මට පොඩි ප්‍රශ්නයක් තියෙනවා….ජේහෝප් කියන්නේ කුකීගෙ බ්‍රදර් නන් ඇයි ටේ එයාගෙ ෆොටො එකක් ෆෝන් එකේ වෝල් පේපර් එකට දාන් ඉන්නෙ..😁”(kei)

“ඔයා කොහොමද ඒක දැක්කෙ කෙයි හියුන්..😁”(tae)

“අහ් දැන් ටිකකට කලින් ඔයාගෙ ෆෝන් එකට මැසේජ් එකක් ආවා…එතකොට දැක්කෙ…සොරි ඉතින් බැලුවට…😁”

“ටේ අපේ හියුන්ට ආදරේ කලා…අපේ හියුනුත් එහෙමයි..ඒත් එයාලට එයාලගෙ ආදරේ කියාගන්න බැරි උනා…”

“අනේ ඇයි ඒ…”(ken)

“ඒක කියන්න හිතන් හිටිය දවසෙ තමා අපේ හියුන් නැති උනෙ..”

ඔය අතරෙ කෙන්ගෙ ඇස් තිබ්බෙ ටේගෙ අතරෙ තිබ්බ හදක ලකුනක් තිබ්බ ලස්සන මුද්දට…

“මේ රින්ග් එක හරිම ලස්සනයි ටේ…”

“තැන්ක්‍යු කෙන් හියුන්…ඒක මට ලැබුනේ හෝප් හියුන්ගෙන්…😁 මං මැරෙනකම්ම මේක මං ගාව තියාගන්නවා…”

ටේ අතේ තිබ්බ මුද්ද හරිම ආදරේන් පිරිමැදලා හාදුවක් දුන්නා…

ට්‍රිං…ට්‍රිං….

කුකීගෙ ෆෝන් එක රින්ග් උන හින්දා එයා ෆෝන් එකත් අරන් එහාට ගිහින් කතා කරලා හදිස්සියෙන් වගෙ දුවගෙන ආවා..

“අපිට යන්න වෙනවා හියුන්ලා..ටේගෙ බෝයිෆ්‍රෙන්ඩ් ඇවිත් අපිව එක්කන් යන්න..😁
ටේ ඉක්මනට යන්…”

“අයියෝ එහෙමද…කමක් නැ…අපි ආයේ දවසක හම්බෙමු..”

“අනිවාර්‍යෙන්ම හියුන්…” (tae)

කුකී කිව්වට පස්සෙයි ටේ ෆෝන් එක බැලුවේ…යුන්ගිගෙන් කෝල් 10ක් ඇවිත් සයිලන්ට් දලා තිබ්බ හින්දා ඇහිලා නැ…ටේ ඉක්මනට බෑග් එකත් අරන් නැගිට්ටෙ අද නන් හොදට බැනුම් අහන්න වෙන බව මෙනෙහි කරමින්..

“හියුන්ලාගෙ නම්බර් එකක්වත් නෑනේ අපි ගාව…”(kook)

“මං මගෙ නම්බර් එක දුන්නා ටේට..😁”(Kei)

“එහෙනන් හරි හියුන්..අපි යනවා…👋👋”(kook)

“බායි හියුන්ලා..👋👋”(Tae)

“බායි ටේටේ..බායි කුකී…ටේක් කෙයා..”(kei & ken)

ටේකුකි දෙන්නා කෙයිටයි කෙන්ටයි සමුදීලා වෙනදටත් වඩා හිතේ සතුටින් ඈත පේන කලුපාට වෙහිකල් එක පැත්තට දිව්වා…

————————————-

ටේට නින්ද යන්නකන්ම ලගට වෙලා හිටිය යුන්ගි පහලට ආවේ පොඩ්ඩක් කුකී එක්ක කතා කරන්න…මාසෙකට පස්සෙ ජින් අද නිවාඩු ආව නිසා හැමෝම වගෙ සාලෙට වෙලා හිටියේ…කුකී නන් සුපුරුදු විදියට කට ඇරන් එයාගෙ ෆේවරිට් ඩ්‍රාමා එක බලනවා….යුන්ගි ඇවිත් ජින්ගෙ එහා පැත්තේ වාඩිවෙලා කුකී දිහා බැලුවා…

“කුකී….මට පොඩ්ඩක් ඔයා එක්ක කතා කරන්න ඕන..”

“කියන්න හියුන්..”

කුකී යුන්ගි දිහා බලලා එහෙම කියලා ආයෙත් ටීවී එක දිහා බලාගත්තා…

“අර ටේ කියන්න කතාව මොකක්ද ? ජේහෝප් වගෙ කෙනෙක් හම්බුනා කියලා…”

“🙄🙄🙄🙄🙄🙄” (all)

“අන්න හරි…මට ඒක කියන්න අමතක උනානේ…”

කුකී එකපාරටම මොකක් හරි මතක් උනා වගෙ ටීවී එකත් ඕෆ් කරලා යුන්ගි දිහා බැලුවා…

“ඔයාලත් දැක්ක නන් විස්වාස කරන එකක් නැ ඇත්තටම අද හියුන් වගෙ කෙනෙක් හම්බුනා අපිට…මට උන්හිටිතැන් අමතක උනා එයාව දැක්කම…එයා අපි ලගට ඇවිත් කතා කලා………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………..කොහෙද ඉතින් යුන්ගි හියුන් ආවනේ නැත්තං අපිට තව ටිකක් එයා එක්ක කතා කරන්න තිබ්බා…😁”

“ඇත්තටම ඒක වෙන්න පුළුවන් ද?”(Jin)

“ඒකනේ..මං හිතුවේ ටේ හිතේ අමාරුවට විකාර කියවනවා කියලා…😐” (yoongi)

“ඇයි බැරි..අහලා නැද්ද ලොකේ එක වගෙ 7ක් ඉන්නවා කියලා…අනේ මටත් ඒ ලමයව බලාගන්න පුළුවන් උනානන්..🥺”(jimin)

“ඇයි බැරි අම්මා..එයා කිව්වා සෙනසුරාදා උදේ එයාලා යනවා ඒ ගියාම එන්නෙ ආයේ එන්නෙ අවුරුදු ගානකින් නිසා යන්න කලින් අපි ආයේ වතාවක් මුන ගැහෙමු කියලා…ඉතින් එදාට ඔයාලත් යමු…මං නම්‍යු නූනාලටත් එන්න කියන්න ඉන්නෙ එදාට…ඔයාලත් අපි දෙන්නා වගෙ අනිවාර්යයෙන්ම පුදුම වෙයි..”

“එයාලගෙ කන්ටැක් නම්බර් එකක්වත් හම්බුනේ නැද්ද කුකී..”(NJ)

“හම්බුනා තාත්තා…එයා කිව්වා අද ඉදන් ‘ඔයාගෙ හියුන් මං කියලා හිතාගන්න’ කියලත්…එයා හරිම හොදයි තාත්තා…..”

“ඒත් කුකී අනවශ්‍ය විදියට මිනිස්සු විස්වාස කරන්නේ පරිස්සමෙන්…”(jin)

“😐😐😐😐”(kook)

“අනේ මන්දා 🙂 බලමුකෝ…”(yoongi)

“හරි හරි ලමයි දැන් නිදාගන්න ගිහින්…පස්සෙ කතා කරමු ඕවා..හෙට වැඩ තියෙනවා නෙ…”

නම්ජුන් එහෙම කිව්වාම ජින්කුකීයි යුන්ගියි එයාලගෙ රූම්වලට ගියා…නම්ජුන් ජිමින්වත් යවලා ලයිට් ඔක්කොම ඕෆ් කරලා කරුවලේම රූම් එක පැත්තට ඇවිදන් ගියෙ මේ ආව ආගන්තුක අමුත්තා එයාලගෙ ජිවිතවලට වලට කොහොම බලපායි ද කියලා හිතමින්…

– YO –

Yuan Akio Ken

Yuan Akemi Kei

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

කොහොමද අලුත් කොම්ලා…😁
අලුත් නැව TaeKenGi…😌
කතාව ලස්සනයි නේ…කැත ද…☹️
කතාව Happy Ending වෙයි…
තව එක කොටසයි…
එහෙනං අපි ගියා..
Bye…❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 15 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 18