НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen

A+ A-

Author POV

මිනිස්සු වැරදි කරනවා…විශේෂෙන්ම තරුණ වයසේ කොල්ලෝ කෙල්ලෝ කරන පවු පැණි රසයි කියන මතයේ ඉන්න පිරිසක්… තරුණ වයස කියන්නෙම සමාජයේ අසම්මතයි , වැරදියි කියල ලේබල් ගහපු දේවල් කරලා බලල අත්දැකීම් ගන්න එක ට්‍රෙන්ඩ් එකක් කරගනිපු පිරිසක්…හැමෝම නැතත් බහුතරය එහෙමයි….

ඒ අත්දැකීම් රසවත් වෙන තරමටම සමහර උන් ඒවාට ඇබ්බැහි වෙනවා…තමන් කරන්නේ වැරද්දක් කියන එක අමතක වෙලා යනවා…තමන්ට ආදරේ කරන තමන් වෙනුවෙන් බලාගෙන ඉන්න පිරිසක් ඉන්නවා කියන එක උන්ට අමතක වෙනවා…

ඒත් එක වෙලාවක් එනවා උන් කරපු පවු වල රගේ තේරෙන…අර උන් වෙනුවෙන් කාලයක් බලාගෙන හිටපු අය උන්ගෙන් ඈත් උනාම උන්ට තේරෙන්න ගන්නවා උන්ට මේ ලෝකේ සැහෙන්න දේවල් මග ඇරිලා කියලා…

කිම් ටේහ්යුන්ග් කියන සෙල්ලක්කාර කොල්ලත් දැන් ඉන්නේ ඒ වගේ තත්වෙක…දවස් තුනක් තිස්සේ ජන්කුක්ගේ වෙනස්කම්…අනිත් පැත්තට ගෙදර වුනු රණ්ඩුව…ඒ හැමදේම නිසා ටේහ්යුන්ග්ට තමන් කරපු වැරදි එකින් එක තේරුම් යමින් තිබ්බා…

ෆෝන් එකක් අතේ සතයක් නැතුව ගෙයින් එලියට බැහැපු ටේහ්යුන්ග්ට හිතා ගන්න බැරි වුනා එයා කොහෙටද යන්න ඕන කියල…එයා ගෙයින් එලියට බහින වෙලාවේ තිබුන පොද වැස්ස දැන් ධාරානිපාත වැස්සක් වෙලා…

කුඩයක් වත් නැතුව ඔහේ තෙමි තෙමි පාරේ ඇවිදින ටේහ්යුන්ග්ගේ දිහා බලන්න වත් කවුරුවත් උනන්දු වුනේ නෑ…

.

.

.

.

.

ජිමින් හිටියේ එයාගෙයි යුන්ගිගෙයි චූටි ගෙදර කිචන් එකට වෙලා ඩිනර් රෙඩි කරන ගමන්…හැමදාම යුන්ගි කුක් වෙන නිසා අද වෙනසකටත් එක්ක ජිමින්ට හිතුනා එයාගේ යූන්ට උයල දෙන්න…කන්න පුළුවන් වෙයිද කියන එක නම් වෙනම ප්‍රශ්නයක්…

ඒත් ටික වෙලාවක් යනකොට යුන්ගිගේ අත් ජිමින්ගේ ඉණ වටේට එතෙද්දී ඉබේම ජිමින්ගේ මූනේ හිනාවක් ඇදුනා…

“ඉන්න දෙන්නකෝ යූන්…”

“මොනාද බබී…ගොඩ දවසකින් ඒක කරේ නෑ…අනික අද වහිනවත් එක්ක….සීතල නැද්ද?”

“නෑ නෑ…මට සීතල නෑ…උයන්න දීල යන්නකෝ…යූන්ම්ම්ම්හ්…”

ජිමින්ව තමන්ගේ පැත්තට හරවගත්ත යුන්ගි ජන්කුක්ගේ ප්‍රශ්න නිසා එයාට මග අරුණු වැඩ ටික අල්ලන්න හිතාගෙන ජිමින්ගේ රෝස පාට පිම්බුණු තොල් වලට පාත් උනත් ඒ මොහොතට ඒ වෙලාවේ රින්ග් වුනු ඩෝ බෙල් එක කියන හෙනහුරා කඩාපාත් වුනා…

“යමු කවුද දන්නේ නැ…”

යුන්ගිගේ බේරි වෙලා තිබුණු මූන දැකල හිනා ගියත් හිනාව බොහොම අමාරුවෙන් හන්ගගත්ත ජිමින් යුන්ගිවත් ඇදගෙන ලිවින් රූම් එකට ගියා…

“ගෝඩ් ටේහ්යුන්ග්..!මේ මොකද…එන්න ඇතුලට!”

වැස්සට හොදටම තෙමිලා ඇස් හොදටම ඉදිමිලා සොම්බියෙක් වගේ තමන්ගේ ගෙදර දොරකඩ ඉස්සරහ හිටගෙන හිටපු ටේහ්යුන්ග්ව දැක්කම ජිමින්ට ඉබේම හිල්ලුනා….

ටේව ගෙදර ඇතුලට ගනිපු ජිමින් කොල්ලව සෝෆා එකේ වාඩි කරවල ටවල් එකක් එකක් ගේන්න ඇතුලට යන්න හැදුවත් සීතලට වෙවුලට ටේ ගේ අතක් ජිමින්ගේ අතේ පැටලුනු නිසා ජිමින් එතනම නතර වෙලා ප්‍රශ්නාර්ථ බැල්මකින් ටේ දිහා බලාගෙන හිටියා…

“ම්…මට එයි..එයාව හම්බ-වෙන්න ඕන…ප්ලීස්…ජිමින්…”

ටේහ්යුන්ගේ වෙවුලන කටහඩ අඩන්න ඔන්න මෙන්න වගේ ඇහෙද්දී ජිමින්ගේ ආයාචනාත්මක ඇස් රවාගෙන ටේහ්යුන්ග් දිහා බලාගෙන ඉන්න යුන්ගි දිහාවට හැරුණා…ඒත් යුන්ගිගේ බැල්මේ පොඩි වෙනසක් වත් වුනේ නැහැ….මොන වැරැද්ද කරත් ටේහ්යුන්ග් කියන්නේ එයාගේ හොදම යාළුවා…ජිමින්ට පුළුවන්කමක් තිබ්බේ නැ ටේහ්යුන්ග් මේ විදියට අසරණ වෙලා ඉන්නවා දකින්න…

ඒත් මේ මුළු වෙලාවේම යුන්ගි නම් හිටියේ තරහින්…ජන්කුක් ටේ අතරේ වුනු දේවල් එයා හොදටම දැනුවත්…මොකද ජන්කුක්ගේ හොදම යාළුවා යුන්ගි…ඒක හරි අමුතු බැදීමක්….දෙන්නට දෙන්න නිතර කතා නොකරත් ප්‍රශ්නයක් වෙන වෙලාවට කවුරු නැතත් ඒ දෙන්නට ඒ දෙන්න ඉන්නවා…

දැනුත් එහෙමයි…මීට දවස් තුන හතරකට කලින් ජන්කුක් ටේහ්යුන්ග් à·€ අතාරින්න තීරණය කරපු දවසේ අධික වේගය නිසා වුනු ඇක්සිඩන්ට් එකකින් ජන්කුකගේ කකුල ටිකක් බරපතල විදියට ඩැමේජ් වෙනවා…තමන්ගේ හොදම යාලුවට වුනු දේට වගකියන්න ඕන ටේහ්යුන්ග් කියල හොදින්ම දන්න යුන්ගි ටේහ්යුන්ග් එක්ක කතා කරන්නවත් කැමති වුනේ නෑ…

ටේකුක් දෙන්නගේ ප්‍රශ්න නිසා මේ දවස් ටිකේම එයාල දෙන්න අතරත් පොඩි පොඩි ප්‍රශ්න ඇති නොවුනම නෙවෙයි…මොකට ජිමින් මොන වැරැද්ද කරත් ටේහ්යුන්ග්ගේ පැත්ත ගත්ත වගේම යුන්ගි නම් හිටියේ ටේහ්යුන්ග්ට පොඩිම හරි අනුකම්පාවක් දක්වන්න කැමැත්තෙන් නෙවෙයි….

ටේහ්යුන්ග්ගේ කදුළු පිරුණු අසරණ ඇස් දිහා බලපු ජිමින් අයෙත් රණ්ඩු වෙන්න හරි යුන්ගි එක්ක මේ ගැන කතා කරන්න හිතාගෙන යුන්ගි ළගට ආවා…

“අහන්නකො යූන්…”

“නැ ජිමින්…ඇති ඔය කතාව…මන් හවස කිව්වා නේ…කුක් කැමති නෑ ආයෙත් මූව දකින්න…අනික මාත් කැමති නෑ…උට උගේ පාඩුවේ ඉන්න දීපන් මේකා නිසා ඌ අවුරුදු දෙකක් තිස්සේ නොමැරුණු එක විතරයි…”

“ප්ලීස් යූන්…කුක් එයාට ආදරෙයි…එයත් ඒ වගේ… ඔයාට පේනවා නේ…කොල්ලට පිස්සු වගේ…අන්තිම පාරට අපි උත්සහ කරමු…මේකෙන් නරකක් වෙන්නේ නෑ…”

ජිමින්ගේ ස්ථිර වචන නිසා යුන්ගි අහක බලාගෙන හොද හුස්මක් ගත්තා…ජිමින් කියන එකත් හරි…ඒත් ආයෙමත් ටේහ්යුන්ග් ජන්කුක්ගේ හිත රිද්දුවොත් ආයෙත් හදන්න බැරි විදියටම ඒ හදවත කෑලි කෑලි වෙලා යාවි කියල යුන්ගිට හොදටම විශ්වාස වුනා…

එයාලගේ ලිවින් රූම් එකේ සෝෆා එකට වෙලා අත් දෙක අස්සේ මූණ හංගගෙන හිටපු ටේහ්යුන්ග් දිහා බලපු යුන්ගි අන්තිමේදී තීරණයක් ගත්ත…

.

.

.

.

.

“මිනිහෝ…ඉලෙක්ෂන් එකට තව මාසයයි…තෝ හප්පපු මිනිහගේ ගෑනි නඩු දානවලු…ඒ බැල්ලිට විරුද්ද පක්ෂෙන් මොනවා හරි ලැබිල…තමුන් මොන සිහිනද හිටියේ…ආආආ…

වෙන කරන්න දෙයක් නෑ…ලෑස්ති වෙයන් හිරේ යන්න,…ඉලෙක්ෂන් එක ඉවර වුනු ගමන් තමුන්ව එලියට ගන්නම්….”

දැන් පැය ගානක් තිස්සේ තමන්ගේ ඇද ඉස්සරහ එහාට මෙහාට යනගමන් පිස්සෙක් වගේ තමන්ට කෑගහන තමන්ගේම තාත්ත දිහා ජන්කුක් කිසිම හැගීමක් නැති මූනකින් බලාගෙන හිටියා…ජන්කුක්ට කොහොමත් හැගීමක් දැනුනේ නෑ..අඩුම තරමේ එයාට දුකක් වත් දැනුනේ නෑ…එයාට ඕන වුනේ මැරිලා යන්න උනත් ඒකාටවත් එයාට පින නෑ…අන්තිමේදී උනේ කකුලක් කඩාගෙන ඇදට වෙලා එයාගේ අප්පට බරක් වෙන්න….

ජන්කුක් ඇක්සිඩන්ට් වෙලා දැන් හරියටම දවස් හතරයි..තවමත් එයාට එයාගේ වම කකුල දැනුනේ නෑ…

මේ දවස් ටිකේම එයාව බලාගත්තේ එයාගේ යාලුවෝ පස් දෙනා ඒ අතරිනුත් වැඩිපුරම යුන්ගි….

විශ්වාස කරනවද ජන්කුක්ගේ තාත්ත අද තමයි ඇක්සිඩන්ට් වුනු තමන්ගේ පුතාව බලන්න ආවේ…ඒ ඇවිල්ලත් ජන්කුක්ගේ සැප සනීප අහන්න මිස්ටර් ජියොන් මහන්සි වුනේ නැහැ…හැමදාමත් වගේ මිස්ටර් ජියොන්ට ජන්කුක් කියන්නේ තමන්ගේ පරම්පරාව ඉස්සරහට ගෙනියන්න ඉන්න එකම පුරුක විතරයි…මොකද ජියොන්ට ඉන්න එකම පිරිමි දරුවා ජන්කුක්…ජන්කුක් කියන්නේ තමන්ගේ දරුවා කියන හැගීම ජියොන්ට තිබුනේ නැහැ…

ඒකට හේතුව ජන්කුක්ගේ අම්මා…ජන්කුක්ගේ අම්මගේ වගේම තාත්තගේ විවාහය කියන්නේ ඒ දෙන්නගෙම අකමැත්තෙන් වුනු විවාහයක්…ඒ වගේම ජියොන්ට ජන්කුක් කියන්නේ අත්වැරදීමක්…

තමන්ගේ ඇත්තම ආදරේ…එහෙමත් නැත්නම් වර්තමාන බිරිදට පිරිමි දරුවෝ හිටියා නම් ජන්කුක් මේ ලෝකේ නොයින්නත් ඉඩ තිබුනා…වාසනාවකට ජන්කුක්ගේ කුඩම්මට එයාගේ කලින් කසදෙන් ලැබුණු ගෑනු ළමයෙක් ඇරෙන්න ජියොන්ගෙන් තවත් ගෑනු ළමයින්ම දෙන්නෙක් විතරයි හිටියේ….

“හනී…දැන් ඇති නේද?පුතාගේ යාලුවෝ වගයකුත් ඇවිත්…”

ජන්කුක්ගේ රූම් එකට ආපු ජන්කුක්ගේ කුඩම්මා එහෙට මෙහෙට යන ගමන් ජන්කුක්ට කෑගහන ජියොන්ව බදාගෙන ජියොන්ව සන්සුන් කරන්න වගේ එයාගේ පිට අතගෑවා…

මේ දේවල් බලාගෙන හිටපු ජන්කුක්ට හිනා ගියා…එයාගේ අප්පා එයාගේ අම්මට සලකපු හැටියි දැන් මේ ගෑනිට සලකන හැටියි සම්පූර්ණ වෙනස් නේද කියල මතක් වෙද්දී ජන්කුක්ට ඕන වුනේ තමන් ඉස්සරහ ඉන්න දෙන්නවම මරල දාන්න…හරියට ඒ දෙන්න එකතු වෙලා එයාගේ අම්මට කළා වගේ…

“ලෑස්ති වෙලා ඉන්නවා…පොලිසිය ඒවි…මට දැන් කන්ෆරන්ස් එකක්…”

ඒ වචන ටික කියන්න ජන්කුක් දිහා බලන්නවත් මහන්සි නොවුණු එයාගේ තාත්තා එයාගේ කුඩම්මව අතේ එල්ලගෙන රූම් එකෙන් එලියට යන දිහා බලාගෙන හිටියා…

රටට හොද නායකයෙක් වුනු…රටේ මිනිස්සුන්ට වීරයෙක් වුනු එයාගේ අප්පට එයාට හොද තාත්තා කෙනෙක් …එයාගේ ජිවිතේ වීරය වෙන්න බැරි වුනේ ඇයි කියල ජන්කුක් අදටත් කල්පනා කරනවා…

ජියොන්ලා පිට වෙලා උපරිම විනාඩි පහක් ගත වෙන්න ඇති…අයෙමත් වතාවක් කාමරේ දොර ඇරෙද්දි ජන්කුක්ගේ ඇස් ඉස්සරහ හිටගෙන හිටියේ එයා මේ ලෝකේ වැඩිපුරම ආදරය කරන කෙනාගේ රූපය…

ජන්කුක්ට හිතුනේ ආයෙමත් එයාට මැවිලා පේනවා කියල…ඒත් නැහැ…දොර ලග හිටගෙන ඇස් දෙකේ කදුළු පුරවාගෙන ජන්කුක්ගේ දිහා බලාගෙන හිටපු රූපය ටිකෙන් ටික තමන්ගේ ළගට ලං වෙද්දී ජන්කුක්ට තේරුනා එයාට මැවිලා පෙන්නේ නැහැ…එයාගේ ආදරේ එයාගේ ඉස්සරහ ඇත්තටම ඉන්නවා කියල…

“ජ්…ජන්-කුක්…!”

ටේහ්යුන්ගේ වෙවුලන තොල් අතරින් තමන්ගේ නම පිට වෙද්දී වෙනද වගේම ටේහ්යුන්ගේ රගපෑමකට උනත් රැවටිලා සතුටු වෙන ජන්කුක්ගේ හිත පුදුම තරම් සතුටින් උඩ පැන්න…

ඒත් ඒ සතුට පිටට පෙන්නන්න ජන්කුක් වැඩිය උනන්දු වුනේ නැහැ…

මොකද ටේහ්යුන්ග් රගපාන පලවෙනි වතාව මේක නෙවෙයි…කලින් පාරවල් වල වගේ ආයෙමත් ටේහ්යුන්ග්ගේ බොරු රගපෑමකට හිතේ බොරු බලාපොරොත්තු ඇති වුනොත් දැනටමත් ඉරි තලලා ගිහින් තියන තමන්ගේ හදවත කෑලි කෑලි වෙලා යාවි කියල ජන්කුක්ට විශ්වාසයි…

ඉතින් ජන්කුක්ට ඕන නැහැ ආයෙමත් බොරු බලාපොරොත්තු ඇති කරගන්න!

====================

මොකෝ කියන්නේ…ටේහ්යුන්ග්ට හොද වැඩියි නේද ඉක්මනට ජන්කුක්ගේ සමාව ලැබුනොත්’…ඔයාලම කියන්නකෝ…ඉක්මනට සෙට් කරන්නද?

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ sixteen light novel, ,

Comment

Leave a Reply

Chapter 16