Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚

A+ A-

– After 2 months –

“ලොකු බබා….නැගිටලා පහලට එන්න කෑම කන්න…9ත් පහුවෙලා….🔊”

ආශ්…අයියෝ මේ අම්මත් උදේ පාන්දර ලවුඩ්ස් ස්පීකරේ ඔන් කරන්ද කොහෙද…

“අම්මා මං නැගිටලා ඉන්නෙ…ඉක්මනට එන්නම්…😴”

මං එහෙමම හාන්සි වෙලාම කෑගහලා හොදට ශීට් එකත් පොරවන් අනිත් පැත්ත හැරිලා ආයේ නිදාගත්තා…
.
.
“හියුන්ගියාආආආආආආ…😁🔊”

ඒත් මට වැඩිවෙලාවක් සුව නින්දේ ඉන්න ලැබුනේ නැ…එකපාරටම කොහෙදෝ ආව කුක්සන් මගෙ කොන්දට පැන්නා… ආයේ කොන්දෙන් වැඩක් ගන්න බැරිවෙයි මං හිතන්නේ…

“ආශ්…ගොන් අලයෝ බහිනවා මගෙ කොන්දෙන්…”

කොන්ද උඩටවෙලා හිනාවෙවි උඩ පැන පැන කුක්සන්ට මං කෑ ගැහුවා විතරයි හිනාවෙන එක නවත්තලා සුපුරුදු හපුටු ලුක් එක දාන් මූනත් දෙක කරන් මං දිහා බැලුවා…

“අලයා..?😑 මෙච්චර ලස්සනට ඉන්න මට අලයා කිව්වනේ…ඉන්නවකෝ…මං බහින්නෙ නැ කොන්දෙන් පුළුවන් දෙයක් කරනවා…😏😒”

ආශ් මටත් කට තියන් ඉන්න බෑනේ…දැන් ඉතින් මූව කොන්දෙන් බස්සනවා බොරු…මාලුවා නහින්නෙත් කට හින්දලුනේ…හරිම වේදනයි…අම්මට කියන්න ඕන මූට වර්ක් අවුට් කරන්න යන්න දෙන්න එපා කියලා…ඇග හදන් ඇවිත් එනවා මට කොලොප්පන් කරන්න…අඩුම තරමේ වයසටවත් ගරු කරන්නේ එපැයි…හුම්

“කියන තැනකට වදින්නම් පොඩි මහත්තයා…බැහැපන් මගෙ කොන්දෙන්…මට දැන් ගමනක් යන්නත් ඕන…”

ගමනක් යනවා කිව්ව ගමන් මෙන්න මූ කොන්දෙන් බැහැලා ඇවිත් අත්දෙකත් නිකටේ තියන් කියුට් මූනක් හදන් මගෙ ඉස්සරහින් හාන්සි උනා…දැන් ඔය බබා වගෙ නැලවෙන්නෙ මාත් එක්ක එල්ලිලා යන්න තමයි…මං නොදන්නවායැ ඕකගෙ කපටිකම්…

“කොහෙද යන්නෙ…? මාත් එන්නද..?😁”

ඔය පැන්නෙ බළලා මල්ලෙන් එලියට…
මං මුකුත් නොකියා නැගිටලා හිමිට එතනින් මාරු වෙන්න යද්දි මූ මගේ ටීශර්ට් එකෙන් අල්ලගත්තා…

“අනේ…😑”

“අනේ පනේ නෙවෙයි…ගෙදර ඉදන් පාඩම් කරන්න…එක්සෑම් ලගයිනේ…අනික මොකද අද ගෙදර…යුනි ගියේ නැත්තේ ඇයි…?”

එයා මගෙ ටීශර්ට් එක අතැරලා…අත්දෙක බැදගෙන අමුතු විදියට මං දිහා බැලුවා…

“ඔයාට මතක නැද්ද…?”

“මොකක්ද…?”

“අද ටේගෙ බර්ත්ඩේ එක අයියෝ…😒ඔයා නන් මාර මනුස්සයෙක්…ඔයා විශ් කරේවත් නැද්ද…මං හිතුවා ඔයා ගිෆ්ට් එකක්වත් අරන් ඇති කියලා…”

අපොයි…මට කොහොමද ටේටේට විශ් කරන්න අමතක උනේ…මං ඊයේ දවලුත් හිතන් හිටියේ අද උදේම විශ් කරන්න..කොහෙද ඉතින් ඊයේ රෑ එද්දිත් 11.00 පහුවෙලා…ආවා ගමන් මහන්සියට එහෙමම නින්ද ගියානේ…එලාම් එකවත් රින්ග් උනේ නැ…

“හරි හරි ඉතින්…මට වැඩ එක්ක අමතක උනා…කෝ දැන් ටේ…?”

“එයා නන් උදේම යුන්ගි හියුන් එක්ක කොහෙදෝ ගියා…මං හිතන්නේ එන්න පරක්කු වෙයි…”

මට අමතක උනානේ…මං නැත්තත් දැන් එයා ගැන බලන්න අයිතිකාරයෙක් ඉන්නවානෙ…ඒ හින්දා මගෙ විශ් එක නැ කියලා එයාට ගානක් නැති වෙයි…😑

“ඔය ඉතින් බලන්නකෝ මූන එල්ලන් ඒ පාර…කෝ කෝ එන්න…ඉක්මනට ලෑස්ති වෙන්න…”

කුකී මාවත් තල්ලු කරන් ගිහින් වොශ් රූම් එක ඇතුලට දාලා ඉක්මනට නාගන්න කියලා දොරත් වහන් එලියට ගියා…

“හියුන්ගී…🔊 මාත් එනවා ඔයා එක්ක යන්න හරිද…මාත් ලෑස්ති වෙන්නම්…”

යනවා කියලා ගිහින් මූ ආයේ ඇවිත් දොර උඩ නැගන් බෙරිහන් දුන්නා…පව් අද ටේත් නැති හින්දා කම්මැලි ඇති…ඒ හින්දා මං මුකුත් නොකියා ඉක්මනට නාගත්තා…

මං නාලා එලියට එද්දි කුකි මට ඇදන් යන්න ඇදුමකුත් හොයලා තියලා තිබ්බා…මං ඒකත් ඇදගෙන ඉක්මනට පහලට බැස්සා…නැත්තං තව පරක්කු උනොත් අම්මාගේ තැටිය ඔන් වෙන බව මං හොදටම දන්නවා…

මං යද්දි ඔක්කොම කෑම මේසෙට වාඩිවෙලා හිටියේ…අද කාලෙකින් කෑමට අපි හතරදෙනා විතරයි…ටේටේගෙ පුටුව හිස්…

“ලොකු බබා…තව බෙදන් කන්න ලමයෝ…අපිටත් හොරෙන් ඩයට් කරනවද මන්දා මෙච්චර නොකා ඉන්නෙ…”

“කන්නෙ නැති හින්දා තමා හියුන්ට මන්දපෝෂණ ලුක් එකක් ඇවිත් තියෙන්නේ…🤣💔මේ මං වගෙ කන්න එතකොට මං වගේම හැන්ඩ්සම් වෙන්න පුළුවන්…😌👍”

අම්මාටත් හිනාගියා ඒකට…එයා අපිට කෑම බෙදලා දීලා වතුර එක අරන් එන්න කිචන් එකට ගියා…

මට කකා හිටිය එකත් හිර උනා…මූට නන් තියෙන්නේ කටක් නෙවෙයි වක්කඩක් ද කොහෙද…මොන වාචාල කටක් ද මන්දා..මනුස්සයෙක් ඉස්සරහා කට ඇරිය නන් ජන්ග් පවුලේ නම්බුව ලෙප්ට්…

“අනේ මේ තෝ වගේ අලයෙක් වෙන්න ඕන නැ මට…”

“අලයා….?😕”

“ඔව්…තමුසේ නිකන් අලයෙක් නෙවෙයි…වර්ල්ඩ් වයිඩ් අලයා…🤣”

“පව් ලොකු…😁 පොඩි එකාට විහිළු නොකර ඉන්න..”(NJ)

“අම්මේ..😭🔊 මෙයාලා මට ව්හිලු කරනවා….”

අම්මා වතුර එක අරන් එනවා දැකලා මූ කෑම කන එක නවත්තලා බොරුවට අඩන්න ගත්තා…දැන් ඉතින් බැනුම් අහපන්කෝ…මූ නන් මොන වගෙ කපටියෙක් ද කියලා මට හිතාගන්න බැ…ගස් රිලවා

“කුකී බොරුවට අඩන්නෙ නැතුව කෑම එක කන්න…😁”

මූ බොරුවට අඩ අඩ කම්ප්ලේන් කරාට අම්මා අද මූගෙ පැත්තට කතා කරෙ නෑ…ඒ හින්දා කුක්සන්ගෙ මූන තැලිච්ච පොල් ලෙල්ලක් වගෙ…🤣 හොදම වැඩේ…ප්ලෑන වැඩ කරේ නැති නිසා කොල්ලා කදුලු පිහිදන් ආයේ කෑම කන්න පටන්ගත්තා…මායි තාත්තායිත් මුකුත් නොකියා කෑම කෑවා…

“ලොකූ….”

“ඇයි තාත්තා…”

“අද ටේටේගෙ බර්ත්ඩේ එක හින්දා මායි අම්මයි යුන්ගියි එකතුවෙලා පාර්ටි එකක් දාන් ප්ලෑන් කලා…අද ඔයාල කොහෙ හරි යනවාද?”

“ඔව් තාත්තා…මං දැන් මින්ග් එක්ක පොඩි වැඩ වගේකට යනවා…කුකිත් මං එක්ක යනවා…”

“ඒක හොදයි…දැන් මායි අම්මයි යනවා පාටි එකේ වැඩ ටික බලන්න…එතකොට කුකී තනියෙන්නේ…”

“පුතා ඔයා කොහෙ ගියත් කමක් නැ…හවස 5 වෙද්දී අපේ හොටෙල් එකට එන්න…5ට යුන්ගි ටේවත් එක්කන් එනවා කිව්වා…”(Jimin)

“ඕකේ අම්මා…”

වාහනයක හෝන් හඩ ඇහුනමයි මට මතක් උනේ 10.30ට මාව ගන්න මින්ග්‍යු එනවා කිව්වා කියලා…මං ඉක්මනට කෑම එක කාලා නැගිට්ටා…කුකී නන් කාලා ඉවර කරලා ගිහින් වාහනේට නැගලත් ඉවරයි…

“තාත්තා , අම්මා මං යනවා…😘”

“ඔයත් පරිස්සමෙන් පැටියෝ…මල්ලිවත් බලාගන්න…😘”(Nj & Jm)

මං අම්මටයි තාත්තාටයි කියලා ඇවිත් ඉක්මනට වාහනයට නැග්ගා…කුකි හිටියේ පිටිපස්සේ හින්දා මං ඉස්සරහා පැසෙන්ජ් සීට් එකේ වාඩිඋනා…මින්ග්‍යු මාත් එක්ක හිනාවෙලා වාහනය ඩ්‍රයිව් කරන්න පටන්ගත්තා….ටවුන් එකට එනකන්ම අපි අතරේ තිබ්බෙ දැඩි නිහඩ බවක්…

“ඉස්සෙල්ලම කොහෙටද යන්නෙ මින්ග්?”

මං නිහඩ බව බිදින්න කතා කලා..

“ඉස්සෙල්ල මේ ටික ගන්න යන්න ඕන බන්…නම්‍යු කිව්වා මේවගෙන් එයා ආස වර්ග ඔයා දන්නවා කියලා…😁 “

මින්ග් එයාගෙ ෆෝන් එකෙ තිබ්බ නම්‍යු එව්ව ලිස්ට් එක මට බලන්න දුන්නා…අප්පේ…ඒකේ තියෙන ඔක්කොම ඉස්සර ඉදන්ම එයා ආස කොරියන් ස්වීට්ස් වර්ග , ස්නැක්ස් වර්ග…පව් කොල්ලා…අරකිට කන්න අරන් දීලම මූව විකිනෙයි වගේ…🤣

“මොකද උබ හිනාවෙන්නෙ…😁”

“නැ බන් නිකන්…🤣 අද දවසම මේ බඩු ටික හොයමු ඉතින්….”

“මං පව්නේ බන්…කමක් නැ මං එයාට ආදරේයි නේ…🙂👍”

මුගෙ ඇක්ටින් වර්ශන් එකේ කතාවට අපේ කුකීටත් හිනා…මට කලීන් අපේ කුකී දන්නෙ නම්‍යුගෙ බෝයිෆ්‍රෙන්ඩ් මින්ග් කියලා…ඉස්සර අපි ඔක්කොම එකටමනේ ඉන්නේ…ටෙ එන්න කලින් කුකී හිටියේ අපේ සෙට් එකේ…නම්‍යු කුකී එක්ක හරි එකතුයි…දෙන්නා තකට තක…සුපිරි කටවල් දෙක…ඉස්සර කුකියි ජිනුයි ශිප් කර කර නම්යු විහිලුත් කරනවා….අරකිගෙ කට හින්දා කොහොම හරි අන්තිමට උන් සෙට් උනා…පස්සෙ නම්‍යු රට ගිහින් ටික කාලෙකින් තමා ටේටේව කුකීට හම්බුනේ…

“මින්ග් හියුන්…කවද්ද නම්‍යු නූනා කොරියාවට එන්නෙ…?”

කුකිත් කනේ ගහන් හිටිය හැන්ෆ්‍රී එක ගලවලා දාලා අපේ කතාවට එකතු උනා…

“තව දවස් 5කින් එයා එනවා පැටියෝ මෙහෙ…”

“වාව් ශෝක් නේ…මට එයාව දකින්නත් ආසයි….”

“වැකේශන් එකටද බන් එන්නෙ…නැත්තං දිගටම ඉන්නද?”

“එයා මේ පාර එන්නෙ නවතින්න…අන්න උබට කියන්න කිව්වා එයා ආව ගමන් උබව බන්දලා දෙනවා ඒ හින්දා ලෑස්ති වෙලා ඉන්න කියලා 🤣”

“හපොයි…🙂 ඒ කියන්නේ මේ පාර බේරුමක් නැ වගේ….”

“ඒක නන් හොදයි මින්ග් හියුන්…🤣 නැත්තං මෙයා මෙහෙම ඉදලා ගෙදරටම නාකිවෙයි…🙂”

“අඩො මොනවා උනත් කුකි බබා කිව්ව කතාව ඇත්ත අහ්..😁🤣”

“ඔව් ඔව් කොන්ඩේ තමා බදින්න වෙන්නෙ…🙂👍”

මං කුකිටයි මින්ග්ටයි ඔරවලා අහක බලාගත්තා…උන් දෙන්නා තාම මට හිනාවෙනවා ද කොහෙද…වසවර්තියෝ දෙන්නා…
නම්‍යු මං ටේට කැමති කියලා විතරයි දන්නෙ වැඩි විස්තර දන්නෙ නැ….මට සීයට දාහක් සුවර් මේ මින්ග් යකා ටේගෙයි යුන්ගිගෙයි සීන් ටික නම්‍යුට කියන්න ඇති…මං නොදන්නවායැ ඕකගෙ කට…ඒ හින්දා තමා මේ….මේ පාර නන් මං බේරෙනවා බොරු…🙂

ටිකකින් අපි සුපර්මාර්කට් එකට ආවා…මං ඉක්මනට ගිහින් ලීස්‍ට් එකේ තිබ්බ බඩු ටික ගත්තා…මින්ග්‍යුයි කුකියි කයිය ගහ ගහ ට්‍රොලි එක තල්ලු කරන් මගෙ පස්සෙන් ආවා…ඔක්කොම බඩු එකතැන නැති හින්දා අපිට මුලු ටවුම පුරාම ඇවිදින්න උනා ඒ ටික ගන්න…

“හම්මෙ…😪 හරි මහන්සි අප්පා…”

“උබට ඉස්සරහට බැන්දම විකෙන්ඩ් එකට ඔහොම තමා ශොපින් යන්න වෙන්න….🤣”

“බදින්න කලින් රිහසල් එකක් කරා කියලා හිතාගන්න මින්ග් හියුන්…🤣😪”

“🤣🤣🤣🤣👍”

අපි තුන්දෙනාම හිනාවෙවි ඇවිත් බඩු ටිකත් කාර් එකට දාන් එන්න පිටත් උනා…

“මේ 2.00යි වෙලාව…අපි මෙහෙමම ලන්ච් එක අරන් යමු නේ…”

“ඔව්නේ…අහ් මේ චෙන් පාක් එක ගාව ඉන්නවා කිව්වා එයාවත් අරන් යන්…එයාට දැන් ඩියුටි ඉවර වෙලා තියෙන්නේ…ඒ හින්දා එයා එක්කම ගිහින් කාලා එයාවත් හොස්පිට්ල් එක ගාවට දාන් එමු…”

“ඕකේ සර් එහෙම කරමු…😁👍”

මින්ග් හිනාවෙවි පාක් එක පැත්තට වාහනය ඩ්‍රයිව් කලා…
අපි චෙන්වත් අරන් කෙලින්ම ආවේ සෝල්වල තියෙන හොදම රෙස්ටුරන්ට් වලින් එකක් වන Eve රෙස්ටුරන්ට් එකට…අපි හතරදෙනාම වෙහිකල් එකෙන් බැහැලා ඇතුලට ආවා…

ඇතුලට එද්දිම මං දැක්කෙ රෙස්ටුරන්ට් එකේ ඈතට වෙන්න වාඩි වෙලා යුන්ගිට කෑම කවන ටේව…

“අපි වෙන රෙස්ටුරන්ට් එකට යමන් බන්…”

මගෙ වෙනස දැකලාද මන්ද මින්ග් මට යමු කියලා කිව්වා…චෙනුත් මගෙ අතින් ඇදන් යන් කිව්වත් මං කිව්වා මේකේ ඉමු කියලා…මෙහෙම පැනලා යන එකෙත් සීමාවක් තියෙන්න එපැයි…හැමදාම මේක කරන්න බැ…මං මේකට හුරු වෙන්න ඕන…

ලොකු කැමැත්තකින් නොවුනත් අනිත් තුන්දෙනත් මේකෙන් කමු කියලා එකග උන හින්දා…අපි හිස් ටේබල් එකක් තියෙනට යන්න හදද්දීම…

“කුකී….”

මං හිතන්නේ ටේ අපිව දැක්කා…එයා කුකිගෙ නම කියන් කෑගහන් අපේ පැත්තට ආවා…

“හියුන් ඔයාලා මෙහෙ…?”

“අපි ලන්ච් ගන්න ආවා ටේ…”

“ඉතින් අපි ඉන්න තැනටම යන්…”

“කමක් නැ..ඔයාලා එන්ජෝයි කරන්නකෝ…අපි වෙන තැනකට යන්නම්…”

මට එච්චරයි කියන්න හම්බුනේ ටේ මගෙ අතින් ඇදගෙන එයාලාගෙ ටේබල් එක ගාවට ගෙනල්ලා වාඩි කෙරෙව්වා…මින්ග් , කුකී, චෙන් තුන්දෙනත් ඇවිත් මං ලගින් වාඩි උනා…

කෑම කන කන්ම අපි කිසිම කෙනෙක් කතා කලේ නැ…හැමෝම තමන්ගෙ පාඩුවේ කෑවා…කනවා කියලා ගත්ත හින්දා කෑව මිස මට නන් කන්න තරම් මූඩ් එකක් තිබ්බෙ නැ…මං ආව ගමන් දැක්ක දේ හින්දා මං හිටියේ ටිකක් නොසන්සුන් වෙලා…මං දැක්කා එයා කුකීට ෆෝන් එක පෙන්න පෙන්න කනට කර කර මොනවද කියනවා…අනිවාර්යයෙන්ම ඒක තමා ඒ කියන්න ඇත්තේ…මට ඒකේ ඇත්ත නැත්ත දැනගන්නන් මට ඉවසිල්ලක් නැ…

යුන්ගියි ටේයි කෑම කනගමන් සැරේන් සැරේ මං දිහා බලනවා කියලා මට දැනුනා…මේ විකාර හින්දා මං තවත් මගෙ හැගීම් යටපත් කරන් ඉන්න පුළුවන් කමක් නැති බව මටම තෙරිලා තිබ්බෙ…ඒ නිසා අපි කාපු ගමන් එන්න පිටත්…අපිත් එක්කම වගේ යුන්ගිලත් පිටත් උනා…
චෙන්ව හොස්පිට්ල් එක ලගින් දාලා කුකී පාටි එකට යන් කියලා මින්ග්ට ඉන්වයිට් කරපු හින්දා මින්ග්ලගෙ ගෙදර ගිහින් බඩු ටික දාලා ඇදුමකුත් අරන් එහෙමම අපේ ගෙදර එන්න පිටත් උනා…

“හියුන්…”

අපි වෙහිකල් එකේ රේඩියෝ එකේ ප්ලේ වෙමින් තිබ්බ සින්දුව අහන් තම තමන්ගෙ පාඩුවේ ගෙදර එනගමන් හිටියේ…ඒත් අපි අතරේ තිබ්බ නිහැඩියාව බ්දිමින් කුකී කතා කරන්න ගත්තා…ඩ්‍රයිව් කරන ගමන් උනත් මින්ග්‍යුත් අපෙ කතාවට අවධානය දුන්නා…

“හ්ම්…”

“අද යුන්ගි හියුන්……………..ටේට ප්‍රපෝස් කරලා…😐”

නොදැනිම මට දිගු හුස්මක් පිටඋනා…ඒ කියන්නේ ටේගෙ අතේ තිබ්බ ඒ මුද්ද….මගෙ සැකේ හරි…මගෙ ඇස් කදුලින් බර වෙනවා මට දැනුනා…මට මගෙ කදුලු නවත්තන්න ඕන කමක් තිබ්බෙ නැ…
එයාලත් මට අඩන්න එපා කිව්වෙ නැ…එන මග දිගටම මං කලේ අඩපු එක…

“හෝප් බහින්න අපි ආවා…”

මෙච්චර වෙලා සීට් එකට හේත්තුවෙලා ඇස් වහන් හිටිය මං මින්ග් කතා කරාම ඇස් ඇරලා කදුලුත් පිහිදන් වෙහිකල් එකේන් බැස්සා…දැන් ටිකකට කලින් අම්මයි තාත්තායි ඇවිත් ලෑස්ති වෙලා හොටෙල් එකට ගියා කියලා සිකියුරිටි කිව්වා…මං ඉක්මනට කාමරේට ගියා…අම්මා පාටියට යන්න ඇදුමකුත් ලෑස්ති කරලා තියල ගිහින්…
අඩලා අඩලම ඔලුවට දැනුන බර ගතිය නිසා මං එහෙමම ඇදට වැටුනා…

————————————–

හෝප් කාමරේට ගිහින් දොර ලොක් කරගත්ත හින්ද මින්ග්‍යු කුකී එක්ක එයාගෙ රූම් එකට ගිහින් වොශ් දාන් යන්න ලෑස්ති උනා…දෙන්නම ලෑස්ති වෙලා පහලට වෙලා කයියක් දාන් හිටියේ…

“ජින් එන්නෙ නැද්ද කුකී පාටි එකට ?”

“අනේ නැ හියුන්..මේ ටිකේ එයාගෙ අලුත් ඩ්‍රාමා එකේ ෂූටිං හින්දා එයා බිසී…මං ඉතින් එන්න කියලා කරදර කලේ නැ…”

“එහෙම ද…මට ආසයි ජින්වත් මුන ගැහෙන්න…නම්‍යු මට එයා ගැන විස්තර කියලා තියෙනවා…මේ සතියේ නම්‍යු ආවම ජින්ටත් නිවාඩු දවසක් බලලා අපි කට්ටයම එකතුවෙමු…”

“ඒක නන් හොද අදහසක් හියුන්…මාත් ආසයි ඒකට…”

“අපිට හොදට විනෝද වෙන්න පුළුවන්…”

කතා කරන ගමන්ම මින්ග්‍යු බැලුවේ අත් ඔරලෝසුව දිහා… 4.45ත් පහුවෙලා…

“කුකී තාම නෑනේ හෝප්…?එයාට ලෑස්ති වෙන්න මෙච්චර වෙලා යනවද ?නැත්තං තාම අඩනවාද දන්නැ…”

“අනේ මන්දා හියුන් මට තේරෙන්නේ නැ…ඉන්නකෝ මං පොඩ්ඩක් බලලා එන්නම්…”

කුකී මින්ග්‍යුට ඉන්න කියලා හිමින් හිමින් පඩිපෙළ නැගලා හෝප්ගේ රූම් එක පැත්තට ගියා…

“🙌 හියුන් 🙌 හියුන් 🙌”

“ඇයි අප්පා හියුන් දොර අරින්නෙ නැත්තේ…😐”

මෙච්චර තට්ටු කරලත් හෝප්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නැති නිසා කුකී ටිකක් බය උනා…ඉස්සෙල්ලා ටේගෙ සිද්ධිය මතක් උනාම එයාගෙ බය එන්න එන්නම වැඩි උනා…කුකීට තවත් බලන් ඉන්න පුළුවන් කමක් තිබ්බෙ නැ…දොර කඩන් හරි ඇතුලට යන්නයි එයාට ඕන උනේ… කුකී තියෙන ශක්තිය ඔක්කොම දාලා හයියෙන් දොරට පයින් ගැහුවා…

” හියුන් 😳 “

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
කොහොමද ඉතින්…
පරක්කු උනාට මගෙ හදපිරි මෙව්වා එක…
මගෙ උපරිමයෙන් මං ලිව්වා…කොහොමද කියලා කියන් යන්න…මං කියෙව්වෙ නැති නිසා ටයිපින් මිස්ටේක් ඇති…
මේ දවස් වල term test ලග නිසා වැඩ ගොඩයි…ඒ හින්දා අප්ඩේට් දෙන්න පරක්කු වෙයි පෙන්ස්…හැබැයි පුළුවන් උන ගමන් දෙනවා මං…😶
අහ් අමතක උනා….අලුත් කවර් එක කොහොමද ?

ඉක්මනට හම්බෙමු…

පරිස්සමෙන් ඉන්න
Bye ❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 5 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 7