Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚

A+ A-

ට්‍රිං….ට්‍රිං….

“එක්ස්කියුස් මී…”(hope)

මට ටේ යුන්ගි එක්ක එකට ඉන්නවා දකිද්දි මොකක්ද වගේ…මගෙ ඇගම වෙව්ලනවා තරහට…වෙලාවට එතකොටම මට කෝල් එකක් ආවේ තව එතන හිටියා නන් මගෙ අතින් මොනවා වෙයි ද දන්නැ…මං ෆෝන් එකත් අරන් පොඩ්ඩක් එහාට ගියා….

මං ෆෝන් එක ආන්සර් කරලා කතා කර කරම ටිකක් ඈතට ගියා…විනාඩි 10ක විතර දුරකථන සංවාදයෙන් පස්සෙ මං ෆෝන් එක කට් කරලා එතන තිබ්බ බෙන්ච් එක උඩින් වාඩි උනා…
මගෙ කම්මුල් තෙමාගෙන ඇස්වලින් කදුලු වැටෙනවා…ඒත් ඒ ඇයි කියලා මං දන්නෙ නැ…සමහර විට ටේයි යුන්ගියි එක ඉන්න නිසා වෙන්නැති…
මගෙ ෆෝන් එකට නොටිෆිකේශන් එකක් ආවා…මං හිමිට කදුලු පිහිදන් මැසේජ් එක කියෙව්වා…
මේකිට නන් පිස්සු…දැන් කතා කරලා තිබ්බා විතරයි…ආයේ ‘රෑට කෑවද?’ කියලා මැසේජ් දාලා…😅
මං ‘ඔව්’කියලා රිප්ලයි එකක් දාලා ෆෝන් එක සාක්කුවට දාගත්තා…

කියන්න අමතක උනානේ…මට කතා කලේ නම්යොල්…මගෙයි ජින්ගෙයි කොලේජ්‍ කාලේ යාලුවා…හරි හොද කෙල්ල…පොඩිකාලේ ඉදන් එකටම තමා අපි…ඒත් කොලේජ්‍ එකෙන් අවුට් උන ගමන් එයා ඇමරිකා ගියා එයාගෙ පේරන්ට්ස්ලා එක්ක…එදයින් පස්සෙ මායි ජිනුයි තනිඋනා…දැන් අවුරුදු 6ක් විතර එයා ගිහින්…ඒත් අද ඊයේ වගෙ…හැබැයි එයා ගියා කියලා අපි දෙන්නව අතැරියෙ නැ…හැමදාම එක මැසේජ් එකක් හරි දාලා අපි ගැන හොයනවා…

“හියුන්…”(Jk)

“අහ්…ඇයි කුකී…”

කුකී බනී ස්මයිල් එකත් දාන් ඇවිත් මගෙ එහා පැත්තෙන් වාඩි උනා…

“මුකුත් නැ අනේ…මට එතන තනියෙන් ඉන්න කම්මැලි…අම්මලා බිස්නස් ගැන කතාව , ටේ යුන්ගි හියුන් එක්ක කතාව, මං ඔහෙ බලන් ඉන්නවා…ඔයත් නැනේ…”

මං කුකීගෙ කරට අත දාලා මගෙ ඇගට තුරුල් කරගත්තා…

“අහ් ඒකද…මටත් කම්මැලි ඒකයි මං මෙතන හිටියේ ටිකක්..”

මං අපි ඉස්සරහා තිබ්බ ලේක් එක දිහා බලන්ම උත්තර දුන්නෙ මගෙ කදුලු කුකීට නොපෙනෙන්න ඕන නිසා…

“හියුන්…..”

“……….”

“ඔයා දුකින් ද ඉන්නෙ…ටේ යුන්ගි හියුන් එක්ක ඉන්න නිසා…”

“එහෙම නැ…ඇයි මං දුක් වෙන්නෙ…”

“ඔයා ටේට ආදරේ නිසා…
මට හංගන්න උත්සාහ කරන්න එපා හියුන්…ඒක අමාරුවෙයි ඔයාට…මං ඔයාගෙ මල්ලි…මං හිතනවා මට තරන් ඔයාව කාටවත් දැනෙන්නේ නැතුව ඇති…”

කුකී මූන බිමට නමන් බිම පහුරුගාමින් කනස්සල්ලෙන් කතා කලා…

“හ්ම්ම්ම්…දුකයි නන් තමා…”

“ඒකනේ…දුක හිතේ තියන් ඉන්න එපා හියුන්…කාටම හරි කියන්න…මට හරි කමක් නැ…හරි මට කියන්න බැරි නන් ජින් හියුන්ට හරි කියන්න හියුන්…ඔයා ඔහොම විදවන්න එපා…මං ඒකට ආස නැ…ඔයා හිනාවෙලා ඉන්න ඕන…”

“හරි පණ්ඩිත සීයේ…මං එහෙම කරන්නම්…”

මං කුකීගෙ ඔලුව සිම්බා…එයා මං ගැන කොච්චර හිතනවද…පව්…එයා දන්නවා මං ඉස්සර ඉදන්ම ටේට ආදරෙයි කියලා…මං ඒක ටේට නොකියා හිටියේ එයාගෙ ඉගනගන්න වැඩ වලට බාධාවක් වෙයි කියලා හිතලා බවත් එයා දන්නවා…ඒත් එයා නන් හැමදාම කිව්වෙ බල බල ඉන්නෙ නැතුව ඕක කියලා දාන්න කියලා…කුකි කිව්ව කතාව දැන් ඇත්ත වෙමින් තියෙන්නේ…ටේ මගෙ ඇස් ඉස්සරහම වෙන කෙනෙක්ගෙ වෙන්න යන්නෙ…

“හියුන්…කෝ අපි යන් දැන්…අම්මා හොයයි අපිව…”

“හ්ම්ම්…යන්…”

අපි දෙන්නා ටේබල් එකට යන්න කලින් වොශ් රූම් එකට ගිහින් මගෙ මුණ හෝදගෙන කොන්ඩේත් පොඩ්ඩක් හදාගත්තා…ඔය ඉන්නෙ ලස්සනට…මං කුකීගෙ කරට අතදාන්ම වොශ් රූම් එකේන් එලියට ඇවිත් ටේබල් එක පැත්තට ගියා…ඔක්කොමලා කාලා බීලා ඉවරයි වගෙ..කට්ටිය යන්න ලෑස්ති වෙනවා…

“කොහෙද ගියෙ දෙන්නා…”(NJ)

“පොඩ්ඩක් එලියට ගියා තාත්තා…”(hope)

“එහෙනං අපි යමු නේද…”(Jimin)

“යමු…දැන් හොදටම රෑත් වෙලා…ගුඩ් නයිට් “(Mr. Min)

“ගුඩ් නයිට් ඔයාලටත්…”(NJ)

රෑ 11ටත් කිට්ටු නිසා දෙගොල්ලන්ට ආචාර කරන් ඉවර වෙලා ජන්ග් පවුලත් මින් පවුලත් හොටෙල් එකෙන් පිට උනා…ලෝකයම සුව නින්දේ ඉන්න මේ රාත්‍රියේ තරුන හිත් දෙකක නැවුම් හැගීම් දලුලමින් තිබූනා සේම තවත් කෙනෙක්ගෙ ආදරනිය හෑගීම් ඇස් පනාපිට මියැදෙමින් තිබුනේ…

————————————–

එදා ඩිනර් අවුට් එකෙන් පස්සෙ අද වෙනකන් මං වැඩිය ටේ එක්ක මුහු උනේ නෑ…මං හිටියේ ටේට ඇබ්බැහි වෙලා…මට දැන් ඕන එයාගෙන් ටිකක් ඈත් වෙන්න…ඒ හින්දා මං පුළුවන් තරන් කාර්‍යබහුල වෙන්න උත්සාහ කරනවා…දැන් මම උදේට එන්නෙත් පාන්දර වගේ…මං ගෙදර යන්නෙත් රෑ වෙලා….සමහර වෙලාවට ගෙදර යන්නෙ දවස් 2කට විතර පාරක්…

“ඩෝක්ටර් හෝප්…😌”

“අහ්හ් ඩොක්ටර් ශෙන් 😌😅….කොයි වෙලේ ද ආවේ…මං මේ පොඩි වැඩක හිටියේ…”

“ඒක නන් මං දැක්කා…😅 ඒවා වැඩක් නැ..මං ආවේ උබට සුභාරංචියක් කියන්න…”

ශෙන්ගෙ කපටි මොංගල් හිනාවෙන්ම මට තේරුනා සුභ කෙසේ වෙතත් මොකක් හරි බකට් එකක් බව…ඕකා ගැන මං නොදන්නවායැ…

“මොකක්ද අලුත් බකට් එක…?”

“අන්න උබේ පරණ කස් එක ආයේ ඇවිත්…😅”

“කස් නන් කියක් ඉන්නවද…උබ කියන්නේ මොන එක ගැන ද බන්…😌😅”

“මින්ග්‍යු ගැන….😌”

හත්තික්කේ…වසලා හමාරයි…මින්ග්‍යු කියන්නේ මගෙ පස්සෙන් ආව වදකාරම කොල්ලා…කොච්චර අකැමැති කිව්වත් එයා මගෙ පස්සෙන් ආවා…වෙලාවට ඒ මනුස්සයට අවුරුදු 2කට කලින් බූසාන් හොස්පිට්ල් එකට ට්‍රාන්සර් එකක් ආවා…ඒ හින්දා මං බේරුනා…කරුමෙට ඒ මනුස්සයා මේ හොස්පිට්ල් එකටම ඇවිත් ආයෙත්…තියෙන ප්‍රශ්න මදිවට තව එකක්…

“නියමයි…මං වසලා හමාරයි…🙂🙂”

“අපිටත් අලුත් අලුත් නාට්‍ය බලන්න පුළුවන් වෙයි වගෙ…😅😅”

“ඇ බල්ලො…උබ මගෙ යාලුවා ද…මෙච්චර මගුලක් වෙලා තියෙද්දි මට හිනාවෙන්නෙ…”

“අහ්හ් මොකෝ මෙතන හිනා නොවී හිටිය කියලා ඌ ආයේ යනවා යෑ…එක්කො උබත් බොරු සෝබනේ නොදා ඔන්න ඕකාට කැමති වෙයන් බන්…😅”

“මගුලක් නන් කතා කරන්න එපා..🙂 මට මේ ඉන්න විදිය…….”

“ටේ වෙනුවෙන් පූජා කරපු මේ නිර්මල හිතට වෙනකෙනෙක්ට එන්න දෙන්නෙ නැ මං…”

ශෙන් පපුවට අතකුත් තියන් ඩ්‍රාමටික් විදියට ඒක කියද්දි මට හිනත් ගියා…

“ඕකනේ උබ කියන්නේ හදන්නේ…😂 අනේ මන්දා උබ නන් හැදෙන්නෙ නැ…ඌ වෙන කෙනෙක්ට කැමති බව දැන දැන ඔහොම බලාපොරොත්තු තියාගන්න එපා කොල්ලො…😑”

ශෙන් මගෙ පිටට තට්ටුවක් දාලා මේසෙ උඩ මං බිලා භාගයක් ඉතුරු කරලා තිබ්බා ස්ප්‍රයිට් කැන් එක අරන් කටට හලාගත්‍තා..

ශෙන් කියන එක ඇත්ත…එයාට ආදරේ කරන එකෙන් කවදාහරි රිදෙන්නෙ මටමයි…එහෙමයි කියලා මට ආදරේ කරන එක නවත්තන්න ගන්නත් බැ…එහෙම කරන්න උත්සාහ කරන එකත් බොරු වැඩක් කියලා මං මේ සති 2 තුල හොදට තේරුම් අරන් හිටියේ…

ශෙන් ස්ප්‍රයිට් එක බීලා ඉවරවෙලා stethescope එකත් අරන් ආයෙ යන්න ලෑස්ති වෙද්දී තව ටිකකින් මාත්වෝඩ් එකෙ ඉන්න ඕන නිසා විකාර ඔක්කොම අමතක කරලා හොද හුස්මක් පිටකරලා stethescope එකත් අරන් නැගිට්ටෙ එයා එක්කම යන්න හිතන්….

එතකොටම අපේ රූම් එකේ එමර්ජන්සි බෙල් එක නාද උනා…

මට ඉබේම බැලුනේ ශෙන් දිහා…

“එමර්ශන්සි පේශන් කෙනෙක් ඇවිත් වගෙ…”

“ඉක්මනට යමන්…එතන ඩොක්ටර් කෙනෙක් නැද්ද දන්නැ…”

මාත් ශෙන්ගෙ පස්සෙන් ICU එක පැත්තට දිව්වා…

අපි එතනට යද්දීත් මින්ග්‍යු ඒ පේශන්ට ට්‍රීට් කරන ගමන් හිටියේ…එයාට ටිකක් අමාරුයි වගෙ…පේන විදියට තරුන කෙනෙක්…මින්ග්‍යුට වැහිලා හින්දා හරියට මූන පේන්නෙත් නැ…

මින්ග්‍යු ඉන්න හින්දා මායි ශෙනුයි එලියට ආවා…ඩෝ එක ලග ඔක්කොම පුටුවල කලු ඇදන් ඉන්න මිනිස්සු…මං හිතන්නේ ඇතුලේ ඉන්න පේශන් හොද සල්ලිකාරයෙක්, එහෙමත් නැත්තං අයිඩල් කෙනෙක්…කවුරු උනත් ජිවිතය කියන තැනදි අසරණයි…ඒක සල්ලි වලට ගන්න බෑනේ…

අපි එලියට එනවා දැකලා එතනින් එක ගාඩ් කෙනෙක් අපි ලගට ආවා…

“ඩොක්ටර් ,සර්ට කොහොමද දැන්…”

“සොරි මිස්ට අපි නෙවෙයි එයාට ට්‍රීට් කරන්නේ මිස්ට මින්ග්‍යු…අනික තාම එයාට ට්‍රීට් කරන ගමන්….අපි බලමු නේද….හැමදේම හොදින් වෙයි…😊”(shen)

ශෙන්ගෙ පිලිතුරෙන් ඒ කොල්ලා සැහීමකට පත් නොඋන බව එයාගෙ තරහා පිරුන මූනෙන් හොදටම පෙනුනා..ඒත් ඉතින් අපි මොනවා කරන්න ද…

මං එයාලට සුහදව හිනාවෙලා ශෙන්වත් ඇදගෙන හිමීට එතනින් මාරු උනා අලුත් කරදරයක් පැටලෙන්න කලින්…
.
.
මගෙ ඔෆිස් රූම් එකට ඇවිත් ට
ටිකකින් ශෙන් පේශන්ස්ලා චෙක් කරන්න වෝඩ් එකට ගියා…මං ඉස්සෙල්ලා වෝඩ් එකට ගිහින් ආව නිසා ආයේ කරන්න ලොකු දෙයකුත් නැ…ඒ හින්දා පේශන්ස්ලගෙ රිපෝට්ස් ටික පෙරලගත්තේ ඒ ටිකවත් චෙක් කරන්න හිතන්…

ට්‍රිං…. ට්‍රිං

මට රීපෝට්ස් දෙකතුනයි චෙක් කරන්න හම්බුනේ මගෙ රූම් එකේ තියෙන ලැන්ඩ් ෆෝන් එක රින්ග් උනා…

“හලෝ…”

“හලෝ හෝප්…මං මින්ග්‍යු…අපේ හොස්පිට්ල් ස්ටාෆ් එකේ B+ බ්ලඩ් තියෙන කෙනෙක් එහෙම ඉන්නවාද කියලා මට පුළුවන් තරන් ඉක්මනට හොයලා කියන්න…එමර්ජන්සි කේස් එකක්…”

“එහෙම හොයන්නෙ කොහොමද මින්ග්…ඔයා බ්ලඩ් බැන්ක් එකේ බැලුවේ නැද්ද?”

“බැලුවා ඒකේ නැ…ප්ලීස් ඉක්මන් කරන්න..”

“මින්ග්, මගෙත් B+ තමා…ඒත් මං අන්තිමට බ්ලඩ් ඩොනේට් කරලා තාම මාස 2ක් විතර…
ඒ උනාට කමක් නැ…මං දෙන්නම්…”

“හරි බන්…ඉක්මනට ICU එකට වරෙන්…”

මං කෝල් එක කට් කරල රිපෝට්ස් ටික වහලා ඉක්මනට ICU එක පැත්තට දිව්වෙ මං තව තත්පරයක් හරි පරක්කු උනොත් අමාරුවේ වැටෙන්නේ අහිංසක මනුස්ස ජිවිතයක් නිසා…

“ප්ලීස් මිස්ට ඔතනින් පොඩ්ඩක් අයින්වෙනවද…මට ඇතුලේ ඉන්න පේශන් ගාවට යන්න ඕන…”

“සොරි ඩොක්ටර්…සර්ව චෙක් කරන ඩොක්ටර් ඇරෙන්න අනිත් අයට ඇතුලට යන්න දෙන්න බැ…ඒක අපේ සර්ගෙ ජිවිතේට අවදානමක්…”

යකෝ මූ…මොකෝ මං ඇතුලේ ඉන්න එකාව උස්සන් දුවනවයැ…අනික අපේ හොස්පිට්ල් එක ඇතුලේ ඇවිදින්නත් ගමේම උන්ගෙන් අවසර ගන්න ඕනද…හිටපන්කො දෙන්න…

“මිස්ට ඔයා කියන දේ ඔයාගෙ පැත්තෙන් සාදාරණ ඇති…ඒත් මේක හොස්පිට්ල් එකක්…අනික මං මේ හොස්පිට්ල් එකේ ඩිරෙක්ට කෙනෙක්…ඉතින් මට ඕනම වෙලාවක මේ හොස්පිට්ල් එකේ ඕනම තැනකට යන්න පුලුවන්…ඒ හින්දා ඔයාගෙ නිතී පිට මිනිස්සුන්ට තියාගන්න…මට නොදා…මං කරන්නේ මගෙ රාජකාරිය…”

“😠😠😠😡😡”

“මිස්ට ඔයා පොඩ්ඩක් එහාට වෙලා පුපුරනවද…”

මං එයාව ගනන් නොගෙන ඩෝ එකෙන් ඇතුල් වෙන්න යද්දි එයා මගෙ අතින් අල්ලගත්තා…ඒ ඇස් තරහින් රතුවෙලා…මං කියවන්න ගියා වැඩිද මන්දා..බයෙත් බැ…

“මගෙ අත අතාරිනවාද…”

ඒත් එයා අතැරියා වෙනුවට කලේ තවත් තදින් මාව අල්ලගත්ත එක…

“ඔයා ඔය කරන දෙයින් අමාරුවේ වැටෙන්න ඔයාගෙ බොස්මයි…මං දැන් ගිහින් ලේ නොදුන්නොත් ඔයාට ඔයාගෙ බොස්ව ගාඩ් කරන්න පරලොවට යන්න වෙයි…😏”

ඒක ඇහුම එයා ටිකක් අන්දමන්ද උනා…එයාගේ පිටිපස්සේ හිටිය වෙන ගාඩ් කෙනෙක් පැනලා එයාගෙ අත අයින් කරලා මගෙන් සමාව අරන් මට ඇතුලට යන්න කියලා කිව්වා..

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

කොහොමද ඉතින්…
ටයිපින් මිස්ටේක් තිබ්බොත් සොරි ඉතින්…
මේක ත්‍රිසම් එකක්…ඔයාලට ඕන නන් එකෙක්ව අයින් කරන්නත් පුළුවන් මට්…😌
කාවද අයින් කරන්න ඕන කියලා කියන්න…😁
එහෙනං අපි ගියා…

Merry Christmas…💚❤🌲☃️❄️

පරිස්සමෙන් ඉන්න
Bye…❤

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 2 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 3