НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six

A+ A-

“ඔය මොකද බන් ඔය….මේ ගිනි ගහන මද්දහනේ බෙල්ලටම ඇදගෙන මදිවට මාස්ක් එකකුත් දාගෙන…”

“සිරා බන්…මූ උදේ ඉදන් ඔහොමයි…හරියට කතා කරන්නෙත් නෑ…”

“කියපන්…උබට මොකක්ද වෙලා තියෙන්නේ?උබට ප්‍රශ්නයක් නම් කියපන් ටේහ්යුන්ග්…අපි ඉන්නවා නේ….!”

ඔව්…මට ලොකූ ප්‍රශ්නයක්….ඒ උනාට ඒක කටක් ඇරලා කියන්න පුළුවන් එකක් නෙවෙයි යකුනේ…මගේ පුරුෂ ආත්මාභිමානයට කැළලක් වෙලා තියෙන්නෙ…මන් මේකට පළිගන්නවා…අනිවා පලිගන්න එක පළිගන්නවාමයි…

මගේ අසමසම මිත්‍ර කැලට මන් අද ඉන්න විදිය සෑහෙන්න ලොකු ප්‍රශ්නයක් වගේ…ඔව් ඉතින් වෙනදට වටේම ඉන්න කෙල්ලොන්ට පැණි හල හල.,වල් කතාවක් කියල ආතල් එකේ ඉන්න කිම් ටේහ්යුන්ග් සෑහෙන්න නිශ්ශබ්ද වෙලා නේ අද…

අපි හිටියේ යුනි එකේ කැන්ටිමේ අපේ සෙට් එකටම කියල ලියවගත්ත වට මේසේ වාඩි වෙලා…සෙට් එකේ එකෙක් ඇරෙන්න අනිත් ඔක්කොම මෙතන හිටිය… කොහොමත් ඒ පකා මෙතන හිටිය නම් මන් මෙතන ඉන්නෙත් නැ…වනචර අසහනකරයා…තෝ මාව කෑවා ජියොන් ජන්කුක්…ආආආඅ……

අනිත් උන් ඔක්කොම මාව වට කරගෙන මගේ ප්‍රශ්නේ මොකක්ද අහනවා…මුලින්ම ජිමින්…පස්සේ ජින්…ආයෙම හෝසොක්…අනිත් උන් දෙන්න නම් වැඩිය කතා නැතුව බලාගෙන හිටියා…ඒත් අරුන් තුන් දෙනාගෙන් ගැලවෙන එක නම් මට කරන්න බැරි වැඩක් කියල තේරුනා… මුන් නිකන් අර ගම අවුලන මැගී නන්දල වගේ…ඕන්නැති ලබ්බක් නෑ…

උන් තුන් දෙනා උදේ ඉදන් එකම තැටිය රෝල් කරනවා…මම මුනිවත රකිනවා….වෙන මොකක්වත් නිසා නෙවෙයි…ඊයේ රෑ ඉදන් මන් ඉන්නේ ජියොන් කියන නම ගෑවිච්ච හැම එකාවම මරන්න තරම් කේන්තියෙන්…මන් කේන්තියෙන් කියන්නේ මගේ කට වැඩ නෑ….අත පය විතරයි වැඩ කරන්නෙ… ආආ…අහු වෙයන්කෝ මගේ අතට…කනව තෝව…

මන් හිටියේ මගේ බෙල්ල පුරායි පපුව පුරායි තිබ්බ රතු දම් පාට කැළැල් වැහෙන්න බෙල්ලටම ඇදගෙන,ඉදිමිලා සමහර තැන් වල දත් පාරවල් එක්ක ලේ පුරලා තිබ්බ මගේ කට වහගන්න මාස්ක් එකකුත් දාගෙන…. මාව නිකන් තැම්බෙනව වගේ…ඇදුමට ඇතුලෙන් නයගරා ඇල්ල වගේ දාඩිය ගලනව හෝ ගාල…ර්ර්ර්ර්ර්ර්ර්ර්…..ජියොන් ජන්කුක්…!!!මන් තෝව කනවා!!!

මගේ පුරුස බව වාෂ්ප වෙලාම ගියා ඊයෙ රෑ…මන් දගල දගල කොච්චර කෑගැහුවත් ජන්කුක් මාව අතෑරියේ මගේ බෙල්ලයි පපුවයි උගේ කෘමි දෂ්ටන වලින් පිරිල ගියායින් පස්සෙ…අනික දැන් විශාලම ප්‍රශ්නේ මගේ තොල් දෙක නිකන් මීමැස්සෝ කෝටියක් විතර ඇණලා වගේ ඉදිමිලා…

“ඒ අන්න…ජන්කුකා එනවා…”

මන් කට වහගෙන රස්නෙ නිසා ඇබරි ඇබරි ඊයේ රෑ ජන්කුක් කියන පඩත්තරය මාව ඩූසනේ කරන්න ගිහින් අතරමග නැවතුනු හැටි කල්පනා කර කර ඉද්දි ජිමින උගේ බෙලෙක්කේ හොල්ලන්න ගත්ත….

ආආ…එනවලු…අමාරු ඇති ජෝන් සීනට මාව කන්න හදල…ජන්කුක් තනි කළු ගහල කළු කුමාරය වගේ අපේ පැත්තට එද්දී මන් ඌ දිහා ටික වෙලාවක් බලන් ඉදල ඉගෙන හිටපු පුටුවෙන් නැගිට්ටේ එතනින් ඉක්මනට මාරු වෙන්න….වෙලා තියන ලැජ්ජාව මදිවට මූ මෙතෙන්ටත් කෙළගෙන ඇවිත් මුළු යුනි එකක් ඉස්සරහ මාව පෙරලගෙන කන්න හැදුවොත් මොන දෙයියන්ට කියන්නද?

ජන්කුක් කියන විශාල ගැටලුවට නිසි විසදුමක් සොයා ගන්නා තෙක් පසු බසින්න!

මගේ ටිකිරි මොලේ අනතුරු අගවන්න ගනිද්දි ෆ්ලෑෂ් වැහුන වගේ මන් එතනින් වාෂ්ප වෙලා වොෂ් රූම් එකෙන් මතු වුනා…

වොෂ් රූම් එක ඇතුලේ මොකෙක්වත් නෑ කියල සහතික කරගත්තට පස්සේ මන් දාගෙන හිටපු මාක්ස් එක ගලවල,ටීෂර්ට් එක උස්සල මගේ දාඩිය ගලන පපුවට මාස්ක් එකෙන්ම පවන් ගැහුවා….

මගේ ඉස්සරහ තිබ්බ මිරර් එකෙන් මගේම රූපේ පෙනෙද්දී අනේ ඇත්තමයි මට ජන්කුක්ව මරාගෙන මැරෙන්න හිතුනා…අනේ මගේ හැන්ඩ්සම් මූණ…මගේ කට නිකන් තාර පුකක් වගේ වෙලා….

මන් මොනවද ජන්කුක් උබට කරන්න ඕන…උබ මාව අවතක්සේරු කරා සෑහෙන්න…කිම් ටේහ්යුන්ග් කියන්නේ ලේසියෙන් දෙයක් අත්හරින කෙනෙක් නෙවෙයි…බලමු…ලගදීම දවසක උබට මගේ ඉස්සරහ දණ ගහල සමාව ගන්න වෙනවා….

මන් මිරර් එක දිහා බලාගෙන ම කල්පනා කරා…උබ මුලින්ම මේ සෙල්ලම පටන් ගත්තට මේක ඉවර කරන්නේ මන් ජන්කුක්…

මන් ටික වෙලාවක් වොෂ් රූම් එක ඇතුලෙම ඉදල මූණත් පොඩ්ඩක් හෝදගෙන මාස්ක් එකත් දාගෙන එලියට එන්න ලෑස්ති උනත් මන් වොෂ් රූම් එකේ දොරට අත තියනකොටම ඒක ඇරගෙන ඇතුලට ආපු ජන්කුක් නිසා මගේ පාර ඇහිරුණා…

මේ මිනිහ කොහොමද දැනගත්තේ මන් මේක ඇතුලේ කියල…මන් උගේ ඉස්සරහ ඉදිද්දිම ජන්කුක් අඩියෙන් අඩිය ඉස්සරහට ආවා…මාත් ඉතින් ඌ ඉස්සරහට තියන අඩියක් අඩියක් ගානේ පස්සෙන් පස්සට ගිහින් අන්තිමේදී ජන්කුක්ගේ සද්දන්ත ඇගටයි බිත්තියටයි මැදි වුනා…

ඌ ඇතුලට ආවත් හරි මන් ඔලුව උස්සල උගේ මූණ දිහා බැලුවේ නෑ…ඒත් මට දැනුන ජන්කුක් ගේ ඇස් නම් තිබ්බේ මාස්ක් එකකින් වැහිලා තිබ්බ මගේ මූනෙ….

ඕකේ…මෙහෙම තමයි සබ්මිසිවු වෙන්නේ…ඒ උනාට මන් එක පාරම සබ්මිසිවු උනාම මූට සැක හිතේවි…එක්කෝ පොඩ්ඩක් බෙලෙක්කේ හොල්ලල ම සබ්මිසිවු වෙනවා…

“එහාට වෙනවා ජන්කුක්….ඊයේ කරගන්න බැරි වෙච්ච එක කරගන්නද  තමුසේ ආවේ?”

“තමුසේ නම් මහ අසහනකරයෙක් ඕයි…බලනවා මගේ කටේ හැටි…ආදරේ නෙවෙයි ඕක කෑදරේ…”

“ජන්කුක් හොද හිතින් කිව්වම අහපන්…මට මගේ පාඩුවේ ඉන්න දීපන්…”

මගේ හිතේ තිබ්බ කේන්තිය නිසාම කිසිම ආයාසයක් නැතුව ජන්කුක්ගේ කන ගොඩ වෙන්න තරම් වචන තොගයක් මගේ කටින් පිට වුණා…ඒ උනාට ජන්කුක් කරේ මගේ මූන දිහා අමුතු විදියට හිනා වෙලා බලාගෙන හිටපු එක….මූට පිස්සු…අසහනකාරී සයිකො කාරයා…

“ජන්කුක්..තමුසේ බීරි ද අයිසේ…අහකට වෙයන් මට යන්න ඕන…”

“ශ්ශ්ශ්ශ්…ඔය චූටි කට වහගන්නව බබී…තමුසෙගෙ කට රිදෙන්නේ නැද්ද?මන් කිව්වනේ…මන් දැම්ම උබේ පෙට්ටියට අත තියන්නේ නෑ…මට ඕන මාසෙක විතර හනි මූන් ට්‍රිප් එකක්…ඒ නිසා බොරුවට බෙරිහන් නොදී ඔය මාස්ක් එක ගලවන්න…”

මන් ජන්කුක්ව තල්ලු කරන්න ට්‍රයි කරන ගමන් බෙරිහන් දෙද්දී ජන්කුක් මගේ ඉණ වටෙන් අත දාල මගේ පස්ස මිරිකගෙන නෝන්ඩියට වගේ කතා කරද්දි මන් ඇස් දෙක තද කරලා වහගෙන මගේ කේන්තිය පාලනය කර ගත්තා…

මූ එක්ක අත පය ඉස්සර කරන්  ගේම ගහනවට වඩා මොලෙන් වැඩ කරන එක සේෆ්…ඒ නිසා මන් ඉවසුව…ලගදීම මන් තොගේ පස්සත් මිරිකනවා…ඒක එහෙම වුනේ නැත්නම් මන් කිම් ටේහ්යුන්ග් නෙවෙයි…

“අත..ගන්නවා ඕයි…අ,ආව්…ජන්කුක් මිරිකන්න එපා තිරිසනෝ…මට රිදෙනවා…”

මන් කැගැහුව… වොෂ් රූම් එක දෙදරලා යන්න තරම් සද්දෙන් කෑගැහුව…මගේ සද්දෙට මූණ අකුලගත්ත ජන්කුක් මගේ පස්සෙන් උගේ අත අරගෙන උගේ සාක්කුවට අත දාල මොකක්ද මන්ද ටියුබ් එකක් එලියට අරගෙන මට දික් කරා…

“ආආ…කටේ ගාගන්නවා…මේ තමුසේ හපපු පාරත් අඩුයි…”

ඊයේ රෑ ජන්කුක් මගේ කට කද්දී මාත් ආපස්සට උගේ කට ලාවට හරි හපලද කොහෙද..උගෙ යටි තොල කොනේ මගේ රදනක දත් පාරක් සැරටම වැදිලා තිබ්බ…ඒ දත් පර පෙන්නන ගමන් ඒකත් හොදයි දැන් උබත් මේක ගාපන් කියල දික් කරද්දී අම්මප පුළුවන්  නම් මන් උබව  මරාගෙන මැරෙනවා…

තොගේ කටේ එක දත් පාරයි…මගේ…මගේ කට නිකන් හපල විසික් කරපු චුවින්ගම් එකක් වගේ වලවල්…

මන් ඔරවගෙන බෙහෙත් ටියුබ් එක දිහා බලාගෙන ඉදල ඒක ජන්කුක්ගේ අතින් උදුරලා ගත්ත…මේ අවස්ථාවේ හැටියට ඒක ප්‍රයෝජනවත්…

“ම්ම්ම්…ඕක ගාගන්නවා නම් ගාගෙන…ඉක්මනට එන්න…ගමනක් යන්න තියනවා…”

මන් බෙහෙත් ටියුබ් එක උදුරගත්තයින් පස්සේ ජන්කුක් උගේ අත් දෙක සාක්කු වලට ඔබාගෙන කියවද්දී මන් උගේ දිහා ඔරවාගෙන බලන් හිටිය…

“ඉතින්…තමුසේ යනවා…තමුසෙට ඕන අහක තොලොංචි වෙලා යනවා…මට කිය කිය ඉන්නේ අහවල් එකටද?”

මන් මාස්ක් එක ගලවල දාල මගේ තුවාල වුනු තොල් වල තුවාල කරපු එකාම දීපු බෙහෙත් ගාන්න ගත්ත…හම්මෝ..සීතලයි සනීපයි…

“තමුනුත් යනවා මාත් එක්ක…ඉක්මන් කරනවා…”

“හාහ්…හරි විහිලුව…දැන් තමුසෙට කවුද කිව්වෙ මන් එනවා කියල තමුසේ එක්ක යන්න…”

“මම කිව්වේ…තමුසෙ මාත් එක්ක එනව…”

“නැ..මම එන්නේ නැ…මට බෑ තමුසේ එක්ක නම් යන්න…”

“මන් තමුසෙගෙන් පර්මිෂන් ඉල්ලුවේ නැ ඕයි…තමුසේ මාත් එක්ක යනවා එච්චරයි…”

මෙච්චර වෙලා මිරර් එකෙන් බලාගෙන තොල් වල ජෙල් එක උලපු මන් ඇස් රෝල් කරලා දොරට ජැක් ගහන් හිටපු ජන්කුක් දිහාවට හැරුන…ඇත්තටම මට ඕන වුනේ කට කොනින් හිනා වෙලා නොන්ඩියට වගේ ඌ දිහා බලන්න උනත් මන් ඒක බොහොම අමාරුවෙන් පාලනය කරගත්තේ මගේ ඉදිමුණු කටත් එක්ක මන් කට කොනින් හිනා වෙන එක මැවිලා පේන්න ගත්ත නිසා…ඒව්ව්…ජුගුප්සාජනකයි…

“ඒක හරි කතාවක් නේ…මම එන්න ඕන මගේ කකුල් වලින් නේ..මම ආවේ නැත්නම් තමුසේ මාව එක්ක යන්නේ කොහොමද?”

මන් ජන්කුක්ට චැලේන්ජ් කරන්න වගේ කිව්වා…වගේ නෙවෙයි චැලේන්ජ් කරා…ඇයි යකෝ..මගේ කැමැත්තක් නැතුව ඌ කොහොමද මාව එක්ක යන්නේ…

“එක්ක යන්නේද..?”

මෙච්චර වෙලා දොරට ජැක ගහන් හිටපු ජන්කුක් කෙලින් වෙලා මගේ දිහාවට ආවා…

“ආආආ……..”

“මිනිහෝ………..”

“මාව බිමින් තියනවා ජන්කුක්…”

“පිස්සුද තමුසෙට…..”

“ඌයි…පස්සට ගහන්න එපා යකෝ…තොට මන් කියන එක තේරෙන්නේ නැද්ද?”

“ජන්කුක් හොද හිතින් කියන්නේ…මාව බිමින් තියනවා අයිසේ…”

“බෑග් එක…ජන්කුක්…මගේ බෑග් එක වැටුන මිනිහෝ…”

“අනේ ඕයී….”.

“මාව තියනවකෝ හලෝ බිමින්…මන් පයින් එන්නම්….”

“ජන්කුක්…තියපන් මාව බිමින්…(&^&%%%$%#$#…………”

======================

පස්සට ගහන්න එපා ජන්කුක්..!

Tags: read novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six, novel НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six, read НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six online, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six chapter, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six high quality, НŽð§Ð¥Ð² Н…Н«Ð¢ÐŽð§ÐÐ¬Â‚–‚’‚’‚–Áµ¥ six light novel, ,

Comment

Leave a Reply

Chapter 6