Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚

A+ A-

ඇතුලට ගියාමයි මං දැක්කෙ එයාව තනිකරම මැශින් වලට වටවෙලා…අඩුම තරමේ මූණවත් පේන්නෙ නැ…මින්ග්‍යුගෙ ඇගෙත් ලේ එකයි…මාව දැක්ක ගමන් මින්ග්‍යු මං ලගට ඇවිත් මාවත් ඇදගෙන ඒ කොල්ලාගෙ මැශින්වලට එහායි තිබ්බ ඇදේ හාන්සි වෙන්න කියලා (Dirty mind 🙂) මගෙ අතට කැනියුලා එක ගැහුවා…
.
.
.
“තැන්ක්ස් කොල්ලො…දැන් පේශන්ට ලාවට සිහිය ඇවිත් තියෙන්නේ….
ගොඩක් ලේ ගත්ත හින්දා උබේ ඇගට අමාරුවක් නෑනේ….”

“නැ…නැ…මින්ග්‍යු අවුලක් නැ…පොඩි headache එකක් තියෙනවා එච්චරයි…”

මින්ග්‍යු මට ඇදෙන් නැගිට්ටවලා ඩෝ එක ගාවට යනකන්ම මගෙ කරට අත දාන් ආවා…

“හරි එහෙනන් චුට්ටක් රෙස්ට් කරපන්…මට උබ එක්ක පොඩ්ඩක් කතා කරන්නත් ඕන…මං මේක ඉවර වෙලා ඔයාගෙ ඔෆිස් එකට එන්නම්…හ්ම්…”

මං ඔලුව වනලා සන්ශයින් හිනාවත් දාන් හිමීන් හිමින් මගෙ ඔෆිස් එක පැත්තට ගියා…

————————————-

“එහෙනන් හෝප් ඔයාට පුළුවන් නේ ඒක කරන්න…”

“අයියෝ ඕක මොකක්ද මං කරන්නම්….කොහොමත් හෙට මගෙ ඩියුටි දවස…”

මින්ග්‍යු දැන් හරි වෙනස්…දැගලිල්ල අඩුවෙලා…හැබැයි ඉස්සර වගෙ මට බබා කියන එක නන් තමා ටිකක් තියෙනවා….
එයාට දැන් ගර්ල්ෆ්‍රෙන්ට් කෙනෙකුත් ඉන්නවලු…කෙල්ල ඉන්නෙ ඇමරිකා වලලු…හෙට එයාට ඕන වැඩ වගයක් කරන්න මින්ග් නිවාඩුවක් ගන්න හින්දා මගෙන් ඇහුවා අර VIP පේශන්ව මට බලන්න පුළුවන් ද කියලා….
මින්ග්‍යු මගෙන් යාලුවෙක් විදියට උදව් ඉල්ලුව පලවෙනි අවස්ථාව…ඉතින් මං කොහොමද එයාට බැහැ කියන්නේ….

“තැන්ක්‍යු බන්….”

“අඩෝ හැබැයි අර ගාඩ්ස්ලාට කියලා තියපන්…උන් නන් පුදුම වදකාරයෝ ටිකක්…ඉස්සෙල්ලා එද්දිත් මට අනන්මනන් කිව්වා…”

“😂😂 අපොයි….හරි හරි එහෙනං….අද රෑට මං ඕෆ් වෙන්න කලිම් පේශන්ව චෙක් කරන්න යනවා…ඒ යද්දි ඔයාත් මං එක්ක යන්…”

“හ්ම්ම්..😁”

“මං යනවා චේන්ජ් කරගන්න…ලේ එකයි ඇගෙ..දවල් මේක ඇදන්…”

“😂😁”

මින්ග්‍යු stethescope එක ටේබල් එක උඩින් තියලා ශර්ට් එකේ බට්න් ගලව ගලව වොශ් රූම් එක පැත්තට ගියා…

එයා වොශ් දාන් ඉවර වෙලා එනකොටම චෙනුත් රූම් එකට ආවා කෑම කන්න යන් කියන්න…උදේ ඉදන් වැඩ කරාට තාම දවල්ට කෑවෙත් නැති නිසා අපි තුන්දෙනාම cafeteria එකට ගිහින් කයියක් දාන් හොදට කෑවා…
අද මින්ග්‍යු එක්ක කතා කරාම මාර රහසක් දැනගත්තනේ…එයාගෙ ඇමරිකන් ගර්ල්ෆ්‍රෙන්ට් අපේ නම්යොල්ලු…මට ඒක එකපාරටම හිතාගන්නත් බැරි උනා…නම්යොල් එයාට බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා කිව්වට ඒ කවුද කියලා කිව්වෙ නැ…ඒ දෙන්න අදුනන් තියෙන්නේ Insta වලින්ලු…දෛවය කියන දේ හරි පුදුමයි නේද…අපිට අපේ ඇස් ඉස්සරහා ඉන්න කෙනාට ආදරේ කියාගන්න බැරුව ලතැවෙද්දි සමහර අය ලෝකේ දෙපැත්තේ ඉදන් කවදාවත් ඇස් දෙකෙන් නොදෑක එකිනෙකාට ආදරේ කරනවා….එයා අතරේ තියෙන ආදරේ , විශ්වාසය , අවබෝධය හරි පුදුමයි…මං නන් හිතන්නේ ඒක තමා නියම ආදරේ…
කවදාවත් නොදැකපු නම්යොල් වෙනුවෙන් මින්ග්‍යුගෙ හිතේ තියෙන ආදරේ අද මං හොදටම දැක්ක…ඒ අතින් අපේ නම්යොල් හරි වාසනාවන්තයි…

“එහෙනන් යන් නේ…5ත් වෙලා…මං 6ට ඕෆ් වෙන්න ඕන…ඊට කලින් අර පේශන්ව චෙක් කරන්න ඕන…ජේහෝප් යමුනේ….”

මින්ග්‍යු යන්න කලින් අර පේශන්ව බලන්න යන්න කතා කරපු හින්දා මාත් එයා එක්කම යන්න නැගිට්ටා…

“උබලා දෙන්නා එහෙනන් ඒකට යන්න…මං ඩිරෙක්ටර්කාරයාව හම්බෙන්නෙ යනවා…මට ලබන සතියේ නිවාඩුවක් ගන්න ඕන…ඒක ගැන කතා කරගන්න තියෙනවා…”

“අහ් හරි….ඔෆිස් එකේ දි හම්බෙමු…”

චෙන් ඩිරෙක්ටර්ගෙ ඔෆිස් එක පැත්තට යද්දි මායි මින්ග්‍යුයි අර පේශන්ගෙ රූම් එක පැත්තට ගියා..

මින්ග්‍යු ගාඩ්ලාට මාව අදුන්වලා දිලා කිව්ව හෙට පේශන්ව චෙක් කරන්නේ මං කියලා…
ගාඩ්ලා එක්ක කතා කරලා ඉවරයි වෙලා අපි රූම් එක ඇතුලට ගියා…
එතකොටම මං දැක්කෙ
අම්මයි තාත්තායි කුකියි මින් ෆැමිලි එකෙ අයයි…මාව පොඩ්ඩක් ශොක් උනා..ඇයි එයාලා මෙහේ…

“අම්මා…”

“හෝප් බබා…අනෙ මේ මින්ග්‍යුත් ඉන්නෙ…”(jimin)

“කොහොමද අංකල්…😁 ගොඩ කාලෙකින්…”

“ඒකනේ…හොදින් ඉන්නවා දරුවො…” (NJ)

“අම්මා…ඔයාලා ඇයි මෙහෙ…”

අම්මා මුකුත්ම නොකියා මට ඇස් වලින් ඇද උඩ ඉන්න පේශන්ව පෙන්නුවා…
දෙවියනේ…මං දෑනුයි හරියටම දැක්කෙ ඒ මින් යුන්ගි කියලා…
ඇස් ඇරලා හිටියට එයාට තාම එච්චර හෙල්ලෙන්න බැ…අපේ ටේ එයාගේ ඇද ලගට වෙලා එයාගෙ අත අල්ලන් ඇහෙන නැහෙන ගානට ඉකිබිදිනවා…ඒක දැක්කම මගෙ ඇගම හිරි වැටුනා…කවදාවත් කිසිම දේකට අඩන්නෙ නැති ටේගෙ ඇස්වල යුන්ගි වෙනුවෙන් කදුලු…

“හෝප්…අපි පේශන්ව චෙක් කරමු නේද…”

තාමත් ඈතට වෙලා ටේයි යුන්ගියි දිහා බලන් හිටිය මං පියවි සිහියට ආවේ මින්ග්‍යුගෙ හඩටයි එයාගෙන් දැනුන සීතල ස්පර්ශයටයි…එයාගෙ මගෙ අතින් අල්ලන් යුන්ගි ගාවට ගියා…

“දැන් කොහොමද මිස්ට යුන්ගි…”

යුන්ගිව දැක්කම මං ලාවට හිනා උනා ලෙඩෙක්ට ඔරවන එක හරි නැති නිසා…මං දිහා අමුතු විදියට බලන් හිටිය යුන්ගි මින්ග්‍යුගෙ හඩට ගැස්සුනා…

“දැන් ගොඩක් අඩුයි ඩොක්ටර්…සැරෙන් සැරෙන් ඔලුව ටිකක් කැක්කුමයි…”

“හ්ම්ම්…ඒක බෙහෙත් බොද්දි අඩුවෙයි මිස්ට යුන්ගි…වැඩිය කල්පනා එහෙම කරන්න එපා…”

එයාලා කතා කරන අතරේ මං ටේ දිහා බැලුවා….ඇස් රතුවෙලා…මං මගෙ සාක්කුවේ තිබ්බ ලේන්සුව අරන් ටේගෙ අතට දුන්නා…එයා ලාවට හිනාවෙලා ලේන්සුව අරන් කදුලු පිහිදගත්තා…ඒක යුන්ගි දැක්කා…එයා ඩොක්ටර් එක්ක කතා කරන ගමන් සැරෙන් සැරේ මං දිහා අමුතු විදියට බැලුවා…
යුන්ගි එක්ක විස්තර කතා කරල ඉවර වෙලා මින්ග් එයාව චෙක් කරලා රිපෝට්ස්වල ඩීටෙල්ස් ලිව්වා…

“ඩොක්ටර් දැන් පුතාට කොහොමද…”

“බයවෙන්න දෙයක් නැ මිස්ට මින්…දැන් එයාගෙ තත්ත්වය හොදයි…තව සතියකින් අපිට පුළුවන් එයාව ඩිස්චාර්ජ් කරන්න…”

“හරි ඩොක්ටර් තැන්ක්‍යු…”

“මිස්ට මින් මට ඔයාලට දෙයක් කියන්න තියෙනවා…”

“කියන්න ඩොක්ටර්…”

“මිස්ට මින්…හෙට මට මගෙ පෞද්ගලික වැඩකට හදිස්සි නිවාඩුවක් ගන්න වෙනවා…ඒ හින්දා හෙට දවස යුන්ගිව චෙක් කරන්නේ ඩොක්ටර් ජේහෝප්…”

“ඔහ් ඉට්ස් ඕකේ ඩොක්ටර්…හෝප් පුතා කොහොමත් අපි දන්න කියන කෙනෙක් නේ…”

මින් අංකල් මං දිහා බලලා හිනා උනා…

“බබා එහෙනන් අපි යන් නේ…ඔයාට දැන් වෝඩ් එකට යන්නත් තියෙනවා නේ…”

මින්ග්‍යු මං දිහා බලලා හුරුතල් විදියට එහෙම කිව්වා…මගෙ ඇස් උඩ ගියා ඒකට…මගෙ මොංගල් රියැක්ශන් එක දැකලා මින්ග් මට වින්ක් කරලා යන් කියලා ඇසින් සන් කලා…මං ඒකටත් බූරුවෙක් වගෙ ඔලුව වැනුවා….මං තමා කන්ෆියුස්…
ටේ අඩන එක නවත්තලා මං දිහා අමුතු විදියට බැලුවා…යුන්ගිත් ඇස් හීනි කරන් මං දිහා බලන් ඉන්නවා…අම්මයි තාත්තායි මින් ෆැමිලි එකේ අයයි අහක බලන් හිනාඋනා…ලැජ්ජාවේ බැ…

“ටේ මං යනවා…අම්මා , තාත්තා මං ගිහින් එන්නම්…යන්නම් අංකල් ආන්ටී…”

“හරි පුතා…”

“ලොකු පුතා…යුන්ගි ගැන පොඩ්ඩක් බලන්න හොදද…අහ් අනික වෙලාවට කෑම කන්න…මෙන්න….”

අම්මා මගෙ අතට ලන්ච් බොක්ස් එක දිලා මගෙ කොන්ඩේ ඇවිස්සුවා…

“හරි හරි ඔය හුරතල් උනා ඇති…ලමයට යන්න දෙන්න…වැඩ ඇති කොල්ලට…”(nj)

“😁😁😁😁😁 අම්මා කුකී කෝ…”

“එයාට හවස් වෙනකන් ලෙක්චර්ස් අද…දැන් නන් ගෙදර ගිහින් ඇති…”

“හ්ම්ම්…මං යන්නම් අම්මා…පරිස්සමෙන් යන්න…ලව් යූ..”

“ලව් යූ ටූ ඩාලිං..”

“යන්නම් අංකල්…”(ming)

“හරි පුතා…”

කට්ටියට සමුදිලා මං පොඩි එකෙක් වගෙ ඩෝ එකේ එල්ලිලා ඉන්න මින්ග්‍යු ලගට ගිහින් එයාවත් ඇදගෙන එලියට ගියා…

“ඕයි…මොකක්ද අර ඇතුලෙදි කිව්ව බබා කතාව…”

“ඉස්සෙල්ලා කියපන් මේක…ඒ හිටියේ ටේ නේද…අර උබේ ඉස්සර ඉදන් ක්‍රෂ් එක…”

“හ්ම්ම්..😑”

“අන්න ඒ හින්දා තමා මං ඔයාට බබා කිව්වෙ..”

“😶😶😶😶”

“තේරුන් නැද්ද..”

මං නැ කියන්න ඔලුව වැනුවා…

“එයාගෙ රියැක්ශන් එක බලන්න මං එහෙම කතා කලේ…එයා උබට කැමති ද බලන්න…අනික එයා අර යුන්ගි එක්ක ඉද්දි උබ කොච්චර අපහසුවෙන් ද හිටියේ කියලා මං දැක්කා බන්…මං හොදටම දන්නවා ඒක ලොකු වේදනාවක්…මට ඕන උනේ උබ එයාලා ඉස්සරහා අපහසුතාවට පත්වෙන එක නවත්තන්න…මං උබේ යාලුවෙක් නේ…”

එක අතකට එයා එහෙම කිව්ව එක හොදයි…නැත්තං ටේ උනත් මගෙ මුනේ වෙනස දැක්කා හිතයි මං එයාලාට ඊරිසියා කරනවා කියලා…මගෙ ඇස් වලට ඉනුව කදුලු කැට මින්ග්‍යුට නොපෙනෙන්න ඕන මං හිනාවෙලා ඉස්සරහට ඇවිදින් ගියා…මින්ග්‍යු තාමත් හිටිය තෑනමයි…

“මින්ග් සර් යන්නෙ නැද්ද…දැන් 6ට ඕෆ් වෙන්නත් ඕන කිව්වා නේ…😁😏” (jh)

මං ඇස් දෙකත් ලොකු කරන් ටිකක් හුරුතල් විදියට කෑ ගැහුවම එයා මං දිහා බලලා හිනාවෙලා දුවගෙන ඇවිත් මගෙ කරට පැන්නා…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,

මේ කොටස නන් ටිකක් අවුල් වගෙ….අනේ මන්දා…
ඔයාලම මොනවා හරි කියන් යන්න…

පරිස්සමෙන් ඉන්න…
Bye ❤

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 3 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 4