Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚

A+ A-

” හියුන් 😳 “

දොර ඇරිද්දිම දැක්ක දෙයින් කුකිට උන් හිටිතැන් අමතක උනා…හෝප් ඇද උඩ වැටිලා ඉන්නවා…හෝප් වෙනදටත් ඔහොම ඉන්නවා කුකී දැකලා තිබ්බත් අද වෙනදට වඩා අමුත්තක් එයාට දැනුනා…තත්පරයක් යන්නත් කලින් කූකි හෝප් ගාව…

“හියුන්….හියුන්…අනේ නැගිටින්නකෝ…ඔහොම බය කරන්න එපා අනේ…අම්මයි තාත්තායිත් ගෙදර නැ……
අනේ නැගිටින්නකෝ…”

කුකී එච්චර කතා කරලත් හෝප්ගෙන් කිසිම ප්‍රතිචාරයක් නොලැබුනේ කුකිව තව තවත් බිය ගන්වමින්…ඊලගට මොකක්ද කරන්න ඕන කියලා කුකීට හිතාගන්න බැරි උනා…

“කුකී…🔊”

කුකීගෙ පරක්කුවයි ඉහල මහලෙන් ඇහෙන කෑ ගහන සද්දෙයි නිසා මින්ග්‍යු අඩියට දෙකට පඩිපෙළ නැගලා උඩට ආවා…එතකොටයි එයා දැක්කේ අඩමින් හෝප්ව හොලව හොලව කෑගහන කූකිව…

“කුකී…ඇයි මේ….😶”

මින්ග්‍යු ඉක්මනට දුවගෙන ඇවිත් කුකීගෙ උකුලේ හිටීය හෝප් හිමිට අරන් ඇදෙන් හාන්සි කෙරෙව්වා…හෝප් ඉන්න විදියට මින්ග්‍යුත් ටිකක් බය උනා…කුකී ඉකිගැහිල්ල මින්ග්‍යුගෙ බය තවත් වැඩි කලා…

“කුකී අඩන එක නවත්තලා මොකද උනේ කියන්න ඉක්මනට…”

“මං දන්නෙ නැ හියුන්…මං එද්දි එයා මෙහෙම හිටියේ…”

මින්ග්‍යු කතා කරන්න කාලය නාස්ති නොකර ඉක්මනටම හෝප්ව චෙක් කලා…මේක සාමාන්‍ය සිහිසුන් වීමක ලක්ශන පෙන්නුවත් මින්ග්‍යුගෙ හිත කිවෙම හෝප්ව හොස්පිට්ල් එකට අරන් යන්න කියලා…

“කුකී වෙහිකල් එකේ කී එක ගන්න..අපි හියුන්ව හොස්පිට්ල් ගෙනියමු…”

“හා හියුන්…”

මින්‍ග් හෝප්ව දෝතට අරන් ඉක්මනට පහලට බැස්සා…කුකිත් අඩ අඩම කී එකත් අරන් මින්ග් එක්ක ගිහින් හෝප්ව පරිස්සමට පිටිපස්සේ සීට් එකෙන් තිබ්බා…මේ වෙලාවෙ කුකීගෙ හිත කලබල නිසා එයාට ඩ්‍රයිව් කරන්න නොදි මින්ග් වෙහිකල් එක ගත්තා….

“කුකී දැන් ටේගෙ බර්ත්ඩේ එකට මොකද කරන්නේ…?”

“අනේ මට යන්න බැ හියුන්…මට මගෙ හියුන් ගාව ඉන්න ඕන…”

“එහෙම බෑනේ කූකී…ටේ බලන් ඇති ඔයා එනකන්…පව්නෙ…”

කුකී මේ වෙලාවෙ දෙලොවක් අතරේ තනිවෙලා එකපැත්තකින් එයාගෙ යාලුවා අනිත් පැත්තෙන් එයාගෙ අයියා…

“කුකී…මෙහෙම කරමු…මං දැන් ඔයාව පාටි එක ගාවින් දාන් යන්නම්…මං හියුන්ව හොස්පිට්ල් අරන් යන්නම්…බයවෙන්න එපා හොදද එහෙ චෙන් හියුනුත් ඉන්නවනේ…ඔයා මෙහෙ පාටි එකේ වැඩ ඉවර උන ගමන් අංකල්ලට කියලා එයාලවත් එක්කන් එන්න…”

“පරක්කු වෙලා කිව්ව කියලා බනීද මට ?”

“එහෙම වෙන එකක් නැ…අපි මේක කලින් කිව්වොත් එහෙ අය පාටි එක කැන්සල් කරලා හොස්පිට්ල් ආවොත් ටේ පව්නේ…අනික හියුන්ට පොඩි කලන්තයක් තියෙන්නේ…බය වෙන්න දෙයක් නැ….”

“ඒත්…..”

“ඒත් මේත් නෙවෙයි පැටියෝ..එහෙම කරමු…හ්ම්……”

කුකි මුකුත් නොකියා හිත,එකගව නොවුනත් ඔලුව වැනුවා…වේගයෙන් ධාවනය උන වාහන නතර උනේ 2J Hotel එක ඉදිරිපිට…

“එහෙනන් කුකී පරිස්සමෙන්…”

“ඔයාලත් පරිස්සමෙන්….ගියපු ගමන් මට මැසේජ් එකක් දාන්න හියුන්…මං බලන් ඉන්නවා…”

“හ්ම් කෝල් එකක් දෙන්නම්…”

කුකී පිටුපස අසුනේ හිටිය ජේහෝප් දිහා හැරිලා බලලා හුස්මක් පිට කරලා වාහයෙන් බැහැලා හොටෙල් එක ඇතුලට යද්දී මින්ග්‍යු ආයෙත් වාහනය පණ ගන්වා උපරිම වේගයෙන් ධාවනය කලේ හොස්පිට්ල් එකට….

——————————-

“කුකී ඇයි පරක්කු…කෝ හියුන්…”

පාටි එක තියෙන තැනට ආව ගමන්ම ජිමින් ඇවිත් කුකීට හෙල්ලෙන්න බැරි වෙන්න ප්‍රශ්න පත්තරයක්ම දිගැරියා…කුකීට ප්‍රශ්න වලට උත්තර දෙන්න පුළුවන් මූඩ් එකක් නැත්තත් එයා බොරු හිනාවක් දාන් ජිමින් ඉස්සරහා රගපෑවේ හරි වෙලාව එනකන් එයාලා මේවා දැනගන්න ඕන නැති නිසා…

“අහ් මේ…අම්මා…හියුන් මින්ග්‍යු හියුන් එක්ක හදිස්සි වැඩකට යනවා කියලා ගියා….අම්මා දන්නවනේ….”

යුන්ගියි ටේයි ආශ්‍රය කරන්න පටන්ගත්ත දවසෙ ඉදන් හියුන් වැඩිය ටේ එක්ක නැති බව අම්මා දන්න බව කුකී හොදටම දන්න නිසා එයා සැක නොහිතෙන්න ඒක පිටින්ම මේකත් යැව්වා….

“ඒකත් හොදයි කුකී…නැත්තං අයියා මෙතනට ආවත් හිත රිද්දගන්න එකනෙ කරන්නේ…කමක් නැ…අපි යන්…ටේ ඔයා එනකන් බලන් හිටිය…”

කුකී ජිමින් එක්ක ටේලා හිටිය තැනට ආවා…

“Happy Birthday My Alien…”

කුකී ටේ ගාවට ගිහින් එයාව වැලදගත්තා…

“Thank you කුකී…”

කූකීව වැලදගෙනම ටෙ මුලු හෝල් එක පුරාම සූක්ෂම නීරීක්ෂනය කලේ ඒ ඇස් දෙක හොයාගන්න…
ඒත් එයා අසාර්ථකයි…එයාට ඒ ඇස් දෙක හොයාගන්න බැරි උනා…ටේට ඕන උනා ඇයි එයා ආවෙ නැත්තේ කියලා දැනගන්න…ටේ කුකීගෙ තුරුලෙන් පොඩ්ඩක් ඈත්වුනා…

“කුකී කෝ හෝප් හියුන්…”

“අහ් මේ…මේ….එයාට හදිස්සි වැඩක් වැටුන ටෙ…එයා මින්ග්‍යු හියුන් එක්ක ගියා…”

හම්බෙන හම්බෙන කෙනා හෝප් ගැන ඇහුවා අර උත්තරේම දෙන්න කුකී වගබලාගත්තා…

“ඒකත් එහෙම ද…එයා දැන් කොහොමත් වෙනස්…මින්ග්‍යු එක්කමයි…මං ගැන ගානක් නැ…”

“😄 හැමෝම දැන් වෙනස් වෙලානේ ටේ…”

කුකී හිනාවෙන් උනත් ටේට කියන්න ඕන දේ කිව්වා…කොච්චර ටෙ එයාගෙ යාලුවා උනත් හෝප් කියන්නේ එයාගෙ පණ…හෝප් රිද්දන්න කිසිම කෙනෙක් එයා කැමති නැ…ඒත් කුකී මෙතනදි ඉවසන්නෙ ටේ එයාගෙ යාලුවා නිසා…

“මොකක්ද කුකී ඒ කිව්වෙ…?”

කුකී කිව්ව දෙයින් ටෙගෙ මුණ බලන් ඉද්දි අදුරු වෙනවා කුකී වගෙ යුන්ගිත් දැක්කා…යුන්ගිට තවත් නොදැක්කා වගේ ඉන්න බැරි නිසා කූකිට කතාකලේ…

“අනේ මුකුත් නැ හියුන්…මං නිකන් කිව්වෙ ඒක..”

කුකී ව්‍යාජ හිනාවක් දාලා ඇගට පතට නොදැනෙන්න පිලිතුරු දුන්නා…කුකි කොච්චර නැ කිව්වත් යුන්ගිට නන් හොදටම තේරුනා මොකක් තියෙන බව…යුන්ගි ඒක ආයෙත් අහන්න හිතන් කතා කරද්දීම කුකීගෙ ෆෝන් එක රින්ග් උනා…ෆෝන් එක දැක්කම කුකී ටිකක් කලබල උනා…එයා ඉක්මනට ෆෝන් එකත් අරන් එතනින් එහාට ගියා…

කුකී ගියාට පස්සේ යුන්ගි අවදානය දුන්නේ තාමත් මූන එල්ලන් ඉන්න ටේට…

“ලිට්ල් බෙයා…කෝ බලන්න මං දිහා…”

ටේ වෙනසක් නොපෙන්වා පාතට කරන් හිටිය මුන උස්සලා යුන්ගි දිහා බැලුවා…

“ඇයි යුනී හියුන්…”

“ඔහොම ඉන්න එපා රත්තරනේ…මං කොහොමද බලන් ඉන්නෙ…හ්ම්….මට සමාවෙන්න ලිට්ල් බෙයා…මට ටික කාලයක් දෙන්නකෝ…මං මේ හැමදේම ඉක්මනින් විසදනවා…මං ඒක පොරොන්දු වෙනවා ඔයාට….”

“ඔයත් දුක් වෙන්න එපා…මට ඔයාව විස්වාසයි යුනී…”

යුන්ගි එයාගෙ පපුවෙ උනුහුමට තුරුල් වෙලා ඉන්න ටේගෙ මුහුනට බරවෙලා හරිම ආදරණීයව ඒ දෙතොල්වල රසවීන්දා…
.
.
කෝල් එකෙන් පස්සෙ කූකී හිටියේ පිස්සුවෙන් වගෙ…ඉවසීමේ අන්තිම සීමාවේ එයා හිටියේ…රෑ කෑම කෑවෙත් ජිමින්ට වෙනසක් නොදැනෙන්න ඕන හින්දා…කුකීට ඕන කොහොම හරි ඉක්මනට හියුන් ගාවට යන්න…රෑ කැමෙන් පස්සෙ එක්කෙනා දෙන්නා හොටෙල් එකෙන් විසිර යන්න පටන්ගත්තා…

“ආශ් මේ මගුල ඉවර වෙන්නෙ නැද්ද මන්දා මට හියුන්ව බලන්න යන්න…9ත් පහුවෙලා…
එක්කො දැන් කියනවා සෙනගත් අඩුයිනෙ…”

කුකී මිනිස්සු අතරේ හැමතැනම ඇස් යව යව බැලුවේ අම්මවයි තාත්තාවයි…
කුකී දැක්කා ඈත ටේබල් එකක වාඩිවෙලා අම්මයි තාත්තායි මින් ෆැමිලි එකේ කතා කර කර ඉන්නවා…ඕන එකක් උනදෙන් කියලා එයා එතනට ගියා…

“අම්මා….පොඩ්ඩක් කතා කරන්න ඕන…”

කුකී ජිමින්ගෙ ලගින් වාඩි උනා…වෙන කතාවල හිටියත් අනිත් අයත් අවදානය යොමු කරන් හිටියේ කුකීගෙ කතාවට…

“කියන්න පැටියෝ…ඇයි..මොකක් හරි අවුලක් ද…?”

“අම්මා…අම්මා මේ…හියුන්….හියුන්ව හවස හොස්පිට්ල් ඇඩ්මිට් කරා…”

“මොකක්ද කොයි වෙලේද…? ඇයි අපිට කිව්වෙ නැත්තේ…”

“අනේ කුකී මගෙ හොප් හියුන්ට අමාරුයි ද…අනේ යුනී හියුන් මාව එක්කම් යන්න මට එයාව බලන්න ඕන…”

“අනේ නාමු…මාව එක්කන් යන්න මට මගෙ පැටියාව බලන්න ඕන…”

“මිනී අඩන්න එපා එයාට මුකුත් වෙන්නෙ නැ…අපි යන් ඉක්මනට…”

ජිමිනුයි ටේයි හෝප් හොස්පිට්ල් එකේ කියලා ඇහුව ගමන් අඩන්න පටන්ගත්තේ කුකීගෙ හිතට වරදකාරි හෑගීමක් එක්කරමින්….

“තාත්තා මං හැමදේම කියන්නම්…දැන් ඔය අඩන එක නවත්තලා ඉස්සෙල්ලාම අපි යන්කෝ…”

“කුකී පුතා අඩන්න එපා…අපි ඉක්මනට යන්..යුන්ගි වෙහිකල් එක ගන්න…”

කුකි ඇස්වල කදුලු පුරවන් මිස්ට මින්ගෙ ශර්ට් එකේ එල්ලුනා…

“හරි අපි ඉක්මනට යන්…” (Yoongi)

ජන්ග් පවුලත් මින් පවුලත් පාටි එකේ වැඩ හොටෙල් එකේ අයට භාර දීලා ඉක්මනට හොස්පිට්ල් එකට එන්න පිටත් උනා…

———————————–

හෝප්ව හොස්පිට්ල් එකට ගෙනත් ඩොක්ටර්ට භාරදිලා මින්ග් එලියට වෙලා බලන් හිටියේ ඩොක්ටර්ගෙ පැමිනිම බලාපොරොත්තුවෙන්…පැයකට විතර පස්සෙ ඩොක්ටර් රූම් එකෙන් එලියට ආවා…

“ඩොක්ටර් කොහොමද දැන් හෝප්ට…?”

“බයවෙන්න දෙයක් නැ මින්ග්…දැන් තත්ත්වය නෝමල්…මං හිතන්නේ එයාට එකපාරටම මොකක් හරි ශොක් එකක් ඇවිත්…ඒකයි මේ…”

“ඔයාට එයාව බලන්න පුළුවන් දැන්…”

“හරි ඩොක්ටර්…තැන්ක්‍යු…”

ඩොක්ටර්ට ස්තූති කරලා මින්ග්‍යු හෝප් බලන්න හිතන් එයාගෙ රූම් එකට ගියා…හොප් ඉන්න විදිය දැක්කම මින්ග්ට දරාගන්න බැරි තරම් දුකක් දැනුනා…වෙනදට තොරතෝංචියක් නැතුව කියව කියව වහල උඩ යන්න හිනාවෙවී ඉන්න කොල්ලා අද සද්ද බද්දයක්වත් නැතුව ඔහේ ඇද උඩ…

“ඔහොම ඉන්න එපා බන්…උබට ඔය විදිය ගැලපෙන්නෙ නැ…”

ට්‍රිං…ට්‍රිං…

හෝප්ගෙ හිස අත ගගා හොප්ට කතා කර කර හිමිය මින්ග් ෆොන් එක රින්ග් උන නිසා හෝප්ගෙ නලල ඉබලා ෆොන් එකත් අරන් එහාට ගියා..

“හලෝ..නම්‍යු කියන්න…”

“Babe..ඔයා කොහෙද ඉන්නෙ..”

“හොස්පිට්ල් එකේ…හෝප්ව හොස්පිට්ල් ඇඩ්මිට් කලා…”

“අනේ ඒ මොකද…අද හවසත් හොදට මං එක්ක කතා කලානේ…”

“අපි උදේ ටවුන් ගිහින්…………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………………
ඒ හින්දා මං හොස්පිට්ල් එකට ගෙනාවා…”

“ඩොක්ටර්ස්ලා මොකද කිව්වෙ…?”

“ශොක් එකක් කියලා කියන්නේ…මං නන් හිතන්නේ අර යුන්ගි ටේට ප්‍රපොස් කරපු සීන් හින්දා…ඒක ඇහුව එයා ටිකක් ශොක් උනා…අනික ලන්ච් ගන්න ගිය වෙලෙත් එයා ටේගෙ රින්ග් එක දැක්කම මූන වෙනස් උනා…පව් කොල්ලා…මේ ලව් පලහිලව් හින්දා කොල්ලා විදවනවා බබා…”

“ඒක තමා…අපි බලමුකෝ මොකක් හරි කරන්න…මාත් එනවානෙ……………..

(දොර අරින හඩක් 🔉 )

“හියුන්….”

නම්‍යු එක්ක කෝල් හිටිය මින්ග් එකපාරටම දොර ඇරුන හින්දා ගැස්සිලා ගියා…

“බබා මං ඔයාට පස්සෙ ගන්නම්…හෝප්ගෙ ගෙදර අය ආවා…”

“ඕකේ babe…”

මින්ග් කෝල් එක කට් කරලා ෆොන් එකත් සාක්කුවට දාන් කට්ටියම වටවෙල හිටිය හෝප්ගෙ ඇද ලගට ආවා…

“අනේ මගේ පැටියා…කතා කරන්නකෝ මාත් එක්ක…ඔහොම ඉන්න එපා ප්ලීස්…”

ජිමින් හෝප්ගෙ අතින් අල්ලන් හයියෙන් ඇඩුවා…නම්ජුන් ඇවිත් ජිමින්ව එතනින් අයින් කරලා එතන තිබ්බ පුටුවකින් වාඩි කරවලා මින්ග්‍යු ගාවට ගිහින් එයාවත් එක්ක එලියට ගියා…

“පුතා ඩොක්ටර් මොකද කිව්වෙ…”

“අංකල් මං ඩොක්ටර් එක්ක කතා කලා…ඩොක්ටර් නන් කිව්වෙ ශොක් එකක් හින්දලු ෆේන්ට් වෙලා තියෙන්නේ… බයවෙන්න එපා කියලා…”

“එහෙමද…මොකක්ද පුතා උනේ…?”

මින්ග්‍යු උදේ ගියපු එකේ ඉදන් හොස්පිට්ල් එකට එනකන්ම උන හැමදේම වචනයක් නැර නම්ජුන්ට කිව්වා…

“හ්ම්..😪 ඒකත් එහෙමද…මේ වන් සයිඩ් ලව් එක හින්දා හෝප් මාර විදියට විදවනවා පුතේ…මට තේරෙන්නේ නැ…”

“මට තේරෙනවා අංකල් ඉන්න තත්ත්වය..ඉන්නකෝ එයා සනීප උන ගමන් මං හිතන් ඉන්නෙ මේක ගැන කතා කරන්න…”

“අනේ ඒක හොදයි පුතා…මේක හොද පැත්තට හෝ නරක පැත්තට ඉක්මනටම විසදෙනවා නන් අපේ හිතටත් නිදහසක්…”

“අංකල් බයවෙන්න එපා..අපි ඉන්නවානේ….අපි යන් අර පැත්තට අර ගොල්ලො බලන් ඇත්තේ….”

මින්ග්‍යුයි නම්ජුනුයි කතා කර කර ආයෙත් හෝප්ගෙ රූම් එකට ආවා..

හෝප්ට තාමත් සිහිය ඇවිත් නැ…ටේ හෝප්ගෙ අතින් අල්ලන් ඇහෙන නැහෙන ගානට ඉකිබිදිනවා…හරියට එදා යුන්ගි හොස්පිට්ල් හිටිය දවසෙ වගේ…යුන්ගි බිත්තියට හේත්තුවෙලා සැරෙන් සැරේ ටේගෙ ඔලුව අතගාන ගමන් බලන් හිටියේ හෝප් දිහා…නොපෙන්නුවත් අද යුන්ගිගෙ ඇස්වලත් කදුලු…
කුකි මිසිස් මින්ට තුරුල් වෙලා අඩනවා…මුලින් ඇඩුවත් ජිමින් එයාගෙ කදුලු හංගත්තේ මේ වෙලාවෙ එයා ඇඩුවොත් කුකී නාමුයි දුර්වල වෙන බව හොදින්ම දන්න නිසා…

නම්ජුනුයි මින්ග්‍යුයිත් ඇවිත් වාඩිවෙලා නිහඩවම බලන් හිටියා…
සියල්ලන්ගේම අවදානය බිදිමින්
එක්වරම දොර ඇරන් නර්ස් කෙනෙක් එක්ක චෙන් ඇතුලට ආවා..

මින්ග්‍යු නැගිටලා චෙන් ලගට ආවා…
චෙන් හෝප්ව චෙක් කරලා එයාගේ සේලයින් එකට බෙහෙත් ඉන්ජෙක් කලා….

“චෙන්…කොහොමද දැන් එයාට ? “

“නින්ද යන්න බෙහෙත් දීලා තියෙන්නේ බන්…ඒ හින්දා කොහොමත් දැන් නැගිටින එකක් නැ…….කොහොම හිටිය කොල්ලෙක් ද…වෙනදට මේ වෙලාවට මාත් එක්ක කියව කියව ඉන්නවා…”

“ඒක තමා බන්…අනේ මන්දා…”

“මං යනවා බන්…වෝඩ් එකට යන්න තියෙනවා…මං අද නයිට් ඩියුටි ඒ හින්දා රෑ වෙලා එන්නම් මේ පැත්තේ…ගිහින් එන්නම් අංකල්..”

චෙන් රූම් එකෙන් ගියාට පස්සෙ කට්ටිය ආයෙත් කාමරේ තැන් තැන් වලට වෙලා නිහඩව බලාගත් අත බලන් හිටියේ මුලු කාමරයම නැවතත් මූසල නිහැඩියාවක ගිල්වමින්…

– YO –

💎💎💎💎💎💎💎💎💎💎💎💎💎

Hi Diamonds 💎 ,
කියවලා මොනවා කමෙන්ට් කරන් යන්න…ඉක්මනට හම්බෙමු…😁

පරිස්සමෙන් ඉන්න
Bye ❤️

Tags: read novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚, novel Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚, read Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚 online, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚 chapter, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚 high quality, Âœ¿ Á´Œé´Ê€Á´Á´Á´€É´Á´›Éªá´„ ÊÿᴏÁ´ Á´‡ Âœ¿ |€¢Vhopega• 💚 6 💚 light novel, ,

Comment

Leave a Reply

Chapter 8